Image

චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා; දෙපාර්ශ්වය හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමට වැදගත් එකඟතාවයකට පැමිණේ

චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා; දෙපාර්ශ්වය හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමට වැදගත් එකඟතාවයකට පැමිණේ

චීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දීය අගැමති නරේන්ද්‍ර මෝදි හමු වෙයි. ඒ ෂී ජින්පිං මහතා නව දිල්ලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වන අතරතුර ය. නායකයින් දෙපළ මෙහි දී විවෘත සහ අවංක ලෙස අදහස් හුවමාරු කරගත් අතර, චීනය සහ ඉන්දියාව හවුල්කරුවන් වීම පිළිබඳ වැදගත් එකඟතාවකට ද පැමිණ ඇත.

චීනය සැමවිට ම චීන-ඉන්දියානු සබඳතා උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා එය ප්‍රවර්ධනය කිරීමට සහාය ලබා දී ඇතැයි ජනපති ෂී ජින්පිං පැවසීය. ඔහු මෙහි දී චීන-ඉන්දියානු සබඳතාවල ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා හතරක් ඉදිරිපත් කළේ ය. එම සිව්වැදෑරුම් යෝජනා පහතින් දැක්වේ.

පළමුව, දෙපාර්ශ්වය ම විස්තීර්ණ හා තාර්කික උපායමාර්ගික අවබෝධයකින් යුතුව සිය දිශාව හඳුනා  ගත යුතු ය.

දෙවනුව, දෙරටට ම ජයග්‍රාහී සහයෝගිතාවයේ සංකල්පය මත පදනම් ව අන්‍යෝන්‍ය සාර්ථකත්වය අත්කර ගත යුතු ය.

තෙවනුව, අනවශ්‍ය මැදිහත්වීම් ඉවත් කිරීම සඳහා දෙපාර්ශ්වය ම අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය පිළිබඳ දේශපාලන ප්‍රඥාව භාවිත කළ යුතු ය.

අවසන් වශයෙන්, චීනය සහ ඉන්දියාව විවෘත සහ අන්තර්කරණ බහුපාර්ශ්වික සහයෝගීතාවය තුළින් ලෝකයට ප්‍රතිලාභ ලබා දිය යුතු ය යන්න එම යෝජනා වේ.

chinaindia

ඉන්දියාව සැමවිට ම ඉන්දියානු-චීන සබඳතා දෙස උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා බලා ඇතැයි අගමැති නරෙන්ද්‍ර මෝදි එහිදී කියා සිටියේ ය.

ඉන්දියාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර චීනය සමග සබඳතා වර්ධනයේ දී කිසිදු තෙවන පාර්ශ්වයක බලපෑමකට යටත් නොවනු ඇත. චීන තායිවානය සහ Xizang ස්වයං පාලන කලාපය පිළිබඳ ඉන්දියාවේ ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් නොවෙනස්ව පවතින අතර, කිසිදු බලවේගයකට ඉන්දියාව තුළ චීන විරෝධී ක්‍රියාකාරකම්වල යෙදීමට ඉඩ නොදෙනු ඇතැයි අගමැති මෝදි අවධාරණය කළේ ය. කැලඹිලි සහිත ලෝකයක ස්ථාවරත්වය සහ ප්‍රගතිය සඳහා සාමකාමී බලවේගයක් ලෙස ක්‍රියා කිරීම සඳහා චීනය සමග සමීප සම්බන්ධීකරණයෙන් සහ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න