Image

ලෝක ප්‍රකට ගායන ශිල්පිනී ඩොලී පාටන් දිවි සැරිය නිමා කරයි

ලෝක ප්‍රකට ගායන ශිල්පිනී ඩොලී පාටන් දිවි සැරිය නිමා කරයි

ලෝක ප්‍රකට ඇමෙරිකානු කන්ට්‍රි සංගීත ශිල්පිනියක (Queen of Country Music) මෙන්ම ගීත රචිකාවක වූ ඩොලී පාටන් (Dolly Parton) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 80 වැනි වියේ පසුවූවාය.

කෙටි කලක් පිළිකා රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි ඇය, නැෂ්විල්හි පිහිටි වැන්ඩර්බිල්ට්-ඉන්ග්‍රම් පිළිකා මධ්‍යස්ථානයේදී සමුගත් බව ඇයගේ නියෝජිත කණ්ඩායම නිල නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.

දශක හයකට අධික කාලයක් පුරා දිවෙන ඇයගේ කලා ජීවිතය තුළ ග්‍රැමී සම්මාන10කින් පිදුම් ලැබූ අතර, ලොව පුරා අලෙවි වූ ගීත තැටි සංඛ්‍යාව මිලියන100 කට අධිකයි.

dolly 4zjv58

එමෙන්ම ඇය විසින් ගීත 3000 කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර, "I Will Always Love You" සහ "Jolene" වැනි ලෝක ප්‍රකට සම්භාව්‍ය නිර්මාණ රැසක්ද ඒ අතර වේ.

සංගීතයට අමතරව හොලිවුඩ් සිනමාවට එක්වෙමින් "9 to 5" සහ "Steel Magnolias" වැනි චිත්‍රපට ඔස්සේ රංගනයෙන් ද ඇය ජාත්‍යන්තර ප්‍රසාදය දිනාගැනීමට සමත් වූවාය.

ඇයගේ අභාවයත් සමඟ ලොව පුරා කලාකරුවන් රැසක් සිය ශෝකය පළ කර තිබේ. සර් පෝල් මැකාට්නි, සර් එල්ටන් ජෝන්, ඕප්රා වින්ෆ්‍රි, බියොන්සේ, සබ්‍රිනා කාපෙන්ටර්, බාබ්රා ස්ට්‍රයිසැන්ඩ් මෙන්ම රැප් ගායක එමිනම් ඇතුළු ප්‍රමුඛ පෙළේ කලාකරුවන් ඇයගේ අසමසම කුසලතාව සහ නිහතමානී ගුණය සිහිපත් කර ඇත.

ඩොලී පාටන්ගේ උරුමය ගීත කලාවට පමණක් සීමා නොවූවකි. ළමා සාක්ෂරතාව නංවාලීම වෙනුවෙන් ඇය 1988 දී ආරම්භ කළ Dollywood Foundation සහ Imagination Library වැඩසටහන හරහා ලොව පුරා ළමුන් මිලියන ගණනකට නොමිලේ පොත් බෙදා දී තිබේ.

මීට අමතරව, 2020 වසරේදී කොවිඩ්-19 මර්දන මොඩර්නා (Moderna) එන්නත පර්යේෂණ කිරීම සඳහා ඇය ලබාදුන් ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගය වසංගතය පාලනය කිරීමේ ගෝලීය සටනට විශාල ශක්තියක් විය.

කන්ට්‍රි සංගීත රැජින ලෙස හැඳින්වූ ඩොලී පාටන් ගේ නික්මයාම සංගීත ක්ෂේත්‍රයේ තවත් විශිෂ්ට යුගයක නිමාව සනිටුහන් කරන්නකි.

(මූලාශ්‍ර - theleader.lk)

 

1562550 dolly parton

 




 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න