ෆීජී දේශයේ එච්.අයි.වී. ජාතික අර්බුදයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. ඉකුත් වසරේ නව රෝගීන් 27%කින් ඉහළ යෑමත් සමග රජය විසින් එම නිවේදනය නිකුත් කර ඇත. එන්නත් මගින් මත් ද්‍රව්‍ය ශරීගත කරගන්නා එරට පිරිස් අතර කලක් තිස්සේ අවදානමට ලක්ව පැවති මෙම තත්ත්වය මේ වන විට සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.
2025 වසරේ එච්.අයි.වී. ආසාදිත දරු උපත් සංඛ්‍යාව 59ක්
2025 වසරේ පුද්ගලයින් 2,016 දෙනකු එච්.අයි.වී. ආසාදිතයින් ලෙස හඳුනා ඇතැයි එරට රජය මුහුණු පොතේ පළ කළ දැන්වීමක දැක්වේ. එහි වැඩිහිටි ජනගහනයේ සෑම පුද්ගලයින් 60 දෙනකු අතරින් එක් අයකු ම එම ආසාදිතයෙක් වන බව ද සඳහන් ය.
ෆීජී හි පසු ගිය වසරේ වාර්තා වූ එච්.අයි.වී. ආසාදිත දරු උපත් සංඛ්‍යාව 59කි. ඉන් 18 දෙනකුම පළමු උපන්දින සැමරුමට ප්‍රථම ජීවිතක්ෂයට පත් විය.
රෝග නීර්ණ පරීක්ෂණ පුළුල් කිරීමත් සමග නව ආසාදිතයින් හඳුනාගැනීම වේගවත් ව ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. එය පූර්ව ප්‍රතිකාරයන්ට පහසුවකි. එම පරීක්ෂණ නොමිලේ මෙන්ම පුද්ගල රහස්‍ය භාවය සුරැකෙන සේ සිදු කිරීම ඔස්සේ ඊට ස්වේච්චාවෙන් ඉදිරිපත් වීමට ජනතාව උනන්දු කිරීම රජයේ ඉදිරි සැලැස්ම ය. ඒ අනුව, ජනතාවට රෝගය වළකාලීමේ ඖෂධ නිකුත් කිරීම, අනීතික මත්ද්‍රව්‍යයවලට ඇබ්බැහිවූවන්ට අඩු වේදනාකාරී එන්නත්කරණ සහ ප්‍රතිකාර සිදු කෙරෙනු ඇත.
2026 වසරේ ජනගහනයෙන් 9,100ක් වෛරසය ආසාදිතව
පැසිෆික් දිවයිනක් වන ෆිජී හි ජනගහනය 900,000ක් පමණ වේ. එහි නව ආසාදිතයින් හමුවීම මේ වන විටත් ප්‍රබල ගැටලුවක් බවට පත්ව තිබේ. ලොව නව එච්.අයි.වී. ආසාදිතයින් සීග්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයක් බවට එරට පත්ව තිබීම ඊට හේතුවයි. UNAIDS දත්ත අනුව පසු ගිය වසරේ එරට ජනගහනයෙන් 9,100ක් එම වෛරසය ආසාදිතව දිවි ගෙවන බව වාර්තා විය. එම පිරිසෙන් 39%ක් සිය ආසාදිත තත්ත්වයන් පිලිබඳ දැනුවත් භාවයෙන් පසු වූ අතර 22%ක් ප්‍රතිවෛරස ප්‍රතිකාර යටතේ පසු වූහ.
ෆීජී දේශය මේ මොහොතේ එම හදිසි තත්ත්වය හඳුනා අදාළ ප්‍රතිචාර කඩිනම් කර ඇතැයි UNAIDS විධායක අධ්‍යක්ෂ විනී බයනීමා කියා සිටී. නව තත්ත්වය, ඒඩ්ස් අවසන් නොමැති බවට ලොවට දෙන ප්‍රබල සිහිකැඳවීමක් බව ද ඇය කියා සිටියා ය.
වැඩිහිටියන් 60 දෙනකු අතරින් එක් අයකු අසාධිතයි
එරට ඒඩ්ස් සම්ප්‍රේෂණ මාර්ග හඳුනා ඇති රෝගීන් අතරින් අඩකට වැඩි පිරිසක් ලිංගික සම්ප්‍රේෂණය මගින් ආසාදිතයින් බවට පත්ව ඇති අතර 42%කට වැඩි පිරිසක් එන්නත් මගින් මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් ආසාදිතව ඇතැයි UNAIDS ආයතනය පවසයි.
එන්නත් කටු සහ සිරින්ජ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ ෆීජී රජයේ නව සැලැස්ම එම ආයතනයේ පැසසුමට ලක්වී තිබේ. එච්.අයි.වී. ආසාදන අවදානම අවම කිරීම පිණිස පූර්ව රෝග නිවාරණ ඖෂධ (PrEP) ප්‍රතිකාර ප්‍රවර්ධනයට රජය ගෙන ඇති සැලසුම් ද ඒ අතර වේ.
අදාළ ක්‍රියාකාරී සැලැස්මට බාධකව පවතින ගැටලු හඳුනා කටයුතු කිරීම පිණිස අමාත්‍යවරුන් පස්දෙනකුගෙන් යුත් කැබිනට් අනු කමිටුවක් ද පත් කර තිබේ. එච්.අයි.වී. ආසාදිතයින් පිලිබඳ සමාජ අපකීර්තිය නීති විරෝධී වන අතර ඔවුන් උදෙසා දීප ව්‍යාප්ත මට්ටමින් පුළුල් සේවා දියත් කර ඇත.
සෑම වැඩිහිටියන් 60 දෙනකු අතරින් එක් අයකු ලෙස වාර්තා වන එරට ආසාදිත සංඛ්‍යාව අනෙකුත් අප්‍රිකානු රටවල් හා සංසන්දනාත්මකව තවමත් පහළ අගයක පවතී. එම රටවල සෑම පුද්ගලයින් 35 දෙනකුගෙන් එක් අයකු එච්.අයි.වී. ආසාදිතයකු බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙයි.
සටහන - Reuters ඇසුරින් හර්ෂ උදයකාන්ත පීරිස්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
