ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (6) නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ එදිනට බන්ධනාගාරයේ සිටිනම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට ද නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යන දෙදෙනාම අද දින බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති මෙම නඩුවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය (3) වනදා ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කර තිබුණි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24 ක් අධිචෝදනා ගොනු කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ බන්ධනාගාරයේ තබාගෙන ලබන 19 දින කොළඹ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඉකුත් (28)බන්ධනාගාරයට නියෝග කර තිබුණි.
එම නිසා, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් ඇප හිමිව තිබුණද, එයාර්බස් ගනුදෙනුවට අදාළව බන්ධනාගාර භාරයේ සිට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
