Image

සුසුම් බර ඉතිරි කරන සමාජ ඛේදාන්තයක අන්දරය ''මුවන්පැලැස්සේ හිඟන කොල්ලා''

සුසුම් බර ඉතිරි කරන සමාජ ඛේදාන්තයක අන්දරය ''මුවන්පැලැස්සේ හිඟන කොල්ලා''

ගාලු කොටුව මට ආගන්තුක නැත. ගාලු කොටුව ඉස්මත්තෙන් නැග එන පළමු හිරු රැස් දහරේ සෞම්‍ය දාහයත්, හිරු ගිනිගෙන දැවෙන දහවලේ ඇහැ ගිනිකන වැටෙන අවු රශ්මියත්, ගිනි බෝලයක් ව කෙමෙන් බැස යන හිරු ගේ අවසන් රැස් දහරත් ගාලු කොටු බැම්මේ සිට මම විඳ ඇත්තෙමි.

මානව සංවේදනා සහ සහකම්පන ඉසව්

එහි අනේකවිධ මිනිසුන් ඇත. මිනිසුන් කියන්නේ පොදුවේ ගැහැනුන් සහ පිරිමින් ය. එහි ළතෙත් මිනිසුන් සේම කිසිදු තෙතමනයක් නැති පිරිමි ද, ගැහැනු ද වෙති. ජයසිරි අලවත්ත ''ලියූ මුවන්පැලැස්සේ හිඟන කොල්ලා'' කියවද්දී මේ සියල්ලන් ම මගේ මතකයට නැගෙයි. එපමණක් නොවේ, ඩබ්ලියු. ඒ. සිල්වා ලියූ හිඟන කොල්ලා ද මතකයට එයි. ඒ හිඟන කොල්ලාගේ ද මේ හිඟන කොල්ලාගේ ද සමානකම් සේම අසමානකම් ද වෙයි. කෙසේ වුව ද මේ සියල්ලේ ම ඇත්තේ මානව සංවේදනා ය; සහකම්පන ඉසව් ය.

download 2026 10 03T192441.710

ළැම දැන සිටි දහසකුත් දනන් සිටිය ද, ඒ කිසිවෙක් ළය කිසිදා ස්පර්ශ නොකළ ගැහැනුන් සිව්දෙනෙක් මෙහි වෙති. විනීතා, ජෙසිකා, කමලිනී හා රමණී නම් වන ඔවුන්ගේ මෙන්ම කතා නායකයාගේ අනවරත ජීවන අරගලය පිළිබඳ ජයසිරි අලවත්ත ලියූ ''මුවන්පැලැස්සේ හිඟන කොල්ලා'' සමාජ ඛේදවාචකයක ඇතුළාන්තය පිළිබිඹු කරන නවකතාවකි.

 

සමාජ ස්ථරවල ජාගර බව

ලිංගික ශ්‍රමිකත්වය සේම අනේකවිධ සමාජ ස්ථරවල ජාගර බව මෙහි මැනවින් නිරූපිත ය. ජයසිරි අලවත්ත මේ නවකතාව ඔස්සේ පාඨකයා වෙත ගෙන එන්නේ මිනිස් චිත්තයේ ජාගර බව පමණක් ම නොවේ. වරින්වර එහි මතුවෙන දයානුකම්පාව ද සහකම්පනය ද ඔහු මතු කරන්නේ කෘතියේ සමබරතාව මැනවින් ග්‍රහණය කරගනිමිනි.

Back.jpg 1

ගාලු කොටු බැම්මේ හිඳ ඈත අහසේ අස්ථානගත වන හිරු දෙස බලා සිටි මම, ''මුවන්පැලැස්සේ හිඟන කොල්ලා'' දිග හැරි කම්පිත බවේ සාංකාවෙන් බරැති සිතැති වූයේ වෙමි. ලෝකය පිරී ඇත්තේ මෙවැනි බරැති සුසුම්වලින් බව හදවත කොඳුරයි.

ඔව්... ඒ බරැති සුසුම්හි බර දරන්නේ ජයසිරි බඳු නිර්මාණකරුවන් බව ලියා තබමි.

 

WhatsApp Image 2026 10 02 at 4.15.10 AM

 

 

 

 

සුමුදු චතුරාණී ජයවර්ධන

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න