සෙනගාල රාජ්‍යයේ ඩකාර් නුවරදී පැවැත්වෙන 2026 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ (Youth Olympic Games) මීටර් 1500m ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ලහිරු අචින්ත එහි රිදී පදක්කම දිනාගැනීමට සමත් වී තිබේ.
එහිදී විනාඩි 3:59.08 ක දක්ෂතාවයක් වාර්තා කිරීමට ඔහු සමත් විය. ලහිරු අචින්ත මේ වන විට රත්නපුර නව නගර කුමර විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකි.
ඔහු මීට පෙර 2025 වසරේ බහරේන් හි පැවති Youth Asian Games තරගාවලියේදී ද මීටර් 1500m ඉසව්ව නව තරග වාර්තාවක් ද තබමින් රන් පදක්කම දිනාගැනීමට ද සමත් වීම විශේෂත්වයකි.
මෙය ශ්‍රී ලංකාව යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනාගත් දෙවැනි අවස්ථාව ලෙස සටහන් වේ. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවන් 2018 වසරේ ආර්ජන්ටිනාවේ පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් තරගාවලියේදී පාරමී මාරිස්ටෙලා කාන්තා මීටර් 2000m බාධක දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, ඇයගේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ ජනිත ජයසිංහයි.
සමීර මදුසංක හේවා ගමගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
