'මට නිදහස් වීමට ඇති බාධාව මාව යටත් කරගත් ස්වාමියා (සුදු පාලකයා) නොව මම ම ය' යැයි ක්‍රිෂාන්ති ආනන්දවංශ සිය පශ්චාත් උපාධි නිබන්ධනය වන 'Lacanian Eye on Salman Rushdie' කෘතිය තුළ පිළිබිඹු කරන්නේ යැයි දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Samabima Party youtube නාලිකාව සමග 'Lacanian Eye on Salman Rushdie' කෘතිය පිළිබඳ ව කළ විචාරාත්මක සාකච්ඡාවක දී ය.
'Lacanian Eye on Salman Rushdie' කෘතියේ කර්තෘ ක්‍රිෂාන්ති ආනන්දවංශ (දකුණ)
ක්‍රිෂාන්ති ගේ කෘතියෙහි පවත්නා වැදගත් කරුණ වන්නේ ද 'නව ශ්‍රී ලංකාවක් තැනීමට ඇති බාධාව බාහිර බාධාවක් නොව මා තුළ ම පවතින අගති' ය යන්න ඉතා මැනවින් පැහැදිලි කිරීම යැයි දීප්ති වැඩි දුරටත් පැවසී ය.
සාකච්ඡාව මෙහෙවනු ලබන්නේ රසික සූරසේන විසිනි.
මතු පළ වන්නේ දීප්ති කුමාර ගුණරත්න 'Lacanian Eye on Salman Rushdie' කෘතිය පිළිබඳව Samabima Party youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
