මීට පෙර ඔවුන් රට පාලනය කරන අවස්ථාවේදී ගනු ලැබූ සෑම යහපත් තීරණයකටම වර්තමානයේ රට පාලනය කරන පිරිස ප්‍රතිචාර දක්වූයේ වැඩවර්ජන, උද්ඝෝෂණ සිදු කිරීමෙන් බවත්, නමුත් අද එම පිරිසම වැඩවර්ජන, උද්ඝෝෂණ පවත්වන්නට එපා යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
සභාපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (28) කරන්දෙණිය හරිත සරසවිය ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, එදා වැඩවර්ජන සහ උද්ඝෝෂණ මගින් රට ආපස්සට ඇද දැමූ පිරිසම අද ඒවා නොකරන ලෙස ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නේ, ඔවුන් රටක් පාලනය කරන ආකාරය ඉගෙන ගනිමින් සිටිනවා විය හැකි බවයි.
“ඇත්ත වශයෙන්ම මෙය හොඳ ප්‍රවණතාවයක් බව මගේ අදහසයි. මොකද මෙතෙක් කල් වැඩවර්ජන, උද්ඝෝෂණ ක්‍රියාත්මක කර රට ආපස්සට ගෙන ගිය පිරිස අද ඒවා කරන්න එපා යයි පැවසීමම ඔවුන් රටක් පාලනය කරන්නට ඉගෙන ගනිමින් සිටිනවා විය හැකියි.”
කෙසේ වෙතත්, ආර්ථික විද්‍යා මූලධර්මවලට පටහැනිව රටක් පවත්වාගෙන යා නොහැකි බව අවධාරණය කරන වජිර අබේවර්ධන, වත්මන් පාලකයින් යන මේ ගමන නිවැරදි නොවන බව තම දේශපාලන දැනීම අනුව පැහැදිලි වන බවද සඳහන් කළේය.
“කොහොම නමුත් අවසාන වශයෙන්, ආර්ථික විද්‍යා මූලධර්මවලට පටහැනිව රටක් පවත්වාගෙන යා නොහැකියි. මේ යන ගමන නිවැරදි නොවන බව අපේ දේශපාලන දැනීම තුළ අපට හොඳට පැහැදිලියි. සත්‍යවාදී බව සහ නිවැරදි දේශපාලන දැක්මක් තුළින් පමණක් රටක් ස්ථාවර කළ හැකි අතර තවදුරටත් ජනතාවට බොරු කියමින්, ජනතාවගේ සිත් තුළ වෛරය, ක්‍රෝධය පැල කරමින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව මා සිහිපත් කරන්න කැමතියි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවැසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
