සත් අනූ වියැති ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධර ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ සේවය ඇගැයීම වෙනුවෙන් සංවිධානය කර ඇති "ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකනය, 2026" උලෙළ එළඹෙන දෙසැම්බර් 3 වැනිදා, පස්වරු 3.15ට, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ රූබි ශාලාවේදී පැවැත්වේ.
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති, අතිපූජ්‍ය ආචාර්ය අකුරටියේ නන්ද නාහිමිපාණන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් මෙම උලෙළ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
විද්වත් දේශන හා කලාමය අංග
මෙහි දී, ආචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය ප්‍රදීප් ජෙගනාදන්, යුතුකම ජාතික සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ හා ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර අදහස් දැක්වීමට නියමිත ය.
ඊට අමතරව, අමරසේකර ගී ගායනා සංගීත් නිපුන් අසංඛ ධනංජය ලියනආරච්චි විසින් ද, උලෙළ මෙහෙයවීම 'ධාරා' සාහිත්‍ය අතිරේකයේ සංස්කාරක ලක්මාල් බෝගහවත්ත විසින් සිදු කෙරනු ඇත.
පාඨකයන්ට විශේෂ අවස්ථාවක්
අමරසේකරයන් ගේ මුද්‍රණයේ පවතින සියලු ම කෘති විශේෂ වට්ටම් සහිත ව ලබාගැනීමේ අවස්ථාව ද මෙහි දී පාඨක ප්‍රජාවට විශේෂ අවස්ථාවක් හිමි වේ.
මෙම අවස්ථාවට එක් වන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට විවෘත ආරාධනාවක් කර සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
