Image

2027 ට ශ්‍රීලනිපයෙන් සූදානමක්: නව සංවිධායකවරු පත් කෙරෙති

2027 ට ශ්‍රීලනිපයෙන් සූදානමක්: නව සංවිධායකවරු පත් කෙරෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා සාමාජිකයින්ගේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ රැස්වීමක් පක්ෂයේ සභාපති, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වාගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (28) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදී පසුගිය 2024, 2025 සහ 2026 වර්ෂවල පක්ෂයේ සංවිධාන කටයුතු සහ ජනතා ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න විසින් ඉදිරිපත් කරන ලදී. එසේම, 2027 වර්ෂයේ ක්‍රියාත්මක කළ යුතු ඉලක්ක වැඩසටහන් සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක අදහස් දැක්වීය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු

2027 වර්ෂයේ ජනවාරි මස සිට මාර්තු, මැයි දක්වා කාලය තුළ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ප්‍රධාන ලේකම්වරයාගේ සහ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට ද මෙහිදී තීරණය විය.

මීට අමතරව, ආසන සහ දිස්ත්‍රික් සංවිධායක ධුර සඳහා නව පත්වීම් කිහිපයක් ද පිරිනැමිණි:

මොණරාගල ආසන සංවිධායක: 2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නුවන් ගයෂාන් නවනන්ද

ආනමඩුව ආසන සංවිධායක (පුත්තලම දිස්ත්‍රික්කය): නීතිඥ ඩබ්.එම්.අනුර බණ්ඩාර වාසල

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නායක සහ සේරුවිල ආසන සංවිධායක: නලින් ගුණවර්ධන

මූතූර් ආසන සංවිධායක: රාසික් රියල්ඩීන්

පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක: හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ

රත්නපුර දිස්ත්‍රික් සංවිධායක: විජිත වැරනියගොඩ සහ එච්.ජී.අසංක පුෂ්පකුමාර

 

WhatsApp Image 7 AM

WhatsApp Image 2026 11 AM

WhatsApp Image 2026 11 29 at AM

WhatsApp Image 2026 11 29 at 9.54.30 AM

WhatsApp Image 2026 11 29 at 9.54.28 AM

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න