"ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම" (National Productivity Master Plan ) එළිදැක්වීම සහ ආසියානු ඵලදායිතා සංවිධානය විසින් ශ්‍රී ලංකාව වෙත ඵලදායිතා විශේෂඥයින් සඳහා වන ප්‍රතීතන සහතිකය (Accreditation certificate for productivity specialists) පිරිනැමීම අද (20 දා) කොළඹ දී සිදු කෙරිණ.
තම සමාගමේ ගිනුම් විගණකාධිපතිවරයා වෙතින් විගණනය කිරීම මඟහැර නොමැති බවත් තම සමාගමේ ගිනුම් විගණකාධිපති දෙපාර්තමේන්තුවට විගණනය කිරීමට ඉඩ දීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එය පවතින නීති රීති වල ඇති දුර්වලතාවයක් යැයි මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන LTL සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (මුල්‍ය සහ අනුකූලතා) මුත්තුසාමි ආනන්දවේල් ප්‍රකාශ කළේය.
වතු සමාගම්වල කම්කරුවන් සඳහා පමණක් වැටුප් හෝ දීමනා ගෙවීමට ඒකාබද්ධ භාණ්ඩාගාර අරමුදලින් රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් මතු කර, විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අධීක්ෂණ ආයතන වෙත යවන ලද මෑත කාලීන රජයේ යෝජනාවක්, ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතල ඇඟවුම් සහිත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ සැලකිය යුතු මාරුවක් සංඥා කරයි.
ශ්‍රී ලංකාවේ විදුලි මෝටර් රථ ආනයන ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, මතභේදාත්මක මෝටර් බල වර්ගීකරණයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සමඟ සති ගණනාවක් පුරා පැවති නීතිමය අරගලයකින් අනතුරුව, රඳවාගෙන සිටි විදුලි මෝටර් රථ සිය ගණනක් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇති බව .BYD හි නිල නියෝජිත John Keells CG Auto (JKCG) සමාගම නිවේදනය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
