ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය අ.ඩොලර් බිලියන 37ක්

ශ්‍රී ලංකාව විදේශීය හා දේශීයව අමෙරිකානු ඩොලර් බිලියන 37ක ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

ඒ බව අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් කාරක සභාව කල විමසීමකදී එම අවස්ථාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන් පැවසුවේ විදේශ ණය අමෙරිකානු ඩොලර් බිලියන 37 ක් ලබාගෙන ඇති අතර එය රුපියල් ට්‍රිලියන 19.6 ක්.

ණය ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වන විට සම්පුර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හා සිදුවේ.

හේතුවෙන් ඒ සඳහා නිපුණතාවෙන් යුතු නිලධාරීන් බඳවාගැනීමේ වැදගත්කමද මෙහිදී කාරක සභා සභාපතිවරයා සඳහන් කරන ලදි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය අ.ඩොලර් බිලියන 37ක්

''ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5%ක් දක්වා ඉහළ ගිහින්'' - IMF

ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථික වර්ධනය මේ වනවිට 5%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක්  පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය.

එහිදී කොසැක් මහත්මය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවය.

තවදුරටත් අදහස් දැක්වූ කොසැක් මහත්මිය,

"ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මට කිව හැකි දේනම් එය අඛණ්ඩව ආකර්ෂණීය ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. උද්ධමනය තවමත් අඩු මට්ටමක පවතින අතර, රජයෙන් ආදායම් රැස්කිරීම වැඩිදියුණු වෙමින් පවතිනවා.

ඒ වගේම ජාත්‍යන්තර සංචිත එකතු වෙමින් පවතිනවා. 2024 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කැපී පෙනෙන ජයග්‍රහණයක්.

අයවැයේ ආදායම්-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය 2022 පැවති 8.2% සිට 13.5% දක්වා වැඩිදියුණු වෙලා තිබෙනවා. එය සැලකිය යුතු වැඩිවීමක්. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝදුරට සම්පූර්ණ වෙලා තිබෙනවා.

සමස්තයක් ලෙස වැඩසටහන් කාර්ය සාධනය ඉතා ශක්තිමත් බව කිව හැකියි. රජය විස්තීර්ණ අරමුදල් වැඩසටහනේ අරමුණු සඳහා කැපවී සිටින බවත් කිව හැකියි.

විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි පස්වන සමාලෝචනය පැවැත්වීම සඳහා අපේ කණ්ඩායම දැන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව පස්වැනි සමාලෝචනයේ කාලවකවානු පිළිබඳව අපේ කණ්ඩායම ඉදිරියේදී දැනුම් දේවි" ඇය පවසයි.

වීඩියෝ

''ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5%ක් දක්වා ඉහළ ගිහින්'' - IMF

ඔක්තෝබර් 01 සිට ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක්

2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත.

2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ප්‍රකාරව මෙලෙස ඩිජිටල් සේවාවන් සඳහා VAT බදු අයකෙරන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු හට විද්‍යුත් වේදිකාවක් හරහා සේවාවන් සපයන අනේවාසික තැනැත්තන් මෙම ඩිජිටල් සේවා සඳහා බදු ගෙවීමට යටත්වනු ඇත. එහිදී වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රු. මිලියන 60 ඉක්මවූ සේවාවන් සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ දී රු. මිලියන 15 ක් ඉක්මවා සේවාවන් සපයා ඇති අයවළුන් ලියාපදිංචි වීම අනිවාර්ය වනු ඇත.

පහත සඳහන් ක්ෂේත්‍රයන් මෙම ඩිජිටල් සේවා ගණයට වැටෙනු ඇත.
E-commerce Services
Cloud Computing
Software as a service (SaaS)
Cybersecurity Services
Digital Marketing & Advertising
IT support & Managed Services
Streaming Services
Fin Tech
Subscription & Membership Website
E-commerce Platforms
Social Media Platforms
On Demand Service Platforms
Content Sharing Platforms
Cloud Collaboration Platforms
Market Place Platforms
Gaming Platforms
Blockchain & NFT Platforms
Apps for hotel bookings and ticket reservations
මේ අනුව ඉහත සඳහන් ඩිජිටල් සේවාවන් සැපයීම, 2025 ඔක්තෝබර් 01 දින සිට 18% ක වැට් බදු අනුපාතිකයකට යටත් වනු ඇත.

adaderana.lk

ඔක්තෝබර් 01 සිට ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක්

ජනවාරියේ විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඇ.ඩො.573 මෙරටට

පසුගිය ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී තිබේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 487.6කි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එය 17.5% ක වැඩිවීමක් බවයි.

ජනවාරියේ විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඇ.ඩො.573 මෙරටට

උද්ධමනය යන්තම් ඉහළට !

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.5% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2024 ජුනි මාසයේදී එය සටහන් වූයේ 2.4%ක් ලෙසය.

2024 ජුනි මාසයේදී 1.9%ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.9% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී වාර්තා වූ 2.7%ට සාපේක්ෂව 2024 ජුලි මාසයේදී 2.2% දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජුනි මාසයේදී 7.5%ක් ලෙස සටහන් වූ ප්‍රවාහන උප කාණ්ඩයේ උද්ධමනය 2024 ජුලි මාසයේදී 4.9% දක්වා පහත වැටී තිබේ.

ජුනි මාසයේදී 1.7%ක් ලෙස පැවති සෞඛ්‍ය උප කාණ්ඩයේ උද්ධමනය 4.0% දක්වා ඉහළයාම ද කැපී පෙනෙයි.

උද්ධමනය යන්තම් ඉහළට !

ජුනි මාසයේ උද්ධමනය ඉහළට

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා වැඩි වී ඇත.

නමුත් එය 2024 මැයි මාසය සඳහා වාර්තාවී තිබුණේ 0.9%ක් ලෙසය.

මේ බව සඳහන් කරමින් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට අනුව 2024 ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය1.4% දක්වා වැඩි වී ඇති අතර , නමුත් එය 2024 මැයි මාසයේ දී එය වාර්තා වුයේ 0.0 %ක් ලෙසය.

එමෙන්ම, 2024 ජූනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 1.8%ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 මැයි මාසයේ දී වාර්තා වුයේ 1.3%ක් ලෙසය.

ජුනි මාසයේ උද්ධමනය ඉහළට

වත්කම් ව්‍යාප්තිය හා ධන බද්ද !

ඉදිරියේදී පැනවීමට යෝජිත ධන බද්ද/ වත්කම් බද්ද ගැන යම් සංවාදයක් ඇති වී තිබෙනවා.

බොහෝ විට මේ බද්ද ගෙවන්නට සිදු වනු ඇත්තේ යම් අවම වත්කම් ප්‍රමාණයක් තිබෙන අයටයි.

පහත තිබෙන්නේ ක්‍රෙඩිට් සුවිස් ආයතනයේ ඇස්තමේන්තු අනුව ලංකාවේ වැඩිහිටියන්ගේ වත්කම් ව්‍යාප්තියේ සංයුතියයි.

ඩොලර් 10,000ට අඩු (රුපියල් මිලියන 3ට අඩු) - 50.7%

ඩොලර් 10,000-100,000 අතර (රුපියල් මිලියන 3-30 අතර) - 44.3%

ඩොලර් 100,000- මිලියන 1 අතර (රුපියල් මිලියන 30-300 අතර) - 4.8%

ඩොලර් මිලියන 1ට වඩා වැඩි (රුපියල් මිලියන 300ට වඩා වැඩි) - 0.1%

මෙම ඇස්තමේන්තු අනුව රටේ වැඩිහිටි ජනගහණය 14,846,000ක් වන අතර එක් වැඩිහිටියෙකු සතු සාමාන්‍ය වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 27,040ක් හෙවත් රුපියල් මිලියන 8.1ක් පමණ වෙනවා. ඒ අනුව, රටේ සියලුම වැඩිහිටියන් සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 401.4ක් පමණ වෙනවා.

අදාළ වාර්තාව අනුව, ඩොලර් 100,000 ඉක්මවන වත්කම් ඇති වැඩිහිටියන් වැඩිම ප්‍රමාණයක් ඉන්නේ චීනයේ. එම ප්‍රමාණය 173,733,000ක්. ඇමරිකාවේ එම ප්‍රමාණය 120,206,000 වන අතර ලංකාවේ 727,000ක් පමණ වෙනවා. ඩොලර් 100,000 ඉක්මවන වත්කම් ඇති වැඩිහිටියන් ලෝක පරිමාණයේදී ඉහළ මධ්‍යම පාන්තිකයින් සේ සැලකිය හැකියි. චීනයේ වේගවත් ආර්ථිකය වර්ධනයේ රහස පසුගිය කාලයේදී මෙවැනි ඉහළ මධ්‍යම පාන්තිකයින් විශාල පිරිසක් බිහි වී සිටීමයි.

මෙම මට්ටමේ වත්කම් හිමි ජපනුන් 56,668,000ක් සිටින අතර ප්‍රංශයේ, එක්සත් රාජධානියේ හා ජර්මනියේ එම ප්‍රමාණයන් පිලිවෙලින් 29,576,000ක්, 29,224,000ක් හා 28,782,000ක් වෙනවා.

ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටිවෙනි

වත්කම් ව්‍යාප්තිය හා ධන බද්ද !

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න