නව EPF කළමනාකරණ පද්ධතියක් හරහා

නව EPF කළමනාකරණ පද්ධතියක් හරහා

නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි ඇත. 

ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5 න් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරී සේවා යෝජකයින් සංඛ්‍යාව 77,000ක් පමණ වෙන බව වාර්තා සදහන් කරයි.

2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.2 ක් වන අතර, පසුගිය වසර කිහිපය තුළ එහි වත්කම්වල වාර්ෂික වර්ධනය 9%ට වඩා ඉහළ අගයක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් ළඟා කර ගෙන තිබේ.

සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු සුමටව පවත්වා ගෙන යාම සඳහා විශාල ගනුදෙනු ප්‍රමාණයක් සැකසිය හැකි පරිශීලක ගිණුම් සහ දත්ත විශාල ප්‍රමාණයක් උපරිම කාර්යක්ෂමතාවකින් පවත්වාගෙන යාමට තරම් ශක්‍යතාවයකින් යුතු තොරතුරු තාක්ෂණ පද්ධතියක අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ මූල්‍ය අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේදී ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, ඉන්දියාවේ PricewatertiouseCoopers Private Limitedහි උපදේශකත්වය යටතේ නව කළමනාකරණ පද්ධතියේ සැලසුම් සහ අවශ්‍ය පිරිවිතර සකස් කිරීම අවසන් කර ඇති බව සඳහන් වෙයි.

එම කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධති සම්බන්ධකයෙක් (System Integrator) තෝරා ගැනීම සඳහා ප්‍රසපාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න