*සංචාරක ඉපැයීම් රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස සැලකීම අගය කරනවා.
*ඉහළ වියදම් කිරීමේ හැකියාවක් ඇති සංචාරකයින් ආකර්ශනය කර ගැනීම වැදගත්.
- ටුවර් බ්ලූ හෝල්ඩින්ග්ස් ආයතනයේ ඒකාබද්ධ කළමණාකාර අධ්යක්ෂ දර්ශන කබ්රාල් කියයි.
ලබන වසර (2026) සඳහා වූ අයවැයෙන් මහා බ්‍රිතාන්‍ය, ස්විඩනය, ජර්මනිය, පින්ලන්තය හා ස්කැනේඩියානු රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මැද පෙරදිග රටවල, ඉන්දියාව ආදි ඉහළ වියදම් කිරීමේ හැකියාවක් ඇති රටවල සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ පස් වැදෑරුම් යෝජනාවලියක් තමන් රජයට ඉදිරිපත් කර ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්ත නියැලෙන්නෝ ප්‍රකාශ කළහ.
ඒ අනුව මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කරන තමන් පොදු එකඟතාවයක් යටතේ පස් වැදෑරුම් යෝජනාවලියක් මුදල් ඇමැති සහ ජනපති අනුර කුමාර දිසානායක ප්රමුඛ රජය වෙත ඉදිරිපත් කොට ඇතැයිද එම පිරිස පෙන්වා දෙති.
දැනට වසර 10ක් 15ක් පැරණි රථවාහන සංචාරක කර්මාන්තයේ යෙදී සිටින්නන් සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගනී. මෙම පැරණි වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීමට සහනදායී ණය යෝජනා ක්‍රමයක් හෝ තීරු බදු රහිත වාහනයක් ගෙන්වා ගැනීමට පහසුකමක් සැලසීමට තමන් යෝජනා කරන බව ටුවර් බ්ලූ හෝල්ඩින්ග්ස් ආයතනයේ ඒකාබද්ධ කළමණාකාර අධ්යක්ෂ දර්ශන කබ්රාල් ප්‍රකාශ කළේය.
කොළඹ, කොල්ලුපිටියේ අද (04) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.
* ඊට අමතරව ඉංග්‍රිසි, ප්‍රංශ, ජර්මන්, ඉතාලි ඇතුලු ස්කැනේඩියානු රටවල භාෂාවන් පුහුණු වැඩසටහන් පවත්වා සංචාරක මාර්ගෝපදේශකයින් බිහි කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුය.
* ඉතා ඉහළ මුදලක් වියදම් කරන විදේශීය සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා යාල, විල්පත්තු, සීගිරිය ඇතුලු ඓතිහාසික හා පෞරාණික මෙන්ම ස්වභාදහම නැරඹීමට යන පිරිස් වෙත ඩිජිටල්කරණය කළ ටිකට්පත් මිලදී ගැනීම් සහ අනෙකුත් සේවා නවීන ලෙස ඉටුකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව නිර්මාණය කළ යුතුය.
* ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථාන පිළිබඳව ලෝකය පුරා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට රජය ක්‍රියා කළ යුතුය.
* ශ්‍රී ලංකාවේ සංචාරක උරුමයන් පිළිබද අධ්‍යයනය කිරීමට සංචාරකයින්ට වැඩි ඉඩකඩක් ලබාදෙන ලෙස ප්‍රාදේශීය සහ පළාත් මට්ටමින් පිහිටා තිබෙන සංචාරක ආකර්ශනිය ස්ථානවල පහසුකම් වැඩිදියුණු කළ යුතුය.
* සංචාරකයින්ගේ සිත් ඇදගන්නා ලෙස හස්ත කර්මාන්ත නිර්මාණ දැක බලා ගැනීමට, ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීමට පහසුකම් වැඩි කළ යුතුය.
මෙම පස් වැදෑරුම් යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කොට මෙරටට විදේශ විනිමය ඉපයෙන ප්‍රධාන මාර්ගයක් ලෙස රජය සලකන සංචාරක කර්මාන්තය දියුණු කරනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවද කබ්රාල් කීය.
(ජේ.මුණසිංහ)
2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වූ වාහන පිළිබද සියලු ම විස්තර සහ මිලගණන් මෙන් ම ඉදිරියට වාහන වෙළදපළ තුළ ඇතිවිය හැකි ප්රවණතා පිළිබඳ සවිස්තරාත්ම දත්ත විශ්ලේෂණයක් දැන ගැනීමට අවශ්‍ය නම් ඉක්මනින් ම Advocata Insider කෙනකු ලෙස ඒකතු වන්නැයි Advocata ආයතනය ආරාධනා කරයි.
ශ්‍රී ලාංකීය ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරණයේ නව පරිච්ඡේදයක් එක්කරමින් KA Sports ක්‍රීඩා වෙළෙඳ ආයතනය පසුගියදා රාගමදී උත්සවශ්‍රීයෙන් විවෘත කෙරුණා.
ඒ මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, වැනි ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ප්‍රධානත්වයෙන්...
මේ අවස්ථාව සදහා දේශීය පිටියේ මෙන්ම ජාත්‍යන්තර තලයේ නම් දරාපු ක්‍රිකට් ක්‍රීඩකයින් රාශියක් සම්බන්ධ වුනා.
ක්‍රිකට් ක්‍රීඩා කරන කොයි කාටත් සාමාන්‍යය වෙළෙඳපොළේ පවතින මිලට වඩා භාගෙට භාගයක් අඩුවෙන් ගුණාත්මක ක්‍රිකට් ක්‍රීඩා උපකරණ මේ ආයතනය මගින් ලබා ගැනීමට හැකි බව KA Sports අධිපති අමිල කළුගලගේ පවසනවා.
'' මෙහි ඇති විශේෂත්වය තමයි ගුණාත්මක බවින් උසස් සාමාන්‍යය වෙළෙඳපොළේ කිසිම තැනකින් ගන්න බැරි තරම් 50%ක පමණ අඩු මිල ගණන් වලට විශ්වාසයෙන් භාණ්ඩ මිලදී ගන්න පුලුවන් ස්ථානයක් තමයි KA Sports කියලා කියන්නේ....
ඉතිං රාගම මහජන බැංකු ගොඩනැගිල්ලට එන ඔබටත් මේ උසස් තත්ත්වයේ ක්‍රීඩා උපකරණ පහසු මිලකට ලබාගන්න පුලුවන්...'' යයි ද අමිල කළුගලගේ පවසනවා.

දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රූපලාවණ්‍යය ක්ෂේත්රය පාදක කර ගනිමින් සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීමට වැඩපිළිවෙළක් සැකසීමට සූදානම් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
