තෙල් සහ තේ ගිවිසුම කැඩුවාට ඉරානයට මිලියන 119ක් ගෙවයි

තෙල් සහ තේ ගිවිසුම කැඩුවාට ඉරානයට මිලියන 119ක් ගෙවයි

ඉරාන තෙල් වෙනුවට තේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉරානයට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක හිඟ මුදලින් ඩොලර් මිලියන 119.04 ක මුදලක් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ගෙවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් විණි.


පසුගිය වසරේ පළමු මාස හය අවසන් වනවිට ඉරානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 191 ක හිඟ මුදලක් ලබාගත් තෙල් සඳහා ගෙවීමට තිබී ඇති බවත් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 130.96 ක් දක්වා පහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ 2022 වසරේදී ඩොලර් වෙනුවට තේ ලබාදීමේ පොරොන්දුව මත ගිවිසුම්ගතව ශ්‍රී ලංකාව ඉරානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක පමණ තෙල් ලබාගෙන තිබිණි.

නමුත් එම ගිවිසුම ශ්‍රී ලංකාව කඩකළ බවට චෝදනා එල්ල වී තිබූ අතර එයට හේතුවී තිබුණේ ඉරානයට තේ ලබාදීම සඳහා අවශ්‍ය මුදල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තේ අලෙවි මණ්ඩලයට ලබා නොදී සිටීමයි.

 


(විමුක්ති එස් රුද්‍රිගු - lankadeepa)




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න