කසාගල සමූහ ව්‍යාපාරය, චීන සමාගමක් සමග එක්ව ආනයන අපනයන වෙළෙඳාමට අත ගසයි

කසාගල සමූහ ව්‍යාපාරය, චීන සමාගමක් සමග එක්ව ආනයන අපනයන වෙළෙඳාමට අත ගසයි

කසාගල සමූහ ව්‍යාපාරය සහ චීන සමාගමක් වන Anluod (shenzhen) Internationa Trading Company Ltd සමග එකට එක්ව ආනයන අපනයන වෙළෙඳාමට අත තබයි.

ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය තව දුරටත් පුළුල් වෙයි.

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපාර ඇරඹීමට මෙවර අයවැයෙන් රජය ලබාදුන් දිරි දීම් අගය කරන බව කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රංජිත් නන්දන පීරිස් මහතා ප්‍රකාශ කළේය.

කසාගල සමූහ ව්‍යාපාරය සහ චීන සමාගමක් වන Anluod (shenzhen) Internationa Trading Company Ltd සමග එකට එක්ව ආනයන අපනයන වෙළෙඳාම දියුණු කිරීමට ඊයේ (10) පෙරවරුවේ මුල්ලේරියාව ගලපාත හන්දියේ පිහිටී කසාගල සමූහ ව්‍යාපාර ගොඩනැගිල්ලේදී පැවැති අවබෝධතා ගිවිසුමට එළඹීමේ අවස්ථාවේදී සභාපතිවරයා මේ බව කීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා,

''මෙවර අයවැයෙන් ව්‍යවසායකත්වය දියුණු කිරීමට කළ යෝජනා හොඳයි''

රටක් දියුණුවීමට නම් දේශපාලන නායකයින් ව්‍යවසායකයින් පොදුවේ පුරවැසියන් තමන්ට පැවරී ඇති රාජකාරීන් සහ වගකීම් නිසියාකාරව ඉටුකළ යුතුයි. වැඩි ප්‍රමාණයක් කතා කිරීම් වලින් තොරව තමන්ගේ රාජකාරිය ඉටු කිරීම වැදගත්.

අපේ රටට ආර්ථිකය දියුණු කිරීමට නිසි මාර්ගෝපදේශ හෝ මග පෙන්වීම් සිදුවෙනවා ප්‍රමාණවත් නැහැ. වත්මන් රජය යම් යම් යෝජනා ඉදිරිපත් කරත් ඒවා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට වැඩිදුරටත් සොයා බැලිය යුතුයි.

මෙවර අයවැයෙන් ව්‍යවසායකත්වය දියුණු කිරීමට කළ යෝජනා හොඳයි. නමුත් ඒවා ක්‍රියාත්මක විය යුතුයි. ව්‍යවසායකත්වය ඉහළ නැංවීම රටක දියුණුවේ ප්‍රධාන සාධකයක්.

කසාගල සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ,

නිෂ්පාදන ආර්ථිකයකට අයවැයෙන් දිරිදීම් ලබාදී තිබෙනවා. පෞද්ගලික අංශය ඒවා භාවිතයට ගත යුතුයි. කසාගල සමූහ ව්‍යාපාරය අද තවත් ඉදිරි පියවරක් තබමින් ආනයන අපනයන වෙළෙඳාමට වෙනමම අංශයක් ස්ථාපිත කරනවා. මේ තුළින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන චීනය වෙත යැවීමට ඉඩ ලැබෙනවා. ඊට අමතරව මැද පෙරදිග, ඇමෙරිකාව, යුරෝපය ඇතුලු තවත් වෙළෙඳ පොළ දිනා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

චීනයේ Anluod (shenzhen) Internationa Trading Company Ltd හි සභාපති යැන්ග් වූ මහතා,

ශ්‍රී ලංකාව සමාගම ඒකාබද්ධ වැඩපිළිවෙලකට එක්වීමට ලැබීම සතුටක්. අපට අපේ රටේ නිෂ්පාදන මෙරටට එවනවාට අමතරව මෙරට නිෂ්පාදන අපේ වෙළෙඳ පොළට යොමු කර ගැනීමට හැකිවන ආකාරයට මෙය ක්‍රියාත්මක කරනවා. දෙරටටම මෙහි වාසි ලැබෙනවා.

කසාගල සමූහ ව්‍යාපාරයේ ආනයන අපනයන භාර දෙපාර්තමේන්තු ප්‍රධානී ජනක ජයසිංහ.

කසාගල සමූහ ව්‍යාපාරය ව්‍යාපාරික වශයෙන් යෝධ පිම්මක් තබන අවස්ථාවක් අද. අද පටන් අපේ රටේ නිෂ්පාදන චීනයේ වෙළෙඳ පොළ වෙත යොමු කිරීම සිදු වෙනවා. ඒ සඳහා මහන්සිවී වැඩ කිරීමට අපට සිදු වෙනවා. මේ තුළින් නව රැකියා අවස්ථා බිහි වෙනවා. අපේ රටට ලැබෙන විදේශ විනිමය වැඩි වෙනවා.

මෙම අවස්ථාවට නීල මල්ලිකාරාමාධිපති ඒ සෝරත හිමි වැඩමකොට ආශිර්වාද සිදු කළහ.

කසාගල සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, චීන Anluod (shenzhen) Internationa Trading Company Ltd හි නියෝජිතයින්, ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගීවි සිටියහ.

(ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න