යුරෝපය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, කැනඩාව, කොරියාව සහ තවත් ගෝලීය වෙළඳපොළ රැසකට දේශීය නිෂ්පාදන අපනයනයෙහි සහ ප්‍රවර්ධනයෙහි ලා පුරෝගාමී මෙහෙවරක නියුතු සීමාසහිත ජේ ඇන්ඩ් එන් ෆැමිලි චොයිස් සමාගම, දෙරණ රූපවාහිනියේ, මනුසත් දෙරණ ගංවතුර සහන වැඩසටහන හා අත්වැල් බැඳ ගත්තේය.
ඒ අනුව, අයහපත් කාලගුණය හේතුවෙන් ඉකුත් දා හටගත් දරුණු ගං වතුර, නාය යාම් සහ අනෙකුත් ස්වභාවික ආපදා වලින් විපතට හා පීඩාවට පත් ජනතාවට එම සමාගම විසින් පානීය ජල බෝතල් 12,500 ක් පරිත්‍යාග කිරීම අද (02) අද සිදු කෙරිණි. සීමාසහිත ජේ ඇන්ඩ් එන් ෆැමිලි චොයිස් සමාගමේ ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස එය ක්‍රියාත්මකය.
"අපගේ තේරීම - ඔබේ සහනය" යන තේමාව යටතේ, සමාගම විසින් බෙදා හැරෙන එම අත්‍යවශ්‍ය භාණ්ඩ තොගය කොළඹ ප්‍රධාන මනුසත් දෙරණ බෙදාහැරීමේ පර්යන්තයේදී දෙරණ රූපවාහිනී, මනුසත් දෙරණ සත්කාරකත්වය වෙත භාර දීම සිදු විය.
එහිදී අදහස් දැක්වූ, සීමාසහිත ජේ ඇන්ඩ් එන් ෆැමිලි චොයිස් සමාගමේ විධායක අධ්‍යක්ෂ - නිරෝෂ් ප්‍රේමරත්න, දිවයින පුරා මෑත කාලීනව හටගත් සහ දැනට පවතින දැඩි කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට, අත්‍යවශ්‍ය සහනාධාර බෙදාහරින TV දෙරණ, මනුසත් දෙරණ වැඩසටහන හා අත්වැල් බැඳ ගැනීමට ලැබීම අතිශය සතුටට කරුණක් බව පැවසීය.
මෙය, විපතට පත් ජනතාවගේ සහ ප්‍රජා කොටස් හි සුභසාධනය පිණිස සිය සමගම මගින් සිදු කෙරෙන දිගු කාලීන වැඩපිළිවෙළක ආරම්භක පියවරක් බව, හෙතෙම සඳහන් කළේය. මනුසත් දෙරණ වැඩසටහන ඔස්සේ, ඉලක්ක ගත ජාතික අරමුණකට සහාය දැක්වීමට, ව්‍යවසායක ප්‍රජාවට විශ්වාසදායක ප්‍රවේශයක් ඉදි කිරීම සම්බන්ධයෙන්, TV දෙරණ ආයතනයට කෘතඥතාව පළ කරන බව ද, ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට එක්වූ, සීමාසහිත ජේ ඇන්ඩ් එන් ෆැමිලි චොයිස් සමාගමේ අධ්‍යක්ෂිකා, ජයමාලි නිමන්කා, විනාශයෙන් පීඩාවට පත් සියලු පුද්ගලයින් සහ එම පවුල් ඉක්මනින් යථා තත්ත්වයට පත්වේවායි ප්‍රාර්ථනා කරන බව ද එම ස්වභාවික ව්‍යසනයෙන් තුවාළ ලත් සියලු දෙනා ට ඉක්මන් සුවය පතන බවද පැවසීය. ව්‍යසනයෙන් දිවි අහිමි වූවන්ගේ පවුල් සාමාජිකයින් වෙත සමාගම වෙනුවෙන් ශෝකය පළ කරන බවද, ඇය කියා සිටියාය.
සීමාසහිත ජේ ඇන්ඩ් එන් ෆැමිලි චොයිස් සමාගමේ දේශීය අධ්‍යක්ෂ - මර්වින් රවීන්ද්‍රන් සහ තොරතුරු තාක්ෂණ විධායක - රිස්මියා මන්සූර් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
සීමාසහිත ජේ ඇන්ඩ් එන් ෆැමිලි චොයිස් සමාගමේ විධායක අධ්‍යක්ෂ - නිරෝෂ් ප්‍රේමරත්න, අධ්‍යක්ෂිකා - ජයමාලි නිමන්කා සහ දේශීය අධ්‍යක්ෂ - මර්වින් රවීන්ද්‍රන් යන මහත්ම මහත්මීන් විසින්, සමාගම මගින් බෙදා හැරෙන පානීය ජල බෝතල තොගය කොළඹ ප්‍රධාන මනුසත් දෙරණ බෙදාහැරීමේ පර්යන්තයේදී දෙරණ රූපවාහිනී, මනුසත් දෙරණ සත්කාරකත්වය වෙත සංකේතාත්මකව භාර දුන් අවස්ථාව. සමාගමේ තොරතුරු තාක්ෂණ විධායක - රිස්මියා මන්සූර් මෙනවිය ද මෙහි වේ.
(සටහන හා ඡායාරූපය; හර්ෂ උදයකාන්ත පීරිස් )
(

