ඔලුව උස්සන්න 3% ණයක්!

ඔලුව උස්සන්න 3% ණයක්!

ආපදා තත්ත්වයෙන් විනාශයට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට ‘RE-MSME – ආපදා සහන’ නමින් නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

කාර්මික හා නිෂ්පාදන අංශයේ ආයෝජන සඳහා SMILE – III ණය යෝජනා ක්‍රම, පරිසර හිතකාමී මූල්‍යකරණය සඳහා E – FRIEND – II ණය යෝජනා ක්‍රම සහ රාජ්‍ය මූල්‍යකරණය යටතේ ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව අංශය ගොඩනැඟීම සඳහා වන ණය යෝජනා ක්‍රම ඒකාබද්ධ කරමින් මෙය සිදු කිරීමට නියමිතය.

ආසන්න වශයෙන් ව්‍යවසායකයන් 130,000ක් සඳහා ක්ෂණික හා මධ්‍ය පරිමාණ මූල්‍ය සහන ක්‍රියාමාර්ග මෙමඟින් හඳුන්වා දීමට අපේක්ෂා කරයි.

යෝජිත යෝජනා ක්‍රමය යටතේ ආණ්ඩුව විසින් වසර තුනක කාලයක් සඳහා අවශ්‍ය අරමුදල් වාර්ෂිකව 3%ක පොලී අනුපාතයක් යටතේ ලබා දීමට අපේක්ෂා කරන අතර, උපරිම සහන කාලය මාස 6ක් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න