Lanka business tv අතිශයින් ජනාදරයට පත් "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව අති උත්කර්ෂවත් අන්දමින් ලංකාදීප FT සමග එක්ව ව්‍යවසායකයින් ඇතුළු ආර්ථික දැනුම ලබාගැනීමට උනන්දුවන 250 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කලගෙඩිහේනේ The Glassgow හෝටලයේ දී පසුගියදා පැවැත්වුණි.
ගංවතුර උවදුර නිසා කල් දැමුණු මෙම සමුළුව පසුව පවත්වන විටත් මෙතරම් විශාල පිරිසක් සහභාගීවීම තුළින් මේ සඳහා පවතින උනන්දුව පැහැදිලිව පෙනෙන බව Lanka business tv සමාරම්භක සහ ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත කෝවිලගොඩගේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ය.
මෙම සමුළුවේ ප්‍රධාන දේශනය කළේ කළමනාකරණ උපදේශක දීපාල් සූරියආරච්චි ය.
මීට අමතරව, NDB වෙල්ත් මැනේජ්මන්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුවන් පෙරේරා, nVentures සමාගමේ කළමනාකරණ පාර්ශවකරු චාලින්ද අබේකෝන්, ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමාගමේ අංශ ප්‍රධානී ඉනෝක පෙරේරා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්.ඒ. අරුණ විජේසිරි ඉතාමත් වැදගත් දේශන සිදුකළහ.
මෙම සමුළුවට සහභාගී වූවන්ට වටිනා ත්‍යාග දිනාගැනීමට අවස්ථාව හිමිවූ අතර එක් අයෙකුට මැලේසියාවට ගොස් පැමිණීමට ගුවන් ටිකට් පතක් දිනාගැනී මේ අවස්ථාව ද හිමිවුණා.
Lanka business tv විසින් 2026 වසර සඳහා මෙවැනි ව්‍යාපාරික සමුළු හතරක් පැවැත්වීමට මේ වනවිටත් කටයුතු සංවිධානය කරමින් සිටින අතර මෙම සමුළුව මේ වනවිටත් ඉතාමත් සාර්ථක අයුරින් ගම්පහ, කුරුණෑගල, මාතර, මහනුවර, රත්නපුරය යන දිස්ත්‍රික්කවල පවත්වා ඇත.


