බීබීසී අර්බුදය සහ ශ්‍රී ලාංකික මාධ්‍ය සඳහා පාඩම්

බීබීසී අර්බුදය සහ ශ්‍රී ලාංකික මාධ්‍ය සඳහා පාඩම්

බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ බීබීසී ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස් ගේ ඉල්ලා අස්වීම ජනමාධ්‍ය භාවිතයේ විශ්වාසනීයත්වය පිළිබඳ නැවතත් සංවාදයකට මුල පුරා ඇත.

මාධ්‍ය අධ්‍යනයෙ දී උසස් භාවිතා පිළිබඳව උදාහරණයට ගන්නා බ්‍රිතාන්‍යයේ මහජන සේවා මාධ්‍ය ආයතනය වන BBC සිදුවීම තුළින් අපට කියාදෙන පාඩම කුමක්ද...? අප ඉන් උගයුත්තේ කුමක් ද...? BBC ය විසින් නිෂ්පාදනය කර විකාශය කරන ලද “පැනෝරාමා” වාර්තා වැඩසටහන මගින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ කතාවක් සංස්කරණය කරඇති ආකරයෙන් සිදුව අති විකෘතිය වසර ගණනාවකට පසු නැවත් කරළියට ඒමෙන් ගෝලීය ප්‍රවෘත්ති සන්නාමයක විශ්වසනීයත්වය ප්‍රශ්න මතුකරමින් සිටියි.


ටිම් ඩේවි සහ ඩෙබෝරා ටර්නස්
ඉහළ විධායක නිලධාරීන් දෙදෙනකු ඉල්ලා අස්වීම

වැඩසටහනේ දී, ට්‍රම්ප් 2021 දී කළ කතාවේ ක්ලිප් එකක් සංස්කරණයේ දී අදහස් විකෘති වීමක් සිදුව ඇති බවට විවෙචන එල්ල විය. විචාරකයින් පවසන්නේ එහි අර්ථය වෙනස් කර ඇති බවත්, එයින් ඇඟවෙන්නේ ඔහු කැපිටල් ගොඩනැගිල්ල වෙත කඩා වැදීමට තම ආධාරකරුවන්ට සෘජුවම බල කළ බවයි. එය අපක්ෂපාතිත්වය පිළිබඳ ගැටලු මතුරන්නක් බව බීබීසී පසුව පිළිගැනීමට දිරිමත්වී තිබුණි. මෙම චෝදනා එහි ඉහළ විධායක නිලධාරීන් දෙදෙනකු ඉල්ලා අස්වීම දක්වා වී බරපතළ අර්බුදයකට හේතුවක් ද විය.

 

බීබීසී මෙවැනි අර්බුදවලට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවේ. දශක ගණනාවක් පුරා,විටින්විට සිදුවු මෙවැනි චිචාරත්මක නොවූ සිදුවීම් නිසා එහි කර්තෘ මණ්ඩල ප්‍රතිසංස්කරණය කිරීමට සහ ශක්තිමත් කිරීමට බලපෑම් එල්ලවිය.

ශ්‍රී ලාංකික මාධ්‍ය සඳහා, මෙහි වැදගත් පාඩම්

මෙවැනි සෑම අවස්ථාවක දී ම කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ එවිට බීබීසී ය ප්‍රතිචාර දැක්වූ ආකරය යි. එම සිදුවීම්වලට අදාළව සිදු කළ විමර්ශන තුළ පවැති විනිවිදභාවය, ස්වාධීන විමර්ශන සහ ප්‍රතිසංස්කරණ සමග ප්‍රතිචාර දැක්වීම ඇගයිමට ලක්ව තිබේ. ආයතනික ඔම්බුස්මන් ගේ මැදිහත්වීම් ‘කර්තෘ පැමිණිලි ඒකකය’ ‘ස්වාධීන සමාලෝචන මණ්ඩල’ සහ එක්සත් රාජධානියේ ස්ථාපිත කර ඇති නියාමක කොමිසම “Ofcom” විසින් සිදුකරන ලද අධීක්ෂණය එරට ඇති මාධ්‍ය පිළිබද ශක්තිමත් යාන්ත්‍රණය පහැදිලිව ක්‍රියාත්මක වන ආකරය ප්‍රකට කළ බවයි විචාරකයන් පවසන්නේ. එය BBCයේ මෙම වගවීමේ සම්ප්‍රදාය, සෑම පසුබෑමකින් පසුවම එයට තවදුරටත් නොනැසී පැවතීමට සහ ශක්තිමත් වීමට පවා ඉඩ සලසා දී ඇත.

 



ශ්‍රී ලාංකික මාධ්‍ය සඳහා, මෙහි වැදගත් පාඩම් තිබේ. අපගේ ප්‍රවෘත්ති කාමර බොහෝ විට දේශපාලනයේ, හිමිකාරිත්ව බලපෑමේ සහ සමාජ මාධ්‍ය භාවිතාවේ පීඩනවලට මුහුණ දෙයි. 

 
බොහෝ රුපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ප්‍රධානින් කල්පනා කරන්නේ දේශපාලන පක්ෂ පාතිත්වය සඳහා තමන්ට රුචි පරිදි කතා සංස්කරණය කර තම පක්ෂපාති දේශ්පලන ව්‍යාපාරයට සහයෝගය දීමට කර්තෘ මන්ඩලය පෙලඹවීම යි. එසේත් නොවේ නම් වගකීම් විරහිත ඇතැම් සමාජ මාධ්‍ය මෙන් කටයුතු කිරිමට බල කිරීම යි. එමගින් තම ප්‍රෙක්ෂක වපසරිය වැඩි කර ගැනීමට යොමු වීම යි. මෙම තත්ත්වය අද මාධ්‍ය කෙරෙහි ඇති විශ්වාශය බිඳ දමීමට එක් හේතුවක් වී ඇත. දේශපාලකයින් ද කෙසේ හෝ තම මුහණ පෙන්වා ගැනීමට ඇති කැමැත්ත සහ මාධ්‍ය තුළින් තමා කැපී යයි යන බිය නිසා නිහඩව සිටියි.


පිළිගත් යොජනා කිහිපයක්


මේ නිසා මාධ්‍ය කෙරෙහි මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා, ශක්තිමත් කර්තෘ මණ්ඩල ආරක්ෂණ වැඩපිළිවෙළක් යොදා ගැනීම මාධ්‍යකරුවන් සතු වගකීමකි. මාධ්‍යය භාවිතයේ දී යම් වරදක් සිදුවුවහොත් එහි වග කීම දරන්නා වන්නේ එහි අයිතිකරු නොව කතුවරයා ය. 
 
BBC අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ බීබීසී ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස්ට ගෙදර යෑමට සිදුවූයේ ප්‍රෙකොට් නම් අර්බුදකාරි මාධ්‍යවෙදියා කළ වර්තාව හේතුවෙනි. මෙවැනි තත්ත්ව වළක්වා ගැනීමට දියුණු මාධ්‍ය භාවිත තුළ යොදාගන්නා ප්‍රයෝගික සහ ආචාරත්මකව පිළිගත් යොජනා කිහිපයක් මෙහි දී මතක් කරදීම සුදුසු යැයි හැඟේ.

1. සංවේදී හෝ දේශපාලනික කතා සමාලෝචනය කිරීම සඳහා අභ්‍යන්තර ප්‍රමිති ඒකයක් ස්ථාපිත කිරිම .

2. සියලු ම ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ පෙළ අන්තර්ගත සඳහා සවිස්තරාත්මක සංස්කරණ උපදෙස් මාලාවක් ආයතනිකව සකස් කර ගැනීම. .

3. කාර්ය මණ්ඩලයට ආරක්ෂිතව සදාචාරාත්මක ගැටලු සාකච්ඡා කළ හැකි වන පරිදි ඔම්බුස්මන්වරයකු බඳු ස්වාධීන පුද්ගලයකු නම් කිරීම; එමගින් ස්වාධීනත්වය සහතික කිරීම අහිතකර අන්තර්ගත කළමනාකරණ කිරීමට හැකිවනු ඇත.

4. වැරදි සිදු වූ විට ඒවා නිහඬව යට ගැසීමට වඩා දෘශ්‍යමාන ලෙස නිවැරදි කර ප්‍රකාශයට පත් කිරීම


ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සඳහා සැබෑ අභියෝගය

 
බීබීසී අත්දැකීමෙන් අපට කියා දෙන පාඩම වන්නේ නාලිකාවක: විශ්වසනීයත්වය, කීර්තිය, එහි ප්‍රමාණය සහ ආකර්ෂණීය බව මත ම සහතික නොවන බවයි; එය: සංස්කෘතිය, විනය සහ විවෘතභාවය මත රඳා පවතින්නකි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සඳහා සැබෑ අභියෝගය වන්නේ තමා දැන දැනම කරන වැරදී සාධාරණීයකරණය කරනවා ද, නිහඬතාවෙන් සිටිනවා ද, එසේත් නැතිනම් වගවීමට මාරු වී ආචාරසම්පන්නව මුහුණදී තම විශ්වශනීයත්ව රැක ගන්නවා ද යන්නයි.


අද බෙහෙවින් සිදුවන මෙවැනි නොමග යවනසුලු සංස්කරණවලින් තව දුරටත් ඉදිරියට යා නොහැකි අතර විශ්වාසයෙන් යුතු, විනිවිද පෙනෙන ප්‍රවෘත්ති කාමරයකට එය නැවත ගොඩනගා ගැනීමට නම්, බීබීසීයේ බඳු පාඩම් උගත යුතුව තිබේ. බී බී සී බඳු මාධ්‍ය ආයතන පිළිබද විවෙචන තිබුණ ද මෙව ප්‍රතිචාරවලින් ඔවුන් තමන්ගේ ඉදිරි පවැත්ම තහවුරු කර ගනී .
 
 
 
TMG Chandrasekara(සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Media Activist, Communication Specialist, Media Trainer, Guest Lecturer)

Former Director News , Director Training and Research at Sri Lanka Rupavahini Corporation

Former Specialist / strategic Communications at Information and Communication Technology Agency of Sri Lanka (ICTA)

Former Media consultant at Sri Lanka CERT
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න