අතීතයේ ඉන්දියාවේ තිබූ නගර ලංකාවට ආදේශ කළ, මීවනපලානේ ජම්බු අනුගාමිකයන්ට වර්තමානයේ ලේඛනගත සාක්ෂි සහිත තහවුරු කරගත හැකි පිළිතුරක්
රාජගිරි යනු පුරාණ මගධ රාජධානියේ පළමු අගනුවර වූ අතර එය අවසානයේ මෞර්ය අධිරාජ්‍යය බවට පරිණාමය වූ රාජ්‍යයකි. "රජවරුන්ගේ නගරය" යන අර්ථය ඇති රාජග්‍රිහ යන පැරණි නම ඉන්දියාවේ බිහාර් හි නාලන්දා දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ නගරයක් සහ විශ්වවිද්‍යාල නගරයක් ද වන මෙය මගධයේ සංස්කෘතික අගනුවරක් ද වේ.
මෞර්ය අධිරාජ්‍යය
විශේෂයෙන් නාලන්දා සරසවිය පිහිටා ඇති ඓතිහාසික භුමි භාගය ද ඊට අයත්ය. එය හර්යන්ක රාජවංශයේ, ප්‍රද්යෝත රාජවංශයේ, බෘහද්‍රත රාජවංශයේ, මෞර්ය අධිරාජ්‍යයේ අගනුවර වූ අතර එය බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ සංඝයා සඳහා ප්‍රමුඛ මධ්‍යස්ථානය විය. මහාවීර සහ බිම්බිසාර රජු වැනි අනෙකුත් ඓතිහාසික චරිත එහි වාසය කළ අතර, එහි ආගමික වැදගත්කම නිසා නගරය: හින්දු, බෞද්ධ සහ ජෛන ග්‍රන්ථවල ප්‍රමුඛ ස්ථානයක් ගනී.
මගධ රාජ්‍යය පිළිබඳ විවිධ හැඳින්වීම්
ත්‍රිපිටකය අනුව, රජගහ නුවර මහා ගොවින්ද නම් පඬිවරයා විසින් වාස්තුවිද්‍යා ශිල්පය අනුව මනාව පිහිටුවන ලද නගරයකි. “මගධානං ගිරිබ්බජං” යනු මගධයන්ගේ ජනපදය පිළිබඳ ගිරිබ්බජ නම් වූ රජගහනුවර (සාරිපුත්තමොග්ගල්ලානපබ්බජ්ජාකථා / සුතවාපරිබ්බාජක සූත්‍රය / අනඞ්ගණ සූත්‍රය) යන්නයි. රාජගහෙ විහරාමි ගිරිබ්බජෙ රජගහ යනු ඒ නගරයාගේ නාමයයි. පර්වතවලින් වටවූ හෙයින් ගාලක් මෙන් පිහිටි බැවින් ගිරිබ්බජ යයි කියනු ලැබේ. ඒ නගරයෙහි වාසය කරමි. ඒ නගරය ඇසුරුකොට වාසය කරමි (සම්මුති පරමාර්ථ දේශනා කථා) යයි ද එය පණ්ඩව, ගිජ්ඣකූට, වෙභාර, ඉසිගිලි, වෙපුල්ල නම් පර්වත පහක් මැද කොටුවක් මෙන් පිහිටි බැවින් ‘ගිරිබ්බජ’ යැයි කියනු (පබ්බජ්ජා සූත්‍ර වර්ණනාව) ලබයි. ගිරිව්‍රජ යන්න රජගහ නුවරට යෙදුණු පූර්ව බුද්ධකාලීන නාමය බව පැහැදිලි වේ.
මහාභාරතයේ ජරාසන්ධ වධ වර්ගයේ (244:19) ගිරිව්‍රජ නගරය මගධයේ අගනුවර බව සඳහන් වේ. ඊට වෘහද්රථපුර යන නම යෙදෙනුයේ වෘහද්රථ රජුගේ නගරය යන අරුතෙනි. රාමායණයේ බාල කාණ්ඩ 32 වැනි සර්ගයට අනුව ගිරිව්‍රජ නගරය පුරු රාජවංශයට අයත් පුෂ රජුගේ පුත් වාසු ගේ නිර්මාණයකි. එනිසා මෙයට වසුමතී යන නම ද යෙදේ. විෂ්ණු පුරාණයේ 13වන පරිච්ඡේදයේ මගධ රාජ්‍යයේ රජවරුන් ගැන ලැයිස්තුවක් සඳහන් වන අතර එහි වෘහද්රථ රජුගේ පුත් ජරාසන්ධ නම ඇතුළත් වේ. වෘහද්රථ රජුගේ නම ඍග් වේදයේ (I.36.18, X.49.6) සඳහන් වන අතර මගධ රාජ්‍යය ගැන අථර්ව වේදයේ සඳහන් වේ. ඊට අමතරව කුශාග්‍රපුර යනුවෙන් නමක් ද තිබේ.
ගිජ්ඣකූට පර්වතය
කොටුවක් මෙන් පිහිටි බැවින් ගිරිබ්බජ යැයි කියනු ලබයි
ගිරිබ්බජ යනු ගිරිව්‍රජ යන්නෙහි පාලි රූපය වේ. මහාපරිනිර්වාණ සූත්‍රයේ සඳහන් සප්තපර්ණී ගුහාව පිහිටි වෛභාර පර්වතය ගැන ද මහාභාරතය සඳහන් කරයි. මගධයට අයත් ඍෂිගිරි නම් පර්වතය ගැන මහාභාරතයේ මෙන්ම ත්‍රිපිටකයේ ද සඳහන් වේ. “ඒ රජගහ නුවර ම ඍෂිගිරිපාර්ශ්වයෙහි කාලශිලායෙහි වෙසෙමි” (මහාපරිනිර්‍වාණ සූත්‍රය). ‘ඍෂිගිරි’ යන්න ‘ඉසිගිලි’ ලෙස සිංහලයට පෙරළේ. ගිජ්ඣකූට යන්නෙහි සිංහල රූපය ගිජුකුළු වේ. වේපුල්ල හෙවත් වෛපුල්‍ය යන්නෙහි අරුත විපුල යන්නයි. ත්‍රිපිටකය අනුව රජගහ නුවර මහා ගොවින්ද නම් පඬිවරයා විසින් වාස්තුවිද්‍යා ශිල්පය අනුව මනාව පිහිටුවන ලද නගරයකි.
සප්තපර්ණී ලෙන
“මගධානං ගිරිබ්බජං” මගධයන්ගේ ජනපදය පිළිබඳ ගිරිබ්බජ නම් වූ රජගහ නුවර (සාරිපුත්තමොග්ගල්ලානපබ්බජ්ජාකථා / සුතවාපරිබ්බාජක සූත්‍රය / අනඞ්ගණ සූත්‍රය) වේ. රාජගහෙ විහරාමි ගිරිබ්බජෙ රජගහ යනු ඒ නගරයාගේ නාමය යි. පර්වතවලින් වටවූ හෙයින් ගාලක් මෙන් පිහිටි බැවින් ගිරිබ්බජ යයි කියනු ලැබේ. ඒ නගරයෙහි වාසය කරමි. ඒ නගරය ඇසුරුකොට වාසය කරමි යයි (සම්මුති පරමාර්ථ දේශනා කථා). එය පණ්ඩව, ගිජිකුළු, වෙභාර, ඉසිගිලි, වෙපුල්ල නම් පර්වත පහක් මැද කොටුවක් මෙන් පිහිටි බැවින් ගිරිබ්බජ යැයි කියනු ලබයි. පිණ්ඩාය අභිහාරෙසි ආහාර පිණිස ඒ නගරයෙහි හැසිරුණේය (පබ්බජ්ජා සූත්‍ර වර්ණනාව).
විවිධ සූත්‍රවල සඳහන් ආකාරය
මගධ රට ගිරිබ්බජ නම් වූ රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වට උතුරින් පිහිටි ඒ මේ වේපුල්ල පර්‍වතය (රජගහ නුවර පිරිවරා සිටි කඳු පහ අතුරින්) මහත් යැයි කියනු (අට්ඨිපුඤ්ජ සූත්‍රය) ලැබේ. ඉසිගිලි, වෙපුල්ල, වෙහාර, පණ්ඩව, ගිජ්ඣකුට යන පංචවිධ පර්වතයන්ගේ අතරෙහි මධ්‍යයෙහි, යම් හෙයකින් මෙසේ වී ද ඒ හේතුවෙන් ඒ නගරය ‘ගිරිබ්බජ’ යයි කියනු ලැබේ. නගරවරෙ උතුම් වූ නගරයෙහි, රජගහ නුවර සඳහා කියන ලදී (සිරිමාවිමාන වර්ණනා). රජගහ නුවරට පැමිණ එහි පිඬු පිණිස හැසිර පණ්ඩව පව් සෙවණැල්ලෙහි පිණ්ඩපාතය වළඳා (අඤ්ඤාකොණ්ඩඤ්ඤ කථා වත්ථු).
ඉසිගිලි පර්වතය
රජගහ නුවරට ගොස් එහි පිඬු හැසිර පණ්ඩව පර්‍වත ප්‍රාග් භාරයෙහි කරන ලද (සීහ සූත්‍ර වර්ණනාව). රජගහ නුවර වෙහාර පර්වත පාර්ශ්වයෙහි සප්තපර්ණි ගුහා (රතනචංකමන කාණ්ඩ වර්ණනාව) දොරටුයෙහි ඒ මේ මහත් වේපුල්ල පර්‍වතය මගධජනපදයෙහි ගිරිව්‍රජයෙහි (පර්‍වත පරික්‍ෂේපයෙහි) ගිජුකුළු පව්වට උතූරුදික්හි (පිහිටියේ) ය යි කියන ලදී (ඒකපුග්ගල සූත්‍රය). “උත්තරො ගිජ්ඣකූටස්ස” යනු ගිජුකුළු පවුවෙහි උතුරු දෙස සිටියේ. “මගධානං ගිරිබ්බජෙ” යනු මගධ රටේ ගිරිබ්බජ නම් පුරාණ රාජධානියේය.
පර්වත බෑවුමෙහි (පරික්‍ෂේපයෙහි) පිහිටියේය යන අර්ථයි (එකපුග්ගල සූත්‍ර වර්ණනාව). වෙපුල්ලො යනු රජගහ නුවර පිරිවරා සිටි පර්වත පහ අතරින් විපුල (විශාල) බැවින් වෙපුල්ල යයි ලබන ලද නම් ඇති, එයින්ම මහා මහා වෙයි. පිහිටි දිශාභාගය වශයෙන් උත්තරො උතුර ය. ගිජ්ඣකූටස්ස ගිරිබ්බජෙ යනු ගිරිබ්බජ පුර නම් වූ රජගහ නුවරට සමීපයෙහි (අට්ඨිපුඤ්ජ සූත්‍ර වර්ණනාව). රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක (මහාපරිනිර්‍වාණ සූත්‍රය).
රාජ පරම්පරා ගණනාවක වාසස්ථානය බවට පත් නගරයක්
"රාජගහ" යන්නෙහි නිරුක්තිය සලකන විට එය ‘රාජගිරි’ යන්නෙන් බිඳී එන වදනක් බව පෙනේ. එසේම එය 'රජගෘහ' ලෙස ද අර්ථ දැක්විය හැකි ය. එයින් කියැවෙනුයේ රාජ පරම්පරා ගණනාවක වාසස්ථානය බවට පත් නගරයක් බව ය. එහෙත් රාජගිරි යන්න විශාල පර්වත සහිත යන අරුතින් සැලකීම වඩා නිවැරදිය. සත්‍ය වශයෙන්ම රජගහ නුවර පර්වත සතක් පිහිටා තිබේ. පාලි භාෂාව නොදන්නාකම සහ ඉතිහාසය ගැන තිබෙන අනවබෝධය නිසා "පාචිනතො රාජගහස්ස" යන්න පචින රජුගේ ගෘහය ලෙස පරිවර්තනය කරන විට රාජගහස්ස යන වදන යෙදෙන සෑම ස්ථානයක ම එය රජුගේ ගෘහය විය යුතුය.
රාජගහං, රාජගහෙ, රාජගහෙති, රාජගහතො, රාජගහමෙව, රාජගහෙයෙව, රාජගහංයෙව, ආදී වශයෙන් වරගැනෙන විට ‘රජගෙදර’ යන අරුතෙන් එය යෙදෙන්නේ ද යන්න ඒ මොන්ටිසෝරි මොළවලට නොතේරේ. වෙස්සගිරි ලෙන්ලිපියේ සහ පිච්චණ්ඩියාව ලෙන්ලිපියේ සඳහන් ‘ගිරිවජ’ යන්න ඉන්දසාල ලෙන වැනි යම් ආරූඪ නාමයක් බව පැහැදිලිය. අදත් රටේ පන්සල්වලට ජේතවනාරාමය, පූර්වාරාමය, වේළුවනාරාමය වැනි නම් යොදන්නේ ඒ අනුව ය.
වෙස්සගිරිය
ශ්‍රෙණික් ගේ අගනුවර
රාජගිර් යනු බිම්බිසාර (ක්‍රි.පූ. 558–491) සහ අජාතශත්‍ර (ක්‍රි.පූ. 492–460) ගේ අගනුවර විය. ක්‍රි.පූ. 5 වන සියවස දක්වා මගධ රජවරුන්ගේ පුරාණ අගනුවර මෙය වූ අතර, අජාතශත්‍ර ගේ පුත් උදයින් (ක්‍රි.පූ. 460–440) අගනුවර පාටලීපුත්‍රයට (නූතන පට්නා) ගෙන යන තෙක් එය පැවතුණි. ජෛන ආගම සහ බුද්ධාගම, ගෞතම බුදුන් වහන්සේ මාස කිහිපයක් භාවනා කරමින් ගෘධ්‍රකූඨයේ ('ගිජුලිහිණියන්ගේ කන්ද') දේශනා කළේ මෙහි දී ය. 24 වන තීර්තංකර වූ මහාවීර තම ජීවිතයේ වසර දාහතරක් රාජ්ගිර් සහ නාලන්දාවේ ගත කළ අතර, චාතුර්මාස් (එනම් වැසි සමයේ මාස 4) රාජ්ගිර් (රාජ්ගෘහි) හි එක් ස්ථානයක සහ ඉතිරි කාලය ඒ අවට ස්ථානවල ගත කළේය. එය ඔහුගේ ශ්‍රාවක (අනුගාමික) රජු වන ශ්‍රෙණික් ගේ අගනුවර විය. මේ අනුව, රාජ්ගිර් ජෛන ජාතිකයින්ට ආගමික වැදගත්කමක් දරයි.
රාජගිර්
හියුං සාං ගේ මතය
මෙම ස්ථාන සොයා ගැනීමට දරන උත්සාහය බොහෝ දුරට පදනම් වී ඇත්තේ චීන බෞද්ධ වන්දනාකරුවන්ගේ, විශේෂයෙන් ෆාහියන් සහ හියුං සාං කෘතිවල ඒවා සහ අනෙකුත් ස්ථාන පිළිබඳ යොමු කිරීම් මතය. ක්‍රි.ව. 1 හෝ 2 වන සියවස්වලින් පසු රාජගිරි වැදගත්කම තරමක් අඩු වී ඇති බව පෙනේ. ක්‍රි.ව. 7 වන සියවසේදී හියුං සාං මෙම ස්ථානයට ගිය නමුත් ඔහු සඳහන් කළ එක ම සමකාලීන ක්‍රියාකාරකම වූයේ තවමත් ක්‍රියාකාරී පැවිදි ප්‍රජාවන් සිටි පැරණි බෞද්ධ ආරාම දෙකක් පමණි.
ඊට අමතරව, ඔහු දුටු ආගමික ස්මාරක සියල්ලම පාහේ බිම්බිසාර හෝ අශෝකට ආරෝපණය කළ අතර සමකාලීන අනුග්‍රාහකයන් හෝ ඉදිකිරීම් ක්‍රියාකාරකම් ගැන සඳහන් කළේ නැත. මෙය නාලන්දාව සහ බුද්ධගයාව පිළිබඳ ඔහුගේ විස්තරවලට හාත්පසින්ම වෙනස් වන අතර, එහි ඔහුගේම ජීවිත කාලය තුළ හෝ මෑත අතීතයේ සිදු වූ සිදුවීම් ගැන සඳහන් වේ.
20 වන තීර්තංකරයා වූ මුනිසුව්‍රත ගේ සම්බන්ධය
වෛභාර කන්දේ නටබුන් වූ ජෛන දේවාලයක් බොහෝ විට 5 වන සියවසට අයත් විය හැකි අතර, ආචාර්ය වසන්තනන්දි විසින් පරිත්‍යාග කරන ලද රිෂභනාථගේ රූපයක් 8 වන හෝ 9 වන සියවසට අයත් වේ. රාජගීර් යනු 20 වන තීර්තංකරයා වූ මුනිසුව්‍රත, ඔහුගේ පංච කල්‍යාණක 4ක් (පිළිසිඳ ගැනීම, උපත, පැවිදි බව ආරම්භ කිරීම සහ සර්වඥතාවය ලබා ගැනීම) අත්විඳි ස්ථානයයි.
ඊට අමතරව, 12 වන තීර්තංකරයා වූ වාසුපුජ්‍ය රාජගීර්හි දී උපවාසය අත්හළ බව ශ්වේතම්බර සිද්ධාන්ත සටහන් කරයි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ශ්වේතම්බර සිද්ධාන්තගේ ග්‍රන්ථයක් වන කල්ප සූත්‍රයට අනුව, 24 වන තීර්තංකර මහාවීර ස්වාමි, චාතුර්මාස්‍ය 10 ක් (මාස 4 ක දීර්ඝ රාත්‍රියක්) ගත කළේය. මහාවීරගේ ගණධරයන් (ප්‍රධාන ගෝලයන්) 11 දෙනා නිර්වාණය ලබා ගත් ස්ථානය ද එයයි. රාජගෘහය මගධයේ අගනුවර වූ අතර, එය එවකට මහාවීරගේ භක්තිමත් ගෝලයෙකු වූ ශ්‍රේණික රජු විසින් පාලනය කරන ලදී.
රාජගෘහයේ කඳු පහෙන් එක් එක් කඳුවල වැදගත්කම ක්‍රි.පූ. 5 වන සියවසේ ශ්වේතාම්බර ජෛන ග්‍රන්ථයක් වන උපපතික සූත්‍රයේ දීර්ඝ ලෙස විස්තර කර ඇත.
තවත් විවිධ මත
ඖපපාතික සූත්‍රයට අනුව, මහාවීර විපුලාචල්ගිරි කන්දේ (පළමු කන්ද) පිහිටි ගුණශීල චෛත්‍යයේ දී දේශන පැවැත්වී ය. නෞලඛා දේවාලයේ ඇති සෙල්ලිපියක සඳහන් වන්නේ ගිහි බැතිමතුන් දෙදෙනෙකු වන වච්චරාජ සහ දේවරාජ ක්‍රි.ව. 14 වන සියවසේ දී මෙම කන්ද මත දේවාලයක් ඉදි කළ බවයි.
රත්නගිරි (දෙවන කන්ද) මත ක්‍රි.ව. 16 වන සියවසේ ජෛන සංචාරකයෙකු වන කවි ජයකීර්ති, රිෂභනාථ වෙනුවෙන් කැප කරන ලද ශ්වේතාම්බර දේවාලයක් පවතින බව සටහන් කරයි.
ක්‍රි.ව. 17 වන සියවස ආරම්භයේ දී, පන්යස් ජයවිජය මෙම කන්ද මත ශ්වේතාම්බර දේවාල 2 ක් පැවති බව වාර්තා කරන අතර ක්‍රි.ව. 17 වන සියවස අවසන් වන විට සෞභාග්‍ය විජය මෙම කන්ද මත ශ්වේතාම්බර දේවාල 3 ක් පැවති බව සටහන් කරයි.

රිෂභනාථ ගේ ශ්වේතම්බර දේවාලය
උදයගිරි (3 වන කන්ද) රත්නගිරි සිට කිලෝමීටර 1.5 ක් දුරින් පිහිටා ඇති අතර ශ්‍යාමාලියා පාර්ශ්වනාථගේ ශ්වේතාම්බර දේවාලය පිහිටා ඇත. ඓතිහාසික වාර්තාවලින් පෙනී යන්නේ මෙම කන්දෙහි පාර්ශ්වනාථ, රිෂභනාථ, අභිනන්දන ස්වාමි සහ ශාන්තිනාථ යන අයගේ පිළිම තැන්පත් කර ඇති බවයි.
ක්‍රි.ව. 16 වන සියවසේ මුල් භාගය දක්වා මෙහි චතුර්මුඛ (සිව් මුහුණු) ශ්වේතාම්බර දේවාලය පැවතුනි. සුවර්ණගිරි (4 වන කන්ද) මත ක්‍රි.ව. 16-17 වන සියවස්වල ඓතිහාසික වාර්තාවල මෙහි විහාරස්ථාන 5-16 ක් පැවති බව සඳහන් වේ.
16 වන සියවසේ ජෛන සංචාරක කවි ජයකීර්ති මෙහි ශ්වේතම්බර දේවාල 6 ක් පැවති බව සටහන් කරයි. ක්‍රි.ව. 17 වන සියවස ආරම්භයේ දී, පන්යස් ජයවිජය මෙම කන්ද මත ශ්වේතම්බර දේවාල පහක් වාර්තා කළ අතර ක්‍රි.ව. 17 වන සියවස අවසන් වන විට, පන්‍යස් සෞභාග්‍යවිජය මෙම කන්ද මත ශ්වේතම්බර දේවාල 17 ක් පැවති බව සටහන් කළේය. මෙම කන්දෙහි දැනට රිෂභනාථගේ ශ්වේතම්බර දේවාලයක් පිහිටා ඇත.
ගෝන් මන්දිර
වෛභාරගිරි (5 වන කන්ද) මත සිට මුනිසුව්‍රත සර්වඥතා ඥානය ලබා ගත් ස්ථානය සහ මහාවීරගේ ගණධරයන් 11 දෙනා නිර්වාණය ලබා ගත් පූජනීය භූමිය ලෙස සැලකේ. ක්‍රි.ව. 16-17 සියවස්වල ඓතිහාසික වාර්තාවල මෙහි ක්‍රි.ව. 16වන සියවසේ හංසසෝමවිජයට අනුව විහාරස්ථාන 24ක්, ක්‍රි.ව. 17 වන සියවසේ මුල් භාගයේ ජයවිජයට අනුව විහාරස්ථාන 25ක් සහ ක්‍රි.ව. 17 වන සියවස අවසානයේ සෞභාග්‍යවිජයට අනුව විහාරස්ථාන 52ක් සඳහන් වේ.
මෙම කන්දෙහි දැනට ශ්වේතම්බර දේවාල 6ක් ඇති අතර ලංඡනක් සහිත පළමු පිළිමය (ක්‍රි.ව. පස්වන සියවසේ මුල් භාගයේ තිර්තංකර නේමිනාථ) ඇතුළු දුර්ලභ මූර්ති සහිත පුරාණ ගුප්ත යුගයේ විහාරස්ථානවල පුරාවිද්‍යාත්මක නටබුන් ඇත. රාජගෘහ පාමුල පිහිටි ශ්වේතාම්බර ජෛන දේවාලය වන මෙම දේවාලය ‘ගෝන් මන්දිර’ ලෙස ද හැඳින්වේ.
පළමු ධර්ම සංගායනාව
රාජගිරියට ගිරිබ්බජ යනු ගිරිව්‍රජ යනුවෙන් ත්‍රිපිටකයෙහිත් රාමයාණයේත් එකම නම යෙදී තිබේ. බුදුන්වහන්සේ වැඩ සිටියේ මගධයේ ය. ශ්‍රේණික බිමිබිසාර යනු අජාසත්ත රජුගේ පියාණන් බව පැහැදිලි ය. ඔහු සිටියේ මගධයේ ය.
වර්ධමාන මහාවීර යනු 24වන තීර්තාංකුරා වන අතර වෛදෙහී පුත්‍ර නමින් ද හැඳින්වේ. නාථ පුත්‍ර යනු උත්පත්තිය හා බැදුණු කතාවක් ඇසුරෙන් නිර්මාණය වී තිබේ. ප්‍රාකෘත භාෂාවෙන් නාටපුත්ත හෙවත් ඥාන්තිපුත්‍ර යනු එයම යි. නිඝණ්ටනාථ පුත්ත යනු ඔහුම වේ. හෙතෙම සිටියේ ද මගධයේ වේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පළමු ධර්ම සංගායනාව කළේ ද මෙහි ම ය. ජෛන ආගමේ ද හින්දු ආගමේ ද බුද්ධාගමේ ද මේ සඳහා යෙදී ඇති සමාන විස්තරත් එක එක ජනප්‍රිය චරිත පිළිබඳව ඇති විස්තරත් එකිනෙක සමපාත වේ. එවිට මුලාශ්‍රවල සඳහන් කරුණු ද සමාන වේ.
(Dr. Danister L. Perera)
උපුටා ගත්තේ අමා දම් වැස්ස Face book පිටුවෙනි.

