දර්ගා නගරය, බොදු බළ සේනා, පාස්කු දින ප්‍රහාරය සහ සුරේෂ් සලේ

දර්ගා නගරය, බොදු බළ සේනා, පාස්කු දින ප්‍රහාරය සහ සුරේෂ් සලේ

ජාතික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලින් තහවුරු කරගත් කරුණු මත පදනම්ව ය.

සලේට එරෙහිව පාස්කු ප්‍රහාර විමර්ශනවලට ප්‍රථමව අවධාරණය කළ චෝදනා වූයේ රට තුළ ඇති වූ ජාතිවාදී ගැටුම් සම්බන්ධයෙන් වූ විමර්ශනවලදී මන්දගාමී ලෙස කටයුතු කළ බවයි. අන්තවාදී කණ්ඩායම් පෝෂණය කිරීමට කටයුතු කරන බව ඇතැම් පාර්ශ්ව ඝෘජුව ම සලේ වෙත විවේචන කළ අතර ඒ සම්බන්ධයෙන් කිසිදු ආණ්ඩුවක් තැකීමක් නොකළ බව ද දක්නට ලැබිණි. ඒ, පැවති ආණ්ඩුවල වුවමනාවට ද නොඑසේ නම් වෙනත් හේතුවක් මත ද යන්න පසුව විමසා බැලීමට වටිනා කරුණකි.

දර්ගා ටවුන් අවුළු වීමේ පදනම

image fae77f36222014 වර්ෂයේ ජුනි මස දී අලුත්ගම දර්ගා නගරයේ සිංහල – මුස්ලිම් ජාතිකයින් අතර ගැටුම් මාලාවක් ඇති වූයේ ය. මෙම ගැටුම ශ්‍රී ලංකාව තුළ සිදු වන ජාතිවාදී ගැටුමක් ලෙස දෙස් විදෙස් මාධ්‍ය තුළ එවකට අවධානයට ලක් වුණි. මෙම සිදුවීම් මාලාව ඇති වන සමයේ සුරේෂ් සලේ රාජකාරි කළේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරයේ ය. මතු සඳහන් වන්නේ 2014 ජුනි මාසයේ දී මෙම ගැටුම් මාලාවට හේතු වූ මූලික පදනම යි.

ගැටුම් මාලාවට හේතු වූ ප්‍රධාන සිද්ධිය ලෙස සැලකුණේ භික්ෂූන් වහන්සේ නමක් ගමන් කරමින් සිටිය දී මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු පහර දුන් බවට චෝදනාවක් එල්ල වීම යි. පහර දීම සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිලි කර තිබිණි; ඒවා මාධ්‍යයේ ද පළ කෙරිණි. එම ප්‍රකාශවලට මාධ්‍ය ගණනාවක ප්‍රමුඛතාව හිමි වු අතර සමාජයේ බොහෝ සංවිධාන මෙම සිදුවීම සම්බන්ධයෙන් හඬ නැගීම ආරම්භ කළහ.

බොදු බළ සේනා ගිනි දැල්ල

මේ සම්බන්ධයෙන් තීරණාත්මක භූමිකාවක් ඉටු කළේ බොදු බළ සේනා සංවිධානයේ රැස්වීම ය. සිද්ධිය පදනම් කර ගනිමින් බොදු බළ සේනාව දර්ගා නගරයේsrilanka068 1200x550 1 1024x469 විශේෂ රැස්වීමක් සංවිධානය කර තිබිණි. ප්‍රදේශයට අදාළ පොලිස් නිලධාරීන් පළමුවෙන් මේ රැස්වීමට විරුද්ධත්වය ප්‍රකාශ කළ ද කුමන හේතුවක් මත හෝ ඒ සඳහා පසුව අනුමැතිය දී තිබිණි. දර්ගා නගරයේ ගැටුම් ආරම්භ වූ දින පස්වරුවේ පහරදීමට ලක්වූ භික්ෂූන් වහන්සේ සමග ඉස්ලාම් පල්ලිය ඉදිරියෙන් පෙරහැරක් ගමන් කිරීම පාදක කරගනිමින් ඇති වූ ප්‍රශ්නය බැරෑරුම් තත්ත්වයට පත්ව: මුස්ලිම් කඩ ගිනිතැබීම්, වෙඩි තැබීම් පමණක් නොව මරණ කිහිපයක් ද සිදු කෙරිණ. ඒහෙත් මෙම වෙඩි තැබීම් සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට නොගැනිණි.

සැකකරුවන් පසුපස අදිසි හස්තයක්

සිදුවීම්වලින් අනතුරුව ගිනි තැබීම්වලට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනුණේ එවකට කළුතර දිසාව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන් ගේ උපදෙස් මත ය. මෙහි විශේෂත්වය වූයේ එලෙස අත් අඩංගුවට ගත් පිරිස ආරක්ෂක අංශවල සේවය කළ පිරිසක් වීම ය. ගිනි තැබූ බවට හඳුනාගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් කර සිටිය දී ඉහළින් ලැබුණු නියෝගයක් මත හදිසියේම නිදහස් කෙරිණි. ඒම නියෝගයෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකකරුවන් නිදහස් කර, මේ පිළිබඳ සටහන් ද යොදා තිබූණි. ඒතැනින් නොනැවතුණ ඔහු මේ පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ද ප්‍රකාශ ලබා දී ඇත.

සාකච්ඡාවල දි හිස්බුල්ලා ඉවතට

මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට ආගමික නායකයන්, නීතිඥවරුන් වන අලි සබ්රි, හිජාස් හිස්බුල්ලා, ශිරාස් නූර්දීන්, මාධ්‍යවේදී එන්.එම්. අමීන් ඇතුළු මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන විද්වතුන් පිරිසක් සහ ආරක්ෂක අංශ නියෝජිතයින් රැසක් අලුත්ගමට එක්වූහ. එම රැස්වීමට සුරේෂ් සලේ ද සහභාගි විය. එම සාකච්ඡාවේදී නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් චෝදනා කරන ලද්දේ දර්ගා නගරයේ සිදුවීම් පිටුපස බුද්ධි අංශ සිටින බවට යි. මෙහිදී සුරේෂ් සලේ සහ හිජාස් හිස්බුල්ලා අතර උණුසුම් සංවාදයක් ඇති වූ අතර සලේගේ මැදිහත්වීමෙන් හිස්බුල්ලා සාකච්ඡාවෙන් ඉවත් කර ඇත.

පාස්කු කොමිෂන් වාර්තාව තුළ රහසිගත ලේබලයක්...?

01 12 2025 Cartoon 45පාස්කු ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාවේ දී සලේ අන්තවාදී කණ්ඩායම් පෝෂණය කිරීමට පෞද්ගලිකව මෙන්ම යුද හමුදා බුද්ධි අංශය මගින් මැදිහත් වූ ආකාරයත් ඒ ගැන තමන් දන්නා අනෙකුත් තොරතුරුත් සභාපති විනිසුරු ජනක් ද සිල්වා ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහ පැවසූ බව වාර්තා විය. එහෙත් ඒවා දිගු කලක් පාස්කු කොමිෂන් වාර්තාව තුළ රහසිගත ලේබලය යටතේ තැබුණු කාරණා වේ.

සලේ බුද්ධි අංශ අධ්‍යක්ෂ දුරයට පත්වීමේ රහස

සුරේෂ් සලේ 1993 වසරේ සිට යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කර, 2012 – 2016 කාලයේ දී යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත. අනතුරුව මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේත් ඉන්දියාවේත් ගත කළ හෙතෙම 2019 නොවැම්බර් 16 පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ධුරයට පත්කෙරිණි.

ජනතාව දෙවියන් පලවා හැරීමට පෙර...

මේ සියල්ල අදියරෙන් අදියර විමසා බැලීම වටින්නේ සලේ දඬු කඳේ ගැසීමට නොව සලේ බඳු පුද්ගලයින් වෙත එල්ල වෙන චෝදනා සහ සිද්ධි සඳහා අදාළ සිද්ධිවලින් පසු බලය හෙබ වූ ආණ්ඩු මැදිහත් නොවූයේ මන්ද සෙවීම සඳහා ය. පැරණි සිද්ධි යළි හුවා දැක්වීමට හේතුවක් ඇත්තේ ඒවා සම්බන්ධයෙන් ද මේ දක්වා අවසන් නිගමනයකට නොපැමිණීම හේතුවෙනි මෙම සිද්ධිය (පාස්කු දින ප්‍රහාරය) ඇතැමුන් පඹ ගාලක් යැයි පැවසුව ද සැබැවින් ම මෙය පඹගාලක් නොව එක් එක් අවස්ථාවාදී, ආගම්වාදී, ජාතිවාදී දේශපාලන කණ්ඩායම් විසින් මවන ලද චිත්ත රූපයකි. මෙහි එක් කෙළවරක් නිවැරැදිව හසු කරගන්නේ නම් මෙම පඹගාල තුළ සැඟව පවතින සියලු රහස් හෙළි කරගත හැකි ය. එය මාලිමා ආණ්ඩුවේ ප්‍රධානතම වගකීමකි. එම වගකීම ඉටු කිරීමට ඔවුන් අපොහොසත් වුවහොත් දෙවොලේ දෙවියන් ගෙන් පිහිටක් නොලද පිරිසක් බවට රටේ ජනතාව පත්වීම අරුමයක් නොවේ. එසේ වුහොත් සිදුවන්නේ ජනතාව දොවොල බිම දමා දෙවියන් පලවා හැරීම ය.

මූලාශ්‍ර - nwn.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න