පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන මහ සමුලුව, 'පන්තියට බලය-බලයට පක්ෂය' යන තේමාවෙන් අද (01) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි.
එම සමුළුව අවසානයේ පක්ෂයේ ඉදිරි වසර 4ක් සඳහා සාමාජිකයන් 21 දෙනකු ගෙන් යුතු නව මධ්‍යම කාරක සභාවක් සාමාජික ඡන්දයෙන් තෝරාපත් කරගනු ලැබිණි. මතු පළ වන්නේ අද පත් වූ නව මධ්‍යම කාරක සභාවේ නාම ලේඛනය යි.
- කුමාර් ගුණරත්නම්, 2. සේනාධීර ගුණතිලක, 3. චමීර කොස්වත්ත, 4. රංජිත් ශාන්ත, 5. පුබුදු ජයගොඩ, 6. දුමින්ද නාගමුව, 7. රවින්ද්‍ර මුදලිගේ, 8. සී. ලන්දගේ, 9. විමල් වත්තුහේවා, 10. ඉන්ද්‍රානන්ද ද සිල්වා, 11. සුජිත් කුරුවිට, 12. විමල් පියතිස්ස, 13. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන, 14. හේමමාලි අබේරන්න, 15. ආර්.එම්. ඉසුරුජීව, 16. ප්‍රභාත් නයන කුමාර, 17. ජයන්ත ගුණරත්න, 18. නිරෝෂා ගුරුගේ, 19. ප්‍රියංකර විතානගේ, 20. ධම්මික මුණසිංහ 21. සේනක මාරසිංහ
පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස කුමාර් ගුණරත්නම් පත් කර ගත් අතර ලේකම් මණ්ඩලය පහත පරිදි ය.
v ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්
v සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක
v අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ
v ප්‍රචාරක ලේකම් චමීර කොස්වත්ත
v බහුජන ලේකම් දුමින්ද නාගමුව
v පාලක ලේකම් රවීන්ද්‍ර මුදලිගේ
v මුදල් ලේකම් විමල් වත්තුහේවා
සටහන - ජයසිරි අලවත්ත

