මේ කතාව පටන් ගන්නේ 1951 දී. මේ වෙන කොට ආතර් සී ක්ලාක් කියන්නේ තරුණයෙක්.
විද්‍යාව ප්‍රබන්ධ ගැන විද්‍යාව ගැන විශේෂයෙන්ම විශේෂයෙන් ම තාරකා විද්‍යාව ගැන අතිශයින් උනන්දුවක් දක්වපු තරුණ ක්ලාක් එවැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කරුණු ගවේෂණය කරන්න කැමති හිතමිත්‍රයින් ආශ්‍රය කරන්න ප්‍රිය කළා. හැම අඟහරුවාදා දවසක ම මේ මාතෘකාවලට ප්‍රියකරන හතළිහක් පනහක පිරිසක් පබ් එකකට රැස්වෙලා මධු විත පානය කරන ගමන් මේ ක්ෂේත්‍ර ගැන කතා කරන්න පුරුදු වෙලා හිටියා.
ආතර් සී ක්ලාක්
ක්ලාක් ගේ අලුත් විනෝදාංශය
මෙන්න මේ පබ් එකේ දී ආතර් සී ක්ලාක්ට අලුත් යාලුවෙක් මුණ ගැහුණා. මේ තරුණයා තමයි මයික් විල්සන්. දුටුව ක්ෂණයෙන් ම දෙන්නට දෙන්නා අල්ලලා ගියා. සමහර විට එතන වෙනත් බැඳීමක් තිබුණා කියලා සමහර අය කියනවා. කොහොම වුණත් මේ හමු වීම දෛවෝපගත හමුවීමක් කියලා වගේම දෙදෙනාගේම ජීවිත වෙනස් කරන්න බලපායි කියලා මේ දෙන්නම පළමු වතාවේ දී හිතන්නේ නැතුව ඇති.
මයික් විල්සන්
ඒ වෙනකොට වයස අවුරුදු 16ක කොලුගැටයෙක් වුණු මයික් විල්සන් සේවය කරමින් හිටියේ නැවක. මේ කාලයේදී බ්‍රිතාන්‍යයේ පැවති නීතිය අනුව නැවක සේවය කරන අය පවා සැලකුණේ නාවික හමුදාවේ කොටසක් විදිහට. ටිකෙන් ටික හොඳ යහළුවන් බවට පත් වීමෙන් පස්සේ කොලු ගැටයා ආතර් සී ක්ලාක්ට අලුත් විනෝදාංශයක් පුරුදු කරනවා. ඒ තමයි ගැඹුරු මුහුදේ කිමිදීම. අභ්‍යවකාශය වගේම වගේ ම ගැඹුරු මුහුද කියන්නේ කියන්නෙත් විශ්මිත ලෝකයක් බව ආතර් සී ක්ලාක් මයික් විල්සන්ගෙන් වටහා ගන්නවා.
ක්ලාක්ට චෝදනාවක් එල්ල වෙයි
1954 වර්ෂයේ වෙද්දි සැලකිය යුතු මුදලක් ඉතිරිකර ගත්ත මයික් විල්සන්, තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න තීරණය කරනවා. ඒ, නැවේ රස්සාවට සමු දෙමින්. ඉන් අනතුරුව ඔහු සහ ආතර් සී ක්ලාක් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙන්නේ මහා බාධක කොරල් පරය ගවේශණය කරන්න. මේ ගමන අතරතුර දී ඔවුන් ශ්‍රී ලංකාවට ගොඩ බසිනවා. මේ තමයි ශ්‍රී ලංකාවට ඔවුන් පැමිණෙන පළවෙනි අවස්ථාව. කොහොම වුණත් ඒ වතාවෙදි ශ්‍රී ලංකාවේ වැඩි කාලයක් ගත නොකර ඔවුන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙන්නේ නැවතත් ලංකාවට එනවා කියන සිතුවිල්ලත් එක්ක. පස්සේ කාලෙක ආතර් සී ක්ලාක් හෙළි කරපු විදිහට දෙදෙනාට ලංකාව දැක්ක ගමන් විස්තර කරන්න බැරි තරම් ආදරයක් ලංකාව කෙරෙහි ඇති වෙලා තියෙනවා. නමුත් ඔවුන්ට නැවතත් ලංකාවට පැමිණෙන්න ලැබෙන්නේ 1956 ජනවාරි මාසයේ දී.

රොඩ්නි ජොන්ක්ලාස් නම් කිමිදුම්කරුවෙක් එක්ක ඔවුන් දෙදෙනා ලංකාව පුරා මුහුදේ කිමිදුම් කටයුතුවල යෙදෙනවා. බොහෝ වෙලාවට මේ කිමිදුම් කටයුතුවල අභිප්‍රාය වෙන්නේ මුහුදේ ගිලී ගිය පැරණි නෞකා ගවේෂණය කිරීම. මේ කාල පරිච්ඡේදය ගැන ඇතැම් අය නම් කතා කරන්නේ එතරම් ප්රසාදයකින් නෙමෙයි. සමහරු සැක කරන්නේ ආතර් සී ක්ලාක් සහ මයික් විල්සන් මීට වඩා දෙයක් සොයන්න මුහුදු තීර ගවේෂණය කළා කියලා. සමහර අය නම් පුරා වස්තු කොල්ලකරුවෝ කියන යෙදුමත් මේ දෙන්නා වෙනුවෙන් පාවිච්චි කරනවා. සමහරු කියන්නේ රාවණ යුගයේ යම් දෙයක් හොයන්න මේ කිමිදුම් කටයුතු සිදු කළා කියලා. ඒ වගේම ඔවුන් දෙදෙනා මන්නාරමේ මුතුපර ගවේෂණයටත් තමන්ගේ අවධානය යොමු කරනවා. මේ කාලය වෙද්දී ආතර් සී ක්ලාක් විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් විදිහට ප්‍රසිද්ධියට පත්වෙමින් පත් වෙමින් හිටපු කාලය. මේ කාලෙ දි ඔහු රචනා කරන අර්ත්ලයිට් ඇන්ඩ් එක්පිඩිෂන් ටු අරත් කෘතිය ඔහු පිළිගන්වන්නේ මයික් විල්සන්ට.
මයික් විල්සන් ගේ අලුත් ම පෙම්වතිය
සාමාන්‍ය ජීවිතයේ දී ස්ත්රීන්ට දැඩි ලෙස දරුණු පුද්ගලයෙක් වුණු මයික් විල්සන් නිසා ඇතැම් අවස්ථාවල ආතර් සී ක්ලාක් පවා අපහසුතාවයට ලක් වෙනවා. 1956 නිව්යෝර්ක් නුවර පැවති ලෝක විද්‍යා ප්‍රබන්ධ සමුළුවට සහභාගි වෙමින් සිටින අතර තුර මධ්‍යම රාත්‍රියේ දී ආතර් සී ක්ලාක් නිදා සිටි කාමරයේ දොරට යමෙකු තට්ටු කරනවා. මේ මහ රෑ මැද්දේ ආපු අමුත්තා කවුද කියලා බලන්න කඩිමුඩියේ දොර ඇරලා බලද්දී ආතර් සී ක්ලාක්ට තවත් විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු වුණු හාර්ලන් එලිසන් දැක ගන්න ලැබෙනවා. ඔහු ආතර් සී ක්ලාක් ගෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමක් ඒ “කරුණාකරලා මයික් විල්සන්ට කියන්න, මගේ පෙම්වතියට කරදර කරන්න එපා කියල”.
මුහුදට, ස්ත්රීන්ට පෙම් බැන්ද බැන්ද මයික් විල්සන්ගේ ඊළඟ පෙම්වතිය බවට පත්වෙන්නේ චිත්‍රපටි නිපදවීම. නමුත් ඔහු මුල් කාලේ නිෂ්පාදනය කරන්නේ සාමාන්‍ය චිත්‍රපටි නම් නෙමෙයි. විශේෂ කැමරා ආම්පන්න භාවිතා කරම්න් දිය යට දර්ශන ඇතුළත් වාර්තා චිත්‍රපටි ඔහු නිෂ්පාදනය කරනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට 1962 දී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටය වූ 'රන්මුතු දූව' චිත්‍රපටය අපේ රටේ ප්‍රේක්ෂකයන්ට දැක බලාගන්න අවස්ථාව දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා. රන්මුතු දූව චිත්‍රපටයේ නිෂ්පාදකයකු විදිහට ආතර් සී ක්ලාකුත් මූල්‍යමය දායකත්වයක් ලබා දෙනවා.
'රන්මුතු දූව' චිත්රපටයකෝනේශ්වරම් කෝවිලේ ප්‍රධාන පූජකතුමාගේ ඉල්ලීම
චිත්‍රපටය රූගත කරද්දී අපූරු අත්දැකීමකට මයික් විල්සන් ඇතුළු කණ්ඩායම මුහුණ දෙනවා. මේ අත්දැකීම තමන්ගේ මුළු ජීවිතය ම සුවිශාල පෙරළියකට ලක් කරයි කියලා මයික් විල්සන් කවදාවත් කවදාවත් හිතන්න නැතුව ඇති.
ත්‍රිකුණාමලය අවට මුහුදේ දිය යට දර්ශන රූගත කිරීමට මයික් විල්සන් ඇතුළු පිරිසක් ඇවිල්ලා කියලා දැන ගත්ත කෝනේශ්වරම් කෝවිලේ ප්‍රධාන පූජකතුමා මයික් විල්සන් ඇතුළු කණ්ඩායම මුණගැහෙන්න එනවා. ඇවිල්ලා විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ තමයි මුහුදේ කිමිදෙන අතරතුරේ දි ගලින් කළ ශිව ලිංගයක් මුණ ගැහුණොත් ඒ ශිව ලිංගය ගොඩට අරගෙන කෝවිලට නැවතත් භාරදෙන්න කියන ඉල්ලීම. මේ ශිව ලිංගය වසර දහස් ගණනක් තිස්සේ කෝනේශ්වරම් පුදබිම පූජාවට ලක් වෙමින් පැවැති ශිව ලිංගයක්. මේ ශිව ලිංගය හදුන්වන්නේ ස්වයම්භූ නමින්. හින්දු බැතිමතුන් විශ්වාස කරන්නේ මේ ශිව ලිංගය මනුෂ්‍යයෙක් අතින් නිර්මාණය වුණු ශිවලිංගයක් නොවන, ශිව දෙවියන්ගේ අධිෂ්ඨානයක් මත ඉබේ පහළ වූ ශිවලිංගයක් බවයි. පුරාකතාවල හැටියට මේ වගේ ස්වයංභූ ශිවලිංග 69ක් ඉන්දියාව පුරා විසිරී තිබෙනවා. අද වෙනකොට මේ ශිව ලිංග 69 අතරින් සොයාගැනීමට හැකි වෙලා තියෙන්නේ අතළොස්සක් පමණයි. ඒ අතරින් එකක් වුණු කෝනේශ්වරම් කෝවිලේ ශිව ලිංගය පෘතුගීසීන් විසින් කෝවිල

ශිව ලිංගය හමුවෙයි; එය ගොඩට රැගෙන එයි
පූජකතුමා ශිව ලිංගය ගැන පිළිබඳව මේ විස්තර කියද්දී උපතින් කිතුණු බැතිමතෙක් වුණු මයික් විල්සන්ට ඒ ගැන කිසිම අදහසක් තිබිලා නැහැ. නමුත් ඔහු දවසක් කිමිදුම් කටයුතු කටයුතුවල යෙදෙද්දී ඔහුට මේ ස්වයංභූ ශිව ලිංගය දැක ගන්න ලැබෙනවා. මයික් විල්සන් පස්සෙ කාලෙකදි සඳහන් කරලා තියෙන විදිහට මේ ශිව ලිංගය ස්පර්ශ කල සැණින් සහ දැක්ක සැණින් ඔහුට දුර ඈත අතීත භව ගණනාවක් මතකයට නැගිලා තියෙනවා. ඒ වගේම ස්වයංභූ ශිව ලිංගය අසල හිඳිමින් බවුන් වැඩුව පිරිස් ගැනත් මතකයට නැගිලා තියෙනවා. හාස්කමකට වගේ මේ බර ශිව ලිංගය වැඩි ආයාසයක් නැතුව ගොඩට ගෙන අරගෙන කෝනේශ්වරම් දේවාලයට බාර දෙන්න මයික් විල්සන්ට වැඩි වෙලාවක් ගිහිල්ලා නෑ. එදා ඉඳන් අද වෙනකල් කෝනේශ්වරම් දේවාලයේ මේ ස්වයංභූ ශිව ලිංගය වැදුම් පිදුම් ලබනවා.
මයික් විල්සන්, ස්වාමි සිව කල්කි බවට පත් වීම
රන්මුතු දූවෙන් පස්සේ සෙරන්ඩිප් කියලා චිත්‍රපටි සමාගමක් පිහිටුවා ගෙන ආතර් සී ක්ලාක් ශේෂා පලිහක්කාර ඇතුළු පිරිසක් සම්බන්ධ කරගෙන මයික් විල්සන් විසින් තවත් චිත්‍රපටියක් නිෂ්පාදනය කරනු ලබනවා. නමුත් පස්සේ කාලෙකදි ඔහුගේ ජීවිතයේ විවිධ හැල හැප්පීම් සිදු වෙනවා. චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න ගිහින් සත්‍යජිත් රායි සමගත් මයික් විල්සන් ගැටුමක් ඇති කර ගන්නවා. තව තව ප්‍රශ්න එක්ක සෙරන්ඩිබ් සමාගමේ පිරිස විසිර යනවා. වසර ගණනාවක් තිස්සේ ආතර් සී ක්ලාක් සමඟ පැවති මිත්‍රත්වයත් අවසානයේදී පළුදු වෙලා යනවා. අවසානයේදී ස්වයම්භූ ශිව ලිංගය මුණ ගැසුණු තැන ඉඳන් ඔහුගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව ඔහු සඵල කර ගන්නවා. ඒ විනෝදකාමි ගිහි ජීවිතයට ආයූබෝවන් කියමින් ස්වාමි සිව කල්කි නමින් සාධු වරයෙක් බවට පත්වීමෙන්.
ඔහු එදා ත්‍රිකුණාමලයේ දී තමන් ලද අත්දැකීම් වඩාත් විස්තර සහිතව මෙසේ ප්‍රකාශ කරනවා.
''ඒ සිදු වීම සම්පූර්ණයෙන් මාව වෙනස් කලා. ගුප්ත සහ දිව්‍යමය දර්ශනයක් මා ඉදිරියේ පහළ වුණා. ඒ වගේම මම තව දෙයක් තේරුම් ගත්තා. මම ලංකාවේ කොයිතරම් භව ගණනාවක් ගත කළා ද කියන එක සහ ලංකාවේ මම මේ ගත කරන්නේ පළවෙනි භවය නොවන බව. ඒ වගේම මගේ මිදීම තියෙන්නෙ කතරගම බවත් මම වටහා ගත්තා.''
ස්වාමි සිව කල්කි ගේ සාපය

ඔහු සාදු වරයෙක් විදිහට භාවිතා කරන “ස්වාමි සිව කල්කි” කියන්න නමත් අපුරු නමක්. ඒ නම තුළ සිව සහ විෂ්ණු යන දෙවිවරු දෙදෙනාගේ එකතුවක් තියෙනවා. කල්කි කියන්නේ විෂ්ණු දෙවියන්ගේ දස වැනි අවතාරය. හින්දු පුරාණවල හැටියට සුදු අශ්වයෙක්ගේ පිට නැගුණු කල්කි අවතාරය කඩුවක් අතේ දරා ගෙන ලෝකයේ සියලු නරක විනාශ කර දමලා අලුත් ලෝකයක් අලුත් මනුෂ්‍ය ජාතියක් ගොඩ නගනවා. ස්වාමි වරයෙක් විදිහට ඔහු ගත කරපු කාලයේ දීත් ඔහු පුවත් මවන චරිතයක් බවට පත් වුණා. 1980 වසරේ දී කතරගම වාසය කර ස්වාමිවරුන්ට බලධාරීන්ගෙන් විවිධ බාධා ඇති වුණා. ඒ අවස්ථාවේදී ස්වාමි සිව කල්කි ඔවුන් වෙත ශාපයක් මුදා හැරියා. මේ පිළිබඳව ජාත්‍යන්තර සඟරාවල පවා පලවුණා. 1989 වර්ෂයේ දී ජනතා විමුක්ති පෙරමුණ කතරගම පෙරහැරට ප්‍රහාරයක් එල්ල කළා. ජනතා විමුක්ති පෙරමුණේ අවසානයේ ළංව ඇති බවට ස්වාමි සිව කල්කි අනාවැකි පළ කළා. ඒ අනාවැකිය ඒ විදිහටම සිදු වුණා.
අනාගතය විනිවිද දුටු ස්වාමි සිව කල්කි
ස්වාමිවරයෙක් විදිහට ගත කරපු කාලය තුළ දී පවා ඔහු චිත්‍රපටි සම්බන්ධ වූ යම් යම් දේ කළා කිව්වොත් ඔබ පුදුමයට පත්වෙයි නේද? ඒ වගේම මේ පුද්ගලයා ආධ්‍යාත්මික වශයෙන් ඉහළ කෙනෙක් නම් ඇයි චිත්‍රපටි ගැන ආපහු උනන්දු වුණේ කියන ප්රශ්නය නම් ඔබට ඇති වෙයි. නමුත් ඔහු එම කාලය තුළ රචනා කරපු චිත්‍රපට තිර නාටකවලින් අනාගත ලෝකය ගැන යම් යම් ඉඟියක් ලබා දුන්නා කියලා හිතන්න පුළුවන්. උදාහරණයක් විදිහට එක තිර රචනයක් මගින් ඔහු සඳහන් කරන්නේ අනාගත ලෝකයේ ඇතීනා නම සුවිශාල පරිගණක පද්ධතියක් මගින් ලෝ වැසියන්ට අවශ්‍ය ආහාර නිවාස සියල්ල ම සමානව බෙදා දෙන ආකාර ය.
ඔහුගේ ඊළඟ තිර රචනය තවත් අද්භූත ජනකයි. ලංකාවේ රූපවාහිනිය ජනප්‍රිය තියා අහලාවත් නොතිබුනු කාලයක ඔහු Voice of Dhamma නම් බෞද්ධ රූපවාහිනී චැනල් එකක් ගැන තමන්ගේ තිරරචනයක සඳහන් කරනවා. මේ චැනල් එකෙන් ධර්ම දේශනා කරන සුමේධ නම් භික්ෂුන් වහන්සේ නමක් සමග ඇන්ෆාල් නම් පිටසක්වල ජීවියෙක් එක්ක ධර්ම සාකච්ඡාවක් පටන් ගන්නවා. මේ ධර්ම සාකච්ඡාව ලොව පුරා මිනිස්සු නරඹන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට දූෂිත පාලන ත්‍රන්ත්‍රය ඇද වැටෙනවා. අවසානයෙදී ඇන්ෆාල් රහත් භාවයට පත් වනවා.
(තොරතුරු සම්පාදනය අන්තර්ජාලය, සහ පත පොත ඇසුරින්)
Lasantha Sampath Dissanayake
උපුටා ගැනීම Everything from Ceylon To Sri Lanka Face book පිටුවෙන්

