රටේ සහල් අතිරික්තයක් තිබියදී රජය සහල් මෙට්රික් ටොන් 340,000ක් රටින් ගෙන්වා ඇති බවවිපක්ෂ නායක සජිත් ප්රේමදාස පවසයි.
ඔහු පෙන්වා දුන්නේ මෙරට සහල් මෙට්රික් ටොන් ලක්ෂ 9ක අතිරික්තයක් ඇති බවත් මේ අතිරික්ත ලක්ෂ 9 න් ලක්ෂ 5ක් අතුරු නිෂ්පාදන හා සත්ත්ව ආහාරවලට ගියත්, තවත් සහල් මෙට්රික් ටොන් ලක්ෂ 4ක් ඉතිරි විය යුතු බවත්ය.
ඡන්දය වෙනුවෙන් ජනාධිපතිකම් ගන්න, බලය ගන්න ගොයම් කකා රු. 150ක ස්ථාවර මිලක් වී සඳහා දෙනවා කිව්වත් අද වී කිලෝව රු. 90-100 අතර වන බවද, දැන් වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් යන බවට රජයම කියන බවටත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
"දැන් නාඩුවලට දෙන්නේ රු. 120ක් නම් රු. 17ක් ගොවියාට පාඩු කරලා" යැයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එදා හාල් ආනයනය කරන්නේ ගොවියා විනාශ කරන්න යැයි නාමල් කරුණාරත්න කියන විට ජනාධිපතිවරයා එදා විපක්ෂයේ සිටින විට සහල් ආනයනය කරන්නේ කොමිස් ගහන්න යැයි පැවසුවත් අද ඔවුන් බලයට පැමිණ සහල් දිගින් දිගටම ආනයනය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
