Image

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය 10 වැනි දිනටත් – සත්‍යග්‍රහ භූමියේ සීල සමාදාන වැඩසටහනක්

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය 10 වැනි දිනටත් – සත්‍යග්‍රහ භූමියේ සීල සමාදාන වැඩසටහනක්

බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහය අද(25) 10 වැනි දිනටත් ක්‍රියාත්මකය.

එම සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේ අධිකරණ නියෝග ද නොතකමින් අද 09 වැනි දිනටත් එහි රැඳී සිටින අතර, අද දින සත්‍යග්‍රහ භූමියේ සීල සමාදාන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එම ස්ථානයෙන් ඉවත් වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එහි සිටින භික්ෂූන්ට සහ ගිහියන්ට නියෝගයක් නිකුත් කර තිබිණි. එමෙන්ම එහි ඇති පුවරු සහ බැනර් ඉවත් කරගන්නා ලෙස කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ දැනුම් දීමත් සමඟ ඊයේ උණුසුම් තත්ත්වයක් ද හටගත්තේය.

එම ස්ථානයට පොලිසිය ද පැමිණ සිටි අතර, පසුව ගැලවූ ඇතැම් බැනර් සත්‍යග්‍රහයේ නිරත පිරිස යළි සවි කර නැවත සත්‍යග්‍රහයේ නිරත වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න