

"එතකොට මගේ වයස අවුරුදු 08 යි. දවසක් තාත්තා මට කතා කළා. ඒ වෙනකොට තිබ්බ සියලු මත්ද්‍රව්‍ය මට පෙන්නුවා. ඒ හැම එකකම භයානකකම ගැන කිව්වා. 'ශ්‍රේෂ්ඨ මිනිසෙක් යනු මත්ද්‍රව්‍ය භාවිතා නොකරන තැනැත්තා ය' කියලා ඔහු කිව්වා. නමුත් ඔහු දැන හිටියා මා මත්ද්‍රව්‍යවලින් වට වී ඇති බව. මගේ සියලු මිතුරන් ඒවා සියල්ල උත්සාහ කර තිබුණා. ඒ නිසා ඔහු මට කිව්වා, 'ඔබට මත්ද්‍රව්‍ය අවශ්‍ය වුනොත්, මට කතා කරන්න' කියලා. ඔහු පාවිච්චි කළ එකම මත්ද්‍රව්‍යය වුණේ මරිජුවානා විතරයි. ඔහු කිසි විටෙකත් හෙරොයින් භාවිතා කළේ නෑ. මන්ද එය කොතරම් ඇබ්බැහි විය හැකිදැයි ඔහු හොඳින් දැන සිටියා. ඒ නිසා ඔහු මාව ඒ දේවල් වලින් ඈත් කළා.

"අත්තානං උපමං කත්වා" කියලා බුදුරජාණන් වහන්සේ දේශලා කළා. ඒ කියන්නේ තමන්ව උපමා කරගෙන අනිත් අයට හිංසා කරන්න එපා කියලා.
තමන්ගේ දරුවා මත්ද්‍රව්‍ය අරගෙන විනාස වෙනවා දකින්න කැමති නෑ වගේම, තමන් උපමා කරගෙන අනිත් දරුවන්ගේ ජිවිත දිහත් කරුණාවෙන් බලන්න පුළුවන් වුණා නම් කවදාවත් ඔය මත්ද්‍රව්‍ය බෙදාහරින්න උත්සහ කරන්නේ නෑ. ඒවට සහය දෙන්න හිතෙන්නේ නෑ.
මත්ද්‍රව්‍ය ගන්න කෙනාට ගති දෙකක් උරුම බව බුදුරජාණන් වහන්සේ වදාළා. එකක් තමයි මරණින් මත්‍තේ නිරයේ යනවා; ගිහින් බොහෝ දුක් විඳින්න වෙනවා. අනික තමයි, පුංචි හරි පිනක් තිබිලා මනුස්ස ලෝකේට ආවොත් ඒ ජීවිතේ මන්දබුද්ධික වන බව. මත්පැන්, මත්ද්‍රව්‍ය බොන තැනැත්තා මෙලොවත් පිරිහිනවා; පරලොවත් පිරිහිනවා. තමන්ගේ දරුවා මත් ලෝලියෙකු වෙනවා දකින්න අකමැතියි වගේම, අනිත් දරුවන් මත් ලෝලියෙක් වෙනවා දකින්න කැමති වෙන්න එපා..!
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
