සත්ත්ව ලෝකයේ සන්නිවේදන අපූර්වත්වය

සත්ත්ව ලෝකයේ සන්නිවේදන අපූර්වත්වය
සන්නිවේදනය වූ කලී මිනිසාටත් සත්ත්වයාටත් පොදු වූවකි. එනම් මානව හා සත්ත්ව වශයෙන් සන්නිවේදනය දෙයාකාර වේ.
 
 
සත්ත්ව සන්නිවේදනය මානව සන්නිවේදනය තරම් දියුණු නොවුනත් සත්ත්වයින් තම අවශ්‍යතා  අනෙකාට සන්නිවේදනය කරනු ලබන්නේ මෙම සත්ත්ව සන්නිවේදනය ඔස්සේ ය. ඒ සඳහා සත්ත්වයින්ට ආවේණික වූ විවිධාකාර සන්නිවේදන ක්‍රම පවතී. එම සන්නිවේදන ක්‍රම තම වර්ගයාට තේරුම් ගත හැකි පරිදි නිර්මාණයය වී ඇත. ඔබ අවට පරිසරය නිරීක්ෂණය කිරීමෙන් ඒ බව වැටහේ. එනම් එක් එක් සත්ත්වයින් තම වර්ගයාට සන්නිවේදනය කරනු ලබන්නේ තමන්ටම ආවේණික වූ ක්‍රමයක් උපයෝගී කොට ගනිමිනි.
 
ani2
 
ඒ බව විවිධ උදාහරණ යොදාගනිමින් ගෙනහැර දැක්විය හැක. මී මැස්සන් සිටින පරිසරයකට ගියහොත් ඔබට ඔවුන්ගේ ගුමු ගුමු  නාදය ඇසේ. නමුත් එම ශබ්දයෙන් ඔවුන්ගේ සන්නිවේදනය පිළිබඳ තේරුම් ගැනීමට අපහසුය. නමුත් මොවුන් පියාසර කරන විලාසයෙන් ඔවුන් මල් පැණි සොයා යන බවත්, එම මල් පැණි ළඟ ඇති විට එක් පියාසර විලාසයකුත් දුර ඇති විට තවත් මේ පියාසර විලාසයකුත් පෙන්වන බව පරිසරවේදීන්ගේ මතයයි. පියාසර විලාසය “මී මැසි නර්තනය” ලෙස හැඳින්වේ. 
 
 
shutterstock 2301917161 e1703862674540

 

එමෙන්ම විවිධ පක්ෂීන්ගේ නාද රටා පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී ද ඔවුන් තම අවශ්‍යතාවයන් තම වර්ගයා අතර සන්නිවේදනය කිරීමට විවිධ නාද රටා යොදා ගන්නා බව දැක ගත හැකිය. උදාහරණ ලෙස කොහා, කපුටා, කුකුළා, කවුඩා ආදී පක්ෂීන් වර්ග තම අවශ්‍යතා අනුව එක් එක් නාදරටා යොදා ගන්නා ආකාරය දැක ගත හැකිය. 
 
 
එනම් කොහා යන පක්ෂියා අප්‍රේල් මාසයේ හඬ නගන්නේ තම සහකරුවා හෝ සහකාරිය සොයා ගැනීමටය. එය කාගේත් මතයයි. එමෙන්ම කපුටා යන පක්ෂියා ආහාරයක් ලැබුණු විට එක් ශබ්දයකුත් තම වර්ගයේ අයෙකුට කරදරයක් වූ විට තවත් හඬකින් ද නාද කරමින් සන්නිවේදනය කිරීමට පෙළඹේ. කුකුළා ට ද විවිධ නාද රටා පවතී. බිත්තර දැමූ පසු කිකිළිය නාද කරන විලාසයත්,  තම පැටවුන්ට අඬ ගසන විට නාද කරන විලාසයත්,  උදෑසනම කුකුළන් හඬ විලාසයත් ආදී වශයෙන් විවිධාකාරයේ නාදරටා පවතී. කවුඩාගේ ද මෙලෙස විවිධාකාරයේ හඬ ඇසිය හැක.
 
 
සමහර මත්ස්‍යයින් පිළිබඳව කෙරුණු පර්යේෂණවල දී ස්ටිකල් බැක් නැමැති මත්ස්‍යයා විශේෂ ස්ථානයක් ගනී. මොවුන් අස්ථි තුනක් සහිත මත්ස්‍ය වර්ගයක් වේ. මෙම මත්ස්‍ය වර්ගයා බිත්තර දැමීමට ආසන්න වීමේ දී ගැහැණු මත්ස්‍යයාගේ ඒ බව පිරිමි මත්ස්‍යයාට සන්නිවේදනය කිරීමේ පටන්, ඒ සඳහා සුදුසු ස්ථානයක් පිරිමි මත්ස්‍යයා සොයා ගන්නා අවස්ථාවේදීත්, ඒ ස්ථානය කරා රැගෙන යාමේදීත්, ගැහැණු මත්ස්‍යයා බිත්තර දමන අවස්ථාව දක්වා යන අවස්ථාවන්හිදී ඔවුන්ගේ චර්යාවන් දැක ගත හැකි අතර ඔවුන්ගේ වර්ණ විපර්යාසයන්ද ඒ අවස්ථාවන්හි දක්නට ලැබේ.
 
stickleback
 
ගිබන් වැනි සිවුපා සත්ත්වයින් හඬ නවයක් ඔස්සේ විවිධාර්ථ ඉදිරිපත් කරන බව සොයාගෙන ඇත. එපමණක් නොව අප සමඟ බළලුන් හා බල්ලන්ගේ ද විවිධාකාර ශබ්ද අසන්නට ලැබේ. එම විවිධාකාර ශබ්ද ඔස්සේ විවිධාර්ථ අදහස් කෙරේ. ඔවුන්ගේ හැසිරීම් රටා තුළින් ද ඒ බව වැටහේ.
 
අලි ඇතුන්ට ද නලා පිඹීමට, ක්‍රීඩා කිරීමට හා චිත්‍ර ඇඳීමට පුරුදු පුහුණු කර තිබේ. තවත් විටෙක ගිරවුන් හා සැළලිහිණියා වැනි පක්ෂීන් සඳහා ද විවිධ වාගාලාප පුරුදු පුහුණු කොට තිබේ. “බත් කෑවා” ආදී වශයෙන් වාක්‍ය රටා පුරුදු පුහුණු කොට ඇත. එනම් ඔවුන්ට ඇත්තේ අනුකරණාත්මක හැකියාවකි. නමුත් ඔවුන්ට භාෂා උත්පාදක හැකියාවක් ඇති බව දක්නට නොලැබේ. එනම් මිනිසෙකුට මෙන් ම භාෂා උපාර්ජනය කර ගැනීමේ හැකියාවක් නොපවතී.
 
කුඩා කෘමි සතුන් අතරද සන්නිවේදනය වන බව දක්නට ලැබේ. එනම් කුහුඹුවන් ආහාරයක් දුටුවිට රංචුව පිටින් විත් එම ආහාරය රැගෙන යයි.
ඉන් අදහස් වන්නේ ඒ සඳහා සන්නිවේදනයක් වූ බවයි. එබැවින් ඉහත කරුණු අනුව පෙනී යන්නේ සත්වයින්ට සුළු වශයෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව තිබුණ ද ඔවුන්ගේ මෙම හැකියාව සීමා සහිත වන බවයි. මානව සන්නිවේදනය තරම් දියුණු සන්නිවේදනයක් නොවන බවයි.
 
ant colony eating food in the garden on a summer afternoon video
 
 
 
ආශ්‍රිත ග්‍රන්ථ
විජේසේකර ජේ.එස් (2009), භාෂාව සහ මනසග වාග්විද්‍යා අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.
ඩබ්.රුවිනි නිසංසලා
අවසන් වසර 
වාග්විද්‍යා අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
 
 
උපුටා ගැනීම - නේමඬල

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න