Image

වහාම බැසිල් අත් අඩංගුවට ගන්න - අධිකරණය නියෝග කරයි

වහාම බැසිල් අත් අඩංගුවට ගන්න - අධිකරණය නියෝග කරයි

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කළ සිද්ධියට හිටපු සංචාරක ඇමැති බැසිල් රාජපක්ෂ යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2024 වසරේ සැකකරු විදේශ ගතව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට පියවර ගන්නා ලෙසත් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

සැකකරුවෙක් ලෙස නම් කර තිබිය දී අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු බවත්, විදේශ රටක සිටින්නේ නම් විධිමත් ලෙස දිව්රුම් ප්‍රකාශයක් හරහා ඉල්ලීම කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේ ය.

ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව වරෙන්තු නික්තු කර තිබූ නීතිඥවරුන් මාර්ගයේ අධිකරණයට බාර වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න යන අය දැඩි ඇප කොන්දේසි ම මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාළ අවශ්‍ය සියලු සහාය ලබා දෙමින් 127 යටතේ ප්‍රකාශයක් ද ලබා දුන් තම සේවා දායකයා හෙි සාක්ෂිකරුවෙක් ලෙස නම් කරන ලෙස ජනාධිපති නිතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 ක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න