Language Switcher

Ad

Ad 01

V2025

දිගු කාලයක සැලසුමක් දියත් කරමින් ඊශ්‍රායලයෙන් ගාසා නගරයට ප්‍රහාරයක්

දිගු කාලයක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් ඊශ්‍රායලය ගාසා නගරයට දියත් කර ඇත.

හමුදා ප්‍රහාරවලට අමතරව ඊයේ (16) රාත්‍රියේ දැඩි ගුවන් ප්‍රහාර එල්ල වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

හමාස් සංවිධානය පවසන්නේ ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් අවම වශයෙන් 386 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඇස්තමේන්තුවට අනුව ගසා තීරයේ ජනතාව 3,050,000 ක් පමණ මේ වන විටත් ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බව සඳහන්.

ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදුකරන බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ප්‍රහාරය සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා සිටියේ බ්‍රිතාන්‍යයේ සහ අනෙකුත් රටවල විවේචන හමුවේ හමාස් සංවිධානයේ අවසාන ප්‍රධාන බලකොටුවට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඇති බවයි.