විනෝදාස්වාද

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ඕමානයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
වනිඳු හසරංග හා ලහිරු කුමාරගේ විශිෂ්ඨ පන්දු යැවීම මෙන්ම දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ නොබිදුණු සම්බන්ධතාවය හමුවේ මෙලෙස කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් වුණි.
බුලවායෝහී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 99 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 15 ක් අවසානයේ දී ය.
අඛණ්ඩව සිය සිව්වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය ද වාර්තා කළ දිමුත් කරුණාරත්න පන්දු 51 තුළ නොදැවී ලකුණු 61ක් ලබා ගත් අතර, පැතුම් නිස්සංක නොදැවී ලකුණු 37 ය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 98 කට දැවී ගියේ පන්දුවාර 30.2 ක් අවසානයේ දී ය. පළමු කඩුලු 4 ලකුණු 20 ක් තුළ දවා ගැනීමට ලහිරු කුමාර හා කසුන් රාජිත සමත් විය.
අනතුරුව ජතින්දර් සිං හා අයාන් ඛාන් 5 වැනි කඩුල්ල සදහා පන්දු 64ක් තුල ලකුණු 52ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණි.
ජතින්දර් සිං ලකුණු 21 කට දැවී ගියේ වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේය. එම පන්දුවාරයේ දී ම තවත් කඩුලු 2 ක් දවා ගැනීමට වනිදු සමත් වීම කැපී පෙනුණි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අයාන් ඛාන් පන්දු 60 කින් ලකුණු 41 ක් රැස් කළේ හතරේ පහර 4 ක් සමගින් ය.
පසුගිය තරගයේ දී කඩුලු 6 ක් දවා ගත් වනිඳු හසරංග මෙම තරගයේ දී ලකුණු 13 කට කඩුලු 5 ක් බිද හෙලීය. ලහිරු කුමාර ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් අතර, කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 17ක් ලබා දෙමින් ය.
තරඟයේ වීරයා බවට පත්වුයේ ඕමාන ඉනිමේ කඩුලු පහක් දවා ගත් වනිඳු හසරංග ය.
ශ්‍රී ලංකාව A කාණ්ඩයේ පළමු ස්ථානයට නැවත පැමිණියේ 4.22ක දළ වේගයක් රඳවා ගනිමින්ය.

ලෝක ටෙස්ට් ශූරතාවය ඕස්ට්‍රේලියාවට !
ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 209කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය.
එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබාගත්තේය.
ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 296ක් පමණි.
ඉන් අනතුරුව දෙවන ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.
එහිදී දෙවන ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 234ක් පමණි.
ඒ අනුව, 2023 ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 209කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි වුණි.

නොදන්න ඇමතුම් Auto silent කරමුද?
වට්සැප් සමාජ මාධ්‍ය සඳහා නව විශේෂාංගයක් හදුන්වා දී තිබේ.
වට්සැප්වලට නොදන්නා අංකවලින් ලැබෙන ඇමතුම් ස්වයංක්‍රීයව නිහඬ (Auto silent) කළ හැකි නවතම පහසුකමක් ඒ අනුව හඳුන්වා දී ඇත.
aruna.lk

ස්වීඩනය සෙක්ස් ක්‍රීඩාවක් ලෙස පිළිගත් පුවත අසත්‍යක් !
ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස නම් කළ ලොව පළමු රට ස්වීඩනය බවත් , ඒ ආශ්‍රිත යුරෝපානු තරගාවලියක් ද සංවිධානය කර එය ජුනි 08 ආරම්භ වන බව සඳහන් කරමින් සමාජ මාධ්‍යජාලා අතර සංසරණය වූ පුවත අසත්‍යක් බව අනාවරණය වෙයි.
ඒ සම්බන්ධව අදහස් දක්වමින් එරට සෞඛ්‍ය හා සමාජ කටයුතු අමාත්‍යාංශයේ සහ ජාතික ක්‍රීඩා සම්මේලනයේ සන්නිවේදන හා මාධ්‍ය ප්‍රධානින් ප්‍රකාශ නිකුත් කර පවසා ඇත්තේ ස්වීඩනයේ කීර්තිනාමය විනාශ කිරීමට කළ සදාචාර විරෝධී මාධ්‍ය භාවිතයක් බව ය.
මේ පුවත ස්වීඩනය සහ එරට ක්‍රීඩා ක්ෂේත්‍රය අපකීර්තියට පත් කිරිමට සිදු කළ මඩ ව්‍යාපාරයක් ලෙසද ඔවුන් හඳුන්වා ඇත.
ලිංගිකත්වය කිසිදු අයුරකින් ක්‍රීඩාවක් ලෙස ස්වීඩනයේ පිළිගැනීමට ලක් වී නැති බවත්, එරට ක්‍රීඩා සම්මේලනයේ ලියාපදිංචි කිසිදු ලිංගික ක්‍රීඩා සංගමයක් නැති බවත් ස්වීඩනයේ සෞඛ්‍ය හා සමාජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සන්නිවේදන හා මාධ්‍ය ප්‍රධානි කැරොලිනා ෆ්‍රැනී නිවේදනයක් නිකුත් කර ඇති අතර, එවැනි කිසිදු ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් ස්වීඩනයේ නොපැවැත්වෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ස්වීඩනයේ ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් පැවැත්වීමේ පුවත පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එරට ක්‍රීඩා සම්මේලනයේ සන්නිවේදන හා මාධ්‍ය ප්‍රධානි ඇනා සෙට්ස්මන් සඳහන් කර ඇත්තේ එම පුවත දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවය. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පතුරුවා හැර ඇති ස්වීඩනයේ ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් පැවැත්වෙන බවට වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ඇය සිය නිවේදනයේ සඳහන් කර ඇත.
Page 15 of 38