නව මහාධිකරණ විනිසුරුවරු 18කට පත්වීම්

නව මහාධිකරණ විනිසුරුවරු 18කට පත්වීම්

ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.

විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදු කරන ලදී.

මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය පහතින්.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය මීට පෙර දැරූ පදවිය

  1. එස්.එස්.කේ. විතාන - දිසා විනිසුරු
  2. ඒ.එම්.අයි.එස්. අත්තනායක - දිසා විනිසුරු
  3. ඒ.එම්.එම්. රියාල් - දිසා විනිසුරු
  4. ඩී.පී.මුදුන්කොටුව -  දිසා විනිසුරු
  5. එස්.බී.එච්.එම්.එස්. හේරත් - අතිරේක දිසා විනිසුරු
  6. ජේ. කජනිදීපාලන් -  දිසා විනිසුරු
  7. ඩී.එම්.ඩී.සී. බණ්ඩාර -  අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ

සහකාර ලේකම්

  1. එච්.එම්.බී.ආර්. විජේරත්න - අතිරේක දිසා විනිසුරු
  2. ඩී.එම්.ඒ. සෙනෙවිරත්න -  අතිරේක දිසා විනිසුරු
  3. ඒ.ඒ. ආනන්දරාජා - මහේස්ත්‍රාත්
  4. ජී.එන්.පෙරේරා - දිසා විනිසුරු
  5. ඒ. ජුඩේසන් -  දිසා විනිසුරු
  6. ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග -  දිසා විනිසුරු
  7. ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය -  දිසා විනිසුරු
  8. කේ.ඩී.එන්.වී. ලංකාපුර -  මහේස්ත්‍රාත්
  9. ඩී.එම්.ආර්.ඩී.දිසානායක - දිසා විනිසුරු
  10. එම්.අයි.එම්. රිස්වි - දිසා විනිසුරු
  11. ඒ. ජයලක්ෂි ද සිල්වා -  රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ


මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද එක් විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න