V2025

විනෝදාස්වාද

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ දිවි ගමන නිමකරයි

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය  අභාවප්‍රාප්ත වූවාය.

ඇය මියයන විට 73 වැනි වියෙහි පසුවූවාය.

පවුලේ ඥාතීන් සඳහන් කළේ, හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඊයේ (05) රාත්‍රියේ ඇය අභාවප්‍රාප්ත වී ඇති බවය.

සුමනා අමරසිංහ මහත්මිය සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ රූබී ද මැල් මහත්මිය අධ්‍යක්ෂණය කළ පිපෙන කුමුදු සිනමා පටයෙනි.

සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි, සිතක සුවඳ ඇතුළු සිනමාපට රැසකට රංගන දායකත්වය දුන් ඇය, ජනප්‍රියම නිළියට හිමි සම්මානයෙන් අවස්ථා කිහිපයකදී පිදුම් ලැබුවේ ය.

සිනමා පට 6ක් නිෂ්පාදනය කර ඇති ඇය, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ප්‍රතිනිෂ්පාදනයේදී ප්‍රකට කළ රංග ලාලිත්‍ය මෙරට ජන මනසේ අදටත් ජීවමාන වේ.

අභාවප්‍රාප්ත සුමනා අමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන දිනය පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේ ය.

බොලිවුඩයේ ජනප්‍රිය ගායක කේ.කේ මිය යයි

KK නමින් ජනප්‍රිය බොලිවුඩයේ ජනප්‍රිය ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්නත් දරුණු හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු දකුණු කොල්කටා හි නස්රුල් මංචා නම් ශ්‍රවණාගාරයේ ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම අවස්ථාවේදී වහාම කල්කටා වෛද්‍ය පර්යේෂණ ආයතනයට (CMRI) ගෙන යන ලද අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් පවසයි

මිය යන විට ඔහු 53 වියේ පසුවිය.

ජොනි ඩෙප් සහ ටෝක්සික් ජුලියට්ලා !

ජොනි ඩෙප් ඇම්බර් හර්ඩ් නඩුවේ මුල් අවස්ථාවේම මම හිතුවා ඩෙප් දිනයි කියල. මම ඒක ලිව්වා. මොකද ඇම්බර් ඒ තරමටම මුල ඉඳලම මේ නඩුව ඇතුලේ පජාත උණා.

බලන්න සෙලිබ්‍රටි ලස්සන ඇතුලේ ඉඳල තියන ත්‍රාඩ ගැහැණිය... සහ ගැහැණියක් වීම නිසාම ලෝකයේ අනුකම්පාව එයාට එයි කියල හිතල කැත වැඩ කරලා තියන හැටි. තනිකර විෂ (toxic femininity).

අපි ගොඩක් දකින්නේ පාදඩ පිරිමි කතා වස්තු. හැබැයි ඒ තරමටම පාදඩ සහ ත්‍රාඩ ආත්මයක් ස්ත්‍රියක් ඇතුළෙත් ඉන්න පුළුවන්. මේ සෙලිබ්‍රිටි නඩුවෙන් ඔප්පු උනේ ඒක. නිකම් හිතන්න තවත් දහසකුත් එකක් සාමාන්‍ය නඩු ගැන.

බටහිර ඉන්නේ ආදරය ඇතුලේ ජීවිතය පුදකළ ජුලියට්ලා විතරක් නෙවෙයි. පසු ධනවාදයේ ජුලියට්ලා ඇතුලේ ටෝක්සික් පාතාල ගැහැණුත් ඉඳල තියනවා.

ජොනී දිනපු එක ගැන නම් පට්ට සතුටුයි. හිරුණිකා ගැන නම් හැමෝම කවි ලියනවා පේනවා.

ඒ දෙක දෙකක්....

විශේෂයෙන් බලය එක්ක සෙල්ලම් කරපු ත්‍රාඩ පාතාල පිරිමි ලෝකෙක හිරුණිකාගේ පැවැත්ම තේරුම් ගන්න පුළුවන්.

හැබැයි කිසිවෙක් අහිංසක නම් නැහැ....?

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

පරිසර විද්‍යාඥයින්ට පිරිනමන නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන 'ලීනියන් පදක්කම' දිනූ පළමු ශ්‍රී ලාංකිකයා

පරිසර විද්‍යාඥයින්ට පිරිනමන නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන 'ලිනියන් පදක්කම' (Linnean Medal) ශ්‍රී ලංකාවේ වනජීවී පර්යේෂණ ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කළ කීරිතිමත් විද්‍යාඥයෙකු වන රොහාන් පෙතියාගොඩට මෙවර හිමිව තිබේ. එම පදක්කම දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි.

ලන්ඩනයේ ලිනියන් සංගමය ස්වභාවික ඉතිහාසයට කැප වූ ලොව පැරණිතම ක්‍රියාකාරී සමාජයයි. විද්‍යාවට කරන සේවය සඳහා සංගමයේ ගෞරවය සහ අගය කිරීමේ ප්‍රකාශනයක් ලෙස ලෝකයේ විශිෂ්ඨ සේවයක් කළ විද්‍යාඥයින් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට (ඕනෑම ක්ෂේත්‍රයක) කවුන්සිලය විසින් වාර්ෂිකව පදක්කම් ප්‍රදානය කරනු ලැබේ.

සත්ත්ව විද්‍යාව සඳහා පිරිනමන පදක්කම (Linnean Medal - Zoology 2022) මෙවර රොහාන් පෙතියාගොඩට හිමිව තිබේ.

අංකුර විද්‍යාඥයින්ට මග පෙන්වීම

නව ජීව විශේෂ මෙන්ම ලොවින් වඳවී ගිය බවට විශ්වාස කළ ජීව විශේෂ 100ක් පමණ විදු ලොවට හඳුන්වාදුන් පර්යේෂකයෙකු , සත්ත්ව වර්ගීකරණ විද්‍යාඥයෙකු, ග්‍රන්ථ කතුවරයෙකු, කළමනාකරුවෙකු මෙන්ම ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු වන රොහාන් පෙතියාගොඩ ශ්‍රී ලංකාවේ උභයජීවීන්, මිරිදිය මසුන්, මිරිදිය කකුළුවන් සහ සිවුපා උරගයින් ගැන පර්යේෂණ රැසකට දායකවී තිබේ.

තමන් සිදු කළ පර්යේෂණවලට අමතරව අංකුර පර්යේෂකයන්ට සහ ආධුනික විද්‍යාඥයින්ට නව පර්යේෂණ සඳහා මග පෙන්වීමට 90 දශකයේදී ඔහු වනජීවී උරුම භාරය (Wildlife Heritage Trust) ආරම්භ කරන ලදී.

ඒ හරහා ශ්‍රී ලංකාවට ආවේණික ජීව විශේෂ රැසක් විදු ලොවට හඳුන්වා දීමට ආධුනික විද්‍යාඥයින්ට හැකිවිය. එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ වටිනාකම ඉහළ දමන්නට හේතු වූ අතර වනජීවී පර්යේෂණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.

ශ්‍රී ලංකාවේ සත්ත්ව හා ශාක සන්තතිය පිළිබඳව නව දැනුම සමාජගත කිරීම සඳහා ඔහු මෙන්ම වෙනත් පර්යේෂකයන් විසින් රචනා කරන ලද කෘති රැසක් වනජීවී උරුම භාරය හරහා ප්‍රකාශයට පත්කිරීමට රොහාන් පෙතියාගොඩ ක්‍රියා කළේය.

එම කෘති ඕනෑම අයෙකුට අන්තර්ජාලය ඔස්සේ නොමිලේ බාගත කර ගැනීමට ඉඩ සළසා තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ වනජීවින් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් ඉංග්‍රීසි බසින් පළ වූ ග්‍රන්ථ රැසක් සිංහල බසින් ප්‍රකාශයට පත්කිරීමට ඔහු විශේෂයෙන් කටයුතු කර තිබේ.

සත්ත්ව විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ 'ඩාවින් පවුල'
නව මකුළුවන් විශේෂ 104ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලාංකික මහාචාර්යවරයා
සිංහරාජයේ ආර්ථික වටිනාකම ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?
තේ වතු ආශ්‍රිතව ගෙවුණු ජීවිතය

1956 නොවැම්බර් මස 19 වැනි දින පේරාදෙණියේදී උපත ලද රොහාන් පෙතියාගොඩ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී සිසුවෙකි.

පියා තේ වතු කළමණාකරුවෙකු වූ අතර 'බෝඩිමක' නැවතී අධ්‍යාපනය ලද ඔහුගේ නිවාඩු කාලය තලවකැලේ සහ ළිඳුල ප්‍රදේශවල තේ වතු ආශ්‍රිතව ගෙවුණි.

සාමාන්‍යපෙළ විභාගයෙන් පසු ඔහු එංගලන්තයට ගොස් ලන්ඩන් නුවර පිහිටි කිංග්ස් කොලේජ් වෙතින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යා උපාධිය ලබා තිබේ. ඉන්පසු සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ජීව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව ගැන දර්ශන ශූරී (MPhil) උපාධිය ලබා ඇත.

කුඩා කල සිට ගහකොළට, ඇලදොළට පෙම් බැඳි පෙතියාගොඩ 1981දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු ලෙසයි.

පසුව ඔහු ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා රජයේ පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කළේය.

තේ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු ද වන ඔහු ලෝක සංරක්ෂණ සංගමයට (IUCN) සම්බන්ධවී සිය පරිසර විද්‍යාත්මක දැනුම සංරක්ෂණය සඳහා යෙදවීමට කටයුතු කරන ලදී. එමෙන්ම ඔහු පර්යේෂකයෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ ද සේවය කර තිබේ.

90 දශකයේ අග භාගය වනවිට ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තරවලට තර්ජන එල්ල විය. එබැවින් ආගරපතනේ අත්හැර දැමූ තේ වත්තක් ඔහු යළි ස්වභාවික කැලයක් බවට පත් කිරීම ආරම්භ කළේය. අද ඒ සිහිනය සැබෑ වී තිබේ. ඒ පරිසරහිතකාමි මෙහෙවර වෙනුවෙන් ඔහුට Rolex Award for Enterprise සම්මානය ද හිමි විය.

 124943649 pethiyagoda srilanka.jpg

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් එම කෘතිය නව පර්යේෂණ සඳහා උත්තේජයක් සැපයූ මාර්ගෝපදේශ ග්‍රන්ථයක් බව පරිසරවේදීහු පවසති.

රොහාන් පෙතියාගොඩ ලොවට හඳුන්වාදුන් ජීවින් විශේෂ අතර බන්දුල පෙතියා (Pethia bandula) සුවිශේෂී මත්සයෙකි. ඒ එම මත්සයා මුළු ලෝකයෙන්ම දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් වීම සහ ශ්‍රී ලංකාවේද එකම ස්ථානයක පමණක් දක්නට ලැබීමයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ, මිනීමරුකොලනිය ප්‍රදේශයෙන් ගලා යන දොළ පහර දෙකක ඉතා සීමිත ප්‍රදේශයක පමණක් එම මත්ස්‍යයා දක්නට ලැබේ.

 124943611 4772ca42 caa9 4c5a aeda 7a90b55e7a27.jpg

බන්දුල පෙතියා

රාජ්‍ය සේවයෙන් ඉවත්වී සිහිනය හඹා යෑම

1987 දී රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහුට මිරිදිය මසුන් පිළිබඳ අධ්‍යනය කිරීමට කාලය ඉතිරි විය. එහි ප්‍රතිපලයක් ලෙස Freshwater fishers of Sri Lanka නමින් ඔහුගේ පළමු කෘතිය 1991දී ප්‍රකාශයට පත් විය. ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු ඇතුළත් එම කෘතිය නව පර්යේෂණ සඳහා උත්තේජනයක් සැපයූ මාර්ගෝපදේශ ග්‍රන්ථයක් බව පරිසරවේදීහු පවසති.

එක් රටක ජීවත්වෙන සියලුම මත්ස්‍ය විශේෂවල ඡායාරූප ඇතුළත්ව පළ කළ ලොව පළමු කෘතිය ලෙස බොහෝ දෙනාගේ පිළි ගැනීමට ලක් වූ එම කෘතිය විදේශ රටවල ද අලෙවි විය.

ජීව විශේෂ 100කට අධික සංඛ්‍යාවක් විදු ලොවට හඳුන්වාදුන් රොහාන් පෙතියාගොඩට කරන ගෞරවයක් ලෙස මෙන්ම ඔහුගේ මග පෙන්වීමට කරන ගෞරවයක් ලෙස දේශීය මෙන්ම විදේශීය විද්‍යාඥයෝ රොහාන් පෙතියාගොඩගේ නමින් නව ජීව විශේෂ නම් කර ඇත.

ආසියාවේ සහ අප්‍රිකාවේ දක්නට ලැබෙන ගස් ගෙම්බන් විශේෂ අටක් ඇතුළත් ඝනයක් Rohanixalus නමින් නම් කිරීමට දිල්ලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ඩී බිජූ ඇතුළු කණ්ඩායමක් ක්‍රියා කිරීම ඊට නිදසුනකි.

එමෙන්ම පහත විද්‍යාත්මක නම් සහිත මත්ස්‍යයන්, මැඩියන්, මකුළුවන් සහ බත්කූරන් විශේෂ නම් කර තිබෙන්නේ ද රොහාන් පෙතියාගොඩට කරන ගෞරවයක් ලෙසිනි.

  • Dawkinsia rohani
  • Rasboroides rohani
  • Uperodon rohani, Calotes pethiyagodai
  • Onomastus pethiyagodai
  • Macromidia donaldi pethiyagodai
  • බිබීසී

Page 19 of 34