V2025

විනෝදාස්වාද

සුරේඛා සමරසේනගෙන් 'හොට් චොක්ලට්' !

සුරේඛා සමරසේන ගේ නවතම කෙටිකතා සංග්‍රහය වන 'හොට් චොක්ලට්' දොරට වැඩීම දෙසැම්බර් 14 වැනිදා, අඟහරුවාදා පස්වරු 3.00 ට මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුවේ.

'ආදරය චපල ද?' යන තේමාව යටතේ, සාහිත්‍ය සහ දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න විසින් එහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබේ. සෙසු දේශන පවත්වනු ලබන්නේ සාහිත්‍යවෙදී කෞෂල්‍ය කුමාරසිංහ සහ සිනමාවේදිනී අනෝමා රාජකරුණා යන අය විසිනි. මාධ්‍යවේදිනී අනුරාධා පෙරේරා සභාව සහ සාකච්ඡාව මෙහෙයවනු ලබයි.

'හොට් චොක්ලට්' කෙටිකතා සංග්‍රහය 'සම' ප්‍රකාශනයකි.

hot 1000px

SUREKHA

සුපිරී ක්‍රීඩිකා චමරි ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හරී : සිම්බාබ්වේ ගිය 7 කට කොරෝනා !

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සහ ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ක‍්‍රීඩිකා චමරි අතපත්තු ජාතික කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඇය මේ බව ‍ශ‍්‍රි ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

පුද්ගලික හේතුවක් මත ඉවත් වීමට තීරණය කර ඇති අතර ඉන්පසුව ඇය විදේශ ගත වනු ඇති බවත් දැනගන්නට ඇත.

සිම්බාබ්වේ ගිය 7කට කොරෝනා ?

මේ අතර සිම්බාබ්වේ හි පැවති අයිසීසී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායමේ හත් දෙනෙකු කොරෝනා ආසාදිත යයි හෙලිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව තහවුරු කළේය.

සිම්බාවේ ඔමික්‍රොන් ලෙස නම් කර ඇති නව කොරෝනා ප‍්‍රභේදය ආසාදිතයන් හදුනාගත් රටවලින් එකක් වන අතර එරට සිට කිසිවෙකුට ශ‍්‍රී ලංකාවට අතුළු වීම තහනම් කර තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් අදාල තරගාවලියද මේ වන විට අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සෙසු පිරිස ඩුබායි හරහා ආපසු පැමිණීමට නියමිතව ඇති අතර ආසාදිත පිරිස එරට රැදී සිටිමටද නියමිතය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ එම පිරිස මෙරටට පැමිනීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කරන බවයි.

මෙම සංචාරයට ගිය පිරිස ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමත්විතය.

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් දිවි ගමනට සමුදෙයි..

ප්‍රවීණ වේදීකා හා ටෙලි නාට්‍ය නළුවෙකු වූ සම්පත් තෙන්නකෝන්  අද(03) අලුයම අභාවප්‍රාප්ත විය .

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 61 කි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් සම්පත් තෙන්නකෝන්  කෙටිකලක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය .

වේදිකා නාට්‍ය නළුවෙකු ලෙස කලා ලොවට පිවිසි තෙන්නකොන් මහතා රඟපා ඇති වේදිකා නාට්‍ය සංඛ්‍යාව 50 කට අධිකය

මීට අමතරව ටෙලි නාට්‍ය රැසකටද ඔහු රංගනයෙන් දායක විය.

පළමු ටෙස්ට් තරගයේ ජය ලංකාවට !

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව ලකුණු 386 ක් රැස්කළ අතර කොදෙව්වන් පළමු ඉනිමේදී රැස්කළේ ලකුණු 230ක් පමණි.

දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව කඩුලු 4කට ලකුණු191ක් රැස් කර තිබියදී ඉනිම අත්හිටවනු ලැබු, අතර පන්දුවට පහරදීම සඳහා කොදෙව් කණ්ඩායමට ආරාධනය කෙරිණ.

ඒ අනුව තරගය ජය ගැනීමට කොදෙව්වන්ට හිමිවූ ඉලක්කය ලකුණු348 ක් වූ නමුත් තරගයේ පස්වන හා අවසන් දිනය වූ අද (25) සියල්ලන් දැවී කොදෙව් කන්ඩායමට රැස්කරගැනීමට හැකි වුනේ ලකුණු 160ක් පමණි.

Page 23 of 34