V2025

විනෝදාස්වාද

සුපිරී ක්‍රීඩිකා චමරි ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හරී : සිම්බාබ්වේ ගිය 7 කට කොරෝනා !

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සහ ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ක‍්‍රීඩිකා චමරි අතපත්තු ජාතික කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඇය මේ බව ‍ශ‍්‍රි ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

පුද්ගලික හේතුවක් මත ඉවත් වීමට තීරණය කර ඇති අතර ඉන්පසුව ඇය විදේශ ගත වනු ඇති බවත් දැනගන්නට ඇත.

සිම්බාබ්වේ ගිය 7කට කොරෝනා ?

මේ අතර සිම්බාබ්වේ හි පැවති අයිසීසී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායමේ හත් දෙනෙකු කොරෝනා ආසාදිත යයි හෙලිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව තහවුරු කළේය.

සිම්බාවේ ඔමික්‍රොන් ලෙස නම් කර ඇති නව කොරෝනා ප‍්‍රභේදය ආසාදිතයන් හදුනාගත් රටවලින් එකක් වන අතර එරට සිට කිසිවෙකුට ශ‍්‍රී ලංකාවට අතුළු වීම තහනම් කර තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් අදාල තරගාවලියද මේ වන විට අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සෙසු පිරිස ඩුබායි හරහා ආපසු පැමිණීමට නියමිතව ඇති අතර ආසාදිත පිරිස එරට රැදී සිටිමටද නියමිතය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ එම පිරිස මෙරටට පැමිනීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කරන බවයි.

මෙම සංචාරයට ගිය පිරිස ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමත්විතය.

රංචාගොඩ ළමයා නොඑන්නම යයි !

ඇත්ත පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර අද (19) අභාවප්‍රාප්ත විය. 1924 අගෝස්තු 27 වැනිදා උපන් සිරිලාල් කොඩිකාර මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ පිටිහුම විද්‍යාලයෙනි.

කුඩා කලම මවු සෙනෙහස අහිමිවූ කුඩා සිරිලාල්ගේ භාෂා ඥානය වැඩි දියුණු වුණේ , පන්සල ඇසුරෙන් ලද අධ්‍යාපනයෙනි.

1947 වසරේ ප්‍රාචීන විභාගයට පෙනී සිටි සිරිලාල් කොඩිකාර තරුණයා මාධ්‍ය ලෝකයට අවතීර්ණ වූයේ, කොළඹ මාලිගාකන්දේ පොත් හලක රැකියාවක නිරත වී සිටින අතරයි.

ඒ උඩකැන්දවල සරණංකර හිමියන්ගේ කාව්‍යාලෝකය සඟරාවට ලියූ කවි පෙළකිනි.

මේ 1948 වසරේදී ‘සිංහල ජාතිය’ පුවත්පත හරහා පුවත්පත් කලාවේදියෙකු ලෙස ජීවිතය ඇරඹූ සිරිලාල් කොඩිකාර පසුව ‘දවස’ උපකතුවරයෙකු ලෙස සේවයට බැඳුණි.

ඔහු කලා විචාරකයෙකු ලෙස නවක නාට්‍යකරුවන්ට හා අංකුර ලේඛකයින්ට අත හිත දුන්නේ, ‘විසිතුර’ සිනමා පුවත්පත සතිපතා පළ කළ විචාර තුළින් ය.

ඔහු ඇත්ත පුවත්පතට සම්බන්ධ වන්නේ ඉන් අනතුරුවයි.

එහි කවි පිටුවේ සිට කතු වැකිය දක්වා සිරිලාල් කොඩිකාරයන්ගේ මතවාදයට ඉඩ වෙන්වූයේ, රටේ පොදු ජනතාවගේ හඬට තැනක් දෙමිනි.

එළිසමයෙන් බැහැර වූ සම්ප්‍රදායක යමින් රංචාගොඩ ළමයා කවි හරහා ජනතාවගේ ගැටලු ඉදිරිපත් කළ රිද්මය රටේ පොදු ජනයා අතර ප්‍රසාදයට පත් විය.

මේ කවි පාඨකයින් අතර ජනප්‍රිය වූවා සේම ඇතැම් අවස්ථාවල රජයට, රජයේ මැති ඇමැතිවරුන්ට රිදුණි.

එහෙත් සිරිලාල් කොඩිකාරයන් රංචාගොඩ ළමයා නමින් ලිවීම- නතර නොකළේ ය.

ඔහු ජීවිතයෙන් සමුගන්නා තෙක්ම එම කාර්ය ඉටු ක‌ළේ ය.

සිරිලාල් කොඩිකාරගේ ගද්‍ය හා පද්‍ය කෘති 18‍ කි.

නිර්මාණ ප්‍රතිනිර්මාණ, දෙමටගොඩ ජෝන් මාමා, කියමි සිහිකර, මහල්ලාගේ හෑල්ල, මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, ටයර් සෑය ළඟ නම් වූ ස්ථානය, විශ්වය තුළ විශ්ව, දිය වැලක් ඔස්සේ, මා දුටු කෝසල සිහින, රංචාගොඩ ළමයා, මහාවංශ විමංශන, නයිල් ගඟේ කෙස් ගහ, අප්‍රිකානු ජනකතා ඔහුගේ ගද්‍ය කෘතීන් අතර වේ.

නොරටුන්ගේ අන්ත:පුරය, මානසවිල සහ කණේරු මල ලෙසින් ලියූ කවි, නොනෙළු මල, පද්‍ය කෘතීන් අතරට අයත් ය.

පුවත්පත් කලාවේ හිතුවක්කාරයෙකු වූ කොඩිකාර මහතා ජාතික ඇඳුමෙන් සැරසුණු චාම්, සරල ජීවිතයක් ගත කළ අයෙකි.

ඔහුගේ බිරිඳ අනුලා වීරසූරිය සිරිලාල්ට හමුවෙන්නේත් කවි සංවාදයකින් වන අතර ඔහු සුළඟ ලෙසත් ඇය සුවඳ ලෙසත් ඇරඹූ ඒ සංවාදය අවසන් වූයේ, දෙදෙනා ජීවන ගමනේ සහකරුවන් වීමෙනි.

මිය යනවිට 97 වැනි වියේ පසුවූ සිරිලාල් කොඩිකාර මහතා දරුවන් තුන්දෙනෙකුගේ පියෙකි.

හෙට පෙරවරු 8.30 සිට ඒ මහතාගේ දේහය ජයරත්න රෙස්පෙක්ට් හෝම්හි මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙන අතර හෙට පස්වරු 05/30ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත ය.

  • news 1st

පළමු ටෙස්ට් තරගයේ ජය ලංකාවට !

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව ලකුණු 386 ක් රැස්කළ අතර කොදෙව්වන් පළමු ඉනිමේදී රැස්කළේ ලකුණු 230ක් පමණි.

දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව කඩුලු 4කට ලකුණු191ක් රැස් කර තිබියදී ඉනිම අත්හිටවනු ලැබු, අතර පන්දුවට පහරදීම සඳහා කොදෙව් කණ්ඩායමට ආරාධනය කෙරිණ.

ඒ අනුව තරගය ජය ගැනීමට කොදෙව්වන්ට හිමිවූ ඉලක්කය ලකුණු348 ක් වූ නමුත් තරගයේ පස්වන හා අවසන් දිනය වූ අද (25) සියල්ලන් දැවී කොදෙව් කන්ඩායමට රැස්කරගැනීමට හැකි වුනේ ලකුණු 160ක් පමණි.

වජිරා චිත්‍රසේන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලාංකේය නර්තන කලාවට අග්‍රගණ්‍ය සේවාවක් සිදුකළ ප්‍රවීණ නර්තන ශිල්පිනී, දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන  ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා ය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, අරලියෙගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ = ඉදිරියේ, මෙම සම්මානය ඇය වෙත ප්‍රදානය කළ බවයි.

ඉන්දීය ජනරජ දිනයේ දී වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ඉන්දියාවේ ඉහළ ම සිවිල් ගෞරව සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මාන 2020 වසරේ කලා ක්ෂේත්‍රය සඳහා කළ මෙහෙවර වෙනුවෙන් ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරමින් සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට මහගු මෙහෙවරක් ඉටුකොට නැසී ගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙත පිරිනැමිණි.

නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපතිභවන් හිදී පසුගිය 08 වෙනිදා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් ඇයගේ දියණිය වන වත්සලා දසනායක මෙනවිය “පද්ම ශ්‍රී සම්මානය” ලබා ගෙන තිබේ.

 

Page 24 of 34