V2025

විනෝදාස්වාද

වජිරා චිත්‍රසේන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලාංකේය නර්තන කලාවට අග්‍රගණ්‍ය සේවාවක් සිදුකළ ප්‍රවීණ නර්තන ශිල්පිනී, දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන  ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා ය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, අරලියෙගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ = ඉදිරියේ, මෙම සම්මානය ඇය වෙත ප්‍රදානය කළ බවයි.

ඉන්දීය ජනරජ දිනයේ දී වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ඉන්දියාවේ ඉහළ ම සිවිල් ගෞරව සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මාන 2020 වසරේ කලා ක්ෂේත්‍රය සඳහා කළ මෙහෙවර වෙනුවෙන් ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරමින් සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට මහගු මෙහෙවරක් ඉටුකොට නැසී ගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙත පිරිනැමිණි.

නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපතිභවන් හිදී පසුගිය 08 වෙනිදා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් ඇයගේ දියණිය වන වත්සලා දසනායක මෙනවිය “පද්ම ශ්‍රී සම්මානය” ලබා ගෙන තිබේ.

 

ICC විශිෂ්ඨයන්ගේ ලැයිස්තුවට මහේලත් එක්වෙයි

ශ්‍රී ලංකා ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් ඇතුළත් ICC Hall of Fame ලැයිස්තුව සඳහා නම් කර තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය මෙයයි.

මහේල ජයවර්ධන මහතාට අමතරව දකුණු අප්‍රිකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෂොන් පොලොක් සහ එංගලන්ත හිටපු ක්‍රීඩිකා ජනට් බ්‍රිටින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළ ” හෝල් ඔෆ් ෆේම් ” ක්‍රීඩක ලැයිස්තුව ඇතුළත් වෙති.

ගායන ශිල්පී ගාමිණි සුසිරිවර්ධන දිවියෙන් සමුගනී..

Sirasa Super Star හරහා ගායන ක්ෂේත්‍රයට පිවිසි ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අද(14) උදෑසන අභාවප්‍රාත්ත විය.

කලක් රෝගාතුරව පසුවූ ගාමිණී සුසිරිවර්ධන මහතා මියයන විට වයස අවුරුදු 58 කි.

සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේ අවසන් 12 දෙනා අතරට පිවිස ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් සුසිරිවර්ධන මහතා කෙටි කලකින්ම ජන හදවත් දිනා ගත්තේ, ඔහුටම ආවේණික වූ ශෛලියකින් ගීත රැසක් ගායනා කරමින් ය.

”දන්නවද මම දුකින්” , ”ආව ගිය තැන් මා හා” , ”සල්ලි සල්ලි” .. ආදී ගීත හරහා ඔහු සිය නාමය ලොවට ගෙන ගියේ ය.

ගාමිණි සුසිරිවර්ධන මහතා දෙදරු පියෙකි.

ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා අද(14) සවස 4.00 සිට බෙන්තොට, ඊගල්ස්, යාත්‍රාමුල්ල නිවසේ තැන්පත් කිරීමට නියමිත ය.

අවසන් කටයුතු හෙට(15) සවස 5.00 ට බෙන්තොට ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර දිවියෙන් සමුගනී..

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ ලක්ෂ්මන් විජේසේකර  අද(12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි විජේසේකර මියයන විට වයස අවුරුදු 73කි.

1975 වසරේ ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර රංගන ශිල්පියෙකු ලෙස ද සිය ප්‍රතිභාව ප්‍රකට කළ අයෙකි .

රේඛා ටෙලි නාට්‍යයෙන් රංගයෙන් කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර  ගංඟා සහ නිශ්ශංක , ඉර පායා සහ දත්කැකුළු පාලා ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක ප්‍රධාන චරිතය නිරූපනය කළේය.

සඳ කිනිනි නැමී , ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු , දැල් වූ පහන් ඇතුළු ගීත 80 කට ආසන්න සංඛ්‍යාවක් ගායන ක්ෂේත්‍රයට දායද කර තිබේ.

ලක්ෂ්මන් විජේසේකරගේ දේහය හෙට(13) උදෑසන සිට මහජන ගෞරවය සඳහා ගල්කිස්ස, කලාපුරේ පිහිටි නිවසේ තැන්පත් කර තැබීමට නියමිතය.

Page 28 of 38