V2025

විනෝදාස්වාද

ලංකාවේ කම්සාජිනි නෝර්වේ පාර්ලිමේන්තුවට

යාපනයේ උපත ලබා දැනට නොර්වේ රාජ්‍යයේ ජීවත්වන කම්සාජිනී ගුණරත්නම් නෝර්වේ මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 12 වන දා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඇය එරට කම්කරු පක්ෂයෙන් දේශපාලනයට පිවිස 2015 දී ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස ද සේවය කර ඇත.

තවමත් වයස අවුරුදු 33 ක් වන ඇය ශ්‍රි ලංකාවේ ඉපිද වයස අවුරුදු 03 දී සරණාගතයෙකු ලෙස නෝර්වේ රාජ්‍යයට ගොස් ඇත.

ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනී..

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

අද(07) පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 78ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගිනි.

ඒ අනුව, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2ට 1ක් ලෙස ජය ගත්තේය.

කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය.

c2e0b5ec score card

මහාචාර්ය මලික් පීරිස්ට චීන නොබෙල් ත්‍යාගය පිරි නැමේ

මහාචාර්ය මලික් පීරිස්ට චීනය විසින් 2021 වර්ෂයේ ‘අනාගත විද්‍යා ත්‍යාගය’ පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මහාචාර්ය මලික් පීරිස්ට අමතරව චීන ජාතික මහාචාර්යවරයෙකු වූ යූන් ක්වොක් යුන්ග්  මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා ඇති බවයි.

ඒ අනුව මහාචාර්ය මලික් පීරිස්ට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ද හිමිව තිබේ.

2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මගින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇති අතර මෙය චීන නොබෙල් ත්‍යාගය ලෙස සැලකේ.

2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

ප්‍රවීණ සංගීතවේදී සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි !

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායන ශිල්පි , සංගීතඥ සුනිල් පෙරේරා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්ප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 69 කි.

සංගීතඥ සුනිල් පෙරේරා සංගීත කලාව පෝෂණය කළ මෙරට කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෙකි.

1952 සැප්තැම්බර් 14 වනදා උපන් සුනිල් පෙරේරා  පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.

සමාජ ආසාධාරණයට එරෙහිව නිරන්තරයෙන් පෙනී සිටි සුනිල් පෙරේරා, ගීතයෙන් සිය අදහස් සමාජගත කළේ ය.

වඩු වැඩෙන් දිවි රකින, ලුණු දෙහි, පැරදුනේ මං, බොමු අපි කොත්තමල්ලී, පිටිකොටපන් නෝනේ, මගේ නර්ස් නෝනා, තාත්ත මට ඇනපු ටොක්ක වැනි අතිශය ජනප්‍රිය ගීත සුනිල් පෙරේරාගේ නිර්මාණ අතර, සුවිශේෂයි.

Page 32 of 38