V2025

විනෝදාස්වාද

කොරෝනා මැද ටෝකියෝ ඔලිම්පික් නිමාවට :අමෙරිකාව මෙවරත් පදක්කම් සටහනේ පෙරමුණට

කොරෝනා   වසංගතය මැද ආරම්භ වූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල  නිමාවට පත් විය.

අමෙරිකාවයි මෙවරත් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේය.

ඔවුන් රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් දිනා ගැනීමට සමත් වුණා.

අමෙරිකාව අවසන් වරට පැවති ඔලිම්පික් උළෙල තුනේදී පදක්කම් සටහනේ ප්‍රථමයා බවට පත්ව ඇත.

ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී පදක්කම් සටහනේ පළමුවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේද අමෙරිකාවයි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙදී පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය සඳහා චීනය සහ අමෙරිකාව අතර කරට කර සටනක් පැවති අතර,= මෙවර අමෙරිකාව පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ එක් රන් පදක්කමකින් චීනය අභිබවමිනි.

චීනය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 18ක් ලබා ගනිමින් දෙවන ස්ථානය හිමි කර ගත් අතර, සත්කාරක ජපානය රන් පදක්කම් 27ක් දිනා ගනිමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. මහා බි්‍රතාන්‍ය රන් පදක්කම් 22ක් දනා ගනිමින් සව් ස්ථානයේ දින ගත්හ.=

ඉන්දියාව පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඊයේ දිනා ගත් රන් පදක්කම සමග මෙවර පදක්කම් සටහනේ 48වන ස්ථානය දිනා ගත්තේය. ඒ, රන් පදක්කමක්, රීදි පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා දිනා ගනිමිනි. මෙය සැලකෙන්නේ ඉන්දියාව ඔලිම්පික් ඉතිහාසයේ දැක්වූ ඉහළ=ම දක්ෂතාව ලෙසයි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගී විය. කෙසේවෙතත් ඔවුන්ට කැපීපෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකි වු අතර සියලු දෙනා පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු විය.

ඔලිම්පික් ක්‍රිඩා උළෙලක වැඩිම රටවල් සංඛ්‍යාවක් පදක්කම් දිනා ගත් පළමු අවස්ථාව ලෙසයි මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතිහාස ගත වූ අතර, මීට පෙර 2008 බෙයිජින් ඔලිම්පික් ක්‍රිඩා උළේලේදී රටවල් 87ක් පදක්කම් දිනා තිබිණි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සැලකෙන්නේ ඉතිහාසයේ සංවිධානය කෙරුණු අසීරුතම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෙසයි.

ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබු ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙම වසරට කල් දැමුණි.

මීළග ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2024 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතය.

ක්ලැරන්ස් විජේවර්ධන නමින් මාවතක්

ප්‍රවීණ ගායන ශිල්පියකු, ගී පද රචකයෙකු, තනු නිර්මාණ ශිල්පියකු වූ ක්ලැරන්ස් විජේවර්ධනගේ 78 වන ජන්ම දින සැමරුම ඊයේ ට (3) යෙදී තිබූ අතර ඒ නිමිති කරගනිමින් මහරගම, තලපත්පිටිය ප්‍රදේශයේ ඇති ඔහු ජීවත් වූ නිවස පිහිටි මාර්ගය ”ක්ලැරන්ස් විජේවර්ධන මාවත” ලෙස නම් කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහිදී ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරා  අතින් එම මාර්ගයේ නාම පුවරුව විවෘත කෙරිණි.

ක්ලැරන්ස් විජේවර්ධන  දැයෙන් සමුගෙන මේ වන විට වසර 25 කි.

ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිඳ වන ශීලා විජේවර්ධන  ද මෙම අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට එක්වූ අතර කලාකරුවන් වන රජීව් සෙබස්තියන්, ජානක වික්‍රමසිංහ, ලිලන්ති කරුණානායක, විජේ කොරයා, ආරියසිරි විතානගේ යන  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

lankadeepa

කලාකරුවන් රැසකට කොරෝනා !

මෙරට දක්ෂ මෙන්ම ජනප්‍රිය කලාකරුවන් රැසකට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, සංගීත ශිල්පී සුනිල් පෙරේරා, රංගන ශිල්පිනියන් ශිල්පීන් වන ශ්‍රියානි අමරසේන, ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, රන්ජන් රාමනායක, ජයසේකර අපොන්සු, ශලනි තාරකා, නයනතරා වික්‍රමාරච්චි, රොෂානා ඔන්ඩච්චි යන අය ඒ අතර වෙති.

මීට අමතරව, සම්මානනීය ලේඛකයකු වන මහින්ද ප්‍රසාද් මස් ඉඹුලටද කොවිඩ් ආසාදනය වී ඇති බවත් වාර්තා වෙයි.

මෙම පිරිස අතරින් ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන, රංගන ශිල්පී ජයසේකර අපොන්සු සහ ගායන ශිල්පී සුනිල් පෙරේරා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් දැනගන්නට ඇත.

ඉන්දියාව රනින් බැබළවූ කාන්තා හොකී නායිකාව : රාණි රම්පාල් ගේ ජිවිතයෙන් බිඳක් !

ඉන්දියාවේ ඔලිම්පික් කාන්තා හොකී රන් පදක්කම දිණූ රාණි රම්පාල් ගේ ජිවිතයෙන් බිඳක්:

"මට ඕනි වුනේ මේ දුෂ්කර කටුක ජිවිතයෙන් ගැලවෙන්න. නිතරම ඇනහිටින විදුලි බලයෙන්, එදිනෙදා වේල හොයාගන්න කරන අරගලයෙන්, වහින කොට ගංවතුරට යට වන පැල් පතෙන්, නිදා ගන්න කොට වද දෙන මැහි මදුරු කරදරෙන් බේරෙන්න මට ඕනි උනා."

"ඉන්දියාවේ හොකී ඇකඩමිය තිබුනේ අපේ පැල්පත මායිමේ. මම පැය ගණන් මිදුලට වෙලා හොකී ක්‍රීඩිකාවෝ ක්‍රීඩා කරන හැටි බලා හිටියා. මට ඇත්තටම එතකොට හොකී සෙල්ලම් කරන්න අදහසක් ආව. ඒත් මට හොකී පිත්තක් කෝ ? තාත්තට කරත්ත තල්ලු කරල දවසටම හම්බ වෙන්නේ රුපියල් අසූවයි. මම හැමදාම පුහුණුකරු හම්බ වෙලා, " අනේ මාවත් හොකී ගහන්න පුහුණු කරන්න කිව්වත් එයා මාව ගත්තේ නැහැ. ඔයාට පිත්තක් නැහැ. ඒ විතරක් නෙවෙයි, මන්දපෝෂණය හින්ද මේ දුර්වල ඇඟක් තියාගෙන පැය ගාණක් පුහුණු වෙන්න බැරි බවත් කිව්වා. "

"මෙහෙම ඉන්නකොට මට හම්බ වුනා කැඩිච්ච හොකී පිත්තක්. මට පුහුණු වෙන ඇඳුම් තිබුනේ නැහැ. මේ නිසා සල්වාරි ඇඳුම පිටින්ම තනිවම හොකී ගහන්න පුරුදු වුනා. ඒ අතර ආයෙත් පුහුණු කරුට ආයාචනා කළා . අන්තිමට එයා කැමැත්තෙන් මාව බඳවා ගන්න කැමති වුනා.

" නමුත් මේ ගැන මගේ පවුලට කිව්වම මේකට විරුද්ධ වුනා. ඒ ගොල්ලෝ කිව්වේ 'ගෑනු ඉන්නේ ගෙවල් වල වැඩ කරන්න බං ..විකාර නැතිව ඉඳින් කියලයි. " "මම ඒ ගොල්ලන්ට නැවත ඇවිටිලි කරලා කිව්වේ, හොඳයි හොකී ගහල මට වැඩක් වුනේ නැත්තනං ඕගොල්ලෝ කියන ඕනි දේ කට එකඟ වෙන්නම් කියලයි. ඔන්න ඒගොල්ලොත් ඊට පස්සේ අකමැත්තෙන් ඉඩ දුන්න.

පුහුණුව පටන් ගන්නේ උදේම. අපේ ගෙදර ඔරලෝසුවක් වත් නැහැ. අම්ම ඉර නගින අහස දිහා බලා ඉඳල මම කූද්දලා , පුහුණුවට ඇරියේ. අපිට එහිදී හැම කෙනාම මි.ලි.500 කිරි ගේන එක අනිවාර්යය වුනා. අපේ පවුලට මි.ලි.200 කට වැඩිය කිරි ගන්න වත් කමක් තිබුනේ නැහැ. මම ඉතුරු හරියට වතුර දාල බීල පුහුනුවේ දිගටම යෙදුන.

කාලයක් ගතවුණාම මගේ පුහුණුකරුවා මගේ හැම දුෂ්කර තත්වයකදිම උදව් කරන්න පටන් ගත්ත. අන්තිමට ඔහු මාව ඔහුගේ පවුලේ කෙනෙකු ලෙස හදා ගනිමින් අවශ්‍ය පෝෂණ ආහාර අවශ්‍යතා ලබල දුන්න. මම එක පුහුණු දවසක් වත් මග හැරියේ නැහැ.

මට මතකයි, අපි තරගයක් දිනලා මුල්ම පඩිය ගත්තු දවස. ලැබිච්ච රුපියල් පන්සියම මම තාත්ත අතට දුන්න. එයා කවදාවත් එච්චර මුදලක් අතින් අල්ලල නැහැ. මම මගේ පවුලේ ඔක්කොටම පොරොන්දු වුණා , මම නවතින්නේ ඕගොල්ලන්ට ඉන්න ගෙයක් හදල දීල කියල. මම පුළුවන් තරම් මහන්සියෙන් පුහුණු වීම් වල යෙදුන. අන්තිමට ප්‍රන්තයම නියෝජනය කරලා චැම්පියන් තරගාවලි කිහිපයක්ම දිනුව.ජාතික කණ්ඩායමට එක් වෙන්න කියල මට ආරාධනාව එනකොට මට වයස අවුරුදු 15 යි. අන්තිමේ දී මම ඉන්දියානු හොකී ටීම් එකේ නායිකාව වුනා. නෑදෑයෝ නම් කිව්වේ, " ඔන්න ඔය විකාර නවත්තල කසාදයක් බැඳගෙන ජිවත් වෙයන්" කියල. තාත්ත නම් කිව්වේ, 'උඹේ හදවත කියනකම්ම සෙල්ලම් කරපන්.' කියල.

2017 මම සිහිනය සැබෑ කරගෙන පවුලේ අයට ගෙයක් හදල දුන්න. එදා අපි හැමෝම එකට බදා ගෙන ඇඬුව . මගේ ගමන එතනින් නැවතුනේ නැහැ. පුහුණු කරුවාට හා රටට වුනු පොරොන්දුව ඉටු කරන්න මට පුළුවන් වුනේ මේ අවුරුද්දේ ටෝකියෝ වලදී ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමෙන්.'

පරාක්‍රම බස්නායකගේ ෆේස්බුක් ගිනුමෙනි

08rani

218405004 1918509024972583 3315979244606821830 n

219021129 1918509191639233 6426310265742255538 n

223540528 1918509141639238 4302412443214011765 n

224994557 1918509058305913 6239795723538787307 n

 

Page 29 of 33