ආර්ථික

රුපියල තවත් පහළට !
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (20) දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙසින් සටහන් විය.
දිගින් දිගටම මෙලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා කියා සිටියේ, ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම මෙලෙස ඩොලරයේ අගය ඉහළ යාමට හේතු වී ඇති බවයි.

කොරෝනා අස්සේ : ලංකාවේ ආර්ථිකය කබලෙන් ලිපට !
COVID-19 වෛරසය පැතිර යාමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර නොවූවිරූ ආකාරයේ අභියෝගයන්ට මුහුණ දී තිබේ. ඒ, රජයේ අදායම් සීමා වුව ද සෞඛ්‍ය පහසුකම් සැලසීම හා සහන කටයුතු සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බැවිනි.
මේ අසීරු අවස්ථාව ජය ගැනීම සඳහා වියදම් සීමා කිරීම ඇතුළු නොයෙකුත් ආර්ථික උපක්‍රම අනුගමනය කරන බව රජය පවසයි. රාජ්‍ය අදායම අඩුවීම තුළ රටේ වියදම COVID-19 තත්ත්වය හමුවේ තවත් ඉහළ යාම නිසා පැවති ආර්ථික අර්බුදය තවත් උග්‍ර වී ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.
කොරෝනාවෛරසය නිසා ඇතිවූ ආර්ථික අභියෝග !
විදේශ විනිමය, සංචාරක කර්මාන්තය, සහ ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් විදෙස් රටවලින් මුදල් ගලා එන ක්ෂේත්‍ර වේ. එහෙත් COVID-19 ගෝලීය වසංගතයක් ලෙස පැතිර යාමත් සමග එම ප්‍රධාන අදායම් මාර්ග සියල්ල අවහිර වී ඇත.
එමෙන් ම රට තුළ නිෂ්පාදන හා සේවාවන් ක්‍රියාත්මක කිරීම ද ඇණහිට තිබේ. මේ තුළ තේ ඇතුළු සියලු නිෂ්පාදනවල අපේක්ෂිත අපනයන ආදායම ද ශ්‍රී ලංකාවට අහිමි වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා ඇමරිකාව, යුරෝපය ඇතුළු වෙළඳපොල අහිමිවීම තිබේ. එමෙන්ම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය චීනය ඇතුළු රටවලින් ලබා ගැනීමේ මාර්ග ද දැන් අහිමිවී ඇත.
2020 වසරේ ජනවාරි මාසයේ අපනයන අදායම 2019 ජනවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1005 දක්වා 3.2%කින් පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රියල් 03 වෙනිදා නිකුත් කළ ආර්ථික දර්ශක වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම 2020 වසරේදී ජනවාරි මාසය තුළ ආනයන වියදම පෙර වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 1735 දක්වා 4.8%කින් ඉහළ ගොස් තිබේ.
එමෙන් ම ඩොලරය ඉතිහාසයේ පළමු වරට රුපියල් 200.00 සීමාවට පැමිණ ඇති අතර කොටස් වෙළඳපොළ කටයුතු අක්‍රිය වී ඇත.
රටේ ප්‍රධාන අදායම් මාර්ග අහිමි වූ පසුබිමක සෞඛ්‍ය පහසුකම් සැලසීම හා අත්‍යවශ්‍ය සහන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට සහ මේ වසර තුළ නියමිත ණය ගෙවීමට රජයට සිදුවේ.
ශ්‍රී ලංකාවේ ණය රුපියල් ට්‍රිලියන 12.89ක් !
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව 2020 පෙබරවාරි මාසයේ නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 12.89කි. ඉන් රුපියල් ට්‍රිලියන 6.5ක් දේශීය වශයෙන් ලබා ගෙන ඇති අතර තවත් රුපියල් ට්‍රිලියන 6.39ක් විදේශීය ණය වේ. ඉන් මේ වසර තුළ ගෙවීමට ඇති ණය මුදල ගෙවීමට සහන කාලයක් ලබා ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග මේ දිනවල ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රජය දේශීය වශයෙන් ණය ලබාගෙන ඇති ප්‍රධාන ආකාර වන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගිනි. විදේශීය ණය ලබාගෙන ඇති ප්‍රධාන ආකාර තුනකි.
01. දිවිපාර්ශවික ණය - [තවත් රටකින් ණය ගැනීම ]
02. බහු පාර්ශවීය ණය - [ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුවෙන් ණය ගැනීම]
03. වාණිජ ණය - [තරගකාරී පොළී අනුපාතයට විවෘත වෙළඳ පොළෙන් ණය ගැනීම]
සෞඛ්‍ය හා සහන සේවා සඳහා වියදම් !
නව රෝගීන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ වැඩි කිරීම, තහවුරු වූ රෝගීන්ට ප්‍රතිකාර සඳහා රෝහල් පහසුකම් වැඩි කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආරක්ෂිත උපකරණ මිලදීගැනීම හා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා අතිරේක වියදමක් දැරීමට රජයට සිදුව ඇත.
මීට අමතරව, රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීමට අමතරව විපතටපත් ජනතාවට රුපියල් 5000.00 බැගින් මුදල් ලබා දීමට රජය ක්‍රියාකාර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අප්‍රියල් 07 වෙනිදා ප්‍රකාශ කළේය. ඒ අනුව පහත දැක්වෙන පිරිස එම මුදල් ලබා ගැනීමට හිමිකම් කියයි.
01. වැඩිහිටියන් හාර ලක්ෂ හතලිස් දෙදහසක්
02. ආබාධිත දීමනාව ලබන විසි දෙදෙහසට අමතරව තවත් තිස් අටදහසක්
03. ගොවියන් එක් ලක්ෂ හැට පන්දහසක්
04. ධීවරයන් හැර දහස් හයසීයක්
06. වකුගඩු රෝගීන් විසිපන් දහසකට හා පොරොතු ලේඛනයේ සිටි දහතුන් දහස් අටසිය පනහක්
මීට අමතරව බැංකු හා මූල්‍ය ආයතන හරහා ජනතාවට ණය සහන ලබා දී ඇති අතර එම තත්ත්වය මත රටේ බැංකු පද්ධතිය කඩාවැටීම වැළක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු වෙත රුපියල් බිලියන 240ක මුදලක් නිකුත් කිරීමට පියවර ගන්නා ලදී.
රජයට මුදල් තිබේ ද?
ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බලකායේ මෙහෙය වීමෙන් සකසන ලද වියලි ආහාර අඩංගු මලු
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර, ණය සීමාව වැඩිකර ගැනීමට විපක්ෂය සහාය නොදුන් බැවින් පවතින ණය සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලය අනුව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කරන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන බීබීසී සිංහල සේවයයට කියා සිටියේය.
''කොච්චර අපහසුතා තිබුණත් ආණ්ඩුව ජනතාවට සහන සැලසීම නවත්වන්නේ නෑ. සංවර්ධන වියදම්, යටිතල පහසුකම්, ව්‍යාපෘති, රාජ්‍ය වියදම් විශාල ලෙස කපා හැරලා තියෙනවා. හොරකම්, වංචා, දුෂණ ඔක්කොම නැතිවෙලා තියෙනවා. ඇමති මණ්ඩල නෑ, ඇමති කාර්ය මණ්ඩල නෑ, වාහන සියදහස් ගණනක් නෑ, ප්රචාරක වියදම් නෑ, තියෙන මුදල් පිරිමැසුම්දායකව කළමනාකරණය කරලා තියෙනවා.'' යනුවෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අප්‍රියල් 05 වෙනිදා සඳහන් කළේ ආණ්ඩුවට ලැබෙන්නේ සීමා සහිත ආදායම් නිසා කලින් සම්මත කළ අතුරු සම්මත ගිණුම මෙම අර්බුදයට ප්‍රමාණවත් නොවන බැවින් කාලයට ගැලපෙන පරිදි අතුරු සම්මත ගිණුම සංශෝදනය කළ යුතු බවය.
එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය සැළසුම් අප්‍රියල් මාසය මැදදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් එහිදී "අපට උපරිම සහයෝගයක් ලබාගත හැකි පසුබිමක් අප විසින් සාදා ගත යුතු බව" ද ඔහු කියා සිටියේය.
කොරෝනාවෛරසය සම්බන්ධන්යෙන් රට මුහුණ දී ඇති තත්ත්වය සලකා බලා පාර්ලිමේන්තුව යළි රැස් කරන මෙන් විපක්ෂය නියෝජනය කරන ඇතැම් කණ්ඩායම්වලින් ඉල්ලීම් ද ඉදිරිපත් වී තිබේ.
ගත හැකි පියවර !
රටේ සෞඛ්‍ය ප්‍රශ්නයක් මෙන් ම ආර්ථික ප්‍රශ්නයක් මතුව ඇති මොහොතක රජයට මේ කරගෙන යන ක්‍රියා නතර කළ නොහැකි බවත්, එසේ වුවහොත් රට අගාධයෙන් තවත් පහළට වැටෙන බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ ආර්ථික විද්‍යාඥ, ආචාර්ය බිලේෂා වීරරත්න බීබීසී. සිංහල සේවයට කියා සිටියාය.
ආචාර්ය බිලේෂා වීරරත්න
ආර්ථිකයේ සියලු අංශ එකවර නගා සිටුවිය නොහැකි මුත් ඉක්මනින් ප්රතිලාභ ලැබෙන ක්ෂේත්‍ර හඳුනාගෙන රජය ඊට කඩිනම් සහන ලබා දීම වඩාත් යෝග්‍ය බව ඇය පෙන්වා දෙන්නීය.
''සෞඛ්‍ය ප්රශ්නය ඉවර වෙන්න කලින් කරන්න පුළුවන් එක දෙයක් තමයි ආහාර සැපයුම් ජාලයේ තියෙන අවහිරතා ඉවත් කිරීම. අද ගොවියා අස්වනු නෙලලා සැපයුම තියෙනවා. පාරිභෝගිකයෝ ආහාර ගන්න බලා ඉන්නවා කියන්නේ ඉල්ලුමත් තියෙනවා. නමුත් පාරිභෝගිකයා හා නිෂ්පාදකයා සම්බන්ධ කරන වෙළඳපොළ ඇඳිරි නීතිය නිසා අකර්මණ්‍ය වෙලා. අද බොහෝ දෙනා අතේ ජංගම දුරකතන තියෙනවා. අපිට පුළුවන් නම් අන්තර්ජාල වෙළඳාම ඔස්සේ 'E- Commerce' පැත්තට යන්න මේ වගේ තත්ත්වයකදී ගොවියා හෝ ඒ හා බැඳුණු අවිධිමත් රැකියාවල නිරත බොහෝ දෙනා අසරණ වෙන්නේ නෑ,'' යනුවෙන් ආචාර්ය බිලේෂා වීරරත්න කියා සිටියාය.
කොරෝනා වෛරසය: උගත් පාඩම් සහ උගත හැකි පාඩම්
මීට අමතරව අත් වැසුම් නිෂ්පාදනය, සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ඇඳන් සෑදීම වැනි මේ දිනවල නිෂ්පාදන සඳහා පෙළඹවීමක් ඇති කරන කර්මාන්ත සඳහා දිරි ගැන්වීම, විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සතු මුදල් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට දිරි ගැන්වීම ආදිය ඉතා යෝග්‍ය බව ඇය වැඩිදුරත් පැවසීය.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් !
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ අප්‍රියල් 08 වෙනිදා පැවති රූපවාහිනී සාකච්ඡාවකදී සඳහන් කළේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සතු මුදල් ඉදිරි මාස තුන තුළ ශ්‍රී ලංකාවට ගෙන එන්නේ නම් ඔවුන්ට විශේෂ සහන ලබා දී දිරි ගැන්වීමට ක්‍රියා කරන බවය.
එමෙන් ම මෙවන් අවස්ථාවකදී ණය ගෙවීමට සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සතුව බිලියන 7.2ක විදේශ සංචිත තිබෙන අතර, ණය ගෙවීමට සහනදායී කාලයන් ලබා ගැනීම වැනි පියවර රැසක් ගන්නා බව ද ඔහු එහිදී කියා සිටියේය.
කොරෝනා තත්ත්වය නිසා වැඩි බලපෑමක් එල්ල වන්නේ ශ්‍රී ලංකාවේ අපනයන අදායමට බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්ලිව්.ඒ. විජේවර්ධන බීබීසී සිංහල සේවයයට පැවසුවේය.
''කොරෝනාවලට කලින් ඉදල ම අපේ රාජ්‍ය අදායම බිඳවැටිලා තිබුණේ. රජය විශාල බදු සහන ඉදිරිපත් කළ නිසා 2020 ලැබිය යුතු බදු බොහොමයක් නොලැබී යන්න තිබුණේ. කොරෝනා නිසා තව උග්‍ර වීමක් වෙලා තියෙන්නේ. දැන් අපිට වෙළඳපොළත් නෑ, අමුද්‍රව්‍ය ගන්නත් නෑ. සැපයුම් දාමය බිඳවැටිලා. 2020 භාණ්ඩ හා අපනයන සේවා අදායම ඇමරිකානු ඩොලර් බිලියන 17 ඉඳලා 10 වෙනකන් අඩු කරලා තියෙන්නේ. දෙවෙනි එක තමයි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය අහිමි වීම,'' යනුවෙන් සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ රුපියල අවප්‍රමාණය වීමේ බලය දවසින් දවස වැඩි වන බවය.
(බීබීසී )

පාන් කාලත් හමාරයි : රුපියල් 10ක මිල වැඩිවීමක් ?
තව සති දෙකකින් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් පමණ වැඩිකිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන දේශය පුවත්පතට පැවසීය.
එයට ප්‍රධාන හේතුව වන්නේ රජය ආනයනික පාම් ඔයිල් ලීටරයකට රුපියල් 250ක තීරු බද්දක් පැනවීම බව ඔහු කියයි. ඒ අනුව පාම් ඔයිල් ලීටරයක මිල රුපියල් 500 ඉක්මවා යයි. බේකරි නිෂ්පාදනය සඳහා බහුලව පාවිච්චි කරන දේශීය නිෂ්පාදිත මාජරින් කිලෝව රුපියල් 600 දක්වා ඉහළ නැග තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.
එසේම ආනයනය කරන මාජරින්වලටද රුපියල් 400ක ආනයන බද්දක් පනවා ඇති අතර මුලින් තිබූ බද්ද වූ රුපියල් 200 සමග කිලෝවකට රුපියල් 600ක බදු ගෙවිය යුතු නිසා කිලෝවක් මෙරටට එනවිට මිල රුපියල් 1000ද ඉක්මවන බව සභාපතිවරයා පෙන්වා දෙයි.
දේශීය මාජරින් නිෂ්පාදකයන්ටද සහනයක් වශයෙන් පාම් ඔයිල් සඳහා වැඩිකළ තීරුබද්ද මුලින් තිබූ මට්ටමට ගෙන එන ලෙස තම සංගමය අවස්ථා ගණනාවකදී වෙළෙඳ ඇමැති, අගමැති සහ ජනාධිපතිගෙන් ඉල්ලා ඇති නමුත් විසඳුමක් ලැබී නොමැති බව පෙන්වා දෙන සභාපතිවරයා බේකරි නිෂ්පාදනවල මිල අවම වශයෙන් රැපියල් 10කින් ඉහළ නැංවීම හැර අන් විකල්පයක් නැති බවද පැවසීය.
(දේශය )

කොරෝනා හමුවේ ලංකාවේ මහා පරිමාණ සමාගම් හාන්සියි : වැටුප් කප්පාදු ඇරඹේ !
මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ සමාගම් කිහිපයක්ම මේ වන විට එළඹෙන මාස කිහිපය තුල සේවක වැටුප් කප්පාදු ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ ව්‍යාපාර කටයුතු අකර්මණ්‍ය වීම හේතුවෙන් තම සමාගම්වල පිරිවැය පාලනය කිරීමේ පියවරක් ලෙසින් මෙම තීරණය ගැනීමට අදාළ සමාගම්වලට සිදුව ඇත.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී:
මෙරට ලැයිස්තුගත විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලට බලපැවැත්වෙන පරිදි පිරිවැය පාලන ක්‍රමවේද සඳහා යොමුවීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සිය කාර්ය මණ්ඩලය වෙත අභ්‍යන්තර මෙමෝ (Internal Memo) පණිවුඩයක් හරහා දැනුම් දී ඇත.
ඒ අනුව සමූහයේ විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ වැටුප් 60%කින්, සමූහ විධායක කමිටුවේ සාමාජිකයින්ගේ මූලික වැටුප 35%කින්, රු, 50,000ට වැඩි වැටුප් ලබන සියලු දෙනාගේ වැටුප්, වැටුප් මට්ටම් අනුව 5% සිට 35% දක්වා ප්‍රමාණයකින් කප්පාදු කිරීමට මෙහිදී තීරණය වී ඇත.
මීට අමතරව ඉදිරි මාස 03 ක කාලය සඳහා ගමන් වියදම් දීමනා, නව බඳවා ගැනීම්, පාරිතෝෂිත අරමුදල් ණය යනාදිය ද අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟළුම් අපනයනකරුවා : බ්‍රැන්ඩික්ස්
මේ අතර ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟළුම් අපනයනකරුවා වන බ්‍රැන්ඩික්ස් ලිමිටඩ් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඕමාර් සිය සගයන් වෙත ලිපියක් යවමින් මෙසේ කියා සිටී.
“මම අපගේ ප්‍රධාන ගනුදෙනුකරුවන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන අතර තත්වය වඩාත් දරුණු අතට හැරී ඇත. ඔවුන් අනාගත සියලුම ඇණවුම් අවලංගු කර ඇති අතර ඇත්ත වශයෙන්ම අප දැනටමත් නිපදවා ඇති දේ නැව්ගත නොකරන ලෙස ඉල්ලා ඇත.
සමහර ගැනුම්කරුවන් අවලංගු කිරීම් සඳහා වට්ටම් ඉල්ලා ඇත. මෙම ක්‍රියාවන් අප මීට පෙර දැක ඇති දෙයට වඩා වෙනස් වන අතර මෙය අපගේ සමාගමට පෙර නොවූ විරූ මූල්‍ය ආතතියක් ඇති කර තිබේ. ආදායම් උත්පාදනය කිරීමට ඇති නොහැකියාව අපගේ ආර්ථිකය, අපගේ සමාගම සහ අපගේ පුද්ගලික සුභසාධනය බරපතල අවදානමකට ලක් කර ඇත. කෙසේ වෙතත්, අප මේ තුළින් පැමිණිය යුතුය. ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපගේ කර්මාන්තය ශක්තිමත්ව සිටිය යුතුය.“
ඒ අනුව බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ සියලු විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ වැටුප්, වැටුප් මට්ටම් අනුව 5% සිට 60% දක්වා කප්පාදු කිරීමට පියවර ගෙන ඇත. සියලු ප්‍රාග්ධන වියදම් අත්හිටුවීමටත්, නව බඳවාගැනීම් අත්හිටුවීම හා තාවකාලික කාර්ය මණ්ඩලය තවදුරටත් රඳවා නොගැනීමට ද තීරණය වී තිබේ.
ශ්‍රීලංකන් ගුවන්සේවය:
ශ්‍රීලංකන් ගුවන්සේවයේ සේවකයින් සඳහා 2.5% සිට 25% දක්වා මාස 3 ක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට සහ 2020 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නවතාලීමට කටයුතු යොදා තිබේ.
එසේම 2020 වර්ෂයේ ඉතිරිකිරීමේ පිරිවැය කෙරෙහි සෘජු බලපෑමක් ඇති ගුවන් භාණ්ඩ හුවමාරු සේවා හැර 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව තිබේ.
කෙසේ වෙතත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය, ශ්‍රීලංකන් ගුවන් සේවයේ සෑම කාර්ය මණ්ඩලයකම රැකියා ආරක්ෂා කිරීමට සෑම උත්සාහයක්ම දරන බව කියා සිටී.
හානිය අවම කර ගැනීම සඳහා විවිධ සහන පැකේජ
මෙරට ප්රමුඛ පෙළේ දැවැන්ත සමාගම් කිහිපයකම තත්ත්වය මෙසේ වන කල, කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම සෙසු කර්මාන්ත, ව්‍යාපාර හා සමාගම් වෙත එල්ල වීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇත.
මේ වන විට ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මෙම හානිය අවම කර ගැනීම සඳහා විවිධ සහන පැකේජ ගණනාවක්ම දියත් කර තිබීම පැසසිට යුතු කරුණකි.
කෙසේ වෙතත් මෙම ව්‍යාපාර යථා තත්ත්වය පත්වන්නට සැලකිය කාලයක් ගත වනු ඇත. එබැවින් ඒ දක්වා සියලු දෙනාම තම තමන්ගේ ‘පටි තද කර‘ ගෙන සිටිය යුතු බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.
(උපුටා ගැනීම - biz.adaderana.lk)

ඉතිරි තැන්පතුවලින් 50%ක් ගෙවන්න ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් 13 සිට විවෘතයි
තෙමසක සීමිත කාල සීමාවක් තුළ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනය නාමික ව නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව එම ආයතනය 2021 ජනවාරි 13 සිට 2021 අප්‍රේල් 12 දක්වා තෙමසක කාලයක් සඳහා විවෘත කිරීමට නියමිතය.
මහජනතාවගේ සහ එම ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා දැඩි කොන්දේසිවලට යටත් ව, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම අනුමැතිය ලබාදී තිබේ.
මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම ආයතනයේ ඇති ඉතිරි තැන්පතුවලින් සියයට 50ක ප්‍රමාණයක් ආපසු ගෙවීම (ආපසු ගෙවීමේ සැලැස්ම) සඳහා පමණක් ඉන් අවසර ලැබේ.
මේ අතර, ඊටීඅයි ෆයිනෑන්ස් සමාගම වසා දැමීම සඳහා සුදුසු අධිකරණයකට ඉල්ලුම් පත්‍රයක් යොමු කිරීමට පියවරගන්නා ලෙස බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
එම සමාගම මුහුණදුන් මූල්‍ය අර්බුද සහ එය යථා තත්ත්වයට පත්කිරීමට සුදුසු සැලැස්මක් නොතිබූ හෙයින් එම සමාගමේ ව්‍යාපාර කටයුතු 2020 ජුලි 13 වනදා සිට අත්හිටුවීමට පියවර ගැනුණි.
අධ්යක්ෂවරුන් තවදුරටත් බන්ධනාගාරයේ !
මේ අතර ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂවරුන් සිව්දෙනා එළඹෙන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කර ඇත.
ඒ ETI මූල්‍ය ආයතනයේ සිදු වූ බව කියන මුදල් වංචා චෝදනා සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවනු ලැබු අවස්ථාවේ දීය.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට කළුතර සහ වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටින ETI හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් කොවිඩ් අවධානම හේතුවෙන් අද නඩු වාරයට කැඳවා තිබුණේ නැත.

රුපියල් 200 වෙන්න : ඩොලරය ඔන්න මෙන්න !
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් ලෙසින් සටහන් විය.
මේ අතර අද Indicative US Dollar SPOT Exchange rate සටහන් වුයේ රු. 194.80 ක් ලෙසින්ය.
ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 4.7කින් අවප්‍රමාණය වී තිබේ.

ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස කිතුල් නම් කෙරේ
කිතුල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය ශ්‍රී ලංකාවට ආවේණික කර්මාන්තයක් වශයෙන් මෙන්ම විදේශ විනිමය ඉපැයීම සඳහා ඉහළ විභවතාවක් පවතින කර්මාන්තයක් වශයෙන් ද හඳුනාගනු ලැබ ඇත.
දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය ඔස්සේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කිරීමේ වැඩ පිළිවෙල යටතේ කිතුල් බෝගය ආශ්රිත කර්මාන්ත පුළුල් කිරීම සුදුසු බවට හඳුනාගෙන ඇති අතර, ඒ අනුව, කිතුල් බෝගය ප්‍රධාන වැවිලි බෝගයක් වශයෙන් නම් කිරීමටත්, කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථාපිත කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රුපියලේ අගය ඉතිහාසගත වැටීමක : 190 පනියි !
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (24) ඉතිහාසගත ලෙස පහළ ගොස් තිබේ.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 190.61 ලෙස සටහන්ව තිබිණි.
2020 ජනවාරි 1 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.8කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවද සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් කොරෝනා වයිරසයෙන් බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු හා ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සහන පැකේජ ලබාදී ඇත.

ආර්ථිකය වර්ධනය කරන ආණ්ඩුවේ උපක්‍රමය සාර්ථක නෑ : මූඩීස් ආයතනයෙන් අයවැය විග්‍රහයක් !

ආණ්ඩුවට දින 120යි : චීනයට ඩොලර් මිලියන 1200ක් ණයයි !
චීන සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකා රජය තවත් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමට තීරණය කර තිබේ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත සඳහන් කර ඇති ආකාරයට මීට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාගැනීමට අදාළව අත්සන් තැබූ ගිවිසුමට අතිරේකව එම ණය මුදල ලබා ගැනීමට සූදානම් වෙයි.
ඒ අනුව ආණ්ඩුව ලෙස පොදුජන පෙරමුණ පත්ව දින 122ක් ගෙවී යන අවස්ථාව වන විට චීන සංවර්ධන බැංකුවට අමෙරිකානු ඩොලර් මිලියන 1200ක මුදලක් ණය වී ඇත.
මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හැර අනෙක් සියලු භාණ්ඩ ආනයනය කිරීම මාස 03කට අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වන අතර ඒ අනුව මෝටර් රථ, ශීතකරණ , විදුලිපංකා ඇතුළු සුඛෝපභෝගී සියලු භාණ්ඩ ගෙන්වීම අත්හිටුවා ඇත. මෙහි අපේක්ෂාව මූල්‍ය වෙළෙඳපලේ විනිමය සංචිත පවත්වාගෙන යාමය.

නෙළුම් කුලුන ණයෙන් බරිත වේ !
කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ වාරික වශයෙන් පසුගිය වසර අවසානය වන විට රුපියල් කෝටි හත්සිය විසි දෙකකට අධික මුදලක් ගෙවීමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට සිදු වී තිබේ.

කොටස් වෙළඳපොළේ ඓතිහාසික කඩාවැටීමක් !
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම පහළ යාම අද (20) දිනයේ දී වාර්තා විය.
මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 303.10 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 6.22% ක පහළ යාමකි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 4,571.63 ක් වශයෙනි.
මේ අතර S&P SL20 දර්ශකය මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීම වාර්තා කරමින් පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 11.90% ක පහළ යාමක් අද දින වාර්තා කළේය. මෙහිදී ඒකක 262.42 කින් S&P SL20 දර්ශකය පහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 1,943.55 ක් ලෙසින් සටහන් විය.
දිනයේ ගනුදෙනු තුළින් වාර්තා වූ මුළු පිරිවැටුම රු. මිලියන 420.76 කි.
මීට පෙර කොටස් වෙළෙඳපොළ විශාලතම කඩා වැටීම වාර්තා වූයේ 2010 වසරේ ඔක්තෝබර් 12 වන දිනය.
එදින ඒකක 300.59 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය.
පසුගිය මාර්තු 13 වනදායින් පසු අද (20) දින මුල් වරට විවෘත වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, වෙළෙඳපොළ විවෘත වී මිනිත්තු 2කට පමණක් සීමා විය.
මීට හේතු වූයේ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහත වැටීමයි.
පෙරවරු 10.00 ට දෛනික ගනුදෙනු ආරම්භ වූ අතර පෙරවරු 10.02ට ගනුදෙනු තාවකාලිව අත්හිටුවනු ලැබීය.යළිත් වරක් පෙරවරු 10.32 ට සාමාන්‍ය ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වනු ඇත.
අද දින පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැය 03 ක කාලසීමාවකට පමණක් ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘතව තිබිණ.
(දෙරණ)

රන් දැන් ලක්ෂයයි !
කැරට් 22 රන් පවුමක වෙළදපල මිල අද දිනයේදී රුපියල් 93,000ක අගයක් ගෙන ඇති බවත් එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 6000කින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට රත්ත්‍රන් පැමිණීම අඩාල වී ඇති බවත් යලි ගුවන් සේවා ඇරඹීමෙන් පසු රන් මිලෙහි ස්ථාවරත්වයක් ඇති වනු ඇති බව සහකාර අධ්‍යක්ෂක ඉන්දික බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.
කොරෝනා වසංගතය ආරම්භයේදී කැරට් 22 ක රන් පවුමක මිල මෙරට වෙළදපලේ පැවතියේ රුපියල් 82,000 -84,000 අතර මිලකටය.
පවතින තත්ත්වය මත ඉදිරියේදී රන් පවුමක මිල ඉදිරියේදීත් තවත් ඉහළ යනු ඇති බවයි ජාතික මැණික් හා ස්වරනාභරණ අධිකාරියේ රන් ප්‍රමාණ නිශ්චය කිරිම හා මුද්‍රා තැබීමේ සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

රුපියලේ ඉතිහාසගත වැටීමක් !
මේ සතියේ තෙවැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (19) ඉතිහාසගත ලෙස පහළ ගියේය.ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (19) 188.20 ලෙස සටහන්ව තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 188.20ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 184.11ක් ලෙසත් දැක්විණි.
මහ බැංකුව සඳහන් කරන්නේ මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 13 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 0.6%කින් අවප්‍රමාණය වී ඇති බවය.

ගෑස් මිල සහනය කෝ : ජනතාවට සහනයක් ඇත්තේම නැද්ද ?

බොරතෙල් මිල ඩොලර් 20 ට වැටෙයි : ජනතාවට බන්දුල සීනි බෝල කවයි !
ලෝක වෙළඳපොල තුළ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 20-25 ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවී ඇති නමුත් පොදුජන පෙරමුණ ආණ්ඩුව එම තෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට නොදෙමින් සිටියි.
මේ වන විට ලංකා වෙළඳපොලේ ඉන්ධන මිල ඇත්තේ ලෝක වෙළඳපොල තුළ බොර තෙල් බැරලයේ මිල ඩොලර් 70 වට පමණ තිබියදී එනම් 2019 නොවැම්බර් 10 වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව නියම කළ මිල යටතේය.
මේ අතර ජනතාවට මිල සහනයක් නොදෙන ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ වසරක කාලයක් සඳහා දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල ස්ථාවර මට්ටමකට පවත්වාගෙන යාමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවය.මෙම කාලය තුළ ලෝක වෙළදපොලේ මිල උච්චාවචනයන් නොසලකා ස්ථාවර මිල මට්ටමේ ම ඉන්ධන මිළ පවත්වා ගෙන යන බවද ඔහු පැවසීය.නමුත් ප්රශ්නය ඇත්තේ ඉන්ධන මිල ස්ථාවර කර විදුලි සහ ජල බිල්පත් වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත්ය. මේ සම්බන්ධව අවස්ථා ගණනක දී විෂය භාර අමාත්‍යවරුන් වෙතින් ප්‍රකාශ නිකුත් කෙරුණත් පාර්ලිමේන්තුව විසුරවීමත් සමඟ ඔවුන් නිහඩ වූ බවක් දක්නට ලැබිණ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ අවස්ථා ගණනක සඳහන් කර සිටියේ මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව අනිවාර්යයෙන් විදුලි සහ ජල බිල්පත් ගාස්තු ඉහළ දමනු ඇති බවය. අනෙක් අතට කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ ලෝකයේ ආර්ථික අර්බුදයක් මතුවුවහොත් ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමටද වැඩි ඉඩක් පවතී. එවැනි තත්වයක් මතුවුවහොත් මෙරට වෙළඳපොල තුළද භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමත් අනිවාර්යයක් වන අතර ජනතාවට ඉන්ධන මිල සහනය වෙනුවට එදාවේල කන්නත් අති දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවීම ගැන අවබෝධ කරගන්න අමුතුවෙන් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නට අවශ්‍ය නොවේ.

කහ කිලෝවක් රුපියල් 750 යි !
කහ කුඩු කිලෝග්‍රෑම් 01කට රුපියල් 750ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
මෙම නියෝගය අප්‍රේල් මස 21 වැනි දින සිට බලපැවැත්වෙන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන ඒ අතර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මේ අතර කහකුඩු මිලදී ගැනීමට තිබේ ද යන්න සහ මිල ගණන් සම්බන්ධව අප වාර්තා කරුවන් යොදවා කොළඹ ,රත්නපුර, මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයක විමසීමේදී කහ කුඩු වෙළෙඳපොළ තුළ හිඟ බව වාර්තා විය.
එසේම ඇතැම් ප්‍රදේශවල මීට දින කිහිපයකට පෙර කිලෝවක් රුපියල් 1000.00 ක සාමාන්‍යයක පැවති බවත් වාර්තා විය.

කොරෝනා අස්සේ ඩොලර් මිලියන 500ක චීන ණයක් !
ශී‍්‍ර ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සැපයීම සදහා චීන සංවර්ධන බැංකුව සමග මෙරට ඊයේ (18) ගිවිසුමකට එළැඹ ඇත.
ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල සහ චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්යක්ෂ වැන් වෙයි විසිනි.
වසර 10කින් ආපසු ගෙවීමේ පදනම මත චීන සංවර්ධන බැංකුව මෙම මූල්‍ය පහසුකම ලබාදී තිබේ.
Page 1 of 15