V2025

ආර්ථික

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට : ඉන්දීය කොටස් වෙළඳපොල පසුබැස්මක !

සෞදි අරාබියට  සහ රුසියාවට  බොර තෙල්  නිෂ්පාදනය ඉහළ නංවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම එම රටවල්  ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 ඉක්මවා තිබෙන  අතර එයා තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල වසර හතරකින්, එනම් 2014 නොවැම්බර් මාසයෙන් පසු ඉහළම අගය සළකුණු කරමින්, පසුගිය 24 වනදා  ඩොලර් 81 යි ශත 16 ක් ලෙස සටහන් වූ අතර ඒ දිනක් තුළ තෙල් මිල 3% කින් ඉහළ යාමක් බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 ඔපෙක් හෙවත් තෙල් අපනයන කරන රටවල සංවිධානයේ විශාලතම නිෂ්පාදකයා වන්නේ සෞදි අරාබිය වන අතර රුසියාව, ඔපෙක් සංවිධානයෙන් පිටත විශාලතම තෙල් නිෂ්පාදකයා වෙයි.

මෙම තත්ත්වය යටතේ තෙල් බැරලයක මිල ලබන වසර මුල භාගයේදී ඇමරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉන්දීය කොටස් වෙළඳපොලේ වාර්තාගත පසුබෑමක !

මේ අතර 24 වනදා වන විට ඉන්දියාවේ කොටස් වෙළෙදපොළ මාස 06කින් පසු දරුණුතම කඩා වැටීම වාර්තා කර ඇති බව දැනගන්නට ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව 24 වනදා  දිනය තුළ එරට කොටස් වෙළෙදපොළ අගය 01%ට වඩා පසුබෑමක් පෙන්නුම් කර ඇති අතර එරට කොටස් වෙළෙදපොලේ BSE දර්ශකය 1.4%කින් සහ  NSE දර්ශකය 1.58%කින් පහළ ගොස් තිබේ.

NSE දර්ශකය  මාර්තු මස 16 වැනිදාට පසුව එතරම් අගයකින් පහළ වැටුණු පළමු අවස්ථාව ලෙස මෙය සැළකෙන අතර ඉන්දීය කොටස් වෙළෙදපොළ විශේෂඥයින් සඳහන් කර ඇත්තේ  ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගම් කිහිපයක කඩාවැටීම,  ලෝක වෙළෙඳපොළේ ඇති අර්බුදකාරී තත්ත්වය සහ  බොරතෙල් මිල ඉහළ යාම ද මීට බලපා ඇති බවය.

Comment (0) Hits: 330

ක්‍ෂුද්‍ර මුල්‍ය සමාගම්වල ගිනි පොලියට තිත තැබීම කඩිනම් කරයි !

දැනට කුඩා මූල්‍ය සමාගම් (ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්) විසින් පාරිභෝගිකයාට ණයදීමේදී අයකරන අධික වාර්ෂික පොලිය 30%කට සීමා කිරීමේ කටයුතු කඩිනම් කිරීමට මුදල් අමාත්‍යංශය තීන්දු කර ඇත. 

අමාත්‍යංශය මෙම තීන්දුව ගෙන තිබෙන්නේ  දැනට ග්‍රාමීය මට්ටමින් ජනතාවට ණය දෙන මෙබඳු ක්ෂුද්‍ර  මූල්‍ය සමාගම් 72%ක් තරම් ඉහළ වාර්ෂික පොලියකට ණය සපයන බවට රජය කළ විමර්ශනවලදී හෙළිදරව් වීම නිසාය. 

එහෙත් දැනට පිළිගත් වාණිජ බැංකුවල පවා ණය පොලී අනුපාතය 20ක පමණ මට්ටමේ පවත්නා බැවින් දිළිඳු ජනතාව සූරාකමින් අසීමිත  පොලී අයකිරීම වැළැක්වීමට රජය මෙම තීරණය ගෙන තිබේ.

සමහර රාජ්‍ය නොවන සංවිධාන හා ප්‍රාදේශීය මූල්‍ය සමාගම් ගොවීන් සුළු ව්‍යාපාරිකයන් වැනි අයට මාසිකව 6ක (වාර්ෂික පොලිය 72කට) ණය නිකුත් කිරීමෙන් ග්‍රාමීය ණයගැති භාවය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශයට වාර්තා වී තිබුණි.

Comment (0) Hits: 444

රුපියල ගොඩගන්න  : රජයෙන් විධිමත් පියවර !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රථවාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක (100% margin on LC) අවශ්‍යතාවයක් තිබිය යුතු යැයි නව රෙගුලාසියක් 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පනවන ලදී.  

තවද, ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය මුදල් ආනයනකරුවන් වෙත කල්බදු ක්‍රමය යටතේ ණය නිකුත් නොකළ යුතු යැයි වාණිජ බැංකු හා මූල්‍ය ආයතන වෙත සීමා පනවා තිබේ.

මෙම නව රෙගුලිසි අනුව, වාහන ආනයනය කරන්නෙකු ඒ සඳහා ඇණවුම් කරන  ණයවර ලිපිය බැංකුව හරහා විවෘත කරන අවස්ථාවේදීම එම වාහනයේ මුළු වටිනාකමට සමාන මුදලක් තමා විසින්ම බැංකුවේදී එක්වර තැන්පත් කිරීම අනිවාර්ය වේ.

මෙය, ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය මත ඇතිවී තිබෙන පීඩනය ලිහිල් කරනු පිණිස රජය මඟින් ගෙන ඇති එක් පියවරකි. මෙයට පෙරද රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් කුඩා මෝටර් රථ මත වූ තීරුබදු ප්‍රමාණයද වැඩිකරන ලදී. කුඩා මෝටර් රථ සඳහා වන තීරුබදු වැඩිකිරීම හේතුවෙන් එවැනි වාහන ආනයනය සීමා වූ අතර ණයවර ලිපි විවෘත කිරීමේදී 19 වනදා  සිට පනවන ලද සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවය හේතුවෙන්ද වාහන ආනයනය සීමා වීම හරහා විදේශ විනිමය රටින් බැහැර වීම සැළකිය යුතු අයුරින් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ සියළු පියවරයන්හි අරමුණ වනුයේ ශ්‍රී ලංකාවෙන් විදේශයන්ට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය අඩුකිරීමය.

වෙළෙඳපළ ඉල්ලුම හා සැපයුම මත විනිමය අනුපාතය තීරණය කිරීමට ඉඩ ප්‍රස්ථා ලබාදී ඇති ආර්ථිකයන්හි එහි ඇතිවන්නා වූ තාවකාලික පීඩනය අවම කිරීම සඳහා රජයන් විසින් වරින් වර අවශ්‍ය මැදිහත් වීම් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයකි.

ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත් වීම ඉදිරියේ දියුණුවෙමින් පවත්නා බොහොමයක් රටවල ඩොලරයට සාපේක්ෂව එම රටවල මුදලේ අගය අවප්‍රමාණය වෙමින් පවතී.

අද වනවිට එනම්, 2018 මැයි මාසයෙන් පසුව ලංකාවේ රුපියල 6% ක පමණ අවප්‍රමාණය වී ඇත. මෙම අවප්‍රමාණ ප්‍රතිශතය අපට වඩා විශාල ආර්ථිකයක් ඇති ඉන්දියාවේ මුදලේ අවප්‍රමාණය 11% කි. පිලිපීනයේ 9% කි. ඔස්ට්‍රේලියාවේ 8% කි. එමෙන්ම, පකිස්ථානය, ඉන්දුනීසියාව, වියට්නාමය ඇතුළු රටවල් බොහොමයක ඩොලරයට සාපේක්ෂව ඒ ඒ රටවල මුදලේ අගය අවප්‍රමාණය වී තිබීම සුලභව දක්නට ලැබෙන සත්‍යයකි.

ඩොලරයේ අගය අඩුවීම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ අවස්ථාවක්ව පැවැති යුගයක්ද තිබිණි. . ශ්‍රී ලංකාවේ 2012 වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල එක් මසක් ඇතුලත 14% කින් අවප්‍රමාණය විය. ඒ වනාහී ලොව අනෙකුත් රටවල ඩොලරයට සාපේක්ෂව ඒ ඒ රටවල මුදලේ අගය ශක්තිමත් වෙමින් තිබූ අවස්ථාවකදීය.

Comment (0) Hits: 355

‘‘ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස්‘‘ ආයතනයේ බලපත්‍රය අවලංගුයි !

මුල්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය ‘‘ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්‘‘ ආයතනයේ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පසුගිය 25 වනදා අවලංගු කර ඇත.

බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස පවත්වාගෙන ගිය ද ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2008 වසරේ සිට මුල්‍ය අර්බුදයකට ලක්වූ අතර ඉකුත් වසර දහයක කාලය පුරාම තැන්පත්කරුවන්ට සිය තැන්පත් මුදල් නැවත ගෙවීමට නොහැකි වී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

‘‘ද ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්‘‘ ආයතනයේ බලපත්‍රයට අමතරව කල්බදු මුල්‍ය කටයුතු කර ගෙනයෑමට ලබාදී තිබූ ලියාපදිංචි සහතිකයද අවලංගු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Comment (0) Hits: 478

ව්‍යාපාරික නොවන වාහන ආනයනයේ : 100% තැන්පත් මුදලේ කතාව මොකක්ද?

ව්‍යාපාරික නොවන වාහන ආනයනයේ දී ණයවර ලිපි නිකුත් කිරීම සඳහා වාණිජ බැංකුවල තැන්පත් කළ යුතු මුදල 100% ක් විය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් ලබාදී ඇත.

ආණ්ඩුව මෙවැනි තීරණයක් ගත්තේ ඇයි ?

වාර්තා වන ආකාරයට මහ බැංකුව මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියලේ අගය වේගයෙන් මේ වන විට පහළ වැටෙමින් පවතින තත්වයක් තුල මෙරට විදෙස් සංචිත විදේශයන්ට ඇදී යාම අවම කිරීම සඳහාය.

වාහන සහ ඩොලරය ඉහළයාම අතර සම්බන්ධය මොකක්ද?

වත්මන් යහපාලන රජය සිය ආරම්භක අවස්ථාවේ සිට  වාහන ගෙන්වීමේදී ලබාදුන් සහන හේතුවෙන් පසුගිය සාමය පුරා  වාහන දහස් ගණනින් මෙරටට ආනයනය කෙරිණ. ඒ හරහා මෙරටින් පිටතට ඩොලර් ඇදීයාමද වේගවත් විය.

එසේම දශක ගණනාවක සිට මෙරට විදෙස් වෙළඳපොල සමඟ සම්බන්ධව සිටින්නේ වැඩි  ආනයනයක් සහ අඩු අපනයනයක් සහිත රටක් වශයෙන්ය. 

රුපියල  අවප්‍රමාණයවීම වළක්වා ගන්නේ කොහොමද ? 

රුපියල  අවප්‍රමාණයවීම අළුත් දෙයක් නොවූවත් අවප්‍රමාණයවීම වලක්වා ගැනීමටද විවිධ ක්‍රම පවතී. ඊට එක් නිදසුනක් වන්නේ  ශ්‍රී ලංකා මහ බැංකුව සතු සංචිත වෙළෙඳපොළට මුදා හරිමින් රුපියල ස්ථාවර කිරීමට උත්සාහ දැරීමය. පසුගිය රාජපක්ෂ පාලනය තුළ දිගින් දිගටම මේ ක්‍රමය අනුගමනය කළ නමුත් ආර්ථිකය සම්බන්ධ විද්වත් මතය වන්නේ  එය දූරදර්ශී ක්‍රියාමාර්ගයක් නොවන බවය.

මේ මොහොතේ ලංකාව මුහුණදී ඇති තත්ත්වය අනුව විද්වත් මතයද වී ඇත්තේ  ශ්‍රී ලංකාව සතු ඩොලර් ප්‍රමාණය විදේශයන්ට ඇදී යාම අවම කිරීම සඳහා ආනයන හැකිතාක් පාලනය කිරීමය. එය කඩිනමින් ගතහැකි වඩාත් දුරදර්ශී පියවරක් බව විද්වත් මතයයි.

එසේම ශ්‍රී ලංකාව තුළට වැඩි වශයෙන් ඩොලර් ගලා ඒම සඳහා අපනයන ඉහළ නැංවීමට කඩිනම් පියවර ගැනීමද අතිශය වැදගත්ය.

එසේම  ණය නොවන විදෙස් ආයෝජන  ඉහළ නැංවීම,  සංචාරක ආදායම් වැඩිකිරීම, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඉහළ නැංවීමට කටයුතු කිරීම වැනි ක්‍රියාමාර්ගද මේ හමුවේ වඩාත් සුදුසු දිගු කාළීන  ක්‍රියාමාර්ග බව විද්වත් අදහසව තිබේ.

රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ ආර්ථිකයේ කඩා වැටීමක්ද ?

කෙසේ නමුත් රුපියලේ මෙම අවප්‍රමාණයවීම ඒකාබද්ධ විපක්ෂය සඳහන්කර සිටින්නේ එය ලංකා ආර්ථිකයේ සමස්ථ කඩාවැටීමක් පෙන්නුම් කරන්නක් වන බවය. නමුත් ඇත්ත ඊට වෙනස්ය.    රුපියලේ අගය පහත වැටීම කාලයක් පුරා මෙරට සිදුව ඇති සාමාන්‍ය කාරණයක් වන අතර  විශේෂයෙන් 1977 ට පසුව සෑම පාලනයක් යටතේම එය සිදුව තිබේ.  ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව සඳහන් කරනවා නම් ජේ.ආර් පාලන සමයේ 350%ක්, රණසිංහ ප්‍රේමදාස පාලන සමයේ 43%ක්, ඩී.බී. විජේතුංග පාලන සමයේ 4%ක්, චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ 107%ක්, මහින්ද රාජපක්ෂ පාලන සමයේ 29%ක්, ලෙස රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළයාම පෙන්වා දිය හැකිය.

එයින් පෙනෙන්නේ  රුපියල අවප්‍රමාණය වීම යන්න හුදු ආර්ථික කඩා වැටීමක් ලෙස ලඝු කල නොහැකි බවය. මේ සම්බන්ධයෙන් මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙසේ වැඩිදුරටත්  කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත. 

https://www.facebook.com/JourneyWithMangala/videos/2250312731871494/

Comment (0) Hits: 405

කළුගඟ ව්‍යාපෘතියට : සෞදි අරමුදලෙන් ඩොලර් මිලියන 16ක් !

දැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්වයන් ඇතුලු විවිධ හේතූන් මත ඉහල ගොස් ඇති බැවින්  සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) විසින් එහි  හිඟයෙන් කොටසක් මූල්‍යයනය කිරීම සඳහා සෞදි රියාල් මිලියන 60ක (ඇ.ඩො. මිලියන16, රුපි. මිලියන 2,560) අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී ඇත.

සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD), අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED) හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID) යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි.

යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 265 වන අතර ඉන්  ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහ කන්ද ජලාශයට හැරවීමට හැකිවේ. මෙම ව්‍යාපෘතිය යටතේ කළුගඟ ද්‍රෝණියේ හෙක්ටයාර 3000ක නව වාරි ප්‍රදේශයක් සංවර්ධනය  කිරීමට අපේක්ෂා කෙරේ.  

මෙම ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්වයන් ඇතුලු විවිධ හේතූන් මත සිදු කරන ලද සැලසුම් සංශෝධනයන් නිසා ඉහල ගොස් ඇති බැවින්  ඉහත පාර්ශවකරුවන් විසින් සපයන ලද අරමුදල් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා ප්‍රමාණවත් නොවන බව හදුනාගෙන ඇත.

අරමුදල් හිඟයෙන් ඉතිරි කොටස මූල්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID)  සමග ගිවිසුම් වලට එළඹ ඇත.

සෞදි රියාල් මිලියන 60ක් වූ අතිරේක ණය මුදලට අදාළ ගිවිසුම 2018 ජූලි මස 18 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා සහ  සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලෙහි  (SFD)  නියෝජ්‍ය සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ  යූසුෆ් ඉබ්රහීම් අල් අබිදුල්රහමාන් අල් බසාම්   මහතා  ගිවිසුමට අත්සන් තැබූහ.

Comment (0) Hits: 416

ආනයනික රෙදිපිළි බදු : 10%කින් පහළට

ආනයනික රෙදිපිළි සඳහා පසුගිය අගෝස්තු 16 සිට ක්‍රියාත්මක වූ 15% වැට් බද්ද 5% දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පසුගිය රජය සමයේ රෙදි ආනයනය සඳහා අය කරනු ලැබුවේ කිලෝවකට රුපියල් 100ක සෙස් බද්දක් පමණි.

එහෙත් රෙදිපිළි ආනයනයේදී ආනයනය කරන රෙදි පිළි සඳහා ඉකුත් රජය පනවා තිබූ රු.100 සෙස් බද්දට අමතරව පසුගිය අගෝස්තු 16දා සිට 15%ක වැට් බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේය. 

එහෙත් රෙදිපිළි කර්මාන්තයේ නියැළී පිරිස්වලින් සිදුකළ කරුණු දැක්වීම් සලකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි රෙදිපිළි ආනයනයේ වැට් බද්ද 5% දක්වා අඩුකිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Comment (0) Hits: 398

ඉන්දීය ආයෝජන ව්‍යාපෘති කිහිපයක් : මේ වසරේ ඇරඹේ !

ඉන්දියාවේ සහය හා ආයෝජන ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතින් කිහිපයකම වැඩ කටයුතු මේ වසර තුළ දී ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ලේකම් විජේ කේශව් ගෝක්ලේ මහතා සමග ඊයේ (13) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී අනාවරණය විය.

අරලියගහ මන්දිරයේ දී පැවති මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයෝජන අවස්ථා වැඩි කරලීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කෙරෙන තාක්‍ෂණ හා වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත් අතර, උතුරේ අවතැන් වූවන් උදෙසා ඉන්දීය සහය ඇතිව ඉදි කෙරෙන නිවාස යෝජනා ක්‍රම පිළිබඳව ද සාකච්ඡා විය.

උතුරේ මාර්ග පද්ධතිය වැඩි දියුණු කරලීම සඳහා ඉදිරිපත් වීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව ද මෙහිදී අනාවරණය විය.

අත්අඩංගුවට පත්ව ඇති ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීම හා ඉන්දීය ආධාර ඇතිව ක්‍රියාත්මක වන "සුවසැරිය"  ගිලන් රථ සේවාව ලබා ඇති ප්‍රගතිය හා ප්‍රසාදය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

Comment (0) Hits: 429

ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගෙවා ආර්ථිකය හදන හැටි මංගල පෙන්වයි !

නිදහස ලැබීමෙන් පසුව වැඩිම ණය ආපසු ගෙවීම මෙම වර්ෂයේ වාර්තා වන බවත් ආසන්න වශයෙන් එය රුපියල් ට්‍රිලියන 1.9ක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කොළඹ දී පැවති   පශ්චාත් උපාධි ආයතනයේ කළමණාකරණ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව අමතමින්ය.

පශ්චාත් උපාධි ආයතනයේ කළමණාකරණ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව අමතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකළ සම්පූර්ණ දේශනය පහත දැක්වේ.

අද දින මා හට මෙම සමුළුව ඇමතීම සදහා ආරාධනා කිරීම පිළිබඳව පළමු කොටම ඔබ සැමටම මම ස්තුතිවන්ත වෙමි. ශ්‍රී ලංකා උද්‍යාන අලංකාර සංවර්ධනය-(2025) වැදගත් හා කාලීන මාතෘකාව පිළිබඳ මාගේ අදහස් ඔබ සමඟ හුවමාරු කර ගැනීමට මා හට අවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම ඔබට මොණරාගල පැවති ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට යම් අවස්ථාවක් ලැබුණි නම්, රජයේ 2025 දර්ශනය පිළිබඳව සමාලෝචනයක් කර ගැනීමට ඔබට අවස්ථාවක් ලැබෙනු ඇත.

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ අවබෝධය තරමක් අපැහැදිලිය.වරාය, ගුවන් තොටුපොළ, විදුලි බලාගාර, හා වෙනත් යටිතල පහසුකම් වෙනුවෙන් සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී ඇත.

මෙගා වැඩ තිබුණට වැඩක් නැත්තේ ඇයි ?

වරායක් ගොඩනගන්නේනම් එය ආර්ථික කටයුත්තක් සඳහාද නොවේනම් හෝ වෙළඳ ගුවන්යානා ආකර්ෂණය නොවන ගුවන් තොටුපළක් පවතීද, එයින් දළදේශීය නිෂ්පාදිතය වැඩිකළ හැකිවුවත් එය සංවර්ධනයක් ලෙස සැළකිය නොහැකි වේ. සංවර්ධනය සාපේක්ෂව අර්ථ දක්වන්නේනම් ජාතියේ ආර්ථික, සාමාජීය, දේශපාලන යහපැවැත්ම තහවුරු කරන ක්‍රියාවලිය එය වේ.මා විශ්වාස කරනවා රටක් සංවර්ධනය කිරීමේ වැදගත් අංශ දෙක වන්නේ ප්‍රජාතන්තවාදය ළගා කරගැනීමත් සහ ජනවාර්ගික ගැටලුවලින් හෙබි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් ගොඩනැගීමක් ලෙසය.

පුරවැසියන්ගේ දේශපාලන නිදහස හා එහි ප්‍රතිලාභ ගැන බොහෝ අය කතා කරතත් ඒ වාගේම බහු ආගමික මෙන්ම, විවිධාකාර ලෙස ඒකාබද්ධ වූ රටක් ලෙස රජයේ කැපවීම තුළින් බහු නිර්මාණශීලී ස්වරූපය දැකිය හැකි වේ.මම අද සිටන්ම ආර්ථික සංවර්ධනය සඳහා යොමුවෙමි. ආර්ථික සුබසාධනය වෙනුවෙන් නියමාකාර වැටුප් වර්ධනයක් මෙන්ම පරිපූර්ණ රැකියා බිහිකිරීමේ ප්‍රාථමික මිනුම් දඩු ලෙස මෙය ගෙනහැර දැක්විය හැකිය.ණය අර්බුදයේ ආර්ථික හානිය !

වත්මන් සම්බන්ධතාවය තුළ ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් අප ඉහළ ආදායම් මට්ටමකට ළගාවීම හේතුවෙන් ශ්‍රම පිරිවැයේ වාසි තවදුරටත් ලබාගත නොහැකි වේ. මෙය ඇත්ත වශයෙන්ම එය හොද දෙයකි.අප තවදුරටත් විශාල ව්‍යාපෘති සදහා මහජන මුදල් ආයෝජන කිරීමට මූල්‍ය අවකාශ නොපවතී.මෙය නිදර්ශනයක් වශයෙන් පෙන්නුම් කරයිනම් 2017 වසර තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1670 වේ.2017 වසරේදී සමස්ථ ණය සේවා ගෙවීම රුපියල් බිලියන 1603 ක් විය.

2010 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර 05 තුළ සාමාන්‍ය වාර්ෂික ණය සේවා ගෙවීම රුපියල් බිලියන 990කි.2017 වසර හා සැසඳීමේදී 2018 වසරේදී වාර්ෂික ණය සේවා ගෙවීම දෙගුණ වී ඇත.

නිදහස ලැබීමෙන් පසුව වැඩිම ණය ආපසු ගෙවීම වාර්තා වන්නේ මෙම වර්ෂයේ ය.ආසන්න වශයෙන් එය රුපියල් ට්‍රිලියන 1.9කි.එය 2015 වසරේ කළ පිරිවැයෙන් ආසන්න වශයෙන් 82% කි.එබැවින් සංවර්ධනය හා අනාගත ආර්ථික සංවර්ධනය කිරීම පිණිස වඩාත් දුෂ්කර වූ හා අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ රජයට අවශ්‍ය වන බව පැහැදිලිය.

මෙය ආර්ථිකයේ තරගකාරීත්වය ඉහළ නංවන අතර එමගින් සේවකයෙකු සදහා වන නිමැවුම ඉහළ යන අතර ඒ තුළින් සැබෑ ඉහළ වැටුප් තත්වයන් පිළිබිඹු වේ.අභියෝගය එලෙසම පවතිද්දී රජය ආර්ථිකයේ තරගකාරීත්වය වඩාත් යහපත් ලෙස දියුණු කරන්නේ කෙසේද? තරගකාරීත්වය පවත්වාගෙන යෑමට එක් ශ්‍රමිකයෙකු සදහා නිමැවුම සුබවාදී ලෙස ක්‍රියාත්මක කිරීමේදී ආර්ථික සම්පත් ඒ ඒ ක්‍රියාකාරකම් සදහා යොමු කිරීමට අවශ්‍ය වේ.මේ අංශවල ආර්ථික ක්‍රියාකාරිත්වය විතැන්වීමක් අවශ්‍ය වන බවත් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් තරගකාරී වන අතර අප තරගකාරී නොවන ක්ෂේත්‍ර වලින් ඉවත් විය යුතු වේ.

උදාහරණයක් ලෙස ශ්‍රම හමුදාවෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් කෘෂිකර්මාන්ත‍යේ නියුක්ත වී සිටින අතර එය දළ දේශීය නිශ්පාදිතයෙන් 9%ක් වන බව අපි සියලු දෙනාම දනිමු.

තරඟකාරී නොවන කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම මගින් අප අඩු වේතනයක් සහිත ආර්ථික ක්‍රියාකාරිත්වයකින් හෙබි ගොවීන් නතු කර ගැනිමේ ඵලදායි බවක් අපට පෙන්වයි. මෙලෙස එක් එක් ගොවියාට ලැබෙන ආදායම සහ එක් එක් ගොවියාගේ නිමැවුම යහපත් මට්ටමකට ගෙන ඒම පිණිස ඉහළ කෘෂිකාර්මික වටිනාකමක් ඇති තත්වයකට ක්‍රමයෙන් මාරු වීමට අපට අවශ්‍ය වන බව පැහැදිලිය.

ආර්ථිකය හදන්න තාක්ෂණයේ සහ ආයෝජනයේ අවශ්‍යතාව !

එම ඉලක්කය කරා ගමන් කිරීමට දේශීය පුද්ගලික ආයෝජන හා ස්ථාවර සෘජු ආයෝජන යන දෙකටම තාක්ෂණය හා ආයෝජනය අවශ්‍ය වේ.මෙම එකම මූලධර්මය සියළු ආර්ථික අංශවලට අදාල වන අතර ඒවායින් බොහෝමයක් තරගකාරී නොවන නමුත් ආරක්ෂා සහිත වන බවත් එය තරගකාරිත්වය නවෝත්පාදනය නියම සැබෑ වැටුප් වර්ධනයට බලපාන අතර පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමටද ඉහළ පිරිවැයක් දැරීමට සිදුවේ. මේ සම්බන්ධ‍යෙන් රජය දේශීය වෙළදපොළ ආරක්ෂා කිරීම තුළින් ගමන්කරන ආර්ථිකයකින් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන්මග වෙනත් මගකට යොමුකිරීමට රජය නව ව්‍යාපාර ආරම්භ කරගනිමින් ආර්ථිකය වඩාත් පරිබාහිර වූ දිශාවකට යොමු කර තිබේ.අපගේ ආර්ථික වර්ධනයේ අනාගතය, අපනයන ව්‍යවසායකත්වය, ස්ථාවර සෘජු ආයෝජන හා පුද්ගලික ව්‍යවසාය ඔස්සේ එය සකස්විය යුතුය.

ගෝලීය තරගකාරී අංශයන්හි රැකියා බිහිකිරීම කෙරේ පුද්ගලික ආයෝජනය ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ.තොරතුරු තාක්ෂණය හා ඇගලුම් ක්ෂේත්‍රයන්හි සාර්ථක දියුණුවක් අතීතයේ අප ලබා තිබෙනවා.නමුත් මෙය බොහෝ අනෙකුත් අංශ කෙරේ බල පවත්වයි. ආර්ථිකයේ ශක්‍යතාවය ගොඩනැගීම සදහා පවතින සීමා ලිහිල් කිරීමට අප ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින අතර ආර්ථිකය ක්‍රමානුකූලව ලිහිල් කිරීම තුළින් පුද්ගලික ආයෝජනය ආකර්ෂණය කිරීම සහ වඩා තරගකාරී හැගීම් ලබාදෙන නමුත් තරගකාරීත්වය මගිත් අයහපත් ප්‍රතිඵල එල්ලවීම වැළැක්වීමට ආරක්ෂක ජාලයක් සපයනු ලබයි.

නව ආරක්ෂණ නීතිවල අවශ්‍යතාව !

තරගකාරීත්වය සඳහා දිරිමත් කිරීම හා ජීවන වියදම් අවම කරගැනීම ක්‍රමයෙන් අඩුකිරීමට තීරු බදුවලට අමතරව අය කරන ගාස්තු හා වෙනත් අයකිරීම් සඳහා ක්‍රමවේදයක් අනුගමනය කරන අතර අසාධාරණ වෙළඳ පිළිවෙත් ආරක්ෂා කිරීම අප දැනටමත් අනුමත කිරීමට එරෙහිව ඒවා ඉවත්කර නව ආරක්ෂණ නීතිරීති අප දැනටමත් අනුමත කර තිබේ.
තරගාකාරීත්වයේ බලපෑමට ලක්වන එම සමාගම්වල තරගකාරීත්වය වැඩි කිරීම සඳහා සමාගම්වලට නැවත පුහුණු කළ හැකි කම්කරුවන්ට සහනදායී මූල්‍යාධාර වැඩසටහනක් රජය සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූ ගෝලීය පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ඵලදායීතාවය අවශ්‍යවන අංශවලට ආයෝජනය ආකර්ෂණය කර ගැනීම සඳහා වෙළඳ ප්‍රවේශය උසස් තත්වයකට පත්කිරීම පිණිස වෙළඳ ගිවිසුම් මාලාවක් සාකච්ඡාවට භාජනය කරමින් පවතී. යුරෝපා සංගමයේ GSP + දැනටමත් අපනයන වෙළඳපළ ප්‍රවේශයන් සඳහා විශාල ශක්තියක් සපයා දී ඇති අතර ඉන්දියාව හා චීනය සමඟ කරගෙන යන සාකච්ඡා ආයෝජන සඳහා අපේ රට තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

වෙළඳ ආයෝජන අතර සම්බන්ධතාවය උපරිම ළුලදායීතාවක් වර්ධනය කිරීම පිණිස පුරවැසියන්ගේ සැබෑ වැටුප් වර්ධනයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉහළ වටිනාකමකින් යුත් රැකියා උත්පාදනය හා තාක්ෂණය ළඟා කරගැනීමට හැකියාව ලැබේ. වෙළඳපළ ප්‍රවේශය ලබාදීමට අමතරව ආයෝජකයින් සඳහා සැපයුම් අංශයේ අවහිරතා පිළිබඳව කතා කිරීම අත්‍යවශ්‍ය වේ.විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පරිපාලන ක්‍රීයාවලියේ දී තාක්ෂණය භාවිතා කිරීම මගින් ලංකාව තුළ ව්‍යාපාර පවත්වා ගැනීමේ පහසුව සඳහා වඩාත් යහපත් තවට පත්කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

පසුගිය සතියේ මාර්ගස්ථ ඉදිකිරීම් බලපත්‍ර ලබාදීම දියත් කරන ලද අතර ඒ සඳහා ගතවන කාළය හා වියදම් කැපී පෙනෙන ලෙස අඩු කරන ලදී. පැය 24 තුළ සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා මාර්ගස්ථ සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලදී.මේ සියළු ක්‍රියාමාර්ගයන් ආයෝජන පිරිවැය සැළකිය යුතු ලෙස අඩුකරනු ලබයි.
දිගු කාලීන සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු නිරීම සඳහා තීරණාත්මක ප්‍රතිසංස්කරණ අප ක්‍රියාත්මක කර තිබෙනවා.එහෙත් හ්‍රී ලංකාව සදහා මූල්‍ය ස්ථායීකරණය ඵෙතිහාසික මට්ටමේ ප්‍රධාන අභියෝගයක් ලෙස පවතී.දියුණු ප්‍රතිපත්ති මොකටද ?

දේශීය ආදායම් පනත හා වෙළදපළ පදනම් කරගත් ඉන්ධන මිල සූත්‍රය හදුන්වාදීම ,රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය සම්බන්ධයෙන් ගත් ප්‍රධාන පියවරයන් වේ.2017 වසරේ අයවැය තුළ ප්‍රාථමික අතිරික්තයන් දශක ගණනාවක් තිස්සේ පළමුවරට අප ලබාගත්තා. මෙම මූල්‍ය නවීකරණයේ ප්‍රතිඵල දැනටමත් පසුගිය මස දෙක තුළ භාණ්ඩාගාර බිල්පත් ආදායම් පදනම් කරගනිමින් ලකුණු 60කින් අඩුවී ඇති බැවින් පොළී අනුපාතයන් ගැළපෙන පරිදි සකස් කිරීමට පටන්ගෙන ඇත.

අපනයනය කරන ලද අපනයන ප්‍රමාණය 2017 දී ඉහළ මට්ටමක පැවතියත් ගෝලීය පොළී අනුපාතය ඉහළ යෑම හමුවේ විදේශ සංචිත හිතකර මට්ටම් කරා ළගා වී ඇති අතර උද්ධමනය ඉලක්කගත පරාසය තුළ පවතී.එබැවින් අස්ථාවර ගෝලීය තත්වයන් හා බාහිර විශාල ණය බැදීම් නොතකා සාර්ව ආර්ථිකය ස්ථාවර මට්ටමක් ඇතිකිරීම පිණිස රජය සාර්ථකව ගමන් කරන බව පැහැදිලිය.

ග්‍රාමීය සහ නාගරික ආර්ථිකය නංවන්න නම් !

අපට ලැබෙන ප්‍රතිලාභ පිළිගනිමින් පැහැදිලිවූත් කෙටිකාලීනවූත් රජයේ ප්‍රමුඛතාව වන්නේ ආර්ථික වර්ධනය ආරම්භ කිරීමට යම් පියවරක් ගැනීමයි.ග්‍රාමීය හා නාගරික යන ආර්ථිකයන් දෙකටම පරිවර්තනීය බලපෑමක් ඇති කළ හැකි පරිදි ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා හා ගම්පෙරළිය යන ප්‍රධාන වැඩසටහන් දෙක ඔස්සේ අප එය කඩිනම් කර ඇත.

පෞද්ගලික ආයෝජනය තුළින් ආර්ථික ක්‍රියාකාරකම් උත්තේජනය කිරීම හා කුඩා ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන මගින් ඉලක්ක කරගත් පොළී සහනාධාර රාශියක් සපයයි.ගම්පෙරළිය යටිතල පහසුකම් සදහා කඩිනම් රාජ්‍ය ආයෝජන වැඩසටහන මගින්ද ගම්බද ආර්ථිකයට ජීවය ලබාදේ.වසර දෙකක නියගය නිසා ඇතිවූ අසාර්ථකත්වය නැවත යථා තත්වයට පත්කිරීමට මෙය මහෝපකාරී වේ.

හිතකර ආර්ථික පරිසරයක් නිර්මාණය කර තිබීම නොසළකා අපේ රටේ විශාලතම සම්පත වන එහි ජනතාවගේ ආයෝජනයකින් තොරව රට සැබවින්ම සංවර්ධනය නොවනු ඇත.අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාවන් සදහා වියදම් කිරීමට මෙම රජය ප්‍රමුඛතාවය ලබා දී තිබේ.

2017 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ,කුසලතා හා වෘත්තීය පුහුණුව සඳහා වූ වියදම 2%කි. 2018 වසරේදී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1 වනු ඇත.2017 වසර තුළ සෞඛ්‍යමත කරන ලද වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.55 ක්ද, එය මේ වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.66 ක්ද වනු ඇත.

සමාජ යටිතල ව්‍යුහය මත එවැනි වියදම් මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස දැකිය හැකි වුවත් ජනතාවගේ සුබසිද්ධිය සදහා ඉන් අර්ථවත් බලපෑමක් වනු ඇත.අන්තර් ජාතික හවුල් කාරීත්වයන් දැඩි ලෙස විශ්වාස කරන රජයක් ලෙස හුදකලා නොවී අපගේ සමස්ථ ජනතාවගේ පූර්ණ හැකියාවන් තේරුම් ගෙන ඒවා සාක්ෂාත් කරගැනීම සදහා 2030 වන විට එක්සත් ජාතීන්ගේ සුබසාධන ඉලක්ක සපුරා ගැනීමට අප පොරොවන්දු වී තිබේ.

අපගේ දර්ශනය 2025 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් කර ඇති දැනුම පදනම් කර ගනිමින් ඉහළ තරගකාරී සමාජීය වෙළඳපළ ආර්ථිකයක කොටස්කරුවෙකු ලෙස මුහුණ දීමට මේ රටේ සෑම පුරවැසියෙකුටම හැකි වේ.

එබැවින් මෙම රජය කෙටිකාලීන ප්‍රතිලාභ ලබා ගත හැකි ජනප්‍රිය ආර්ථික මැදිහත්වීම් සදහා පහසු කෙටිමාර්ග නොපවතින නමුත් එය දීර්ඝකාලීන වේදනාවකට තුඩු දෙනු ඇත.
අප අතීතයේ ක්‍රියාත්මක වූ මෙවැනි කල්පනාකාරි ප්‍රතිපත්තිවලින් අපට අහිතකර බලපෑම් උරැම වී ඇති නමුත් එකම එක ගමන්මාර්ගයේ ගමන්කිරීම තෝරා නොගත යුතුය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සඳහා තිරසාර දිගුකාලීන විසදුම්  !

ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිණිස තිරසාර දිගුකාලීන විසදුම් සදහා මැනවින් සිතාගත හැකි මිනුම්දඩු රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතී.මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ ක්ෂණිකව මුළුමනින්ම ඉස්මතු කළ නොහැකි නමුත් සියළු පාර්ශවකරුවන්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයන් සමග සාමූහිකව ශක්තිමත් බවත් තිරසාර හා සාධාරණ ආර්ථිකයක් සහිත සමාජයක් ගොඩනැගීමේ අවස්ථාව අපට ලැබී තිබේ.

Comment (0) Hits: 419

පාන් හැර බේකරි නිෂ්පාදන මිල ඉහළට !

පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.එහි සභාපති එන්.කේ.ජයවර්ධන මාධ්‍යවෙත සඳහන් කර ඇත්තේ  බනිස්, මාළු පාන්, වියන්රෝල් මිල ඉහළ ගිය ආහාර අතර වන බව ය.

එසේම පාන් මිල සම්බන්ධයෙන් රජයෙන් සහනයක් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර ඇත.

Comment (0) Hits: 394

සිංගප්පූරු ගිවිසුම පිළිබඳ ඇත්ත නැත්ත  

නිදහස් වෙළඳ ගිවිසුම්වලට ඇතුලත් වීමට අවශ්‍යද?

ලෝක වෙළඳ සංවිධානය යටතේ බහු පාර්ශ්වික වෙළඳාම ලිහිල්කරණය අඩපන වීම  හේතුවෙන් අවට ලෝකය, කලාපීය හා ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම් සමග  වේගයෙන් ඉදිරියට යාම කැපී පෙනෙන ප්‍රවනතාවයක් වී ඇත. මේවනවිට කලාපීය වෙළඳ ගිවිසුම් 419 ක් දක්නට ඇත.

සාර්ක් කලාපයට අයත් දකුණු ආසියානු රටවල් දෙස බලන විට, වෙනත් රටවල වෙළඳපොලට තීරුබදු රහිතව හෝ වරණීයව ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව  අනෙක් රටවල් වලට වඩා බොහෝ සෙයින් පිටුපසින් සිටී. බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින සහ ඇෆ්ගනිස්ථානය යන සාර්ක් කලාපයේ ඌන සංවර්ධිත රටවල්, යුරෝපීය සංගමයේ හා ඉන්දියානු වෙළඳපොළ සඳහා තීරුබදු නිදහස් ප්‍රවේශය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇත. සැබැවින්ම, සාර්ක් කලාපයට අයත් ඌන සංවර්ධිත රටවල් වල අපනයනවලින් 84% කට ආසන්න ප්‍රමාණයකට විශාල වශයෙන් ලෝකයට බදු රහිතව ප්‍රවේශවීමේ හැකියාව ඇත. 

පසුගිය දශකය තුළ ඉන්දියාව, විවිධාකාර ප්‍රඥප්ති සහ විස්තීර්ණ වෙළඳ ගිවිසුම් මගින් ආසියාන්, ජපානය, හා දකුණු කොරියාව සඳහා වරණීය වෙළඳපොල ප්‍රවේශයක් ලබා ඇත. පාකිස්ථානය ද  චීනය, මැලේසියාව සහ ශ්‍රී ලංකාව සමග නිදහස් වෙළඳ ගිවිසුම් වලට අවතීර්ණ වී ඇති අතර යුරෝපා සංගමයේ වෙළෙඳපොළ තුළ GSP+ ප්‍රතිලාභය ද ලබයි. සංසන්දනාත්මකව, ශ්‍රී ලංකාවට වරණීය වෙළඳපොළ ප්‍රවේශය ඇත්තේ ඉන්දියාවට සහ පකිස්ථානයට (සහ ඇප්ටා ගිවිසුම යටතේ ඉන්දියාව හා බංගලාදේශයටද හිමිව ඇති චීන හා කොරියානු වෙළඳපොල සඳහා වරණීය පිවිසුම)   පමණි. මේ අනුව බැලූ කළ සිය වෙළඳ පාර්ශවකරුවන් සඳහා වරණීය වෙළඳ ප්‍රවේශයක් ලබාගැනීමේදී පැහැදිලිවම, ශ්‍රී ලංකාව සිටිනුයේ සිය දකුණු ආසියානු අසල්වැසි රටවලට පවා පිටුපසිනි.

එසේ හෙයින් ශ්‍රී ලංකාව,  කළයුතු  වන්නේ   සාම්ප්‍රදායික ප්‍රධාන වෙළඳ පොළවල් දෙක වන එක්සත් ජනපදය හා යුරෝපා සංගමය සමග වන වෙළඳාමෙහි වේගවත් වර්ධනයක් සහතික කරන  අතරතුර ගෝලීය නිෂ්පාදන ජාලය සමග සම්බන්ධ වීම සඳහා නැගී එන දකුණු ආසියානු හා ඈත පෙරදිග රටවල් හා  අග්නිදිග ආසියානු කලාපයේ වෙළඳ හවුල්කරුවන් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළබීමයි. ඒ අනුව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලදී.

රජයට වෙළඳාම පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් පවතීද?

ඔව්

මෙම නව වෙළඳ ප්‍රතිපත්තිය වංචනික ලියවිල්ලක්ද ?

වෙළඳාමට අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීම විවිධ ආයතනවල අධිකාරිය යටතේ සිදුවීම හේතුවෙන් වෙළඳාම සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම් දිශානතියකින් තොරවී සිදු වී ඇති බව මෙම අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කරන ලදී. එවැනි තීරණ හිටි අඩියේ ගනු ලැබීම මෙම අක්‍රමවත් භාවයට හේතුවී ඇත. ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් තීරණ වල ව්‍යාකූලත්වයට හා දිශානතියකින් තොර වීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළදාමේ කාර්යසාධනය දුර්වල වී ඇත. මෙම තත්ත්වය හඳුනාගනිමින් විවිධ දිශානතීන් කෙරෙහි එල්ලවී ඇති ප්‍රතිපත්තිමය තීරණ, පැහැදිලි දැක්මක් සහිත එක් තලයකට ගෙන ඒම අරමුණු කොට ගෙන නව වෙළඳ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට රජය විසින් තීරණය කරන ලදී.

වෙළඳ ප්‍රතිපත්තිය සම්පාදනය බහුපාර්ශවීය ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිදු කරන ලද අතර ඒ සඳහා 2016 මැයි මාසයේ සිට 2017 මැයි මාසය දක්වා වසරක පමණ කාලයක් ගතවිය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සම්පාදනය කරන ලද එය “නව වෙළඳ ප්‍රතිපත්තිය” ලෙස නම් කරන ලද අතර මෙම ප්‍රතිපත්තිය මගින් අපැහැදිලිතාවයන්ගෙන් යුක්ක වූ විවිධ වෙළඳ ප්‍රතිපත්තීන් බොහෝ දුරට එක් තලයකට ගෙන එමින් රටෙහි වෙළඳ තන්ත්‍රයට පුළුල් රාමුවක් සහිතව නව මුහුණුවරක් සැපයීමට සමත් විය. මෙවැනි පසුබිමක් යටතේ රජයේ සංවර්ධන අරමුණු,  ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳාමේ ඇති සාපේක්ෂ වාසි, පසුගිය වසර වල කාර්ය සාධනය, වෙනත් රටවල ප්‍රතිපත්ති සම්පාදන අත්දැකීම් මෙහිදී සැලකිල්ලට ගන්නා ලදී.

මෙම ප්‍රතිපත්තිය කමිටු දෙකක් මඟින් සම්පාදනය කරනු ලැබූ අතර, එක් එක් කමිටු රජයේ විවිධ ආයතනයන්හි නියෝජිතයන්ගේ සමන්විත විය. අවසාන වශයෙන් සම්පාදනය කරන ලද ඉලක්ක ගත වාර්තාව අතිගරු ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශක ආචාර්ය සරත් රාජපතිරණ මහතාගේ මූලිකත්වය ඇතිව සැදුම්ලත් කිහිපදෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් වෙත සකස් කිරීම සඳහා යොමු කෙරිණි. මේ සඳහා මහජන මත විමසීම සඳහා ද ප්‍රසිද්ධියට පත්කර අවස්ථාව සලසා දෙන ලදී.

ජාතික වෙළඳ ප්‍රතිපත්තියට එනම් නව වෙළද ප්‍රතිපත්තියට 2017 අගෝස්තු 1 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණ. කැබිනට් මණ්ඩලය විසින් නව වෙළඳ ප්‍රතිපත්තියේ අඩංගු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයට හා අදාල රේඛීය අමාත්‍යාංශ වලට නියෝග කොට තිබේ

මෙම ගිවිසුම හොර රහසේ කරන ලද්දක්ද ?

ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම 2016 වර්ෂයේ ජූලි 07 වන දා ආරම්භ කර, මාස 18 ක් පමණ කාලයක් පුරා සාකච්ඡා වට 8 ක් පවත්වන ලද අතර අවසන් සාකච්ඡා වටය 2017 නොවැම්බර් මස13 – 14 දිනයන්හි පවත්වන ලදී. මෙම සාකච්ඡාවන් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත ජාතික කමිටුව විසින් සහ අදාල සියළුම ක්ෂේත්‍රයන් හි ප්‍රධානත්වයෙන් යුතු එම සියළුම රාජ්‍ය ආයතනයන්හි නියෝජිතයන්ගෙන් සමන්විත උප කමිටු 12  විසින් මෙහෙයවන ලදී. මාස 18 ක් පමණ වූ සාකච්ඡා කාලපරිච්ඡේදය තුල වානිජ  මණ්ඩල, කර්මාන්ත, සංගම්, වෘත්තීය සංගම් යනාදී පුළුල් පරාසයක පාර්ශවකරුවන් සමඟඋපදේශන / මතවිමසීම් සාකච්ඡා 20 කට අධික ප්‍රමාණයක් පවත්වන ලදී. එම සාකච්ඡා සමහරක් දැනට පවත්නා නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ පොදු වශයෙන් සිදුවූ අතර සමහරක් අදාල භාණ්ඩ සේවා හෝ ආයෝජන ක්ෂේත්‍රවල නිදහස් කිරීම් පරිමාණ තීරණය කිරීමට අදාලව විවිධ සංගම් සහ වාණිජ මණ්ඩල සමඟ අදාල අනුකමිටු විසින් වෙන් වෙන් වශයෙන්ද සාකච්ඡා පවත්වන ලදී.

ගිවිසුමෙහි තත්ත්වය පිළිබදව වරින්වර වාර්තා කර ඉදිරිපත් කිරීම මඟින් සාකච්ඡා ක්‍රියාවලියේදී ගන්නා ලද  ස්ථාවරයන් පිළිබඳ කැබිනට් මණ්ඩලය නිරන්තරව දැනුවත් කරන ලදී. අවසානයේදී, ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ පළමු කෙටුම්පත 2017.12.22 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය 2018.01.02 හා  2018.01.09 වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලදී අතිගරු ජනාධිපති තුමා ඇතුළු  කැබිනට් අමාත්‍ය වරුන් 14 දෙනෙකුගේ නිරීක්ෂණයන් සමග සාකච්ඡාවට බඳුන් කරන ලදී. එසේම නීතිපති තුමාගේ අනුමැතිය සමග 2018.01.16 කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවන ලදී. කෙසේ වුවද ප්‍රපාතන විරෝධී, ප්‍රතිතෝලන හා ආරක්ෂණ විධි පනත් සම්මත කර ගැනීමෙන් පසුව ගිවිසුම 2018.05.01 දින සිට බලාත්මක කරන ලදී.

මෙම ගිවිසුම අත්සන් කළ වහාම සියළුම  භාණ්ඩ සඳහා වෙළඳ තීරුබදු ඉවත් වන්නේද?

ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම තීරු බදු රේඛා 7,438 කින් සමන්විත වේ.

සිංගප්පූරුවට පමණක් නොව, වෙනත් සියළුම රටවලට ශ්‍රී ලංකාවේ තීරු බදු රේඛා සුළු ප්‍රමාණයක් හැර, තීරු බදු රේඛා 50% ක්  (භාණ්ඩ 3,719) දැනටමත් තීරු බදු රහිත ඒවා වන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. මූදල් හා ජනමාධ්‍ය අමාත්‍යාශයේ උපදේශනය හා එකඟත්වය මත සිදු කරනු ලැබු ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ තීරු බදු ලිහිල් කිරීමේ වැඩසටහන (TLP) , දේශීය කර්මාන්ත හා ආදායම එකතු කිරීම සඳහා අවම බලපෑමක් ඇති කිරීම සඳහා සැලසුම් සහගතව සකස් කරන ලදී.

මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව විසින් වසර 12 සිට 15 දක්වා කාලයක් තුළදී සිය තීරු ගාස්තු රේඛාවලින් 80% ක් ලිහිල් කිරීම සඳහා කටයුතු කර ඇත. මුලින් සඳහන් කල පරිදි එයින් සුළු ප්‍රමාණයක් හැර, තීරු බදු රේඛා 3,719 දැනටමත් තීරුබදු රහිත ඒවා වන බැවින්, මුළු තීරුබදු රේඛා වලින් 50% ක් මෙම ගිවිසුම බලාත්මක වන විටම ලිහිල් කරනය වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ආදායම හෝ දේශීය කර්මාන්ත මත ක්ෂනිකව බලපෑමක් සිදු නොවනු ඇත. ඉන් අනතුරුව, තීරු බදු රේඛාවලින් 15% ක් හෝ අයිතම 1,116 ක් පළමුවන අවුරුද්දේ සිට හය වන අවුරුද්ද දක්වා වන කාල සීමාවේදී සමාන වාරික වලින් ඉවත් කරනු ලබන අතර තීරු බදු රේඛාවලින් 14.3% ක් හෝ අයිතම 1,064 ක් සමාන වන වාරිකවලින් හත්වැනි අවුරුද්දේ සිට දොළොස් වන අවුරුද්ද දක්වා කාලය තුලදී ඉවත් කිරීම  සහ, 0.7% ක් හෝ අයිතම 51 ක් එකොළොස් වැනිඅවුරුද්දේ සිට පහළොස් වසර දක්වා කාලය තුලදී ඉවත් කිරීම සිදු කරනු ලැබේ. එබැවින් මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ වහාම සියළුම  භාණ්ඩ සඳහා වෙළඳ තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් නොවනු ඇත.

මෙම ගිවිසුම නිසා දේශීය කර්මාන්ත  තර්ජනයට ලක්වේද? 

සිංගප්පූරුව සිය  වෙළඳ පාර්ශවකරුවන් සමඟ අත්සන් කරන ලද සියලුම වෙළඳ ගිවිසුම්වල පාහේ තීරු බදු නිදහස්  මට්ටම සියයට 90% ක් හෝ ඊට වඩා වැඩි මට්ටමක පවති. සන්සන්දනාත්මකව ශ්‍රී ලංකාවට තීරු බදු ලිහිල්කරණය 80% සීමා කිරීමට හැකි වී ඇති අතර එමඟින් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට හා ආදායම් පිළිබද අහිතකර තත්ත්වයක් ඇතිවීම වලක්වා ගැනීම සඳහා තීරු බදු රේඛාවලින් 20% ක් වන අයිතම 1,487 ක් නිෂේධ ලැයිස්තුවේ තබා ඇත. ඉහළ MFN ගාස්තු ඇති පාවහන්, රසකැවිලි සහ වෙනත් බොහෝ අයිතමයන් නිෂේධ ලැයිස්තුවක තබා ගැනීමෙන් පාරිභෝගිකයින්ගේ විශාල කොටසකට වාසියක් නොවන බව කෙනෙකුට තර්ක කළ හැකි වෙතත්, දේශීය වශයෙන් ඇති සංවේදීතාවය හේතුවෙන් එම සංවේදී අයිතමයන් නිෂේධ ලැයිස්තුවේ තබා ඇත.

තවද වෙළඳ පිළියම් පරිච්ඡෙදයෙහි ද්විපාර්ශවිය ආරක්ෂණ ක්‍රියා විධි කොටස යටතේ,  ගිවිසුම ක්‍රියාත්මක කරන කාලයේදී තීරුබදු අඩුකිරීම නිසා දේශීය කර්මාන්ත වලට බලපෑම් ඇති කරමින් සිංගප්පූරුවෙන් සිදුකරන ආනයන ඉහළ  ගියහොත් නැවත MFN මට්ටමට තීරුබදු ඉහල නැංවීමට ප්‍රතිපාදන ඇතිකර ඇත. ඒ අනුව, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට මෙම ගිවිසුමෙහි ප්‍රතිපාදන ඇතුලත් කොට ඇත.  එයට අමතරව, තීරුබදු අඩුකළ පමණටම මෙරටට ඒ ඔස්සේ භාණ්ඩ ආනයනය කල නොහැකි අතර අදාල වරප්‍රසාද ලබා ගැනීම සඳහා ප්‍රභවය පිලිබඳ රීති සම්පුර්ණ කල යුතුය. එසේම  ආනයන බලපත්‍ර ලබාගත යුතු භාණ්ඩ ආනයනයට අදාළ ආනයන බලපත්‍ර ලබාගතයුතු අතර මානව,සත්ව හා ශාක ආරක්ෂණය සඳහා අදාල වන රෙගුලාසිද එලෙසින්ම බලපානු ඇත.
 
මෙම ගිවිසුම හරහා සිංගප්පූරුව හැර වෙනත් රටක ( ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි) ප්‍රභවය වන භාණ්ඩ ශ්‍රී ලංකාවට පැමිණිය හැකිද?

යම් භාණ්ඩයක් ශ්‍රී ලංකාවට අපනයන කිරීමට නම් එයට සිංගප්පූරුවේ සැලකිය යුතු අගය එකතු කිරීමක් හෝ සැකසීමක් සිදු වන බව සහතික කිරීම සඳහා අවම වශයෙන් 35% අගය එකතු කිරීමේ සීමාවක් හෝ තීරු බදු ශීර්ෂ සංඛ්‍යාංක 4 මට්ටමේ වෙනස් වීමක් සිදුවිය යුතු බවට ගිවිසුම අනුව නියම කොට ඇත. ආසියාන් (ASEAN) රටවල් හි සමුච්චිතය (cumulative) මත පදනම්ව භාණ්ඩ ප්‍රභවය පිළිබඳ රීති ගණනය කිරීමේ සිංගප්පූරු යෝජනාවට ශ්‍රී ලංකාව එකඟතාවය පල නොකරන ලදී. එම නිසා ආසියානු සමාජීය රටවල් ප්‍රභවය කරගත් අමුද්‍රව්‍ය, 35% අගය එකතු කිරීමක් හෝ තීරු බදු ශීර්ෂ වෙනස් වීමකට  සිංගප්පූරුවේදී ලක් නොවේ නම් එවැනි භාණ්ඩ තීරු බදු සහන සඳහා සුදුසුකම් නොලබනු ඇත. ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමට අනුව සිංගප්පූරුවේ සැලකිය යුතු අගය එකතු කිරීමක් හෝ සැකසීමක් සිදු වන බව සහතික කිරීම සඳහා අවම වශයෙන් 35% අගය එකතු කිරීමේ සීමාවක් හෝ තීරු බදු ශීර්ෂ සංඛ්‍යාංක 4 මට්ටමේ වෙනස් වීමක් සිදුවිය යුතු බවට නියම කොට ඇත. එම නිසා සිංගප්පූරුවේදී අනිවාර්යෙන්ම සිදුකල යුතු අගය එකතු කිරීමේ හා සැකසීම් මට්ටම් පනවා ඇති බැවින්, මෙම ගිවිසුමේ භාණ්ඩ ප්‍රභවය පිළිබඳ රීති හරහා වෙනත් රටක නිෂ්පාදිත භාණ්ඩ “ අන්තරාල වෙළදාම” (entrepot trade)  හරහා මෙරටට පැමිණීමට අවස්ථාව හිමි නොවේ. 

මෙම ගිවිසුම හරහා රාජ්‍ය බදු ආදායමට දැඩි බලපෑම් ඇතිවේද?

ගිවිසුම බලාත්මක වූ වහාම නිදහස් වන 50% පමණ වන තීරු බදු රේඛාවන් (3,719), මේ වනවිටත් , සියලුම රටවල් සඳහා (MFN) තීරු බදුවලින් නිදහස් කර ඇති  ඒවා බැවින්, ඒ ඔස්සේ සිදුවන බලපෑමක් නැති තරම්ය.

තවද, 2017 වර්ෂයේදී සිංගප්පූරුවෙන් ආනයන කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1,293 වටිනා භාණ්ඩ දෙස බැලූ කල ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 750ක්ම (සිංගප්පූරුවෙන් සිදුකල මුඵ ආනයන වලින් 60%ක්ම) පෙට්ට්‍රෝලියම් හා ඒ ආශ්‍රිත භාණ්ඩ වන අතර ඇමරිකානු ඩොලර් මිලියන 228 ක් රත්‍රං ආනයන වේ. රත්‍රං තීරු බදු රහිත කාණ්ඩයේ අන්තර්ගත කොට තිබුනද ඉදිරියේදී පනවන නිෂ්පාදන බදු   - විශේෂ විධිවිධාන (Excise duty ) හරහා ආදායම සුරක්ෂිත වනු ඇත.පෙට්‍රෝලියම් භාණ්ඩ, දුම්කොළ, ස්ප්‍රීතු හා මධ්‍යසාර වැනි භාණ්ඩ මත  පනවා ඇති බදු රජයේ වැදගත් ආදායම් මූලාශ්‍රයක් බැවින් එම භාණ්ඩ නිශේධ ලැයිස්තුවේ රඳවා ගනිමින් ආදායම් සුරක්ෂිත කොට ගෙන ඇත එමෙන්ම මුදල් අමාත්‍යංශය මගින් කරන ලද විශ්ලේෂණයකට අනුව ගිවිසුම මගින් තීරු බදු අඩු කිරීම බලපානුයේ සිංගප්පූරු තීරු බදු මගින් 2017 දී ලැබූ වාර්ෂික ආදායම රුපියල් බිලියන 35 කි. මෙම වෙළඳ ගිවිසුමට එළඹීම හරහා ඉදිරි වසර 15 ටම රජයට අහිමි වන ආදායම රුපියල් මිලියන 733 ක් පමණ වේ. ඒ අනුව මෙම ගිවිසුමේ ඇති තිරුබදු නිදහස් කිරීම නිසා වසරකට රජයට අහිමි වන සාමාන්‍ය දළ ආදායම රුපියල් මිලියන 49 ක් පමණි. එසේම තීරුබදු නිදහස්කරණය වසර 12 -15 ක කාල සීමාවක් තුල සිදුවන බැවින් තීරුබදු එකවර ඉවත්වන ලෙස නොසැලකිය යුතු අතර ආදායම් ගිලිහීයාම වාර්ෂිකව ගණනය කලයුතුය. තවද මුදල් අමාත්‍යාංශ ගණනය කිරීමට අනුව කිරීමට අනුව 97.79% ක ආදායම් සුරක්ෂිත කොට ඇත.

ලාභදායී භාණ්ඩ දේශීය වෙළඳ පොල ආක්‍රමණය හරහා දේශීය නිෂ්පාදකයින්ට අහිතකර බලපෑම් ඇතිවේද?

මෙවැනි තත්ත්වයකට ඇති ඉඩකඩ මෑතකදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලද නව අණ පනත් (ප්‍රපාතන විරෝධී, ප්‍රතිතෝලන පනත හා ආරක්ෂණ පනත) නිසා වැලකී යයි. නීත්‍යනුකූල නොවන ආකාරයට ලබාදෙන සහනාධාර මත පැනවිය හැකි ප්‍රපාතන විරෝධි හා ප්‍රතිගෝලන බදු, ගෝලීය හා ද්විපාර්ශවීය ආරක්ෂණ විධි  විධිවිධාන ක්‍රියාත්මක කිරිම සඳහා අදාල වන වෙළඳ පිළියම් මෙම ගිවිසුමට ඇතුලත් වේ. එම වෙළඳ පිළියම් වලට අදාල  අණපනත් 2018 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් සම්මත කරගත් බැවින් යම් හෙයකින් සිංගප්පූරුව එවැනි නීත්‍යානුකූල නොවන ආකාරයේ සහනාධාර ලබා දීම නිසා අදාල භාණ්ඩය අප රට තුල අනවශ්‍ය ආකාරයට ගොඩගැසීමක් සිදුවුවහොත් ඊට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකාවට දැන් හැකිය.එයට අමතරව, ගිවිසුම ක්‍රියාත්මක කරන කාලයේදී තීරුබදු අඩුකිරීම නිසා දේශීය කර්මාන්ත වලට බලපෑම් ඇති කරමින් සිංගප්පූරුවෙන් සිදුකරන ආනයන ඉහළ  ගියහොත් ද්විපාර්ශවිය ආරක්ෂණ ක්‍රියා විධි යොදා ගත හැක. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාවට නැංවීමේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාවට මෙම ප්‍රතිපාදන යොදා එවැනි තත්ත්ව වැලැක්විය හැක.
 
මෙම ගිවිසුම හරහා කැලිකසළ, සායනික අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපද්‍රව්‍ය රසායනික අපද්‍රව්‍ය වැනි විවිධ අපද්‍රව්‍ය ලංකාවට ආනයනය කිරීමට ඉඩ සලසා ඇද්ද?
තීරුබදු නිදහස්කරණ වැඩසටහන යටතේ අපද්‍රව්‍යද  ඇතුලත් කර ඇති බැවින්, ඒවා ගිවිසුම හරහා මෙරට තුල ගොඩගැසීමට කටයුතු යොදා ඇති බවට මතවාද පවතී. තීරුබදු අඩුකළ පමණින්ම භාණ්ඩ මෙරටට ආනයනය කල නොහැකි බව අවධාරණය කලයුතුය. මෙරටට ආනයනය කරන සියලු භාණ්ඩ, අදාළ ආනයන බලපත්‍ර ලබා ගැනීමට, ප්‍රමිතීන් සපුරාලීමට හා මානව,සත්ව හා ශාක ආරක්ෂණය සඳහා අදාල වන රෙගුලාසි වලට යටත්ය. මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාව අත්සන් කර ඇති පාරිසරික ආරක්ෂා පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් මඟින් ඇති අයිතිවාසිකම් සහ දේශීය නීතිරීති හා යාන්ත්‍රණය සම්බන්ධයෙන් කිසිඳු නිදහස් කිරීමක් හෝ බලපෑමක් සිදු නොවේ. එමනිසා, අදාල නීතිරීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇත. ලෝක වෙළඳ සංවිධානයේ GATT ගිවිසුමේ 24 වන වගන්තිය වන පොදු ව්‍යාතිරේක (General exceptions) වගන්තිය යටතේ මානව, සත්ත්ව, ශාක සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත වන පරිදි ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාව සතුය. මෙයට  අදාල ප්‍රතිපාදන  මෙම ගිවිසුමේ 17.1 වගන්තිය යටතේ අන්තර්ගත කොට මෙම අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු යොදා ඇත. එම නිසා අනාගතයේදී අවශ්‍යතාවයක් ඇතිවුවහොත් අදාල ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත.

ගිවිසුමෙන් ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වයට බලපෑමක් සිදුවේද?

වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇති අලි ඇතුන්, උරගයින් ආදී සතුන් සිංගප්පූරුවට අපනයනය කිරීමටත්, එවැනි සතුන් සිංගප්පූරුවෙන් මෙරටට ආනයනය කිරීමටත් හැකියාවක් ඇති බැවින් වන සත්ත්ව හා වෘක්ෂලතාදියට අහිතකර බලපෑමක් සිදුවිය හැකි බවට චෝදනා එල්ලවී ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳාමේදී වන ජීවි හා වෘක්ෂලතා සඳහා වන සම්මුතියට (CITES) සහ ජෛව විවිධත්වය සඳහා වන සම්මුතියේ පාර්ශවකරුවකු වන බව සඳහන් කළ යුතු අතර මෙම සම්මුතීන් හරහා හෝ වෙනත් අදාල සම්මුතීන් හරහා අයත් කොට ගෙන ඇති අපේ අයිතීන් කිසිසේත්ම සිංගප්පූරු ගිවිසුම මගින් අහෝසි නොවේ. ඉහත සඳහන් ආනයන බලපත්‍ර ලබා ගැනීම හා අදාල නම්කළ ආයතන වල අනුමැතිය ලබා ගැනීම යන කරුණු ඇතුළු අදාල සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ වලට මෙන්ම දේශීය නීති රෙගුලාසි වලටද යටත් වේ.     

එවැනි හානිදායක ද්‍රව්‍ය තීරුබදු නිදහස් ලැයිස්තුව යටතේ අන්තර්ගත කොට ඇත්තේ කුමක් නිසාද?

ජාතික වෙළඳ ගිවිසුමක් තුල 7,438ක් වූ සියලුම තීරුබදු රේඛා නිශේධ ලැයිස්තුව, වහාම නිදහස්කරණයට ලක්වන ලැයිස්තුව හෝ විශේෂිත කාලසීමාවක් තුල  නිදහස්කරණය වන ලැයිස්තුව යන කුමන හෝ ලැයිස්තුවක අන්තර්ගත කලයුතු  අතර කිසිඳු තීරුබදු රේඛාවක් ලැයිස්තුගත කිරීමෙන් මඟ හැරිය නොහැක.
මෙම භාණ්ඩ දේශීය නීතින්ට අනුගත නොවෙමින් කිසිලෙසකින්  ශ්‍රී ලංකාවට ආනයනය කල නොහැකි බැවින් ඒවා 80% නිදහස්කරණ ලැයිස්තුවට අන්තර් ගත කල අතර ඒ හරහා දේශීය වශයෙන් සංවේදී භාණ්ඩ වැඩි ප්‍රමාණයක් නිශේධ ලැයිස්තුව තුල රඳවා ගැනීමට හැකියාව ලැබුණි. තවද භාණ්ඩ නිදහස්කරණයට ලක් කල පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර මෙම භාණ්ඩ බොහොමයක් ඉන්දියාව හා පකිස්ථානය සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම් වලදීද නිදහස්කරණයට ලක්කර ඇති අතර එහිදී හානිදායක වන ලෙස මෙරටට එම භාණ්ඩ ආනයනය කල බවට කිසිදු සාක්ෂියක් නොමැත. එමනිසා මෙය සිංගප්පුරුවට පමණක් ලබාදුන්නක් නොවන අතර අදාල පාරිසරික නීති හා  ආනයන බලපත්‍ර ලබා ගත යුතු බැවින් මෙරටට ගිවිසුම හරහා ඇතුළුවීමට අවස්ථාවක් නොමැත.
වී ආනයනය අපගේ ආහාර සුරක්‍ෂිතතාව අනතුරට පත් වන ලෙස ගිවිසුම හරහා වසර 12 කට පසු නිදහස්කරණය කොට ඇත්තේ කුමක් නිසාද?
වී, ධාන්‍ය, සහ තිරිඟු වැනි භාණ්ඩ සඳහා "සම්පුර්ණයෙන්ම ලබාගත යුතු" ප්‍රභව රීතිය අදාල වේ.  "සම්පුර්ණයෙන්ම ලබාගත යුතු" ප්‍රභව රීතිය අදාල වන භාණ්ඩ අදාල රටෙහි එනම් සිංගප්පුරු භුමියෙන්ම ලබා ගැනීම සිදුකල යුතුය. එවැනි කෘෂිකාර්මික භාණ්ඩ නිදහස්කරණයට ලක් කලද අදාල ප්‍රභව රීතිය නිසා නිදහස්කරණ වරප්‍රසාදය ලබා ගැනීමට නම් එම භාණ්ඩ සිංගප්පූරු භුමියන්ම ලබා ගත යුතුය. සිංගප්පූරුවෙහි කුඹුරු නොමැති බැවින් අදාල තීරුබදු සහන ලබා ගැනීමේ හැකියාවක් සිංගප්පූරුවට නොමැත. කෙසේ වුවද සහල් පකිස්ථානය, වියට්නාමය හෝ තායිලන්තය හරහා ආනයනය කල හැකි බැවින් සහල් නිශේධ ලැයිස්තුවේ අන්තර්ගත කොට සුරක්ෂිත කර ඇත.

සේවා නිදහස්කරණය සඳහා මෙම ගිවිසුමේ ප්‍රතිපාදන අන්තර්ගත වේද?

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව යන දෙරටම ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම ව්‍යාපාරික අමුත්තන්ට හා සමාගම් අතර හුවමාරු වන්නට සීමා විය යුතුයැයි තීරණය කරන ලදී. එම නිසා ස්වාධීන පුද්ගල සංචරණය මෙම ගිවිසුමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී. ( උදා:-  කොන්ත්‍රාත්තු ගත සේවා සපයන්නන් හා ස්වාධීන වෘත්තිකයන් ඉවත් කර ඇත). ඒ අනුව, සේවා වෙළඳාම පිළිබඳ ශ්‍රී ලංකාවේ බැදීම් පවත්නා නීති රාමුව තුළ දැනටමත් විවෘත කර ඇති මට්ටමට පමණක් සීමා වී ඇත. පවත්නා විනිමය පාලන නීති අනුව 1 වන මාදිලිය (සේවා දායකයා හෝ සේවා ලාභියාගේ දේශසීමා අතර සංචරණයකින් තොරව සිදුවන සේවා සැපයීම) හා 2 වන මාදිලිය (විදේශයන්හිදී සිදුවන සේවා පරිභෝජනය)  ප්‍රධාන වශයෙන් විවෘත වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ බැදීම් ලැයිස්තුගත කිරීමේදී ශ්‍රී ලංකාව මාදිලි 1ට හා 2ට අදාළව වෙළඳ ප්‍රවේශය සඳහා කිසිදු බාධාවක් ඇතුළත් කර නොමැත. එම නිසා එය පවත්නා නිස්සාරණ මට්ටම හා සැසදෙන අතර මෙයට අදාළව ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම, නව වෙළඳ පිවිසුමක් ලබා නොදේ.

3 වන මාදිලියට (වාණිජමය වශයෙන් ස්ථානගත වීම හෝ ආයෝජනය) අදාළව ද, ගිවිසුමේ අන්තර්ගත කිසිදු බැදීමක් 2017 විදේශ විනිමය කළමනාකරණ පනත හරහා විවෘත කර ඇති මට්ටමෙන් ඔබ්බට ගොස් නොමැත. සත්‍ය වශයෙන්ම ඉදිකිරීම හා සේවා වැනි සමහර අවස්ථාවන්හිදී, දැනට පවත්නා රෙගුලාසි අනුව 100% ක්  විදේශ කොටස් හිමිකාරීත්වයට අවස්ථා සලසා ඇත. එහෙත් මෙම ගිවිසුම මගින් විදේශ කොටස් හිමිකාරිත්වය 40% කට සීමා කොට ඇත. එම නිසා ආයෝජන හරහා ලබා දී ඇති සේවාවන්ට අදාළව ද ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා නව නිදහස්කරණයක් සිදුකොට නොමැති අතර, වර්තමාන නීති රීති හරහා විවෘත කර ඇති මට්ටම පමණක් සිමා වී ඇත.

4 වන මාදිලියට අදාලව (පුද්ගලයන්ගේ සංචරණය), ව්‍යාපාරික අමුත්තන් හා සමාගම් අතර හුවමාරුවන්නන් සඳහා පමණක්ම ක්ෂේත්‍ර කිහිපයකට අදාළව ශ්‍රී ලංකාව සීමා සහිත බැදීම් ප්‍රමාණයක් ඇති කරගෙන තිබෙන අතර ස්වාධීන වෘත්තිකයන්ගේ සංචරනයට අවස්ථාව ලබා දී හෝ නිදහස් කරනය සිදුකොට නොමැත. මෙහිදී මූලික ප්‍රමුඛතාව වුයේ ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමය. සැලකිය යුතු විදේශ ආයෝජනයක් සිදුකරන ඕනෑම සමාගමක් එම ආයෝජනයෙන් ආපේක්ෂා කරන ප්‍රතිඵල ලබා ගැනීම සහතික කිරීමට එහි ඉහල කළමනාකාරීත්වයෙන් කොටසක් පාර්ශවය ද ආයෝජනය සමඟ රැගෙන ඒමට කැමැත්තක් දක්වයි. ඒ අනුව තෝරා ගත් අංශ සඳහා සමාගම් අතර හුවමාරු වන ඉහළ කළමනාකාරීත්ව නිළධාරීන් සඳහා ශ්‍රී ලංකාව බැදීම් ඇති කර ගෙන තිබේ.

මෙම ඉහළ කළමනාකාරීත්ව කාණ්ඩය කළමනාකරුවන්, විධායකයන් හා විශේෂඥයින් ලෙස අර්ථකථනය කොට ඇති අතර සෑම කාණ්ඩයක් සඳහාම පැහැදිලි අර්ථකථයක් මෙම ගිවිසුමේ ලබා දී ඇත. උදාහරණයක් ලෙස විධායකයෙකු යනු සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු හෝ කොටස් හිමියන්ගේ පොදු ව්‍යුහයෙන් පමණක් අධීක්ෂණය වන සේවකයෙක් වේ.

එසේම, ආයෝජන හා බැදුණු  ඉහළ කළමනාකාරීත්වය යටතේ අර්ථගන්වා ඇති සමාගම් අතර හුවමාරුවන්නන්, සඳහා තොරතුරු තාක්ෂණ, මූල්‍ය සේවා, නාවික සේවා උප කාණ්ඩ (අලුත් වැඩියා කිරීම් හා කුලී සේවා) ඉදිකිරිම කර්මාන්තය (ශ්‍රී ලංකා සමාගමකට වැඩි හිමිකාරීත්වයක් ඇති), හෝටල් හා ආපනශාලා, සංචාරක නියෝජිතායතන (ශ්‍රී ලංකා සමාගමකට වැඩි හිමිකාරීත්වයක් ඇති) ප්‍රචාරණ සේවා, තාක්ෂණික පරීක්ෂා කිරීම් සේවා හා ක්‍රීඩා උත්සව සංවිධාන සේවාවන්ට අවස්ථාව ලබා දී ඇත.       

එවැනි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සමාගම් අතර හුවමාරු වීම සිදුවන්නේ සාමාන්‍ය ශ්‍රී ලංකාවේ පවත්නා ආගමන නීති රීති වලට යටත්වය. තවද, ඔවුන්ට අවම වශයෙන් වසර 05 ක අදාල කර්මාන්ත ක්ෂේත්‍රයේ හෝ වෘත්තීය ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබිය යුතුය. එවැනි පුද්ගලයින්ට ශ්‍රී ලංකාව තුල ප්‍රථමයෙන් වසර 2 ක කාලයක් සේවය කළ හැකි අතර එම කාලය ආගමන පාලක වරයාගේ අනුමැතිය යටතේ වසර 05 ක උපරිමයක් දක්වා දීර්ඝ කල හැකිය. තවද, සමාගම් අතර හුවමාරු වන්නන් ඉහළ කළමනාකාරීත්ව තනතුරු වලට අනුයුක්ත කලයුතු අතර එම සමාගමේම සේවය කල යුතුය. වෙනත් සමාගමකට මාරුවීමට හෝ සේවය කිරීමට ඔවුන්ට නොහැකිය. දැනට පවතින්නාවූ නීති හා රෙගුලාසි වලට අනුව, ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් සඳහා අධ්‍යක්ෂවරුන්ට හා පුද්ගලික සමාගම් වලට, කුසලතා සහිත පුද්ගලයින් හිඟව පවතින අවස්ථා වලදී අදාල රේඛීය අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව විදේශ ශ්‍රමිකයන් වසර 02 ක කාලය සඳහා වීසා බලපත්‍ර ලබාගත හැක.

ජ්‍යෙෂ්ඨ කළමණාකරන කාණ්ඩය සඳහා දැඩි නිර්වචනයක් ලබාදී ඇති බැවින් සමාගම් අතර හුවමාරුවද, සිංගප්පූරු සමාගම් විසින් ශ්‍රී ලංකවේ ශාඛා කාර්‍යාල/ පරිපාලිත සමාගම් වෙත අනුයුක්ත කර ලැබිය හැක්කේ අතිශයින්ම අවශ්‍ය හා වඩා වැදගත් සේවකයන්ය. ශ්‍රී ලංකාව හා සිංගප්පූරු වැටුප් අතර සැලකිය යුතු පරතරයක් තිබෙන බැවින් සිංගප්පූරු සේවකයන් ශ්‍රී ලංකාවට පැමිණ  අඩු වැටුප් සහිත ශ්‍රී ලංකා රැකියා කිරීමේ සම්භාවිතයක් නොමැති තරම්ය.

සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම මඟින් වෘත්තීය සේවා නිදහස් කර තිබේද?

කෙටියෙන්ම පිළිතුරු සපයන්නේ නම් එවැනි සේවා නිදහස් කිරීමක් සිදු කොට නැත. වෘත්තීය සේවා නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බැඳීමක් පවතින්නේ පළමු හා දෙවන මාදිලි සඳහා පමණි සිංගප්පූරු ආයෝජන ලංකාවට ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන ලද තෝරාගත් වෘත්තීය සේවාවන්ගේ අනු  කාණ්ඩ සඳහා පමණි. මාදිලි 3 හා මාදිලි 4 යටතේ මෙම වෘත්තීය සේවා තවදුරටත් නිදහස් කිරීමක් සිදුකර නොමැති සේම සිංගප්පූරු වෘත්තිකයන් ශ්‍රී ලංකාවෙහි සේවයෙහි යෙදීම සම්බන්ධව කිසිදු ප්‍රතිපාදනයක් සිංගප්පූරු -ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම යටතේ සලසා නැත.

ශ්‍රී ලංකා නීතිය සම්බන්ධයෙන් හැර, නීති උපදේශන සේවා සඳහා මාදිලි 1 හා 2 යටතේ ශ්‍රී ලංකාව බැඳීමක් ඇති කොට ගෙන ඇති අතර සේවා දායකයාගේ හෝ සේවා සපයන්නාගේ සංචරණයකින් තොරව සපයන සේවා පමණක් අදාල වන නිසා ශ්‍රී ලංකා නීතිය සම්බන්ධ කටයුතු වල යෙදවීමක් මෙහිදී සිදුනොවේ. මාදිලි 3 සහ මාදිලි 4 සඳහා ශ්‍රී ලංකාවේ බැඳීමක් නොමැත. එනම් කිසිඳු නිදහස් කිරීමක් හෝ බැඳියාවක් මාදිලි 3 හා 4 සම්බන්ධව සිංගප්පුරු ගිවිසුම යටතේ සිදු කොට නැත.

ඉංජිනේරු සේවා සඳහා ශ්‍රී ලංකාව බැඳීමක් ඇතිකරගෙන ඇත්තේ මාදිලි 1 (සේවා දායකයාගේ හෝ සේවා සපයන්නාගේ සංචරනයකින් තොරව සපයන සේවා) හා 2 වන මාදිලියට (සේවා ලාභියාගේ සංචරණය මත පදනම්ව සපයන සේවා) යටතේ “අනුශාසකත්ව හා උපදේශන ඉංජිනේරු සේවා” උප කාණ්ඩය සඳහා පමණක් වන අතර ඉංජිනේරු ශිල්පයෙහි යෙදීම සඳහා ඉඩක් නොමැත. “අනුශාසකත්ව හා උපදේශන ඉංජිනේරු සේවා” සැපයිය හැක්කේද සේවා දායකයාගේ හෝ සේවා සපයන්නාගේ සංචරණයකින් තොරවය. මාදිලි 3 (වාණිජ්‍ය පැමිණිම) හා 4 වන මාදිලිය (පුද්ගලයින්ගේ නිදහස් සංචරණය) සම්බන්ධව ශ්‍රී ලංකාව කිසිඳු බැඳීමක් ඇති කරගෙන නොමැත. එනම් කිසිදු නිදහස්කරණයක් “අනුශාසකත්ව හා උපදේශන ඉංජිනේරු සේවා” සඳහාද සිදුවී නොමැත.

වාස්තු විද්‍යාත්මක සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බැඳීම් ඇති කරගෙන ඇත්තේ “මුලික සැලසුම් උපදේශන හා උපදේශක” යන අනුකාණ්ඩය යටතේ 1 වන මාදිලිය හා 2 වන මාදිලිය යටතේ වන අතර, එයින් වාස්තු විද්‍යාත්මක ශිල්පයෙහි ශ්‍රී ලංකාව තුළ යෙදීමට ඉඩක් ලබාදී නොමැත. “මුලික සැලසුම් උපදේශන හා උපදේශක” සේවාද සැපයිය හැක්කේ සේවා දායකයාගේ හෝ සේවා සපයන්නාගේ සංචරනයකින් තොරව වන අතර මාදිලි 3 හා මාදිලි 4 සඳහා කිසිඳු බැඳීමක් ශ්‍රී ලංකාවට නොමැත. එනම් කිසිදු නිදහස් කරණයක් මුලික සැලසුම් උපදේශන හා උපදේශක සේවා සම්බන්ධයෙන්ද සිදු කර නැත.
 
නිදහස් වෙළඳ ගිවිසුමේ පවතින වාසිදායක තත්වය ප්‍රයෝජනයට ගනිමින් සිංගප්පූරු ජාතිකයන් නොවන වෙනත් පුද්ගලයින් හට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම මඟින් අවස්ථාවක් සැලසේද?

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් ගිවිසුමෙහි “පුරවැසියා” යන්න සිංගප්පූරු පුරවැසිභාවය සහිත  හෝ සිංගප්පූරුවේ ස්ථිර පදිංචිකරුවා ලෙස අර්ථකනය කරනු ලබයි. 2017 වර්ෂය වන විට සිංගප්පූරුවෙහි මුළු ජනගහනය මිලියන 5.6 ක් වන අතර ස්ථිර පදිංචිකරුවන්ගේ ප්‍රමාණය මිලියන 0.53 ක් වේ. මෑතකාලීන වර්ෂවල වඩාත් තදබල අවශ්‍යතා සැපිරීම් වලට යටත් වීම හේතුකොටගෙන සිංගප්පූරුවෙහි  ස්ථිර පදිංචිය ලබාගැනීම දීර්ඝ හා දැඩි/දුෂ්කර ක්‍රියාවලියකි. නිදහස් වෙළඳ ගිවිසුම මඟින් මෙම සිංගප්පූරු පුරවැසිභාවය ලෙස ගැනෙන සමූහයට පමණක් එම වාසිය අත්වන අතර අනෙකුත් සියලු පුරවැසියන් වෙළඳ ගිවිසුමෙන් බැහැර කරනු ලබයි. සිංගප්පූරු වැටුප් ලබමින් සිටියද සිංගප්පූරුවෙහි ස්ථිර පදිංචිය ලබාගැනීමට අපහසු වූ යම් පුද්ගලයෙකු නිදහස් වෙළඳ ගිවිසුම අධාරකයක් / හස්තයක් ලෙස යොදාගෙන ශ්‍රී ලංකාවට ඇතුල් වී රැකියාවක් ලබාගැනීමට උත්සාහ කළද එය කෙසේවත් කළ නොහැකිය. සිංගප්පූරු පුරවැසියෙකුට සමාගම් අතර හුවමාරු වන්නෙකු ලෙස මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දී තිබුණ ද, ඔවුන්ට අවම වශයෙන් වසර 05 ක අදාල කර්මාන්ත ක්ෂේත්‍රයේ හෝ වෘත්තීය ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබිය යුතුය. එසේම එවැනි පුද්ගලයින්ට ශ්‍රී ලංකාව තුල ප්‍රථමයෙන් වසර 2 ක කාලයක් සේවය කළ හැකි අතර එම කාලය ආගමන පාලක වරයාගේ අනුමැතිය යටතේ වසර 05 ක උපරිමයක් දක්වා දීර්ඝ කල හැකිය. තවද, සමාගම් අතර හුවමාරු වන්නන් ඉහළ කළමනාකාරීත්ව තනතුරු වලට අනුයුක්ත කලයුතු අතර එම සමාගමේම සේවය කල යුතුය. වෙනත් සමාගමකට මාරුවීමට හෝ සේවය කිරීමට ඔවුන්ට නොහැකිය.

ලෝකයේ ඕනෑම තැනක සිටින කම්කරුවන් / සේවකයන් ඉවත් කිරීමට සිංගප්පූරු වෙළඳ ගිවිසුම මිනිස්බල හා බඳවා ගැනීමේ සේවා සමාගම් වලට බලය ලබාදෙනු ඇතිද?

“කාර්ය මණ්ඩල ස්ථානගත කිරීම හා සැපයීම” සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යෝජනා මාදිලි 1,2 සහ 3 ට සීමාවේ. මින් අදහස් වන්නේ සිංගප්පූරු බඳවා ගැනීමේ සේවා සමාගමකට ශ්‍රී ලංකාවේ සමාගමක් ස්ථාපිත කළ හැකි බවයි. මේ වන විටද පවතින නීති හා රෙගුලාසි යටතේ එසේ කිරීමට හැකියාවක් ඇත.
මෙම ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ බැඳීමට කිසිදු ආකාරයකින් 4 වන මාදිලිය ඇතුලත් කර නැත - එය පූර්ණ වශයෙන් බැඳීමකින් තොරය.  4 වන මාදිලිය යටතේ වූ අනෙකුත් බැඳීම්වල මෙන් නොව මෙහිදී, එවැනි බඳවා ගැනීමේ සමාගම් හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරීන් සඳහා පවා මෙහි නිර්දේශයක් නොමැත. එබැවින් සිංගප්පූරු මිනිස්බල සමාගමකට ශ්‍රී ලංකාවේ,දැනට පවතින නීතිමය ව්‍යුහය තුල ඉඩ සලසා ඇති පරිදි, කාර්යාලයක් ස්ථාපිත කළ හැකි වුවත් 4 වන මාදිලිය සඳහා බැඳීමක් ඇති කොට ගෙන නොමැති බැවින් විදේශීය පිරිස්/ විදේශීය කාර්ය මණ්ඩල බඳවා ගත නොහැකිය. එවැනි ඕනෑම බඳවා ගැනීමේ සමාගමක්  විදේශිකයන්ගෙන් සේවා / වැඩ කුලියට ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් සංක්‍රමණ ක්‍රියාවලිය හරහා එය සිදුකල යුතු අතර, රේඛීය අමාත්‍යාංශ අනුමැතිය - දැනට පවතින (වත්මන්) නීති හා රෙගුලාසි අනුව සිදුකල යුතු අතර මේ සඳහා නිදහස් වෙළඳ ගිවිසුමෙන් කිසිඳු නව ලිහිල්කරණයක් ඇති කොට නැත.

ඇත්ත වශයෙන්ම කියතොත් ව්‍යාපාරික අමුත්තන් සහ අන්තර් සමාගම් අතර හුවමාරුවන්නන් සඳහා “කාර්යමණ්ඩල ස්ථානගත කිරීම හා සැපයීම” සම්බන්ධයෙන් සිංගප්පූරුව මාදිලි 1,2,3 සහ 4 ආවරණය කරමින් බැඳීම් ඇති කොට ගෙන තිබේ. ශ්‍රී ලංකාව 4 වන මාදිලිය සම්පූර්ණයෙන්ම බැඳීමෙන් තොරව තබා ඇති නිසා  ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ බැඳීම ශ්‍රී ලංකාවේ බැඳීම අභිබවා ගොස් ඇත. මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ බැඳීම එහි නිදහස්ව සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකීය සමාගමකට ලෝකයේ ඕනෑම තැනකින් සේවකයන් බඳවා ගත හැකිය යන්න අදහස් නොකරයි.

Comment (0) Hits: 448

2018 පළමු මාස හයේ : දේශීය ආදායමේ කරල පැහේ !

මේ වසරේ මුල් මාස 6 තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 310ක බදු ආදායමක් ලබා ඇතැයි එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ  පවසයි

අපේක්ෂිත වාර්ෂික බදු ආදායමෙන් 40%ක බදු ආදායමක් වර්ෂයේ පළමු මාස 6 තුළ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වූ බවත් 39.9%ක ප්‍රතිශතයක් කරා ළඟා වීමට සිය දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණු බවත් ඔහු කියා සිටී.

මෙය පසුගිය වර්ෂය හා සසඳා බලන කල 7%ක වර්ධනයක් බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.

Comment (0) Hits: 446

GSP + සහනයට වසරයි : වැඩක් ගත්තේ මෙහෙමයි !

මානව හිමිකම් චෝදනා යටතේ 2010 වසරේ අගෝස්තු මස සිට ශ්‍රී ලංකාවට  GSP+ සහනය අහිමිව ගිය අතර 2017 මැයි මස නැවත එම සහනය ලබා ගන්නා තෙක් රු.බි. 150-250 ක් පමණ අපනයන ආදායමක් රටට අහිමි විය.

රටට සිදුවූ හානිය පිළිබඳව පූර්ණ විශ්ලේශනයක් සිදු කිරීමට අපහසු වුව ද ශ්‍රී ලංකාවේ තරඟකරුවන් යුරෝපා සංගමයට අයත් රටවල වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලීමේ දී අනෙකුත් ආසියාතික තරඟකරුවන්ට සාපේක්ෂව ශ්‍රී  ලංකාවට සිදුවූ හානිය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. 

ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ තොරතුරු වලට අනුව වියට්නාමය, පාකිස්තානය සහ කාම්බෝජය 2009 දී ශ්‍රී ලංකාවට පසුපසින් පැවති අතර ශ්‍රී ලංකාව මඟින් යුරෝපා සංගමයේ රටවලට සිදු කළ අපනයනවල වටිනාකම ඇ.ඩො. බිලියන 2.3 ක් වන විට වියට්නාමය, පාකිස්තානය සහ කාම්බෝජය යුරෝපා සංගමයේ රටවලට  සිදුකරන අපනයනවල වටිනාකම් පිළිවෙලින් ඇ.ඩො. බිලියන 2.1 , 1.5 සහ 1.09 ක් විය. 

කෙසේ වුවද 2015 වන විට යුරෝපා සංගමයේ රටවල්වලට සිදුකරන ඇඟළුම් අපනයනවල  වටිනාකම වියට්නාමය ඇ.ඩො. බිලියන 3.9 දක්වා ද , පාකිස්තානය ඇ.ඩො. බිලියන 2.9 දක්වා ද කාම්බෝජය ඇ.ඩො. බිලියන 3.7 දක්වා ද ඉහල නංවා ඇති අතර ශ්‍රී ලංකාවේ එම අගය ඇ.ඩො. බිලියන 2.4 ක් වැනි  පහළ මට්ටමක පවති.

2017 මැයි 19 සිට බලපවත්වන පරිදි යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට  GSP+ සහනය නැවත ලබා දී ඇත. වැදගත්ම කරුණ වන්නේ මෙමඟින් ශ්‍රී ලංකාවේ අපනයන වලට යුරෝපා සංගමයේ වරණීය වෙළඳ ප්‍රවේශ පහසුකම් සහිත බංගලාදේශය, පාකිස්තානය වැනි අසල්වැසි රටවල් මෙන්ම අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ රටවල් කිහිපයක් සමඟ සමාන පසුබිමක තරඟ කිරීමට හැකියාව ලැබීමයි.

විවිධ ක්ෂේත්‍රයන්ට අපනයන බදු සහන ලැබී ඇති අතර බොහෝ ඇගළුම් කාණ්ඩවලට අදාළ බදු 9.6% සිට 0% දක්වා අඩු වී ඇත. තවද, මුහුදු ආහාර සඳහා වන බදු 18.5% සිට 0% දක්වාද නැවුම් සහ සකසන ලද පළතුරු සහ එළවළු ක්ෂේත්‍රයේ බදු 12.5% සිට 0% දක්වා ද පෝසිලේන් සහ සෙරමික් භාණ්ඩ ක්ෂේත්‍රයේ බදු 8.4% සිට 0 % දක්වාද සෙල්ලම් භාණ්ඩ ක්ෂේත්‍රයේ බදු 1.2% සිට 0% දක්වා ද අඩු වී ඇත.

GSP+ සහනය පිළිබඳ දළ විශ්ලේෂණය

GSP+ සහනය ලබා දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල මානව හිමිකම්, කම්කරු, තිරසාර සංවර්ධනය සහ යහපාලනය සඳහා වන මූලික ජාත්‍යන්තර සම්මුතියන් 27 ක් ක්‍රියාත්මක කිරීමට කැපවීමට දිරිදීමක් වන අතර එමඟින් එම රටවල අපනයන වලට බදු සහනයක් ලබා දේ. මෙහිදී තත්වයන් 2ක් යටතේ රටේ අවධානම සලකා බලනු ලැබේ. 

එනම් අදාල රට වෙළඳපොළ තුල තරඟකාරී නොවීම ( ආනයන අනුපාතය යුරෝපා සංගමයේ සමස්ත ආනයනයෙන් 6.5% ට වඩා අඩු වීම ) සහ එරටට විවිධාංගිකරණය වූ අපනයන පදනමක් නොමැති වීමයි (යුරෝපා සංගමය එරටින් ආනයනය කරන සමස්ත GSP+ ආනයනවලින්  75%කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන 7කට සීමා වීම).

යුරෝපා සංගමයට සිදු කරන අපගේ ප්‍රධාන අපනයනය වනුයේ ඇඟළුම්ය. GSP+ සුදුසුකම ලබා ගැනීමට ප්‍රභව නීතී යටතේ ඇඟළුම් සඳහා භාවිතා කරන රෙදිවල ප්‍රභවය ශ්‍රී ලංකාව වීම හෝ ප්‍රාදේශීය සමුච්චිතකරණය යටතේ GSP+ සහනය සඳහා සුදුසුකම් ලැබීම සඳහා චීනය වැනි රටවලින් රෙදි ආනයනය කිරීමට වඩා ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන රෙදි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති විය හැක.

යුරෝපා සංගමය මගින් සිදුකරන ආවර්තක විමර්ශනයන්හී දී එකඟ වූ මානව හිමිකම් සහ යහපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමට අදාලව තදබල ගැටළු ඉදිරිපත් නොවන තෙක් ශ්‍රී ලංකාවට GSP+ සහනය සඳහා සුදුසුකම් පවති. තවද ලෝක බැංකු වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වී වසර 3 තිස්සේ එම තත්ත්වය පවත්වාගෙන යා හැකි නම්, ශ්‍රී ලංකාව තවදුරටත් GSP+ සහනය සඳහා යෝග්‍ය නොවේ. එම නිසා ශ්‍රී ලංකාවට 2023 දක්වා GSP+ සහනය ලැබෙනු ඇත.

GSP+ ප්‍රතිස්ථාපනයෙන් 12 මසකට පසු

·         GSP+ ලබාගෙන මාස 12කට පසු ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට සිදුකරන සමස්ත අපනයන 11%කින් වැඩි වී ඇත.

·         අපනයනවලින් 60%කට පමණ ආසන්න දායකත්වයක් දක්වන ඇගළුම් අපනයන 8%කින් ඉහළ ගොස් ඇත.

·       අපනයන ආදායමට වඩා ඇඟළුම් අපනයන ඒකක ප්‍රමාණය 1-2% ක් පමණ ඉහළ ගොස් ඇති අතර එමඟින් තරමක මූල්‍ය වාසියක් පාරිභෝගිකයාට ද අත්වී ඇති බව පෙනී යයි.

·      පසුගිය මාස 2 තුළ අපනයන ශක්තිමත් වී ඇත. ඇස්තමේන්තුගත කර ඇති ලෙස ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා ප්‍රමාණය 7500 කින් පමණ ඉහළ ගොස් ඇත ( දේශීයව නිපදවන ලද රෙදි හැරුණු කොට).

·      ඇඟළුම් ක්ෂේත්‍රයේ ඉලක්කගත ඉහළ යාම  ඇ.ඩො. මිලියන 500 කි. ඉන් ප්‍ර 1/3 ක් එනම් ඇ.ඩො. මිලියන150 ක වැඩි වීමක්  දැනටමත් ලඟා කරගෙන ඇත.

·       වෙනත් සැලකිය යුතු වර්ධනයක් පෙන්වන ක්ෂේත්‍ර වනුයේ ධීවර නිෂ්පාදන හා ටයර් යන ක්ෂේත්‍රයි.

·         GSP+ නැවත ලබා ගැනීම සහ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම මඟින් මත්ස්‍ය අපනයනය දෙගුණයක් දක්වා ඉහළ  ගොස් ඇත (ව්‍යාපාර සබඳතා ප්‍රතිස්ථාපනය වීම සහ නව ඇනවුම් ලැබීම).

·      රබර් ටයර් සහ අත්වැසුම් අපනයන ඒකක  ප්‍රමාණයේ වර්ධනය අපනයන වටිනාකමේ වර්ධනයට වඩා අඩු වන අතර එය  මිළ  ඉහළ යාම හෝ  යූරෝ මුදලෙහි  අගය ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් බව අනුමාන කළ හැකිය.

·         ජර්මනියට හා ප්‍රංශයට සපයන සේවා අඩු වීම හේතුවෙන් (ශ්‍රී ලංකා ගුවන් සේවයට ආහාර සැපයීමට ඇතුලත්ව) සැකසූ  ආහාර අපනයන ක්ෂේත්‍රය පහල ගොස් ඇත.

Comment (0) Hits: 486

ලංකාවට තායිලන්ත ආයෝජන සහ කර්මාන්ත කලාපයක් 

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මෙම එකඟතාවය ඇති කර ගනු ලැබූයේ අද (13 වන දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඔ චා (HE Prayut Chan-o-cha) සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ප්‍රමුඛ දෙරටේ නියෝජිතයින් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලදීය.  
එසේම ථෙරවාදී බුදු දහම පවතින රටවල් වශයෙන්, බෞද්ධ සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධාරණය යොමු කර තිබේ.

එහිදී දෙරට අතර සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව ගැන ද වැඩි අවධානයක් යොමු කර තිබේ.

ඉන්දීය සාගර කලාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලංකා ඉලක්කය සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමුකර තිබෙන අතර දෙරට අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා ඉදිරියට වඩ වඩාත් වර්ධනය කරලීමේ අවකාශයන් පිළිබඳව ද දෙරටේ අගමැතිවරුන් අදහස් හුවමාරු කරගෙන ඇත.

සහාය මහාචාර්ය නරප්රොන් චන් ඔ චා (Mrs. Naraporn Chan-ocha) මහත්මිය, විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි (Mr. Don Pramudwinai) මහතා, නියෝජ්‍ය වෙළඳ ඇමතිනී චුතිමා බුන්‍යප්‍රබසරා (Ms. Chutima Bunyapraphasara) මෙනෙවිය, අග්‍රාමාත්‍ය ලේකම් ජෙනරාල් විලාස් අරූන්ශ්‍රී (General Wilas Aroonsri) මහතා තායිලන්ත පාර්ශවය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූ අතර, ශ්‍රී ලංකා පාර්ශවය නියෝජනය කරමින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, විදේශ අමාත්‍ය තිලක් මාරපන, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවි සමරවීර,  සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ හා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ.

Comment (0) Hits: 426

විදේශ සංචිතය ඩොලර් බිලියන 8.4ක් දක්වා වර්ධනය වෙලා !

ජූලි මස අවසානය වන විට අප රටේ දළ විදේශ සංචිතය අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 8.4ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කරයි.

වසර 2017 අවසානයේ රටේ දළ නිල සංචිතය ඩොලර් බිලියන 8.0 ක්ව පැවැති බව කී අධිපතිවරයා, ඉදිරියේදී විදේශ සංචිතය ඉහළ යෑමට චීන සංවර්ධන බැංකුව මගින් ලබාගන්නා ඩොලර් බිලියන 1.5ක මුදල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පස්වැනි අදියරේ මුදල් ලැබීම,  විදේශ ආයෝජන ගලා ඒම සහ ඩොලර් බිලියන 1ක් වටිනා ස්වෛරීත්ව බැඳුම්කරයක් නිකුත් කිරීම මූලික වශයෙන් හේතුවන බව ද කියා සිටියේය.

වසර 2018 නිමාවන විට මෙම සංචිත ඩොලර්  බිලියන නවය දක්වා ඉහළ යනු අැතැයිද  අධිපතිවරයා අනාවැකි පළ ක‍ෙළ්ය.

කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලස්ථානයේ පසුගියදා පැවැති ‍මුදල් ප්‍රතිපත්ති තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

මෙහි දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි කාලයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කළ අධිපතිවරයා, යහපත් කාලගුණික තත්ත්වයන් හේතුකොට ගෙන 2018 වසරේ දෙවැනි භාගයේ දී කෘෂිකර්මාන්තයේ වර්ධනයක් සිදුවනු ඇතැයි ද, සමස්තයක් ලෙස ආර්ථිකය සියයට 4.0 කින් වර්ධනය වනු ඇතැයි ද කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මේ වසරේ ජූලි මස නිකුත් කළ ලෝක ආර්ථික දැක්මෙහි පවා දක්වා තිබෙනුයේ නැඟී එන ආර්ථිකයන් සහිත රටවල් ආර්ථික වර්ධනයක් සිදුවන බවය.

ශ්‍රී ලංකාව මෑතක දී රත්‍රන් හා කුඩා වාහන ගෙන්වීමට වැය වන අධික විදේශීය විනිමය නතරකොට දැමීම ඉලක්කකොට සිදුකළ ආනයන හා නිෂ්පාදන බදු සංශෝධනය නිසා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මන්දගාමී වීමට හේතු වී ඇතැයි ද අධිපතිවරයා කීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වත්මන් ආර්ථික ක්‍රියාකාරීත්වය සලකා බලා ‍තව දුරටත් ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තබාගැනීමට තීරණය කළ බව ද අධිපතිවරයා සඳහන් කෙළේය.

දේශීය ඛනිජ තෙල් මිල ඉහළ නැංවීම, මිල උච්ඡාවචනය සහිත ආහාර මිල ගණන් ඉහළ යෑම මත මෑතක දී උද්ධමනය ඉහළ ගියද, මේ වසර නිමවන විට එය සියයට 4.6 මට්ටමේ පවතිනු ඇතැයි ද අධිපතිවරයා මෙහි දී අනාවැකි පළ කෙළේය.

Comment (1) Hits: 461

"වැව් දහසක් -  ගම් දහසක්" ව්‍යාපෘතිය වැඩ අරඹයි !

වැව් දහසක් -  ගම් දහසක් සංවර්ධන වැඩසටහන ඊයේ (12) නිකවැරටිය මහගිල්ල ගල්කඩවල වැවේදී ආරම්භ කෙරුණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ සංකල්පයක් පරිදි ක්‍රියාත්මක වන "අපි වවලයි අපි කන්නේ" කඩිනම් කෘෂිකාර්මික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තුන්වන වැඩපිළිවෙළයි.

මෙම වැඩසටහනට සමගාමීව දිවයින පුරා වැව් ඊයේ (12) දිනයේ වැව් 300කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කිරීම ආරම්භ කර තිබේ.

මේ යටතේ කුඩා වැව් 370ක් පළමු අදියර යටතේ සංවර්ධනය කෙරෙන අතර මේ වැඩපිළිවෙළ සඳහා වැයවන මුදල රු.මි.9000කි.

මෙහිදී අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ යටතේ වැව් සංවර්ධනය සඳහා රු.මි. 12,000ක් සහ ගම්මාන සංවර්ධනය සඳහා රු.මි. 65,000ක මුදලක් ලබා දී ඇති බවයි.

අපි වවලයි - අපි කන්නේ වැඩපිළිවෙළ යටතේ කොස්පැළ දසලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහන සඳහා කොස්පැළ වගා කිරීමේ කටයුතු ද මෙදිනම ආරම්භ විය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සිරගතව සිටින නම ගිය කුඩු ජාවාරම්කරුවන් සිරගතව සිටින අතරේම කුඩු ජාවාරමේ නිරත වන අතර ඔවුන්ට මරණ දඩුවම ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවට සමස්ත අමාත්‍ය මණ්ඩලයේ ම ඒකමතික අනුමැතිය ලැබී ඇති බවත් ඊට එරෙහිව මේවන විට සමාජය තුළ මතවාද පළවන අතර තරුණ ප්‍රජාව කුඩු වසංගතයට නතු කොට ගත් පිරිසෙන් රටක් යහපත් නොවන බැවින් රජය ගත් තීරණය කිසිසේත් නොහරන බවත් කුඩුජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීර අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බවයි.

මේ අවස්ථාවේදී අභ්‍යන්තර සබඳතා වයඹ සංවර්ධන හා සංස්කෘතික සබඳතා අමාත්‍ය එස්.බී.නාවින්න සහ නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක යන ඇමතිවරුන් අදහස් පළ කර ඇත.

අමාත්‍යංශයේ ලේකම් බී.විජයරත්න, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී.වීරසේකර සහ අතිවිශාල ජනතාවක් මේ අවස්ථාවට සහභාගි වුහ.

Comment (0) Hits: 399

75000ක් කාන්තාවන්ගේ ක්ෂුද්‍ර මුල්‍ය ණය කපා හැරේ ! (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව නීතිරීති සම්පාදනය කරනු ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  පැවසීය. 

ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  මෙසේ කියා සිටියේය.

“නියඟය පැවතුන දිස්ත්‍රික්ක 12 ක රුපියල් ලක්ඹයට හෝ ලක්ෂ්යට අඩු ණය මුදල් ක්ෂුද්‍ර ලබාගෙන ක්ෂුද්‍ර ණය උගුලකට හසු වූ කාන්තාවන් 75,000 කට අගෝස්තු 01 සිට ඒ ණය සියල්ල කපා හරිමින් සහණ ලබා දෙන්නට රජය තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම Lanka Micro finance practinories association සංවිධානයේ සාමාජිකයින් වන ෆිනෑනස් සහ මයික්‍රෝ ෆිනෑන්ස් කොම්පැනිවලින් ණය ලබා ගෙන ඇති අයට මෙම ණය සහනය ලබා දෙන්න අපි තීන්දු කළා.“

“2018 ජූනි 30 විට මාස 03 ක හිඟ ණය මුදල් ඇති නියඟය බලපෑ ප්‍රෙද්ශවල කාන්තාවන් සඳහා මෙම ණය මුදල් අපි ලබාදෙනවා. දිස්ත්‍රික්ක 12 ක. රුපියල් ලක්ෂයක් වන තෙක් සියලු දෙනාගේම ණය රජය විසින් වසර 5 ක් අතුළත කොටස් වශයෙන් එම සමාගම්වලට ගෙවන්න තීන්දු කළා. එම සමාගම් මෙම මුදලට එකතු වූ පොළිය සම්පූර්ණයෙන්ම කපන්න පොරොන්දු වුණා.“

“අපි මයික්‍රෝ ෆිනෑන්ස් සහ ෆිනෑන්ස් සමාගම් එක්ක සාකච්ඡා කරලා එකගතාවයක් ඇති කර ගත්තා මින් ඉදිරියටත් අලුත් ක්ෂුද්‍ර ණය ලබා දීමේ දී වාර්ෂික පොළිය 35% කට සීමා කරන්න. සමහර ආයතන 220% ක් දක්වා කාන්තාවන්ගෙන් පොළී අරගෙන තියෙනවා.“

“ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙන ආයතන සිය කැමැත්ත පරිදි අධික පොළියට ණය ලබා දීම සිදුකළා. අසරණ ගැමි කාන්තාවන් මොවුන්ගේ ඉලක්කය වුණා. රජයක් හැටියට අපි දැනටමත් විශේෂ කමිටුවත් පත් කරලා තියෙනවා, මයික්‍රෝ ෆිනෑන්ස් ඇසෝෂියේෂන් එක්කත් කතා කරලා , ඉදිරියේ දී මේ වගේ ණය උගුල්වලට හසු නොවන ආකාරයට මේ ආයතන කටයුතු කිරීම සඳහා අලුත් නීතිරීතිත් සම්පාදනය කරනවා.“

Comment (0) Hits: 893

ත්‍රිකුණාමලයට ජාත්‍යන්තර ගුවන්තොටුපළක් !

ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම යටතේ  අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට රජය සැළසුම් කර තිබේ.

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ  ඊයේ (11)  එළිදැක්වු අවස්ථාවේදි මේ බව අනාවරණය කෙරිණි.

වර්ෂ 2050දී අවසන් කිරිමට නියමිත  ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්මේ මූලික අදියර 2025 වසරේදි අවසන් කිරිමට නියමිතය.
මෙම වැඩපිළිවල යටතේ  අන්තර්ජාතික ගුවන්තොටුපොළක් ඉදිකිරීමට අමතරව අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයක්, ත‍්‍රිකුණාමලය වරාය දියුණු කිරීම, සංචාරක වැඩසටහන් දියුණු කිරීම ඇතුලූ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කෙරේ.

සිංගප්පුරුවේ සුබානා ජුරෝන්  සමාගම හා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එක්ව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැස්ම සකස් කර තිබේ.

මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්. සම්පන්දන්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු  , සුබානා ජුරෝන්  ආයතනයේ නියෝජිතයෝ ඇතුලූ පිරිසක් සහභාගි වී සිටියහ.

Comment (0) Hits: 398

Page 6 of 14