V2025

ආර්ථික

තෙල් ගේන්න ඉන්දියාව සල්ලි දෙයි : ඒකත් මාස දෙකයි !

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබේ.

මේ අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත එම ණය කඩිනමින් ලබා ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසයි.

මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ණය මුදල ලබා ගැනීම සඳහා වන ගිවිසුමට මෙරට බලශක්ති අමාත්‍යාංශයේ හා ඉන්දීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරුන් අත්සන් කිරමට නියමිතව ඇති බවයි.

ඉන්ධන සැපයුම ඉදිරි මාස 2 පමණයි - ගම්මන්පිල බැසිල්ට දන්වයි !

මේ අතර ආණ්ඩු හිතවාදී සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ , අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික ලෙස කළ හැක්කේ ඉදිරි මාස දෙක සඳහා පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බවයි.

ඒ නිසා ඉන්ධන මිල අර්බුදයට විසඳුමක් ලබා දෙන්නැයි ඔහු මුදල් ඇමති වරයාගෙන් ඉල්ලා ඇති අතර විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන ආනයනය කිරීමේ දී තෙල් සංස්ථාව මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ පාන ඇති බවද තමන් දැනුම් දුන් බව බලශක්ති ඇමති ගම්මන්පිල සඳහන් කරන බවත් එම පුවතේ දැක්වෙයි.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කළ හැක්කේ එළඹෙන ජනවාරි මාසය දක්වා පමණක් බවද දැන්වූ බව ඔහු පැවසීය.

ආනයනය සඳහා බදු සහනයක් හෝ මිල සංශෝධනය මෙම ගැටලු විසඳුමක් විය හැකි බව ද මාත්‍යවරයා පෙන්වා දෙයි.

ලංකා ඉන්දියන් තෙල් සමාගම මිල වැඩි කිරීමක් සිදු කළ හොත් එය තෙල් සංස්ථාවට බලපෑමක් ඇති කරන අතර එවිට වැඩි පාරිභෝගිකයින්ට තෙල් සංස්ථාවේ ඉන්ධනහල් හාම මගින් සංස්ථාවේ පාඩු වැඩි වන බව අමාත්‍යවරයා පැවසීය.

මෙම වසරේ මුල් මාස නවය තුළදී තෙල් සංස්ථාව රුපියල් බිලියන 83 ක පමණ පාඩුවක් ලබා ඇති අතර වසර අවසානය වන විට පෙර නොවූ ලෙස රුපියල් බිලියන 120 දක්වා පාඩු වැඩි විය හැකි බවත් ඔහු පැවසීයත

මේ අතර පළාත් අතර සංචරණ තහනම ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් බස් සේවා ආරම්භ වීමට නියමිත බැවින් ලබන බ‍්‍රහස්පතින්දායින් පසු මෙරට ඉන්ධන සඳහා ඇති ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සීනි 200ත් පනී : ඇමතිට කරන්න දෙයක් නෑ කියයි !

මේ වන විට වෙළඳපොලේ සුදු සීනි කිලෝවක මිල රුපියල් 200.00 ඉක්මවා ගොස් ඇත.

මේ ඉතා පැහැදිළි කළුකඩ මිලක් වන අතර සිදුවන ගසාකෑම ගැන වගකිව යුතු පාර්ශව ක්‍රියාකරන බවක්ද පෙනෙන්නට නැත.

පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ සීනි කිලෝවක සිල්ලර මිල ඇතැම් වෙළඳසැල් වල රුපියල් 210 තෙක් ඉහළ ගොස් ඇති බවය.

පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160 පැවැති අතර ඒ අනුව සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් ඇති බව පැහැදිළිය. මේ අයුතු ලාභ අපේක්ෂාවෙන් සිදුකරන සංවිධානාත්මක මිල ඉහළ දැමීමක් බවට පැහැදිළි සැකසංකා මතුවෙයි. ඒ කුප්‍රකට සීනි බදු වංචාව නිසාය.

වත්මන් ආණ්ඩුව ආනයනික සීනි කිලෝවක් සඳහා වූ රුපියල් 50.00 බද්ද , ශත 25 ක් දක්වා අඩු කරන ලදී. එනම් රුපියල් 49.75 ක බදු අඩු කිරීමක් සිදුකරන ලදී. ඒ , තුල මහා පරිමාණ සීනි ප්‍රමාණයක් වෙළඳුන් කිහිපදෙනෙකු විසින් ආනයනය කරගත් බවත්, අදාළ බදු සංශෝධනය නිසා රාජ්‍ය ආදායමට රුපියල් බිලියන 15.9 ක් පාඩුවූ බවත් මාධ්‍ය වාර්තා අනාවරණය කෙරිණ.

එවැනි පසුබිමක පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, තොග වෙළඳුන් සීනි මිල ඉහළ දැමීම අපරාධයක් බවත් මේ වන විට ඔවුන් සීනි කිලෝවකින් රුපියල් සීයක පමණ ලාභයක් ලබන බවත්ය.

මෙය ඉතා අසාධාරණ බව කී අමාත්‍යවරයා දඩ මුදල් වැඩි කිරීමේ නීතිය ස්ථාපිත වීමට පෙර අධික ලාභයක් ලැබීමේ අරමුණින් වෙලදුන් මේ සඳහා පෙළඹී ඇතැයි ද සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට විකුණන පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් වැඩි කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇතත් පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමට යොමු කර ඉන්පසුව එය නීතියක් බවට පත් වීම ප්‍රමාද වී ඇති නිසා තමන්ටද කරන්න දෙයක් නැතැයි ඔහු තවදුරටත් කියා ඇති බවත් වාර්තා කර තිබේ.

ප්‍රශ්නය ඇත්තේ, මේ ටික කියන්න පාරිභෝගික කටයුතු සම්බන්ධ අමාත්‍යවරයෙක් මොකටද යන්නය. මේ දේවල් මෙසේ සිදුවන්න පාරිභෝගික ආරක්ෂණ අධිකාරියක් මොකටද යන්නය. අවසන් වශයෙන් මෙතරම් දුෂ්කර මොහොතක ව්‍යාපාරික මාෆියාවෙන් ජනතාව රැකගන්න බැරි ආණ්ඩුවක් මොකටද යන්නය.

මහ බැංකුව ගිණිගනිද්දී මායා බෝංචි වැලේ රජදැක්ම තිරගත වේ !

මහා පොළොවට දැනෙන්නට පටන් ගෙන ඇති තාක්ෂණික කරුණු:-

ඉතිහාසයේ ප්‍රථමවරට (1950 මහ බැංකුව පිහිටුවීමෙන් පසු) ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් (සෘණ) මට්ටමට කඩාවැටී ඇත.

නිල සංචිත ප්‍රමාණයද පසුගිය වසර 11 ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇත.

දේශීය බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන -3.5 මට්ටමක පවතී.

බියගම ඇති මුදල් අච්චු ගසන සමාගම (De La Rue) මුද්‍රණ කටයුතු දිනපතා වාර්තා අළුත් කරයි.

ecomonik 850px

ඉහත කී තාක්ෂණික කරුණු දැන් සාමාන්‍ය ජනතාවට ද මහපොළොවේ දැනෙමින් ඇත. පුරාජේරු කතා මඟින් සැඟවූ විදේශ මුදල් හිඟය - නැතහොත් ගෙවුම් ශේෂ අර්බුදය සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය ක්‍රමයෙන් රට ගිලගනිමින් සිටිති.

ඖෂධ, පොහොර හා රසායනික, ගෑස්, තෙල්, ගල්අඟුරු වැනි දෑ වල සැපයුම අඛණ්ඩව පවත්වාගැනීමේ අපහසුවකින් බැංකු පද්ධතියත් ආණ්ඩුවත් පෙළෙමින් ඇත. කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම් රෝගීන් පීඩාවට පත්කර ඇති ඖෂධ හිඟය, පොහොර නැතිවීම නිසා රත්වී ඇති වැවිලි බිම හා ගොවිබිම පෙන්වා දෙන්නේ මේ අර්බුදයයි. වාර්තා ගත ලෙස ඉහළ යන ග්‍රීන් කාර්ඩ් අයදුම්පත් සහ විදේශ තානාපති කාර්යාල ඉදිරිපස ඇති දිගු පෝලිම් වලින් කියවෙන පණිවිඩය වන්නේ අපේ මව්බිම යන්න හිතෙන රටක් වී ඇති බවය. කෙටියෙන්ම කිව හොත් රට සමාජ අසහනයක එළිපත්තේ හිඳියි. මෙවැනි අවස්ථාවල පවත්නා ආණ්ඩු වල ඉරණම තීරනය වූ ආකාරය පිලිබඳ උදාහරණ ලෝක ඉතිහාසයේ ඇති තරම් ඇත.

ජැක් ගේ මායා බෝංචි වැල නොහොත් මහබැංකුවේ සයමසක ආර්ථික මාර්ග සිතියම !

රටේ මූල්‍ය හා ආර්ථික කළමණාකාරීත්වයේ මර්මස්ථානයක් වන මහ බැංකුව බුන්බත් වීමට ආසන්න වෙමින් පවතියි. පක්ෂ දේශපාලනයේ මැදිහත්වීම විසින් ගිනිගන්නා මහ බැංකුව, යථාර්ථය සැඟවීමට මායා බෝංචි වැලක් අහසේ පෙන්වා දෙන ‘සයමසක මාර්ග සිතියමක්’ ඉදිරි පත් කොට ඇත. අර්බුදයක් පවතින බව පිළිගෙන එයට යථාවාදී විසඳුමක් ඉදිරිපත් කරනු වෙනුවට ‘රත්තරන් බිජු දමනා කිකිළියන් ගෙනඒමේ සැලසුම්’ ඔක්තෝම්බර් මස පළ වැනි දින ගෙන එන ලද මෙම යෝජනාවලියේ ඇතුලත්ය. එමෙන්ම ඉන්නා කිකිළියන් මරා දැමීමේ යෝජනාද මෙහි අඩංගු වේ. මාස 06 ක් ඇතුළත එක්සත් ජනපද ඩොලර් බිලියන 9 කට අධික අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය කිරීමට ද, මාස 04 කට සරිලන ආනයන භාණ්ඩ ගෙනඒමට හැකි සංචිත ගොඩනැගීමටද මේ සැලසුම යෝජනා කරයි.

2019 දෙසැම්බර් 01 දා ධනපතියන්ට බදු සහන ලබාදී රාජ්‍ය ආදායම පහළ දමාගෙන ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත ආයතන වලට ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාව අවධානමට ලක්වී ඇති රටක් බවට නම්කිරීමට අවස්ථාව ලබාදී, ලංකාවට ආධාරදීමට වෙස්සන්තර වර්ගයේ විදේශ රටවල් හා ආයතන ඇති බව විශ්වාස කිරීමට මහබැංකුව ක්‍රියාකිරීමම පුදුමයක් මෙන්ම විහිළුවකි.

සුරඟන කතා කරලියේ ජැක්ගේ භූමිකාවට පණ දීමකි. අනෙක් අතින් තමන්ම සල්ලි අච්චු ගසා ඇතිකළ උද්ධමනය පාලනයට හා ආර්ථික ස්ථායී කරණයට පොලී අනුපාත ඉහළ දමනා අතරේ, 6% ක ආර්ථික වර්ධනයක් ඇතිවේයැයි ප්‍රකාශ කිරීම කවර ආර්ථික විද්‍යා න්‍යායකට අනුකූල වේදැයි මහ බැංකුව තෝරාදිය යුතුය.

බලයෙන් පවත්වාගෙන යන 'නිල' විනිමය අනුපාතය හා ඉවක් බවක් නැතිව සිදුකරනා සල්ලි අච්චුගැසීම නිසා ඇතිවන උද්ධමනය විසින් ඉදිරි වසර කීපය තුළ ආර්ථික වර්ධනය තවත් අඩුවීමක් හෝ ඇතැම් විට සංකෝචනය වීමේ ඉඩකඩක් ඇති කරනු ඇත.

ජැක්ගේ මායා බෝංචි වැල නැතහොත් මහබැංකුවේ සයමසක යෝජනාවලිය රටට විදේශ විනිමය ගෙන එන අපනයන ක්ෂේත්‍රවලට අයුතු චෝදනා එල්ලකර ඇති අතර, අපනයනකරුවන්ගේ ආදායම් බලයෙන් අත්පත්කර ගැනීමට හා එයට අනුගත නොවන්නන්ට දඬුවම් ලබාදීමට යෝජනා කර ඇත. බලහත්කාරී ලෙස කෘතිමව විදේශ විනිමය අනුපාත පාලනය කිරීමෙන් අපනයනකරුවන්ට ලැබිය යුතු රුපියල් ආදායම් අසාධාරණ ලෙස අඩුකර ඇති මහබැංකුව, ඉන් ඔබ්බට ගොස් අපනයනකරුවන්ගේ ආදායම අත්පත්කරගැනීමට මාන බැලීම අසාධාරණයක් පමණක් නොව තරඟකාරී විදේශ වෙළෙඳපොළ සමඟ පොරබදන අපේ අපනයන බිඳ දමන පියවරකි. අපගේ අපනයනකරුවන් වෙනත් විදේශ මූලයන් සොයායෑමට දැනටමත් පියවර ගනිමින් සිටින්නේ ඒ නිසාය.

මායා බෝංචි වැලේ තවත් අංගයක් වන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව, තරඟකාරී ප්‍රසම්පාදනයකින් තොරව, ජාතික උපායමාර්ගික අවශ්‍යතා ගැන තැකීමකින් තොරව වටිනා රාජ්‍ය දේපොළ විකිණීමේ ක්‍රියාවලියයි. දැනටමත් සිදුකරමින් යන කෙරවලපිටිය යුගදනවි-සොභාදනවි බලාගාර හා ගෑස් සැපයුම බංකොළොත් සමාගමකට පැවරීම, ඛනිජ තෙල් පිරිපහදු, තෙල් කැණීම හා බෙදාහැරීම එවැනිම ආකාරයකට පත්කිරීමේ නව සැලසුම, වරාය ඇතුළත වටිනා ඉඩම් හා කොළඹ නගරයේ පැරණි උරුමය සහිත ගොඩනැගිලි විකුණා දැමීමේ උත්සාහය අයත්වන්නේ මෙයට ය. මේ නිසාම අද වරාය, තෙල් හා විදුලිබල ක්ෂේත්‍රවල වෘත්තීය සමිති අරගලයක් ද ඇතිවී තිබේ.

මේවා සඳහා නීතිය පසෙකලා මැදිහත්වන මුදල් අමාත්‍යාංශ ලේකම් හා එහි උසස් නිලධාරීන්ද නාගරික සංවර්ධනය භාර නිලධාරීන් ද, සෙසු රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද දැනගත යුත්තේ ඔවුනට දිනෙක මේවාට වග උත්තර බැඳීමට සිදුවන බවය. මේවායින් හරිහම්බකරගන්නා දේශපාලන නායකයින් නම් මායා බෝංචි වැලේ එල්ලී ඇතැම් විට සිය දිව්‍යලෝක වැනි මාතෘ භූමීන්ට සැපැත්වීමට ඉඩ ඇත්තේය.

ප්‍රශ්නය කෝවිඩ්ද?

තවත් පැහැදිලිව හඳුනා ගත යුතු කරුණක් වන්නේ අද රටේ පවත්නා අර්බුදය කොවිඩ් නිසා ඇති වුවක් නොවන බවය.

අර්බුදය කොවිඩ් නිසා නම් ලෝකයේ අනිත් රට වලද කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ හිඟයන්, පොහොර හිඟයන් ඇති විය යුතුය. විදේශ තානාපති කාර්යාල ඉදිරිපස දිගු පෝලිම් ඇති විය යුතුය. සංචාරක කර්මාන්තය ප්‍රධාන අදායම කරගත් රටවල් බංකොලොත් විය යුතුය. එය එසේ සිදු නොවී ශ්‍රී ලංකාව පමණක් ගොඩ ගත හැකි මට්ටමෙන් ඔබ්බට යමින් තිබෙනුයේ නුගත් පාලකයන්ගේ අදුරදර්ශී තීරණය. ඒහා සමඟම වසර ගණනක් මුළුල්ලේ ක්‍රියාත්මක කළ බුබුළු ආර්ථික ප්‍රතිපත්තිය.

විවිධ ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන්, හිටපු ජ්‍යෙෂ්ඨ මහබැංකු හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ ජාත්‍යන්තර ආයතන අවදානම් හැඟවූ වාර අනන්තය. අප විසින් 2014 දී රචනා කරන ලද ‘ආලපාලු ආර්ථිකය’ නම් කෘතියෙන් පවත්නා බුබුළු අර්ථ ක්‍රමයේ හිස් බව පෙන්වා දුන් අතර 2016 වසරේදී ‘මූල්‍ය අගාධයක් අභියස’ නම් කෘතියෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාව 2023 ව වසර වනවිට පෙර නොවූ විරු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බවට අනතුරු හැඟවීමක් හා පුරෝකථනයක් කරන ලදී. බදු සහන පැකේජය නිසා රාජ්‍ය මුල්‍ය බංකොලොත් වීමේ අවදානම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම 2020 ජනවාරි මාසයේ සිටම පටන් ගත්තෙමු.

ප්‍රයෝගික වැඩ පිළිවෙලක් !

අපි ප්‍රශ්නය පමණක් ඉදිරිපත් කොට නිහඬ නොවෙමු. විසඳුම්ද ඉදිරිපත් කරමු. අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ වහා පියවර ගත යුතු බවයි. මේ මොහොතේ වහාම සිදු කළ යුතු කාර්ය වනුයේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය හා ණය ප්‍රතිව්‍යුහගතකිරීමයි.

2019 හඳුන්වා දුන් බදු සහන පැකේජය නැවත සලකා බලා ක්‍රමිකව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීම අනිවාර්ය වේ. මේ හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේත්, මූල්‍ය ආයතනවලත්, විශ්වාසය ගොඩනැගෙනු ඇත. රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මුදල් අච්චු ගැසීමට ඇති අවශ්‍යතාවය අවම කරනා අතර ආර්ථික ස්ථායීකරණයට මහත් පිටුබලයක් වනු ඇත.

රාජ්‍ය ණය හා පොලී ගෙවීම අසීරු අඩියක පවතින හෙයින් ණය ප්‍රතිව්‍යුහගතකිරීම අනෙක් අත්‍යාවශ්‍ය කාරණයයි. ප්‍රයෝගික රාජ්‍ය මූල්‍ය රාමුවක් ඉදිරිපත්කොට ණය ලබාදී ඇති ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් රටට ඉදිරි වසර කිහිපය තුළ ගෙවීමට ඇති හැකියාවට යෝග්‍ය වන ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුය. එමෙන්ම ආයෝජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට අපට බලකර තිබේ. එසේ නොමැතිව මිත්‍රශීලී රටවල් සමඟ විදේශ මුදල් අතමාරුකරණය මඟින් අර්බුදය කල්දැමීමෙන් සිදු වන්නේ මහා අර්බුදයකට පාර කැපීමත්, අවසානයේ වටිනා රාජ්‍ය දේපොළ හා ඉඩම් විදේශිකයන්ට සින්න වීමට පාර කැපීමත්ය.

රට සහ නීතිය පවුලේ හා හිතවතුන් කිහිප දෙනෙකුගේ බූදලයක් ලෙස සලකන පාලකයන් අවසන්කොට යහපාලනය (ආණ්ඩුව නොවේ) රටේ ස්ථාපිත කල යුතුව ඇත. අනීතික අශිෂ්ට සමාජයක් දැක ඇති ජනතාවට නීතියේ ආධිපත්‍ය පිලිබඳ බලාපොරොත්තුවක්, විශ්වාසයක් ගොඩ නැගිය යුතුව ඇත. දැනට දේශපාලකයාගේ දුරකථන ඇමතුමට වැඩකරන රාජ්‍ය ආයතන ප්‍රතිපත්ති රාමුවක් මත ක්‍රියාත්මක යාන්ත්‍රනයන් වන ආකාරයෙන් බල ගැන්විය යුතුය. පොල් තෙල් වලින්, සීනි වලින් පමණක් නොව කොවිඩ් නිරෝධයනයෙන්, සැනිටයිසර් බෝතලයෙන් තම මඩිය තර කර ගත් ජාවාරම්කාර ව්‍යාපාර පන්තියකට ඉඩදීම නිසා බිඳවැටී ඇති ව්‍යාපාරික විශ්වාසය ගොඩනැගීමද අත්‍යවශ්‍ය වේ.

මෙම පියවර කිසිවක් පහසු ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවේ. ඉදිරි වසර කිහිපය මුළු රටටම අතිශය අසීරු කාලයක් වනු ඇත. නමුත් සාධනීය පියවරක් නොගෙන දැනට පවත්නා ක්‍රමය දිගටම පවත්වාගෙන ගියහොත් රට යළි ගොඩගත නොහැකි අඳුරු යුගයකට යනු ඇත. සම්පත් වලින් පිරුණු වෙනිසියුලාව, සිම්බාබ්වේ රාජ්‍ය අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල විදහා දක්වන ජීවමාන උදාහරණ වේ. මෙවැනි අර්බුදකාරී අවස්ථා වල වහා පියවර නොගැනීම 'රට සුන්බුන් ගොඩක් බවට පත් කිරීමේ මාර්ගයක්' බව ප්‍රධාන ධාරාවේ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි එවැනි තත්ත්වයකට රට ගමන්කිරීම වැළැක්වීම අප සියළු දෙනාගේම වගකීමයි.

හිටපු අමාත්‍ය ,

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

ආර්ථිකය යථා තත්ත්වයට : මහ බැංකුව කියයි !

2020 වසර තුළ දී පසුබෑමකට ලක් වූ ශ්‍රී ලංකා ආර්ථිකය රාජ්‍ය මූල්‍ය සහ මුදල් උත්තේජක ක්‍රියාමාර්ගවල සහායෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ සමබන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු අනුව, 2021 පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.3ක වාර්ෂික ලක්ෂ්‍යමය මූර්ත වර්ධනයක් වාර්තා කරමින් අපෙක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළේය.

පසුගිය වසරේ අනුරූප කාර්තුවේ දී දක්නය ලද තියුණු සංකෝචනය වීමද හේතුවෙමින් 2021 වසරේ දෙවන කාර්තුව තුළ දී ආර්ථිකය ඉහළ වර්ධනයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොවිඩ්-19 වසංගතය නැවත ව්‍යාප්තවීම සහ ඒ ආශ්‍රිතව ගනු ලබන වසංගත තත්ත්වය වැළැක්වීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් දේශීය ආර්ථික කටයුතුවලට ඇති විය හැකි බාධා මගින් 2021 වසරේ දෙවන භාගය තුළ දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම තරමක දුර්වල වීමට ඉඩ ඇත.

කෙසේ වුවත්, කොවිඩ්-19 ඒන්නත් කිරීමේ ජාතික වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහ තෝරාගත් සංචරඛ සීමා පමණක් පැනවීමේ රජයේ උපායමාර්ග සමග ඉදිරි කාලය තුළ දී ආර්ථික ක්‍රියාකාරිත්වය තිරසාරව පවතිනු ඇතැයි අපේක්ෂා ‌කෙරේ.

පවත්නා දර්ශක සහ පුරෝකථනවලට අනුව 2021 වසර තුළ දී මූලර්ත ආර්ථිකය සියයට 5කට වඩා ඉහළ අගයකින් වර්ධනය වනු ඇති අතර මැදි කාලීනව ඒම වර්ධන වේගය තිරසාරව පවත්වාගත හැකි වනු ඇත.

(අද දෙරණ )

පාන් ආප්ප ප්ලේන්ටි සියල්ලේ මිලත් ඉහළට !

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළ දැමීමට නියමිත බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට 450 g පාන් ගෙඩියක් රුපියල් 5.00 කින් මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර ඇත.

එසේම ආපන ශාලා හිමියන් පවසන්නේ මේ වනවිට ගෑස්, තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමග සියලුම ආභාර සහ පාන වර්ගවල මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

ඒ අනුව ආප්පයක් රුපියල් 10 කින් සහ කිරි තේ එකක් රුපියල් 20 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවත් ඊට සමාන්තරව ප්ලේන්ටි ඇතුළු සෙසු ආහාර වර්ගවල මිල ද ඉහළ යනු ඇති බවත් වාර්තා වෙයි.

බේකරි ද්‍රව්‍ය මිල ඉහළට !

එළඹෙන සඳුදා, එනම් අගෝස්තු 23 වනදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමටත්, අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කිරීමටත් එම සංගමය තීරණය කර ඇත.

මේ අතර කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් ඉහළ දමා ඇත.

සමාගම් වැඩේ අතට ගනියි : මුලින් සහල්, කිරිපිටි දැන් ගෑස් !

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි එම සමාගම් සඳහන් කරයි.

පාරිභෝගික අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවක දී ඔවුන් යෝජනා කර ඇත්තේ රුපියල් දහසකින් මිල වැඩි කළ යුතු බවයි.

ගෑස් සඳහා වූ මිල පාලනය රජය විසින් අතහැරීමත් සමග සමාගම් විසින් මිල නියම කිරීමට තීරණය කර ඇත.

මේ අතර සහල් මිල තීරණය කිරීම මහා පරිමාණ සහල් මෝල් හිමියන් සිදුකළ බවත් කිරිපිටි මිල තීරණය කිරීම කිරිපිටි ආනයනකරුවන් සිදුකළා මෙන්ම ගෑස් සමාගම් එහි මිල තීරණය කිරීම ගැනත් ආණ්ඩුවට විවේචන පවතී.

චීනයෙන් රුපියල් බිලියන 61.5ක ණයක් !

ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව රුපියල් බිලියන 61.5ක මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළැඹුණු බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සඳහන් කළේය.

චීන මුදල් ඒකකය වන රෙනමින්බි ඒකකයෙන් මූල්‍ය පහසුකම ලැබෙන බවත් ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම ලබාදෙන බව එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.

කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාරයට සහාය වීම, ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරත්වය සහ ජීවනෝපය වඩාත් යහපත් කිරීම යනාදියට උපකාර කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම කළ බව එම ට්විටර් පණිවුඩයේ තවදුරටත් දැක්විණි.

(lankadeepa)

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් , සිමෙන්ති : පාලන මිල ඉවතට !

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවල පාලන මිල ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

සිමෙන්ති, එල්පී ගෑස්, කිරිපිටි සහ තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර අද(07) පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වුවත් මෙම භාණ්ඩ මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

එහෙත් ප්‍රශ්නය වන්නේ මිල වැඩිවීම අසාධාරණද සාධාරණද යන්න තක්සේරු කරන්නේ කවුද යන්න සහ භාණ්ඩ මිල ඉහළ යාමට සාපේක්ෂව ආදායම් වල කිසිදු වැඩිවීමක් සිදුනොවීමය.

එබැවින් මේ තීන්දුවලින් ජනතාවට ඉතුරු අසහනය විතරය.

බදු දැලේ හිල් ලොකු වෙලා : තෝරු මෝරුන්ගෙන් බදු ගෙවන්නේ 13 % යි !

2020 වසර අග වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩත්තු කරන පුද්ගල බදු ලිපිගොනු සංඛ්‍යාව දෙලක්ෂ අසූ දහසකට (2,80,000)ක් පමණ වුවද එයින් දැනට බදු ගෙවන්නේ 13%ක ප්‍රමාණයක් බවත් එම සංඛ්‍යාව තිස් පන්දහසක් (35,000) පමණ වන බවත් දේශයට වාර්තා වෙයි. වර්තමාන රජය 2020 අයවැය ලේඛනයෙන් බදු ගෙවිය යුතු අවම ආදායම් මට්ටම රුපියල් ලක්ෂ 30ක් (මිලියන 3ක්) දක්වා ඉහළ දැමීම නිසා 2021 වන විට සක්‍රිය ලිපිගොනු සංඛ්‍යාව දහසය දහස (16,000) පමණ දක්වා පහළ බසිනු ඇති බවද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

2019 වසරේදී රුපියල් බිලියන 10ක්ව තිබූ සමස්ත බදු ආදායම බිලියන 6 දක්වා අඩු වී තිබෙන අතර 2021 වන විට තවදුරටත් පහළ බසිනු ඇති බවට අනතුරු ඇඟවේ. සේවක වැටුප් සහ දීමනා මෙන්ම දෙපාර්තමේන්තුවේ නඩත්තු වියදම් සලකා බැලීමේදී එක රුපියලක් ඉපයීම සඳහා රුපියලකට වැඩි මුදලක් වැයවන බව එහි සේවකයෝ පවසති.

ආදායම් බදු ගෙවන සමාගම් සංඛ්‍යාව 1500ක් පමණ වන අතර එයින් ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 40කි. එහෙත් සත්‍ය වශයෙන් බදු ගෙවන මට්ටමේ ව්‍යාපාරිකයන් සංඛ්‍යාව මේ ප්‍රමාණයෙන් තුන් ගුණයක් පමණ විය හැකි අතර වැඩිදෙනා විවිධ සම්බන්ධතා ගොඩනගාගෙන ආදායම අඩුවෙන් පෙන්වා බදු ගෙවීමෙන් වැළකී සිටින බව සොයාගෙන ඇත. එමෙන්ම සමාගම් ලිපිගොනු විගණනය කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුවේ ඇතැම් බලවතුන් විසින් තමන්ට බලපෑම් කරන බවද සේවකයෝ පවසති.

දේශය - යසවර්ධන රුද්රිගූ

වෙළෙඳ පොළේ කිරිපිටි හිඟය උග්‍රයි !

වෙළෙඳපොළේ සති දෙක තුනක් තිස්සේ කිරිපිටි හිඟය උග්‍රවීම නිසා පාරිභෝගික ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටිති.

කිරිපිටි මිල ගණන් ඉහළ දමන ලෙස ඉල්ලා ආනයනික සමාගම් කිරිපිටි මුදා නොහැරීම හේතුවෙන් මෙම හිඟය හටගෙන තිබේ.

විශේෂයෙන් කුඩා දරුවන් සිටිනා පවුල් මෙයින් බරපතල ගැටලුවලට මුහුණ දී සිටින බව පාරිභෝගිකයෝ පවසති. ඇතැම් විට දේශීය වශයෙන් නිපදවන කිරිපිටි වර්ග වෙළෙඳපොළට පැමිණියත් වෙළඳුන් විසින් ඒවා අලෙවියේදී විවිධ කොන්දේසි පැනවීම හේතුවෙන් පාරිභෝගිකයින් අපහසුතාවට පත්වන බව දැනගන්නට තිබේ.

කිරිපිටිවලට අමතරව ඇතැම් ප්‍රදේශවල සිමෙන්ති සහ ගෘහස්ථ ගෑස් හිඟයක්ද හටගෙන ඇතැයි අප වාර්තාකරුවෝ පවසති.

(Deshaya )

BOC විශේෂ අපනයන ඒකකය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ලංකා බැංකුවේ 82 වැනි සංවත්සරයට සමඟාමීව අභිනවයෙන් පිහිටවූ විශේෂ අපනයන ඒකකය ( Export Circle ) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සුරතින් අද (02) දින අරලියගහ මන්දිරයේ දී විවෘත විය.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අගමැති මෙම විශේෂ ඒකකය විවෘත කළ අතර ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ වෙළඳ සේවා ඒකකය තුළ මෙම විශේෂ අපනයන ඒකකය ස්ථාපිත කර තිබේ.

ලංකා බැංකුවේ මහා කළමනාකරු ලෙස කටයුතු කරන ඩී.පී.කේ ගුණසේකර  ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨතම බැංකු සේවකයාට හිමි තිලිණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සුරතින් මෙහි දී ලබාගත්තේය.

මෙහිදී අදහස් දැක්වූ  ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ,

සැමවිටම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා අනුගත වෙමින් ඒ ඒ රජයන්හි ආර්ථික සංවර්ධන කාර්යයට යුගයෙන් යුගය උර දුන් ලංකා බැංකුව වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම හා එක්වෙමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවීම උදෙසා දිවි උදාන ණය යෝජනා ක්‍රමයත් කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සහ ඒ සඳහා දිරි ගැන්වීමට සශ්‍රීක ණය යෝජනා ක්‍රමයත් ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකා බැංකුවේ පළමු සභාපති සර් අර්නස්ට් ද සිල්වා මැතිතුමාගේ බංගලාවෙ තමයි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටලා තියෙන්නෙ. ඒ නිසා ලංකා බැංකුවේ 82වැනි සංවත්සරය සැමරීමට අගමැති  අරලියගහ මන්දිර පරිශ්‍රය ලබාදීම ගැන මාගේ ප්‍රණාමය පුදකරනවා. 2014 වනවිට සියයට 6ක ආර්ථික වර්ධන වේගයක් ලංකාවේ තිබුණා. රජයේ බැංකු පොලී අනුපාතය සියයට 8-9 වගේ තනි ඉලක්කමකයි පැවතුණේ.ඉතා හොඳ ආර්ථික වර්ධනයක් තිබුණ රටක් තමයි පසුගිය රජය භාරගත්තෙ. එහෙත් 2019 වනවිට බැංකු පොලී අනුපාතය සියයට 15ත් 16ත් දක්වා වර්ධනය වෙලා 2014 තනි ඉලක්කමේ තිබුණු බදු අනුපාතයත් සියයට 15 දක්වා වැඩිවුණා.

අද ආරම්භ කළ අපනයන විශේෂ ඒකකයෙන් රටේ සුළු පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ අපනයනකරුවන්ට එකසේ මූල්‍ය සහ මූල්‍ය නොවන සියලු පහසුකම් සපයමින් රජයේ දේශීය අපනයනකරුවන් නගා සිටුවීමේ කාර්යයට ලංකා බැංකුව උර දී කටයුතු කරනවා යැයි කාංචන රත්වත්තේ  පැවසීය.

ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.පී.කේ ගුණසේකර  අපේ අගමැතිතුමා නියෝජනය කළ සමගි පෙරමුණු රජය තමයි ලංකා බැංකුව ගමට ගෙනිච්චෙ. ජනතාවට ලංකා බැංකුව සමඟ කටයුතු කරන්න අවස්ථාව එදා හදලා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස ගම්වල ඉන්න අයටත් ලංකා බැංකුවට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවුණා. අද වනවිට දක්ෂ උගත් සේවකයින් 9000ක් ලංකා බැංකුවේ ඉන්නවා. පසුගිය කොවිඩි වසංගත තත්ත්වය තුළත් ලංකා බැංකුව විශේෂ සේවාවන් රැසක් ඉටුකළා. දිවයිනපුරා යමින් ධීවර, තේ වතු, ගොවීන් ඇතුළු ව්‍යාපාරිකයන් හමුවෙලා ලංකා බැංකුව තුළ පුළුල් අවස්ථාවන් නිර්මාණය කළා. මේ නිසා ලංකාවේ වැඩිම ආදායමක් ලබපු බැංකුව බවට ලංකා බැංකුව පත්කරන්න අපට හැකිවුණා. පසුගිය වසරවලට සාපේක්ෂව ආදායම් වර්ධනය සියයට 116කින් වර්ධනය කරගන්න හැකියාව ලැබුණේ ඒ නිසයි.

සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ වැඩිම පිරිසකට ණය ලබා දුන් බැංකුව වු‍ණේ ලංකා බැංකුව බවත් සිහිපත් කළ යුතු යැයි ගුණසේකර කියා සිටියේය.‍

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්‍ෂ්මන්, ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ, මහා කළමනාකරු ඩී.පී.කේ ගුණසේකර ඇතුළු ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් සහභාගී වූහ.

View the embedded image gallery online at:
http://newstube.lk/economy?start=108#sigProId33888c70eb

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් !

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟවී ඇති බව වාර්තා වෙයි.

ඒ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීම වෙනුවෙන් හා එන්නත් ලබාදීම වෙනුවෙනි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර දැක්වීම හා සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම අතිරේක ණය මුදල ලබාදීමට නියමිතය.

මෙම අතිරේක මුල්‍යයන පහසුකම ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

viber image 2021 09 22 12 58 41 131

ගෑස් හිඟයක් : ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිරවීම නතර කරලා !

ජාතික මට්ටමේ ගෑස් හිඟයක් සම්බන්ධව දැඩි ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි අනතුරු අඟවයි.

ඊට අනුව, ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් බෙදා හරින මාබිම මධ්‍යස්ථානය අද (28) දින සිට වසා තබන බව එහි සේවකයන්ට දන්වා ඇති බව දැඩි ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් කරයි.

අදාළ පුවතේ දැක්වෙන ආකාරයට එම සමාගමේ හම්බන්තොට ගෑස් පර්යන්තය ද පසුගිය සිකුරාදා දිනයේ සිට වසා දමා තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

එම සමාගම නැවතත් ලබන පළමු වන දා සිට මා බිම පර්යන්ත විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවද සේවකයනට දන්වා තිබේ.

ජාත්‍යන්තර ගෑස් මිල ගණන් ඉහළ දැමීම හේතු කරගෙන ගෑස් ආනයනය නතර කරන බව එම සමාගම දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිරවීම නතර ගෑස් යොදා සිදුකරන වෙනත් සේවාවන් අඛණ්ඩව සැලසීමට එම සමාගම කටයුතු කරමින් සිටී.

කිරිපිටි විතරක් නෙවෙයි : තිරිඟු පිටි - සිමෙන්ති මිලත් ඉහළට !

පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ අධ්‍යනයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ඉදිරි දින කීපයේදී සිදුවනු ඇතැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.

මෙම භාණ්ඩ තුනේ ජාත්‍යන්තර වෙලෙඳපොලේ මිල වැඩි වීම නිසා දේශීය මිල වැඩි කරන ලෙස ආනයනකරුවන් මාස හයක පමණ කාලයක සිට ඉල්ලීම් කර තිබියදී ඒ පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කළ බව පැවසූ එම නිලධාරියා පාරිභෝගික අධිකාරියේ අදාල මිල කමිටු ඒ පිළිබඳව වර්තමාන තත්වයට අනුරූපීව ගණනය කිරීම් කර ඇති ආකාරයට ඉදිරියේදී ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතියක් ගෙන නව මිල ගණන් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටු සහ එහි මණ්ඩලය මෙම භාණ්ඩ තුන පිළිබඳව කළ අධ්‍යනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවත් කිරිපිටි කිලෝවක වර්තමාන මිල රුපියල් 940 ක් තීරණය කරන අවස්ථාවේදී ජාත්‍යන්තර වෙළෙඳපොලේ කිරිපිටි මෙටි්‍රක්ටොන් එකක් ඩොලර් 3,070 ක් වුවද වර්තමානය වන විට කිරිපිටි මෙට්‍රික්ටොන් ඒකක් ඩොලර් 3,700 ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

(Lankadeepa)

ලංකාවේ බැංකු පද්ධතිය අවධානමේ : ෆිච් රේටිං ලෝකයටම දැනුම්දෙයි !

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය මේ වනවිට දැඩි අවදානමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය වර්ගීකරණය ආයතනයක් වන ෆිච් රේටිං ආයතනය අනාවරණය කර ඇත.

ෆිච් රේටිං ආයතනය නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වන්නේ විදේශ විනිමය මගින් රජය විශාල වශයෙන් නිකුත් කර ඇති සුරැකුම්පත් ප්‍රමාණය හා ප්‍රාග්ධනය දුර්වල වීම නිසා මෙම තත්වයට පත්ව ඇති බවය.

2020 වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සතුව ඇති වත්කම් වලින් තුනෙන් එකක් රජයට විවෘත වී ඇති බවද සඳහන් කරන එම වාර්තාව දේශීය බැංකු රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම් හරහා විදේශ විනිමය වෙළෙඳපොළ විවෘත වී ඇතැයිද කියා සිටියි.

වැඩිදුර තොරතුරු සඳහා සබැඳිය පහත දැක්වෙයි.

Large Sri Lankan Banks Most Exposed to Sovereign Risk

ගෑස් සමාගම් ආයෙත් මිනිසුන්ට ගෑස් පෙන්වන සූදානමක් !

ගෑස් මිල ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් යළිත් වරක් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට ගෑස් සමාගම් මෙසේ යළිත් ඉල්ලීමක් කර ඇත්තේ ලෝක වෙළඳපොළ තුළ ගෑස් මිල ඉහළ යෑම හේතුව ලෙස දක්වමිනි.

පසුගිය සමයේ මෙරට වෙළඳ පොල තුළ ගෑස් හිඟයක් මතුවිය. ඒ ලාෆ් සමාගම සිය කටයුතු අත්හිටුවීම නිසාය.

පසුව ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට ආණ්ඩුව අවස්ථාව ලබාදුන්නේය. ඒ සමග නිශ්පාදන කටයුතු නැවත ඇරඹුණු බව ලාෆ් සමාගම පැවසූවත් වෙළඳ පොල තුළ ගෑස් වල හිඟයක් පවතී.

පාන් මිලත් ඉහළට !

එන සතියේ පටන් සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව ආණ්ඩු හිතවාදි සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඊට අනූව සංගමයේ සභාපති සභාපති එන්.කේ. ජයවර්ධන පෙන්වා දෙන්නේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහල දැමීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

මීට පෙර ඉන්ධන මිල වැඩි කිරීම නිසා පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ දසන ලද බවද බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති පවසා ඇත.

Page 7 of 8