Language Switcher

Ad

Ad 01

V2025

2025 ස්වර්ණ පුස්තක සම්මානය චන්ද්‍රරත්න බණ්ඩාරයන්ට

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලැබූ ස්වර්ණ පුස්තක සම්මාන උලළේදී 2025 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර විසින් හිමිකර ගත්තේය.

ඒ ඔහු විසින් රචිත ” පියාසර සමය ” නවකතාව වෙනුවෙනි.

ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා (13) පැවැත් විය.

සම්මාන උලළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකයි.

චන්ද්‍රරත්න බණ්ඩාරට ස්වර්ණ පුස්තක සම්මානය සමග රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමීය.