Language Switcher

V2025

තෙල් ගේන්න ඉන්දියාව සල්ලි දෙයි : ඒකත් මාස දෙකයි !

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබේ.

මේ අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත එම ණය කඩිනමින් ලබා ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසයි.

මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ණය මුදල ලබා ගැනීම සඳහා වන ගිවිසුමට මෙරට බලශක්ති අමාත්‍යාංශයේ හා ඉන්දීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරුන් අත්සන් කිරමට නියමිතව ඇති බවයි.

ඉන්ධන සැපයුම ඉදිරි මාස 2 පමණයි - ගම්මන්පිල බැසිල්ට දන්වයි !

මේ අතර ආණ්ඩු හිතවාදී සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ , අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික ලෙස කළ හැක්කේ ඉදිරි මාස දෙක සඳහා පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බවයි.

ඒ නිසා ඉන්ධන මිල අර්බුදයට විසඳුමක් ලබා දෙන්නැයි ඔහු මුදල් ඇමති වරයාගෙන් ඉල්ලා ඇති අතර විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන ආනයනය කිරීමේ දී තෙල් සංස්ථාව මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ පාන ඇති බවද තමන් දැනුම් දුන් බව බලශක්ති ඇමති ගම්මන්පිල සඳහන් කරන බවත් එම පුවතේ දැක්වෙයි.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කළ හැක්කේ එළඹෙන ජනවාරි මාසය දක්වා පමණක් බවද දැන්වූ බව ඔහු පැවසීය.

ආනයනය සඳහා බදු සහනයක් හෝ මිල සංශෝධනය මෙම ගැටලු විසඳුමක් විය හැකි බව ද මාත්‍යවරයා පෙන්වා දෙයි.

ලංකා ඉන්දියන් තෙල් සමාගම මිල වැඩි කිරීමක් සිදු කළ හොත් එය තෙල් සංස්ථාවට බලපෑමක් ඇති කරන අතර එවිට වැඩි පාරිභෝගිකයින්ට තෙල් සංස්ථාවේ ඉන්ධනහල් හාම මගින් සංස්ථාවේ පාඩු වැඩි වන බව අමාත්‍යවරයා පැවසීය.

මෙම වසරේ මුල් මාස නවය තුළදී තෙල් සංස්ථාව රුපියල් බිලියන 83 ක පමණ පාඩුවක් ලබා ඇති අතර වසර අවසානය වන විට පෙර නොවූ ලෙස රුපියල් බිලියන 120 දක්වා පාඩු වැඩි විය හැකි බවත් ඔහු පැවසීයත

මේ අතර පළාත් අතර සංචරණ තහනම ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් බස් සේවා ආරම්භ වීමට නියමිත බැවින් ලබන බ‍්‍රහස්පතින්දායින් පසු මෙරට ඉන්ධන සඳහා ඇති ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.