මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමට අවසර දෙමින් 2023 ජුනි 02 වන දින නිකුත් කරන ලද චක්‍රලේඛය, 2025 සැප්තැම්බර් 09 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සදහන් කළේ 2023 වසරේ ජුනි මස 02වන දිනැතිව නිකුත් කරන ලද අදාල චක්‍ර ලේඛය මේ මස 09 වන දින සිට බලපැවෙත්වෙන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවය.
බස් රථ අලංකරණය සදහා අවසර ලබා දෙන ලෙස විවිධ පාර්ශ්ව වලින් ලද ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් බස් රථවල සැරසිලි හා උපාංග සවිකිරීමට අදාළව කොන්දේසි කිහිපයකට යටත්ව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබුණි.