V2025

ආර්ථික

ඉන්දුනීසියා ජනාධිපති ලබන 24 වන දා මෙරටට

ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ මහතා සහ එම ආර්යාව ලබන 24 මෙරටට පැමිණිමට නියමිතයි.

ඉන්දුනීසියා ජනාධිපතිවරයා එදිනම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා හමුවිමට නියමිත බව වාර්තා වේ.

24දා පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඉන්දුනීසියා ජනාධිපතිවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක්ද පැවැත්වෙනු ඇත.

පසුදින එනම් 25 වන දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාව හමුවන අතර එදිනම ඉන්දුනීසියා ජනාධිපතිවරයා නැවත සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම දෙදින නිල සංචාරයේදී දෙරටේ අතර පවතින සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙණු ඇති බවයි එම වාර්තා වැඩිදුර සඳහන් කර සිටියි.

Comment (0) Hits: 325

මෙරට රැකියා ඇබෑර්තු 4 97 302ක්

මෙරට විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිතව රැකියා ඇබෑර්තු 4 97 302ක් පවතින බව ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එම ඇබෑර්තුවලින් වැඩිම සංඛ්‍යාවක් යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ ආරක්ෂක නියාමකයින් සඳහා වූ රැකියා ඇබෑර්තුය.

ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව දක්වා ඇත්තේ පසුගිය වසරට අදාළ ව නිකුත් කල ශ්‍රම ඉල්ලුම පිළිබඳ සමීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත්කරමින්ය.

මෙරට මිලියන 5 කට ආසන්න පිරිසක් පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටින බවද එම වාර්තාවේ සඳහන්ව ඇත.

Comment (0) Hits: 359

කන්කසන්තුරේ වාණිජ වරායක් කරන්න ඉන්දියාවෙන් මිලියන් 45.27 ක ආධාර

ඇමරිකානු ඩොලර් මිලියන 45.27 ක වියදමින් කන්කසන්තුරේ (KKS) වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය ඉදිරිපත් වී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ආධාර ඉන්දියාවේ අපනයන - ආනයන බැංකුව වන එක්සිම් බැංකුව මඟින් ලැබෙන අතර භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ඉන්දියාවේ එක්සිම් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂක ඬේවිඞ් රස්කිංහ සමඟ පසුගියදා නවදිල්ලියේදී ගිවිසුමට අත්සන් කර ඇත.

එසේම කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම මඟින් ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ වෙළඳාම දිරිමත් කිරීම මඟින් ආර්ථික කටයුතු සඳහා දිරිගැන්වීමක් ලැබෙන අතර ඉන්දියාවේ නැගෙනහිර සියලූ‍ වරායන් මෙන්ම මියන්මාරය හා බංගලාදේශය සඳහා ද ආසන්නම වරාය ලෙස මෙම වරාය පිහිටා තිබීම හේතුවෙන් නුදුරු අනාගතයේදී කලාපිය නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ රටේ උත්සාහය තවදුරටත් ශක්තිමත් වීමක් මේ හරහා සිදුවෙයි.

දියකඩනය නැවත සැකසීම හා වාණිජ භාණ්ඩ හැසිරවීම සඳහා නව ජැටියක් ඉදිකිරිම, වරායට අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් ස්ථාපනය කිරීම ආදිය ඉන්දියාවේ මෙම ණය පහසුකම යටතේ සිදු කෙරේ.

ඒ අනුව ඇමරිකන් ඩොලර් මිලියන 45.27 ක නව ණය ආධාර මඟින් වරායේ දියකඩනය ප‍්‍රතිසංස්කරණය කිරීම හා පවතින ජැටිය පිළිසකර කිරීම ආදී වූ ඉතුරු අදියරයන් ද්විත්වයෙහි වැඩකටයුතු සඳහා යොදාගැනීමට නියමිතව ඇත.

ඉන්දියානු රජය 1973 සිට වසර 40කට අධික කාලයක් පුරා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන සංවර්ධන හවුල්කරුවා වෙයි. පසුගිය වසර කිහිපය තුළ ඉන්දියානු ඍජු විදේශ ආයෝජන සීග‍්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. වර්තමානයේදී ඉන්දියානු සංවර්ධන ආධාර ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ආර්ථික යටිතල පහසුකම් දියුණු කිරීම, ජිවනෝපාය සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ධාරිතාව ගොඩනැංවීම හා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අලූ‍ත් කිරීම ආදී ක්‍ෂේත‍්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙම සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරමින් දෙරටේම රජයන් විසින් 2017 ජුනි මාසයේදී ශ‍්‍රී ලංකාවේ දුම්රිය ක්‍ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා ඇ.ඩො. මිලියන 318 ක නව ණය මාර්ගයක් සඳහා අත්සන් තබන ලදී.

Comment (0) Hits: 318

ආනයනික පොල් මද ඉදිරි සතියේ වෙළඳපොළට

මෙරට වෙළඳපොලේ ඉහළ ගොස් තිබෙන පොල් මිල පාලනය සඳහා ආනයනය කරන්නට යෙදුනු පොල් මද එළඹෙන සතියේදී මෙරට වෙළඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට අදාළ පොල් මද තොග මෙරටට ළඟාවීමෙන් පසුව ඒවා ශාඛ නිරෝධායන ආයතනය මඟින් පරීක්ෂා කිරීමෙන් පසුව වෙළඳපොලට නිකුත් කෙරෙණු ඇත.

පොල් මද ආනයනය කිරීම සඳහා රජය අවසරදීමත් සමඟ ආනයනකරුවන් 11 දෙනෙකු ඒ සඳහා ඉල්ලුම් කර ඇති අතර ඉදිරියේදී පිලිපීනයෙන්ද පොල් මද තොග ආනයනය කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

එසේම මේ වන විට පොල් ගෙඩියක් සඳහා රුපියල් 75 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර ඊට වැඩි මුදලට පොල් විකුණන වෙළෙන්දන් වැටලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් නිලධාරීන් යොදවා ඇති බවත් වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් සොයා වැටලීම් අඛණ්ඩව සිදු කරන බවත් පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

Comment (0) Hits: 275

දශක ගණනාවකට පසු රාජ්‍ය මූල්‍යයේ අතිරික්තයක්

දශක ගණනාවකට පසුව රාජ්‍ය මුල්‍යයේ අතිරික්තයක් නිවේදනය වීම සතුටුදායක ආරංචියක් බවත් එය රටේ ආර්ථිකය කඩා වැටී ඇති බව කියන පාර්ශව වෙත එල්ලවූ අතුල් පහරක් බවත් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

පසුගියදා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර එම සටහන පහත දැක්වේ.

සතුටුදායක ආරංචියක්

පසුගියදා මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා සතුටුදායක ආරංචියක්, ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍යය සම්බන්ධයෙන්. ඒක රටේ ආර්ථිකයටත් ඉතා වැදගත්. ඒ තමයි ලංකාවේ ප‍්‍රාථමික ශේෂය දශක ගනණාවකට පසු අතිරික්තයක් ඇතිකර ගෙන තිබෙන බව. විශේෂයෙන්ම පළමුවැනි මාස දහය ගත් කළ මේ ප‍්‍රාථමික ශේෂය රුපියල් බිලියන 22ක ප‍්‍රමාණයකට සමාන ප‍්‍රමාණයකින් අතිරික්තයක් වාර්තාකර ඇති බව මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ප්‍රාථමික ශේෂය යනු කුමක්ද ?

මොකක්ද මේ ප‍්‍රාථමික ශේෂය කියන්නේ? එහෙම නැත්නම් ප‍්‍රයිමරි බැලන්ස් කියලා කියන්නේ? මෙතනදී, ආණ්ඩුවේ ආදායමින් ආණ්ඩුවේ පුනරාවර්තන වියදම්, ඒ කියන්නේ පඩි-නඩි, විශ්‍රාම වැටුප් ඒ වගේම තවදුරටත් ගත්තොත් සුභසාධන වියදම්, සමෘද්ධිය, පොහොර සහනාධාරය වැනි වියදම් සහ ප‍්‍රාග්ධන වියදම්.

විශේෂයෙන්ම මහාමාර්ග ක්‍ෂේත‍්‍රයේ එහෙම නැත්නම් නාගරික සංවර්ධන ක්ෂේත‍්‍රයේ, ජල කළමනාකරණ ක්ෂේත‍්‍රයේ මේ හැම ක්‍ෂේත‍්‍රයකම ප‍්‍රාග්ධන වියදම්, කියන මේ වියදම් ප‍්‍රමාණය අඩුකළාම ආණ්ඩුවේ ආදායම්වලින් ඒකට අපි කියනවා ප‍්‍රාථමික ශේෂය කියලා.

මෙතනදී ගණන් නොගන්නේ පැරණි ණය වල පොලී ගෙවීම පමණයි. පැරණි ණයවල පොලී ගෙවනවා කියන්නේ පරණ ආණ්ඩුවලට අයිති දෙයක්. අලූත් ආණ්ඩුවේ ක‍්‍රියාවලිය විශේෂයෙන්ම පුනරාවර්තන වියදම් හා ප‍්‍රාග්ධන වියදම් ආණ්ඩුවේ ආදායමින් අඩු කිරීමෙන් තමයි ප‍්‍රාථමික ශේෂය ඇතිවන්නේ. ඉතිං ඒ ප‍්‍රාථමික ශේෂය දශක ගණනාවකට පසු 2017 දී අතිරික්තයක් වාර්තා කර ඇති බව ප‍්‍රකාශ කර තියෙනවා. එය ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍යයේ ශක්තිමත්භාවයට වැදගත් අංග ලක්‍ෂණයක්.

ආදායම් ඉහළ ගිහින්

මොනවද ඒ ඉලක්කම්. 2017 මුදල් අමාත්‍යාංශ තොරතුරුවලට අනුව ආණ්ඩුවේ මුලූ ආදායම බිලියන 1473 දක්වා ඉහල නැග තිබෙනවා. ආසන්නයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 10% ක පමණ ප‍්‍රමාණයකට ඇද වැටී තිබුණු ආණ්ඩුවේ ආදායම ආසන්නයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 14%ක තරම් දක්වා වෙච්ච වර්ධනයක් පෙන්නන්න පසුගිය අවුරුදු තුනක කාලය තුළ ආණ්ඩුවට හැකි වී ඇත. මෙය සුවිශේෂී ජයග‍්‍රහණයක්. ඒ වගේම ආණ්ඩුවේ පුනරාවර්තන වියදම බිලියන 964ක්. ඒ වගේම ආණ්ඩුවේ ප‍්‍රාග්ධන වියදම බිලියන 487ක්. එවිට ආණ්ඩුවේ පුනවර්තන වියදමයි, ආණ්ඩුවේ ප‍්‍රාග්ධන වියදමයි එකතු වූ විට බිලියන 1451 ක්. එතකොට ආණ්ඩුවේ මුලූ වියදම ණය පොලී හැරුණු කොට ආණ්ඩුවේ මුලූ වියදම බිලියන 1451ක් වේද්දී ආණ්ඩුවේ මුලූ ආදයම බිලියන 1473ක් වී තිබෙනවා.

පළමු මාස දහයේ අතිරික්තය

ඒනිසා පළමු මාස දහයට බිලියන 22ක අතිරික්තයක් වාර්තා කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කරන්නේ. ඇතැම්විට අවසාන මාස දෙකත් ගත්කළ එම ප‍්‍රමාණය මීටත් වඩා අඩුවෙන්නත් පුලූවන්. කෙසේ නමුත් මේ විශාල ජයග‍්‍රහණයත් අතීතයත් එක්ක සළකලා බලන කොට ආණ්ඩුවේ ප‍්‍රාථමික ශේෂය ධන අගයක් ගැනීම අතිරික්තයක් පෙන්වීම විශේෂිතය.

ආර්ථිකය කඩා වැටිලාය, ආණ්ඩුවේ මූල්‍යය කඩා වැටිලාය කියන බොරු ආරංචි පතුරුවන සියලූ දෙනාටම එල්ල කරපු අතුල් පහරක් ඒ වගේම මේ රටේ ජනතාවට සතුටු විය හැකි ප‍්‍රවෘත්තියක් රාජ්‍යයට, ආණ්ඩු මූල්‍යයට සතුටු විය හැකි ප‍්‍රවෘත්තියක් තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. මේ තත්ත්වය අපි සංසන්දනය කරන්න ඕනේ අතීතයත් එක්ක. ප‍්‍රාථමික ශේෂයේ තත්ත්වය ගත්කළ 2012 දී බිලියන 81ක් හිඟයි. 2013දී බිලියන 72ක් හිඟයි. 2014 දී බිලියන 155ක් හිඟයි. 2015දී බිලියන 302ක් හිඟයි. ඒකට ප‍්‍රධානම හේතුව වුණේ ජනාධිපතිවරණය දිනාගැනීමට රාජපක්‍ෂවරු කරපු ඉතාමත්ම නින්දිත, නාස්තිකාර වියදම් පද්ධතිය. මේ බිලියන 302ක තිබුණු 2015ප‍්‍රාථමික ශේෂය මේ ආණ්ඩුවේ මූල්‍ය ප‍්‍රතිපත්තිය නිසා 2016 දී බිලියන 29 දක්වා අඩුකර ගන්න රජයට හැකිවුණා. ඉතිං දැන් 2017 දී මෙච්චර කාලයක් ඍණ අංගයක තිබුණු ප‍්‍රාථමික ශේෂය බිලියන සිය ගණනක අඩුවක්ව තිබුණු ප‍්‍රාථමික ශේෂය ධන අගයක් කරා ගමන් කරලා තියෙනවා. මේක විශාල ජයග‍්‍රහණයක්. ඒ වගේම මේ ගැන බැලූවොත් අපට පේනවා නිදහසෙන් පස්සෙ අපේ රටේ ප‍්‍රාථමික ශේෂයක් ධන වුණු අවස්ථා, ආණ්ඩුවේ ආදායම් වියදම් අඩු කළාට පසු අතිරික්තකයක් ඇතිවුණු අවස්ථා තියෙන්නේ කීපයක් පමණයි.

අතීත අත්දැකීම්

විශේෂයෙන්ම 1954-56 වකවාණුවල අය-වැය අතිරික්තයක් පැවතුණා. ප‍්‍රාථමික ශේෂය රුපියල් මිලියන 56ක් හා රුපියල් මිලියන 151ක් ලෙස අපිට හඳුනාගන්න පුලූවන්. ඇත්තටම ඒ කාළේ අපේ රටේ ණය පොලී ගෙවීම ඉතාම අවම ප‍්‍රමාණයක තිබුණේ. මොකද 1950 දී අපේ රටේ ණය බර තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් ආසන්නයෙන් 17%ක ප‍්‍රමාණයක. අද ඒක 80% දක්වා ඇවිල්ලා තියෙනවා. සමහර අවුරුදුවල 100% ඉක්මවා ගිය අවස්ථාත් අපි දැක්කා. ඒ වගේම නැවත මේ ප‍්‍රාථමික ශේෂය ඉතාම අවම වුණු අවුරුද්දක් තමයි 1992. ඊට පස්සේ දිගටම සිද්ධවුණේ මොකක්ද මේ ප‍්‍රාථමික ශේෂය පුළුල් වෙමින් භයානක මූල්‍ය අගාධයකට ආණ්ඩුව ගමන්කිරීමයි. මේ මූල්‍ය අගාධයක අභියස ඉඳගෙන තමයි 2015දී මේ ආණ්ඩුවට මේ බලය ලැබුණේ.

අයවැය පරතරය අඩුකර ගැනීම වැදගත්

ඒ අනුව මේ මූල්‍ය ආගාධයෙන් ගොඩ ඒමේ පළමුවැනි පියවර හැටියට මේ ආණ්ඩුවේ ආදායම් වියදම් වල අතිරික්තයක් පෙන්වීමට හැකිවීම 2017 දී ලබාගත් විශිෂ්ඨ ජයග‍්‍රහණයක්. ඒ වගේම අය-වැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 5%කට සීමාකරගන්නට ලැබීමත් වැදගත් ජයග‍්‍රහණයක්, මොකද, මේක ඇතැම් අවස්ථාවල මෙය 10%, 15% දක්වා පළල් වුණු අවස්ථා අපිට අතීතයේ දැකගන්න පුලූවන්. ආර්ථික කළමණාකරයට වැදගත්ම කරුණු 3ක් තියෙනවා. එකක් තමයි අපේ රටේ උද්ධමන අනුපාතය. ඒක බඩු මිලට බලපාන දෙයක්. ඊලඟ එක පොලී අනුපාතය. ඒක ආයොජනයට බලපාන දෙයක්. ඊළඟට රුපියල ඩොලරයට දක්වන අනුපාතය ඒක විදේශ වෙළෙඳාමට බලපාන දෙයක්.

ඒ මූලික සංගුණක තුණ අතරට ඉතාම වැදගත් වන අනිත් කාරණය තමයි රාජ්‍යය මූල්‍යය පැත්තෙන් ගත්කළ ආණ්ඩුවේ අය-වැය හිඟයත් ප‍්‍රාථමික ශේෂය ධන ද ඍණ ද යන කාරණය. දැන් අපි එක ජයග‍්‍රහණයක් ළඟාකර ගෙන තියෙනවා. ඊලඟ ජයග‍්‍රහණය කෙසේ හෝ අය-වැය පරතරය 4%ට අඩු ප‍්‍රමාණයට දළ දේශීය නිෂ්පාදනයෙන් ගෙන ඒමයි.

ඉදිරි අභියෝගය

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණය ඉදිරියේ ඒවාට කරන්න තියෙන ප‍්‍රාග්ධන වියදම් ඉදිරියේ රටේ සංවර්ධනයට මේක විශාල අභියෝගයක්. මේ විශාල අභියෝගය හා මූල්‍ය විනය ඇතිකර ගැනීම ගැන අපි රජයට විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය ඇතුලූ පිරිස්වලට අපේ ස්තූතිය පිරිනමන්න ඕනෙ. ඒ වගේම මුදල් අමාත්‍යාංශය ඉදිරියේදී මේ ණය කළමනාකරණය කිරීම සඳහා විශේෂ ඒකකයක් රටට අවශ්‍ය කරලා තියෙනවා ණය කළමනාකරණය කරන්න. ඒ වගේම එම යෝජනාව මම 2016 දී ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් වුණු විශේෂ පනතක් ආණ්ඩුව ගෙන එන්න ලෑස්තිවෙලා තිබෙන බව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මේ ණය කළමනාකරණය කරන විශේෂ ඒකකයත් සමග ඉදිරිකාලයේදී ආයෝජන සිදුකළ යුත්තේ ආණ්ඩුවට රටට ආයෝජනයක් ලැබෙන ආදායම් ලැබෙන ක්ෂේත්‍රවල පමණක්ය කියන එකත් අවධාරණය කරමින් මේ මූල්‍ය ජයග‍්‍රහණය අපි සියලූ දෙනාම ඉදිරියට ගෙන යා යුතු දෙයක් බව අවධාරණය කරනවා.

- මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක

Comment (0) Hits: 303

ජනාධිපති, කෝටි 250කින් පොහොර ගැටලුව විසඳන්න යයි

මේ දිනවල මතුව ඇති පොහොර හිඟයට විසඳුම් සැපයීම සඳහා රුපියල් කෝටි 250ක් නිදහස් කිරීමට ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

ඊයේ(30) පොළොන්නරුව බැඳීවැව ප්‍රදේශයේ ජනහමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසු අතර පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් බැංකුවලට ලැබී නොමැති බවට ලැබුණු තොරතුරකට අනුව මෙම තීරණය ලබාදුන් බවත් අදාල මුදල් ගොවි ජනතාවගේ ගිණුම් වෙත යොමු කිරීමට උපදෙස් දී ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

එසේම සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල්වල කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ, ගමේ සංවර්ධනයට කැපවෙන ජනතා නියෝජිතයින් පිරිසක් බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

 

 

Comment (0) Hits: 390

2018 ලංකා ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අනාවැකියක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2018 වසරේදී 5% කින් වේගවත් වනු ඇති බවට ලෝක බැංකුව නිවේදනය කළ නවතම ආර්ථික අනාවැකි ඇතුළත් නිවේදනයේ සඳහන් බව වාර්තා වෙයි.

දකුණු ආසියාව සම්බන්ධව නිකුත් කර ඇති එම නිවේදනය අනුව ලෝක බැංකුව පවසන්නේ 2018 දී 6.9%ක වර්ධනයක් අත්පත් කරගන්නා බවත් පරිභෝජනය ශක්තිමත් ව පවතින අතර අපනයන යථා තත්ත්වයට පත්ව ආයෝජන යහපත් ලෙස පවතිනු ඇති බවයි.

එසේම ඊට අනුව 2018 - 2019 මූල්‍ය වර්ෂයේ දී ඉන්දියාව 7.3%ක වර්ධනයක් ලබාගනු ඇති අතර 2019 - 2020 වර්ෂයේ දී එය 7.5%ක වර්ධනයක් වනු ඇත. පෞද්ගලික අංශ භාණ්ඩ හා සේවා බද්ධට හුරුවෙමින් පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ යනු ඇත.

ඉන්දියාව හැර ගත් විට කලාපය 2018 වසරේ දී 5.8%ක වර්ධනයක් ද 2019 වසරේ දී 5.9%ක වර්ධනයක් ද ලබනු ඇත. පකිස්ථානය 2018 - 2019 වසරේ දී 5.8%ක, බංග්ලාදේශය 6.7%ක්ද අත්පත් කරගනී. ශ්‍රී ලංකාව 2018 දී ශක්තිමත් පෞද්ගලික පරිභෝජන හා අයෝජනා වර්ධනයක් පෙන්වමින් 5%ක වේගයක් අපත් කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Comment (0) Hits: 358

e ෂෝර්ට් නෝට් 3: ඇමරිකානු GSP අහිමිවීම ඇඟලුම් කර්මාන්තයට ගැටළුවක් නොවේ

ඇමරිකානු GSP සහනය අහිමිවීම මෙරට ඇඟලුම් කර්මාන්තයට ගැටළුවක් නොවන බව වෙළඳපොල ආරංචිමාර්ග අවධාරණය කරයි.

ඒ ඇමරිකානු වෙළඳපොල වෙත මෙරටින් අපනයනය කරන ප්‍රධාන භාණ්ඩය ඇඟලුම් වුවත් එම සහනය ඇඟලුම් සඳහා කොහොමටත් නොතිබූ නිසාය.

ඒ අනුව ඇමරිකානු GSP සහනය ලැබීමට අදාලව මෙරට අපනයන අතර ප්‍රධාන තැනක් ගෙන තිබුණේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේදී භාවිතා කෙරෙන අමුද්‍රව්‍ය, තෝරාගත් කෘෂිකාර්මික සහ මත්ස්‍ය නිෂ්පාදන, සහ තෝරාගත් රසායනික ද්‍රව්‍ය, ඛනිජ ද්‍රව්‍ය හා කිරිගරුඬ පාෂාණ සහ බුමුතුරුණු වැනි භාණ්ඩ වන අතර සහනය අහිමිවීම හේතුවෙන් මෙම අපනයන සඳහා යම් බලපෑමක් ඇතිවිය හැකි බවද වෙළඳපොල ආරංචිමාර්ග පෙන්වා දෙයි.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. මෙරට සමස්ථ අපනයනයෙන් 27.5 % කට අධික ප්‍රමාණයක් ඇමරිකාව වෙත අපනයනය කරන අතර 2017 වසරේ පළමු මාස 10 තුළ පමණක් එක්සත් ජනපදයට සිදුකළ අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 2.4 ක් පමණ වෙයි. එසේම 2016 වසරේ දී ඇමරිකාවට සිදුකල අපනයනවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක පමණ අගයක් ගෙන ඇත. 2016 වසරේ මෙරට සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10.3 ක් පමණ වූ අතර ඒ පසුබිම අනුව ඇමරිකානු වෙළඳපොල මෙරට අපනයන වෙළඳපොළට තීරණාත්මක වැදගත් කමක් ඇති බව ප්‍රතික්ෂේප කල නොහැකිය.

ඇමරිකානු GSP සහනය 1974 ඇමරිකා එක්සත් ජනපද වෙළඳ පනත හරහා බලාත්මක්ක කෙරුණක් වන අතර එය ක්‍රියාත්මක කෙරුණේ 1976 ජනවාරි 01 වනදා සිටය. එහි අපේක්ෂාව වුයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහය දැක්වීමය.

මෙම බදු සහන ක්‍රමය කාලාන්තරව කල් ඉකුත් වන අතර එය ක්‍රියාකාරී තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය විසින් එය යළි බලාත්මක කළ යුතුව ඇත. ඒ අනුව 2015 වසරේදී කරනු ලැබූ බලාත්මක කිරීම (එච්.ආර්. 1295) 2017 දෙසැම්බර් මස 31 වැනිදා කල් ඉකුත් වේ. නමුත් මේ වන විට මතුව ඇති ගැටලුව වන්නේ 2017 වසර සඳහා කොංග්‍රස් මණ්ඩලය කල් තැබීමට පෙර එය බලාත්මක නොකිරීමය.

එසේම එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙන් GSP සහනය බලාත්මක කිරීම පමාවූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද එවැනි තත්වයන් මතුව ඇති අතර GSP සහනය නැවත බලාත්මක කල පසුව පමා වූ කාලය තුළ අපනයනය කරනු ලැබූ අදාල භාණ්ඩ වෙනුවෙන් අය කළ තීරුබදු, ආනයනකරුවන්ට නැවත ගෙවීම සඳහා අතීතයට බලපාන ආකාරයේ ප්‍රතිපාදනයක් GSP සහන වැඩසටහනේ ඇතුළත්ය.

ඒ අනුව ඇමරිකානු GSP සහන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ 2018 ජනවාරි 01 වැනිදා සිට වරණීය නොවන තීරු බදුවලට යටත් වීමට නියමිත නමුත් අදාළ සහනය යලි ලබාදීමට එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලය කටයුතු කළහොත් පමාවූ කාලයට අදාළ තීරුබදු නැවත ලැබීමේ අවස්ථාවද අපනයනකරුවන්ට ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

 

Comment (0) Hits: 279

බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කරලා - මුදල් මණ්ඩලය

 ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවේ ඇතුළත් ඇතැම් නිර්දේශ දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කර ඇති බවත් තවත් නිර්දේශ ක්‍රියාවට නැගීම අරඹා ඇති බවත් මුදල් මණ්ඩලය නිවේදනය කරයි.

මුදල් මණ්ඩලය විසින් එම පියවරයන් ගැනීමේ දී නිසි පරිදි නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති බවත් අදාළ වාර්තාවේ ඇතුළත් නිර්දේශයන්ට අදාළව මෙතෙක් ගනු ලැබ ඇති සහ ගැනෙමින් පවතින පියවරයන් සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජනතාව වෙත දැනුම්දීමත්, පොදු රාජ්‍ය ණය සහ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමේ කටයුතු සම්බන්ධව විනිවිදභාවය වර්ධනය කිරීම සුදුසු බවත් මුදල් මණ්ඩලය එම නිවේදනයේ සඳහන් කර තා.

එසේම මුදල් මණ්ඩලය විසින් ජනාධිපති කොමිෂමේ වාර්තාව අඛණ්ඩව සැලකිල්ලට ගනු ඇති අතර සුදුසු පරිදි වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

2015 පෙබරවාරි 01දා සිට 2016 මාර්තු 31දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පරික්ෂා කිරීම, විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇතුළත් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට සලකා බැලීම සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් ජනවාරි 10දා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙත භාර දී ඇති අතර ඊට අදාලව මුදල් මණ්ඩලය මෙම නිවේදනය නිකුත් කොට තිබේ.

මුදල් මණ්ඩලය නිකුත් කර ඇති සම්පුර්ණ නිවේදනය 

 

Comment (0) Hits: 258

රුසියාවට යවන තේ කන්ටේනර් විශේෂ ධුමායනයකට

රුසියාව වෙත අපනයනය කරන මෙරට තේ ඇතුලු සියලු කෘෂි නිෂ්පාදන අඩංගු කන්ටේනර් වරායේදී විශේෂ ධූමායනයකට ලක් කිරීමට රජය තීරණය කර ඇත.

මෙරටින් අපනයනය කළ තේ කන්ටේනරයක කප්රා නම් කෘමියකු හමුවීම පාදක කරගෙන රජය මෙම තීරණය ගෙන ඇත.

එසේම ධූමායනය කරන කන්ටේනරයේ ගබඩා කරන තේ තොගය වෙනුවෙන් මෙරට ශාක නිරෝධායන ඒකකයේ සහතිකයික් ද ලබා ගැනීම අවශ්‍ය බවද තේ මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මෙරට තේ සඳහා පසුගිය 18 වන දා රුසියාව ආනයන තහනමක් පැන වූ අතර එය හෙට (31) සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කර ඇත.

Comment (0) Hits: 220

රුපියල් මිලියන 60,000 ක මූල්‍යාධාර සමඟ “ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා” මාර්තුවේ ඇරඹේ

රැකියා දස ලක්ෂයේ ඉලක්කය සපුරා ගැනීම ඇතුළුව ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩි කිරීම වෙනුවෙන් 2018 අයවැය හරහා යෝජනා කළ “ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා” වැඩසටහන එළඹෙන මාර්තු මාසයේ ආරම්භ කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

සහන ණය යෝජනා ක්‍රම 15ක්

මෙහිදී විශේෂයෙන් තරුණ හා කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කර ඔවුන්ගේ ව්‍යවසාය ආරම්භ කිරීම වෙනුවෙන් ණය යෝජනා ක්‍රම 15 ක් යටතේ සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000 ක පමණ මූල්‍ය ආධාර පහසුකම් ලබාදීමට නියමිතව ඇත.

මේ පිළිබඳ මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් හා උසස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පසුගිය 10 වනදා මහා භාණ්ඩාගාරයේදී පවත්වා ඇත.

සියළු බැංකු ප්‍රධානීන්ගේ සහය ස්ථීරයි

එහිදී අපනයනය ඉලක්ක කරගෙන ආර්ථිකය පුළුල් කිරීම තුළින් නව රැකියා බිහිකිරීමේ රජයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු බැංකුවල සහාය අපේක්ෂා කරන බව අමාත්‍ය මංගල සමරවීර දැනුම්දී ඇති අතර ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන්ද එකඟතාව පළකර ඇත.

ව්‍යාපාර ඇරඹීමට 75% ක මුදලක් සහන පොළීයට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වන අතර මෙම ව්‍යසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තරුණයන්ට, කාන්තාවන්ට හා විශේෂ හැකියා ඇති පුද්ගලයන්ට තමන්ගේ යැයි ව්‍යාපාර ඇරඹීමට සහ කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා ධීවර ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක කර්මාන්ත හෝ ව්‍යාපාර ඇරඹීම සඳහා 75% ක සහනදායී පොලීමත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ණය ලබාදෙන බවද එහි සඳහන්ව ඇත.

පොළියෙන් කොටසක් රජය දරණවා

මෙම සහනදායී පොලිය රජය මගින් දරනු ලබන අතර එකී පොලිය ගෙවීම සඳහා රු. මිලියන 5,000 ක් භාණ්ඩාගාරය විසින් වෙන්කර ඇති බවද එහි සඳහන්ව ඇත.

සාර්ථක ව්‍යාපෘති සඳහා ඇප අනවශ්‍යයි

එසේම ස්වයං රැකියා ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය පුළුල් කිරීම සඳහා ක්ෂේත්‍රයට පිවිසීමේදී ප්‍රාග්ධන පිරිවැය හා ණය ලබාගැනීම සඳහා ඇප තැබීමට නොහැකි වීම හේතුවෙන් බැංකු මගින් ණය ප්‍රතික්ෂේප වීමට මින් මතුවට රජය ඉඩ නොතබන බව ද එම සාකච්ඡාවේදී අමාත්‍ය මංගල සමරවීර බැංකු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.

තවද ව්‍යාපාරිකයන්ගෙන් බැංකු අපේක්ෂා කරන ඇප රජය විසින් ලබාදීමට කටයුතු යොදා ඇති බැවින් මින් මතුවට ව්‍යාපෘති යෝජනාවේ ශක්‍යතාවය පමණක් සැලකිල්ලට ගෙන සහන පොලී පදනම මත ණය ලබා දීමට හැකිවන පරිදි රජය විසින් ණයකරුවන් වෙනුවෙන් ඇපකරයක් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවද එම නිවේදනයේ සඳහන්ව තිබේ.

කාන්තාවන්ට වැඩි සහන

ව්‍යාපාර හා කර්මාන්ත ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වයද ලබාගැනීමේ අරමුණින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහනට එක්වන කාන්තාවන්ට ණය ලබාදීමේදී 75% ක පොලී සහනයට අමතරව තවත් 10% ක අතිරික්ත පොලී සහනයක්ද, විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන්හට 15% ක අතිරික්ත පොලී සහනයක්ද රජය විසින් භාණ්ඩාගාර ඇපකර සමගින් ලබාදීමට තීරණය කර තිබේ.

එසේම කාන්තාවන්ට වැඩි අයිතියක් හිමි, අවම වශයෙන් කොටස්කරුවන් 10 දෙනෙකුගෙන් සමන්විතව එක් කොටස්කරුවෙකුගෙන් රු. 10,000 ක අවම ප්‍රාග්ධනය සමඟ ආරම්භ කරනු ලබන සමාගම් වලට මූල්‍ය නොවන තාක්ෂණික පහසුකම්ද රජය විසින් ලබාදෙනු ඇත.

තවද එවන් සමාගම්වලින් කල්බදු ක්‍රමයට ලබාගනු ලබන යන්ත්‍ර සූත්‍රවල කල්බදු පිරිවැයෙන් 75% ක් රජය විසින් දරනු ලබන බවත් ඒ සඳහා අවශ්‍ය ඇපකරයද භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත නිකුත් කරනු ලබන බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

View the embedded image gallery online at:
http://newstube.lk/economy?start=144#sigProId389dc255ca

Comment (0) Hits: 346

ඇමරිකානු GSP සහනය යළි ගන්න විදෙස් අමාත්‍යංශය වැඩ

හෙට දිනයෙන් (31) අවසන් වීමට නියමිත අමෙරිකාවට භාණ්ඩ අපනයනය කිරීමේදී ලබාදුන් GSP තීරු බදු සහනය යළි බලාත්මක කරවා ගැනීම සඳහා උත්සහ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ වෙනුවෙන් ඉදිරියේදී රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙරට ඇතුලු රටවල් 120 කට ලබා දුන් මෙම තීරු බදු සහනය මෙම වර්ෂය සඳහා කටයුතු කල් තැබීමට පෙර අමෙරිකානු කොංග්‍රසය එය නැවත බලාත්මක කර නොමැති වීම මීට හේතුවී ඇත.

එසේම නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයද එය තහවුරු කර තිබිණ.

ඒ අනුව ඇමරිකානු GSP අවසන්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙන්ම එම සහනය ලැබූ අනෙක් රටවලට අමෙරිකානු වෙළඳපොල වෙත භාණ්ඩ අපනයනය කරන විට 2018 ජනවාරි‍ 01 වන දා සිට වරණීය නොවන තීරු බදුවලට යටත් වීමට සිදුවේ.

2016 වසරේදී මෙරට ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුතු භාණ්ඩ ඇමරිකාවට අපනයනය කර තිබු අතර මෙරට ප්‍රමුඛතම භාණ්ඩ අපනයනය කරන රටද අමෙරිකාව ය.

සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය කර ගැනීම සඳහා අමෙරිකාව මෙම වරණීය තීරු බදු සහන ක්‍රමය ක්‍රියාවට නංවනු ලැබුවේ 1976 වසරේ සිට ය.

Comment (0) Hits: 242

සිංහල අවුරුද්දට මිනිස්සු කන්නෙ බැඳුම්කර වාර්තාවද ?: පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරය

පොහොර නොමැතිවීම නිසා මෙම කන්නයේ අස්වැන්න අඩුවන තත්ත්වයක් මතුව ඇති බැවින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළයාම නැවැත්විය නොහැකිවන අවධානමක් මතුව ඇති බවත් ඒ පසුබිමේ එළඹෙන සිංහල හින්දු අවුරැද්දට ජනතාවට කන්න සිදුවන්නේ බැදුම්කර වාර්තාවද යන්න රජයෙන් ඇසීමට සිදුවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රශ්නකර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වාර්තාව හිඟන්නාගේ තුවාලයක් බවට පත්කර ගන්නේ නැතිව එය ප්‍රසිද්ධ කර කඩිනමින් චූදිතයන් නීතිය හමුවට පැමිණවීමට ජනාධිපතිවරයා කටයුතු කළයුතු බවය.

එසේම ජනාධිපති ලේකම්වරයා පවසා ඇති ආකාරයට එළඹෙන 17 වනදා බැඳුම්කර වාර්තාවෙන් කොටස් 26 ක් පමණක් පාර්ලි‌‌මේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් ටෙලි නාට්‍යයක් නරඔනසේ බැදුම්කර කොමිෂන් සභා වාර්තාව බලා ගැනීමට ජනතාවට සිදුවනු ඇති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

එහෙයින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යමින් සහ ගොවියාට තම ගොවිතැන කර ගැනීමට පොහොර නැති පසුබිමේ බැඳුම්කරය රටේ ප්‍රධාන ප්‍රශ්නය කර නොගතයුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Comment (0) Hits: 262

ජනවාරි 01 සිට මත්පැන් බලපත්‍ර ගාස්තු වෙනස් වෙන හැටි මෙන්න

2018 වසරට බලපැවැත්වෙන පරිදි සිදුකර තිබෙන මත්පැන් බලපත්‍ර ගාස්තු සංශෝධනය හරහා සංචාරක හෝටල් සදහා ලබා දෙන රට බීම බලපත‍්‍ර ගාස්තුවල කැපී පෙනෙන වෙනසක් සිදුව තිබේ.

සුරා බදු ආඥාපනත යටතේ 2017 දෙසැම්බර් 11 දින අංක 2049/4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම සංශෝධනය සිදුකර ඇති අතර එම නව සංශෝධනය අනුව ස්කාගාර බලපත්‍ර, නිෂ්පාදකයින්ගේ තොග වෙළෙඳ අරක්කු/ බියර්/ විදේශීය මත්පැන් බෙදාහැරීමේ බලපත්‍ර, රා බෝතල්ගත කිරීමේ බලපත්‍ර, විනාකිරි නිෂ්පාදනාගාර බලපත‍්‍ර, මත්පැන් සදහා තොග හා සිල්ලර වෙළෙද බලපත‍්‍ර ගාස්තුවල වෙනස්වීමක් සිදුව නැත.

තවද අදාළ සංශෝධනයට අනුව සංචාරක මණ්ඩලය අනුමැතිය සහිත සහ සංචාරක මණ්ඩල අනුමැතිය රහිත හෝටල් කාමර 5 හෝ ඊට වැඩි කාණ්ඩයේ හොටල් බලපත‍්‍ර ගාස්තුද අඩුකර ඇත.

මෙම සංශෝධනයක් 2018 ජනවාරි 01 වැනි දින සිට කි‍්‍රයාත්මක වීමට නියමිත අතර ඊට අදාලව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පහත දැක්වේ.

2049 04 S 1

2049 04 S 2

2049 04 S 3

Comment (0) Hits: 316

මාර්ග තදබදයට විසඳුමක් : බොරැල්ල සිට මරදානට ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමයක්

මාර්ග තදබදය අවම කිරීම සඳහා උපක්‍රමයක් ලෙස බොරැල්ල සිට මරදාන දක්වා ප්‍රමුඛතා මංතීරු ක්‍රමයක් හඳුන්වාදුන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (10 බොරැල්ල සිට මරදාන දක්වා බස් ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ඉදිරියේදී බොරැල්ල සිට පිටකොටුව දෙසට තිබෙන මාර්ගයේ බස් ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් එය උදය වරුවේ ඇති වී තිබෙන මාර්ග තදබදයට විසඳුමක් ඇති කර ගැනීම සඳහා එක්තරා ආකාරයක පරීක්‍ෂණයක් ලෙස සිදුකරන බවත්ය.

එසේම පාර්ලිමේන්තු මංසන්දියේ සිට ආයුර්වේද මංසන්දියට තිබූ බස් ප‍්‍රමුඛතා මංතීරුව රාජගිරිය පාලම නිසා තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බවත් පාලමේ යට කොටසේ තිබෙන සංවර්ධන කටයුතු නිමකර මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයා ලැබුණු විගස එය නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය.

එමෙන්ම මෙරට අද තිබෙන මාර්ග තදබදයේ ගැටළුව විසඳා ගැනීමට අනිවාර්යෙන්ම හැකියාව පවතින්නේ බස්රිය සහ දුම්රිය ඇතුළත් පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් පමණක් එනිසාම ඉදිරි කාලයේදී විශේෂයෙන්ම මගී ප‍්‍රවාහන සේවයේ නවීකරණයක් අවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සැහැල්ලූ දුම්රිය පද්ධති හඳුන්වාදීම පිළිබඳ වැඩකටයුතු මේ වසරේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු බවත් එය 2023 වන විට අවසන් කරලීමට අපේක්ෂා කරන බවත්ය. එසේම මෙම වසරේදී බස් සීග‍්‍රගාමී කි‍්‍රයාවලිය සඳහාද පියවර තබන බවද අමාත්‍යවරයා පැවසීය.

03 1

Comment (0) Hits: 262

ප්‍රංශ රජයෙන් යූරෝ මිලියන 13.9 ක සහන ණයක්

ප්‍රංශය විසින් යුරෝ මිලියන 13.9 ක (රුපියාල් මිලියන 2514 කට ආසන්න ) සහනදායි ණය මුදලක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති අතර ඊට අදාළ එකඟතා ගිවිසුම ඊයේ (27) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Isabelle Miscot මහත්මිය අතර එම අවබෝධතා ගිවිසුම අත්සන් තැබිණ.

French Agreement27122017

ආදාල සහන ණය මුදල මෙරටට හිමිවන්නේ කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහාය.

යෝජිත ව්‍යාපෘතිය මඟින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරි ලීටර් 4500ක් පමණ නිෂ්පාදනය කල හැකි වන පරිදි පෙර තෝරාගන්නා ලද කුඩා ප්‍රමාණයේ කිරි නිෂ්පාදන සැකසීමේ සමුපකාර සමිති සහ සංවිධාන 6ක නවීන උපකරණ ස්ථාපනය කිරීම හරහා නවීකරණය කිරීමට අපේක්ෂිතය.

එසේම මෙම නවීකරණයෙන් පසුව ඉහල ගුණත්වයේ කිරි ආශ්‍රිත නිපැයුම් නිෂ්පාදනයට මෙන්ම අදාළ ක්‍රියාවලිය පරිගණක ආශ්‍රයෙන් නිරීක්ෂණය කිරීමටද හැකියාව ලැබේ.

මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට 2020 වර්ෂය වන විට කිරි ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ස්වයංපෝෂිත වීම සඳහා වූ රජයේ ඉලක්කය මෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුම සහ සැපයුම අතර පරතරය අවම කිරීමට දායකත්වය සැපයීමද අදාළ ව්‍යාපෘතියේ අරමුණ වෙයි.

Comment (0) Hits: 264

රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක්

රජයේ සාර්ථක ආදායම් සහ වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 63 කට පසුව අයවැයේ රාජ්‍ය මුල්‍ය ප්‍රාථමික ශේෂයේ රුපියල් බිලියන 21.9 ක් වාර්තා වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය වාර්තා කරයි.

නිදහස ලැබීමෙන් පසුව අයවැය අතිරික්තයක් මේ අයුරින් වාර්තා වී ඇත්තේ මීට පෙර 1954 වන බවත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් බවද අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්ව තිබේ.

එම නිවේදනය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම.ඒ. හසන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතර එහි වැඩි දුරටත් සඳහන් වන්නේ 1950 සිට 1970 දක්වාත්, 1973 සිට 1993 දක්වාත් අයවැය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා විය. එහෙත් 1994 සිට මේ දක්වා අයවැය පරතරය, ජංගම ගිණුමේ පරතරය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ පරතරයේ ද ඍණ අගයක් එම කාලවල අඛණ්ඩව පැවැති බවය.

2017 වසරේ ගෙවී ගිය මාස දහයක කාලය අවසානයේ රාජ්‍ය ප්‍රාථමික මූල්‍ය ශේෂය රුපියල් බිලියන 21.9ක් ලෙස දැක්වෙන බවත් 2016 වසරේ මුල් මාස දහය අවසානයේ එම අගය දැක් වූයේ රුපියල් බිලියන 37ක ඍණ අගයක් ලෙස වාර්තා කරමින් ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් වාර්තා වීම රටක ආර්ථිකයේ වර්ධනීය ලක්ෂණයක් වන අතර මෙය ණය ගෙවීමේ කළමනාකරණ හැකියාව මෙමගින් තවත් ඉහළ යනු ඇති බවද එහි සඳහන්ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම.ඒ. හසන්ගේ අත්සනින් යුතුව නිකුත් කල මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Comment (0) Hits: 302

රත්මලාන ගුවන් තොටුපළේ සිවිල් ගුවන්සේවා අරඹයි

රත්මලාන ගුවන් තොටුපළ සිවිල් ගුවන්සේවා සඳහා යොදාගත හැකි ආකාරයට සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

 වාර්තා වන ආකාරයට අක්කර 460 කින් සමන් විත රත්මලාන ගුවන් තොටුපළේ අක්කර 25ක කොටසක් මෙසේ සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතව ඇති අතර කොළඹ නගරයට ඉතා ආසන්නව පවතින මෙම ගුවන්තොටුපොළේ සිවිල් ගුවන් මෙහෙයුම් කටයුතු ප්‍රවර්ධනය කිරීම මඟින් විශාල ප්‍රතිලාභයක් ලබාගැනීම මෙහි අපේක්ෂාව වී තිබේ.

රත්මලාන ගුවන්තොටුපොළ 1938 වර්ෂයේදී පිහිටුවන ලද අතර 1969 වර්ෂයේදී කටුනායක ගුවන්තොටුපොළ විවෘත කරනු ලබන තෙක් දේශීය හා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා ද භාවිත කළේ එම ගුවන් තොටුපොළයි.

ඒ අනුව වාණිජ සිවිල් ගුවන් යානා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු ගුවන්තොටුපොළ ලෙසද වාර්තා වන්නේ රත්මලාන ගුවන් තොටුපළ යි.

 

Comment (0) Hits: 370

Page 9 of 11