Language Switcher

Ad

Ad 01

V2025

ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් වෙයි !

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ(25) පැවැත්වූ රැස්වීමකදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක පනහකින් අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8.50 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.50 දක්වාත් අඩු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටියි.

ආර්ථිකයේ බලාපොරොත්තු වන අපේක්ෂාවන් ළඟා කර ගැනීමට ඉඩ ලබා දෙමින් මධ්‍ය කාලීනව උද්ධමනය සියයට පහක ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වත්මන් සහ අපේක්‍ෂිත දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය .

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමට සාපේක්ෂව වෙළඳපොළ පොලී අනුපාතික ද අඩු කිරීමට බැංකු සහ මූල්‍ය ආයතන කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.