විනෝදාස්වාද

ලංකා මානව හිමිකම් සංවිධානය ක්‍රීඩාවේ හපනුන්ට දිරිය දෙයි !
ලංකා මානව හිමිකම් සංවිධානය පසුගිය 25 වනදා ක්‍රිඩා කෞෂල්‍යයෙන් සුවිශේෂි දක්ෂතා දක්වන මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ දු දරුවන් තිදෙනෙක් සඳහා ඔවුන්ගේ ක්‍රීඩාවේ වර්ධනය සඳහා අවශ්‍ය ක්‍රීඩා පාවහන් යුගල ලබාදීම සිදුකරනු ලැබිණ.
ක්‍රීඩා ආචාර්ය නාමරත්න විසින් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂක හා ජාතික සංවිධායක දිලුක වීරසුරියගෙන් කල ඉල්ලීමක් මත ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස්ගේ ඉල්ලීමකට අනුව සංවිධානයේ ගෞරවනීය සාමාජිකයන් වන සිබ්ලි මහතා, රිෆකි මහතා, ප්‍රසන්න සෙනරත් මහතා, වෛද්‍ය නිසල් පෙරේරා හා මයුරන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම දුවා දරුවන් වෙත පාවහන් කට්ටල ලබාදීම සිදුව තිබේ.
මෙම අවස්ථාව සඳහා ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති සරත් ජයන්ත පීරිස්, අධ්‍යක්ෂක ජාතික සංවිධායක දිලුක වීරසුරිය, කළමනාකාර- විශේෂ ව්‍යාපෘති නුවන් විමලසේන, ප්‍රසන්න සෙනරත්(ගම්පහ), අර්ජුන එදිරිසිංහ(ගම්පහ) ඇතුළු සමාජිකයන් රැසක් සහභාගි වු අතර මින් ඉදිරියටද මෙවැනි අවශ්‍යතා ඇති දරුවන් සදහා මෙවැනි අධාර අනුබල ලබාදීම සඳහා සංවිධනය ඇප කැප වී සිටින බව සභාපතිවරයා පැවසීය.

ජනප්‍රිය ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වේ.
ප්‍රවීණ බයිලා ගීත රැසක් ගායනා කළ ජනප්‍රිය ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වී ඇත.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්හිදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
මිය යන විට ඩෙස්මන්ඩ් ද සිල්වා 78 වන වියේ පසු වී ඇත.
''කිරිල්ලී රන් කිරිල්ලී, නිල්වන් මුහුදු තීරේ, ලංකාවට බයිලා ගෙනා, යන්න රටවටේ වැනි අතිශය ජනප්‍රිය ගී රැසක්ම ඔහු විසින් ගායනා කර ඇත.

භාරත ගීත කෝකිලාවියටත් කොරෝනා
ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් මහත්මිය ‘කොවිඩ් 19’ ආසදනය මුම්බායි රෝහලක සැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
92 හැවිරිදි ලතා මංගේෂ්කාර් මහත්මිය ඇතුළත් කෙරුණේ මුම්බායි නුවර ‘බ්‍රිච් කැන්ඩි’ රෝහලටය. ඒ, ‘කොවිඩ් 19’ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු ඇය ආසාදිතයකු බව තහවුරු වීමෙනි.
ලතා මංගේෂ්කාර් මහත්මියට ඇත්තේ සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණක් බවත්, වෛද්‍යවරුන් ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ ඇගේ වයස කෙරෙහි අවධානය යොමු කරමින් බවත් මංගේෂ්කාර් මහත්මියගේ ඥාති දියණිය රචානා ෂා මාධ්‍ය හමුවේ තහවුරු කර ඇත.

රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය.
අවසන් කටයුතු පිළිබද පසුව දැනුම් දෙනු ඇත.
Page 25 of 38