මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා පොලිස් DIG සිව් දෙනෙක් පත් කෙරේ

මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා පොලිස් DIG සිව් දෙනෙක් පත් කෙරේ

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් 04 දෙනෙකු පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ලබාදුන් ලැයිස්තුවට අදාළව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය  විසින් ඊට අදාළ අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව දර්ශිකා කුමාරි, පද්මිණී වීරසූරිය, රේණුකා ජයසුන්දර සහ නිශානි සෙනෙවිරත්න නව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස වැඩ භාරගැනීමට නියමිතය.

මෙම පොලිස් නිලධාරිනියන් 04 දෙනාගෙන් දර්ශිකා කුමාරි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනිය ලෙස මේ වනවිටත් කටයුතු කරනු ලබන අතර ඇය එම මූලස්ථානයේ පළමු කාන්තා අනදෙණ නිලධාරිනියද වෙයි.

මේ වනවිට කළුතර දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පද්මිණී වීරසූරිය කටයුතු කරන අතර ඇය පොලිස් ඉතිහාසයේ දිස්ත්‍රික්කයක් භාරව කටයුතු කළ පළමු නිලධාරිනිය ද වෙයි.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දර කාන්තා අපයෝජන නිවාරණ දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කරන අතර, නිශානි සෙනෙවිරත්න පර්යේෂණ හා තොරතුරු කොට්ඨාසයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස කටයුතු කරනු ලබයි. නිශානි සෙනෙවිරත්න මෙම සිව්දෙනා අතරින් ජ්‍යේෂ්ඨතම නිලධාරිනිය වන අතර ඇය දීර්ඝ කාලයක් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න