විනෝදාස්වාද

දෙවන T20 තරගයේදී ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
ඉන්දියාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 04ක විශිෂ්ට ජයක් හිමිවිය.
ඒ් අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1 – 1ක් ලෙස ජයගෙන දෙපිලම සම තත්ත්වයේ පසුවේ.
තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
ඒ් අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක දැවී ලකුණු 132ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 136ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.
තරගයේ ලකුණු පුවරුව මෙසේය.
newsfirst

ටෝකියෝ ඔලිම්පික් පළමු රන් පදක්කම චිනයට
2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීන ක්‍රීඩිකා ක්යාන් යාංග් සමත් විය.
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය අද සමත් විය. ඒ කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉලක්කට වෙඩි තැබීමේ කාන්තා ඉසව්වෙනි.
මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රිදී පදක්කම එම වෙඩි තැබීමේ ඉසව්වට එක් වූ ස්වාධීන ක්‍රිඩිකාවක් වන රුසියාවේ අනස්ටීසියා ගලෂිනා විසින් දිනා ගත්තාය. ලෝකඩ පදක්කම දිනා ගත්තේ ස්විට්සර්ලන්ත ක්‍රීඩිකාවක් විසිනි. අද අලූයම 5 ට ආරම්භ වූ මෙම කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉලක්කට වෙඩි තැබීමේ ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදාවේ ටෙහානි එගොඩවෙලද එක් විණි. එහි දී ඇයට මූලික වටයේදී ක්‍රීඩිකාවන් 50 දෙනෙකු අතරින් හිමි වුණේ 49 වන ස්ථානයයි.

පිලිපීනයට පළමු වරට ඔලිම්පික් රන් පදක්කමක් !
පිලිපීනය පළමු වතාවට ඔලිම්පික් රන් පදක්කමක් දින ගන්නට සමත්වූ අතර ඒ මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී කාන්තා බර ඉසිලීමේ ඉසව්වේ කිලෝග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කළ හිඩිලින් ඩයස් විසිනි.
එහිදී ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 97 ක බරක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 127 ක බරක් ඔසවමින් සමස්ථ සරගය තුළ කිලෝග්‍රෑම් 224 ක බරක් එසවූවාය.
ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට හිඩිලින් විසින් එසවූ කිලෝග්‍රෑම් 127 ක බර නව ඔලිම්පික් වාර්තාවක් ලෙසත් සඳහන් වෙයි.

ටෝකියෝ ඔලිම්පික් ඇරඹෙයි
වසරක ප්‍රමාදයකින් පසුව හා අභියෝග රැසක් මධ්‍යයේ ලොවක් බලා සිටි 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් අද පස්වරුවේ ආරම්භ කෙරැණි.
ඒ, ජපානයේ ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩාංගනයේදීයි.
2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ වසර දක්වා කල් දැමීමට සිදු වූයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙනි.
ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩා උළෙලක් කල් දමා වෙනත් වසරකදී පවත්වන පළමු අවස්ථාව මෙයයි.
කෙසේවෙතත් අලංකාර ගිනිකෙළි සංදර්ශනයකින් විචිත්‍රවත් වෙමින් උළෙලේ කටයුතු ආරම්භ කෙරැණු අතර, වෙනදාට ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැද සමාරම්භක උලෙලට එක්වන ක්‍රීඩකයින් අදත් ප්‍රේක්ෂකයින් නොමැති වුවත් සුපුරුදු පරිදි සිය රටේ ජාතික ධජය අතැතිව ඔලිම්පික් සමාරම්භයට එක්වීම කැපී පෙනෙන සිද්ධියකි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍යාරාක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පවත්වන මෙවර ක්‍රීඩා උළෙලට රටවල් 200කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික පිරිසක් එක් වීමට නියමිතයි.
ඉසව් 339කින් සමන්විත ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග කිහිපයක් මීට දින දෙකකට පෙර ආරම්භ වූ අතර, ත්‍රී බයි ත්‍රී පැසි පන්දු, බේස්බෝල් වැනි නව ක්‍රීඩා ඉසව් කිහිපයක් ද මෙවර හඳුන්වා දී තිබේ.
32 වැනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9 දෙනෙක් සහභාගී වී සිටිති.
====මෙවර ඔලිම්පික් උළෙල සඳහා දැරීමට සිදුව ඇති වියදම වෙනත් වසරවලට සාපේක්ෂව සියයට 22 කින් පමණ ඉහළ ගොස් තිබෙන අතර, ඒ, ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කල්දැමීමට සිදුවීම හේතුවෙනි. කෙසේ වෙතත් ක්‍රීඩා උළෙල සඳහා වැයවන පිරිවැය ස්ටර්ලින් පවුම් බිලියන 11 යි දශම 5 ක් බව විදෙස් වාර්තා අනාවරණ කරයි.
Page 35 of 38