V2025

විනෝදාස්වාද

ප්‍රවීණ ගීත රචක කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගීත රචක කැමිලස් පෙරේරා අද(17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 74 වියේ පසු වූ ඒ මහතා කෙටිකලක් රෝගාතුරව පසු විය.

80 දශකයේ ගීත රචනා කලාවට අවතීරණ වූ කැමිලස් පෙරේරා උන්මාද වූ ප්‍රේමාදරේ, හිමිනැති පෙමකට, දේව මන්දිරේ, වාසනා වේවා, ආදර ප්‍රිය ළඳුනේ, මට මුළු ලොව ලොවම ඔබයි, හදවිලේ ඔබ පිපුණා. වැනි සදා මතකයේ රැඳෙන ගීත රැසක හිමිකරුවා ය.

1947 වසරේ අප්‍රේල් මස 04 වැනිදා වත්තලදී උපන් ඔහු සරසවිය පුවත්පත ඇතුළු පුවත්පත් රැසක විශේෂාංග ලේඛකයෙකු ලෙස කටයුතු කළේ ය.

චිත්‍රපට ගීත ඇතුළුව ඔහු විසින් රචනා කර ඇති ගීත සංඛ්‍යාව 1,000කට ආසන්න ය.

කැමිලස් පෙරේරා මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට(18) උදෑසන 9.00 සිට පස්වරු 3.00 දක්වා වත්තල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබීමට කටයුතු සූදානම් කර තිබේ.

අවසන් කටයුතු පස්වරුවේ වත්තල රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.

newsfirst

කෝපා ඇමරිකා පාපන්දු කිරුළ ආර්ජන්ටිනාවට !

මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන බ්‍රසීලය සහ එහි 8 වැනි ස්ථානයේ පසුවන ආර්ජන්ටිනාව, දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියක අවසන් මහ තරගයකදී එකිනෙකාට එරෙහිව තරග වැදුණ 11 වැනි අවස්ථාව මෙය විය. මින් පෙර පැවති අවසන් මහ තරග 10 න් 8 ක ජය ආර්ජන්ටිනාවටද, 2 ක ජය බ්‍රසීලයටද හිමිවී තිබිණ.

අවසන් වරට පැවැති (2019) තරගාවලියේ ශූරතාවද සමගින් ශූරතා 9 කට හිමිකම් කියූ බ්‍රසීලය, මින් පෙර අනු ශූරතා 11 ක් සහ තෙවැනි ස්ථාන 7 ක් හිමිකර ගෙන සිටියේය. කෙසේ වුවත් මෙවර අවසන් තරගයේදී ආර්ජන්ටිනාව හමුවේ ලද පරාජයත් සමග තරගාවලිය පුරා අපරාජිතව සිටි බ්‍රසීලයට තවත් අනු ශූරතාවකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

තරගයෙන් අනතුරුව නේමාර් ද සිල්වා බාසිලෝනා ක්‍රීඩා සමාජයේ සිය සගයා වූ ලියනෝල් මෙසී අසලට පැමිණ ඔහු වැලඳ ගනිමින් ජය පරාජය බෙදා ගත්තේ පාපන්දු ලෝලින්ගේ හදවත් සසල කරමින්. මෙවර කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ රන් සපත්තුව මෙවර තරගවාරයේ ගෝල 04ක් වාර්තා කළ ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩකයාට හිමි රන් පන්දුවද ඔහු විසින් දිනා ගත්තා.

මෙවර කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ දක්ෂතම දැල් රකින්නා ලෙස සම්මාන දිනා ගත්තේ ආජන්ටිනාවේ එමිලියානෝ මාර්ටින්ස්. අවසන් තරගයේ වීරයා ලෙස ජයග්‍රාහී ගෝලය වාර්තා කළ ආජන්ටිනාවේ ඒන්ජල් ඩී මරියා සම්මාන දිනා ගත්තා.

lanka truth

කුසල්ට ඉන්දියාවට එරෙහි තරගාවලියම අහිමි වෙයි

ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට ඉන්දියාවට එරෙහි එක්දින සහ පන්දුවාර 20/20 තරගාවලි ක්‍රීඩා කිරිමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

කුසල්ගේ උරහිස ආබාධය නැවතත් උත්සන්න වීම නිසා ඔහුට සති හතරත් අටත් අතර කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින්නා ද වන 30 හැවිරිදි ප්‍රවේගකාරී පිතිකරු කුසල් එක්දින ජාත්‍යන්තර 107 කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින තරුණ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද ආබාධයකට ලකම්ම නිසා තරගාවලිය අහිමිවී තිබේ.

මහනුවර දමිළ වාණිජ මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 12 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් මහනුවර දමිළ වාණිජ මණ්ඩලය (KTTA) විසින් රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොඟයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරිම අද දින (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිනි.

ප්‍රදානය කරන ලද උපකරණ අතර Table top Pulse Oximeter 01 ක්, ECG Meter 02 ක්, Doppler Machine 10 ක් සහ N 95 Mask 2000 ක් ද විය.

මහනුවර දමිළ වාණිජ මණ්ඩලයේ සභාපති ආර්.අන්බලගන්  විසින් මෙම වෛද්‍ය උපකරණ සංකේතවත් ව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට නුවර ප්‍රාදේශිය සෟඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල , නියෝජ්‍ය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී.නිතර්ශිනී, ව්‍යාපෘති සම්භන්ධීකාරක එම්.සිවරාජ්, Marlbo ව්‍යාපාර අධ්‍යක්ෂ හා සභාපති මනිමුත්තු , හා දමිළ වාණිජ මණ්ඩලයේ එස්. පරමේෂ්වරන්, චාල්ස් , එම්.ශ්‍රිධර් යන ද සහාභාගි වූහ.

kandy tamil 1000px

Page 36 of 38